LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Tuesday, April 5, 2011

අළුත් අවුරුදු උදාව ජ්‍යොතිෂ හා තාරකා විද්‍යා ඇසින්

 අළුත් අවුරුදු උදාවට තව ඇත්තේ දින කීපයකි.අළුත් අවුරුද්ද ජ්‍යොතිෂයට සෘජුවම සම්බන්ධ වන සංසිද්ධදයක් බැවින් ඒ හා සම්බන්ධ වැඩි ලිපි ප්‍රමාණයක් එළි දැක්වීමට බලාපොරොත්තුවේ.
ජ්‍යොතිෂ වැඩ රාජකාරී නිසා ලිපි දැමීම තරමක් දුරට අතපසු වුවත් හැකි අයුරින් ලිපි පළ කරමි.අළුත් අවුරුදු පලාඵල විස්තරයක් සමඟ ශාස්ත්‍රීය ලිපි පෙළක්ම ඉදිරියේදී බ්ලොගය හරහා එළි දැක්වේ.එහි ආරම්භක පියවරක් ලෙස මෙම ලිපිය පල කෙරේ.
     "අළුත් අවුරුදු උදාව යනු සූර්යයා මීන රාශියො සිට මේෂ රාශියට ගමන් කිරීමයි" මෙය අපේ රට් බාල මහළු තරුණ ඕනෑම අයකුගෙන් අළුත් අවුරුදු උදාව කුමක්දැයි යන ප්‍රශ්නයට බොහෝ විට ලැබෙන පිළිතුරයි.එහෙත් ශ්‍රී ලාංකික අපිට ජාතික හා සංස්කෘතික වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති අළුත් අවුරුදු උදාව පිළිබදව අප සතු විය යුතු දැනුම ඉහත දැක්වූ පිළිතුරට වඩා පුළුල් විය යුතුය.පාසැල් ශිෂ්‍යයන් ද වැඩිහිටියන්ද අළුත් අවුරුදු උදාවේ ජ්‍යොතිෂමය පදනමත් ඊට අමතරව ඒ හා බැදී ඇති තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් යන දෙආකාරයෙන්ම දැනුවත් වී තිබිය යුතුය.එම කරුණ පෙරටු කරගෙන ලිවීමට අදහස් කළ මෙම ලිපියේ මුලික අරමුණ වන්නේද අළුත් අවුරුදු උදාවේ ජ්‍යොතිෂ හා තාරකා විද්‍යාත්මක විග්‍රහයන් පිළිබද පාඨකයන් දැනුවත් කිරීමයි.ප්‍රථමයෙන්ම අපි අවුරුදු උදාවේ ජ්‍යොතිෂමය පදනමත් තාරකා විද්‍යාවෙන් ලැබෙන විග්‍රහයත් වෙන වෙනම සලකා බලමු.
     ජ්‍යොතිෂමය පදනම
             සූර්යයා පෘථිවිය වටා වෘත්තාකාර මාර්ගයක ගමන් කරන අතර ලග්න දොළහට අයත් රාශි චක්‍රය සූර්යයාගේ මාර්ගයට ඈතින් පෘථිවියේ සමකය එල්ලේ වෘත්තාකාරව පිහිටයි.මෙම රාශි චක්‍රය සන්තතික නොවේ(එනම් රාශි දෙකක් අතර හිස් අවකාශයක් පවතී.)පෘථිවිය වටා සූර්යයාගේ චලිතය පෘථිවියේ සමකයට ආසන්න ලෙස සමාන්තරව නැගෙනහිර දෙස සිට බටහිර දෙසට වේ. එනිසා සූර්යයාගේ ගමන් මාර්ගයද රාශි චක්‍රයට සමාන්තරවේ.(රූපය 1)
     පෘථිවිය වටා සූර්යයාගො චලිතයේ තවත් වැදගත් ලක්‍ෂණයක් වන්නේ එහි ගමන් පථය පෘථිවි සමකයේ සිට අංශක 23.5 ක උපරිම ආනතියක් සමඟ උත්තර අර්ධ ගෝලයටත් දක්‍ෂිණ අර්ධ ගෝලයටත් විහිදීමයි.(මෙය දිනෙන් දින ක්‍රමයෙන් සිදුවන්නකි.)උත්තර අර්ධයේ චලිතය උත්තරායනය ලෙසත් දක්‍ෂිණ අර්ධයේ චලිතය දක්‍ෂිණායනය ලෙසත් හැදින්වේ.(රූපය 2) සූර්යයා උත්තරායනය හා දක්‍ෂිණායනය අතර මාරුවීම සිදුවන්නේ පෘථිවි සමකයට සමාන්තරව ගමන් කරන විටදීය.
     රාශි චක්‍රයේ ආරම්භය ලෙස මේෂ රාශියේ මුලත් අවසානය ලෙස මීන රාශියේ අගත් සලකා ඇත.සූර්යයා රාශි චක්‍රය හරහා යන විට ර්ශි චක්‍රයේ මුල් කොටස වූ මේෂ රාශියේ මුලට ලගාවන මොහොත අළුත් අවුරුදු උදාව ලෙස සලකා ඇත.මේ වටය සදහා සූර්යයාට දින 365ක් ගතවේ.රාශි චක්‍රයේ ආරම්භය ලෙස මේෂ රාශිය තෝරා ගැනීමට හේතුව කුමක්දැයි නිශ්චිත නැති නමුත් මීට වසර 2000 කට පමන පෙර සූර්යයා දක්‍ෂිණායනයේ සිට උත්තරායනයට සංක්‍රමනය වූයේ මේෂ රාශියේදී වීම මීට ආසන්න හේතුවක් ලෙස සදහන් කල හැක.එමෙන්ම එම කාල වකවානුවේදී මේෂ රාශියේ මුලට යාමත් සූර්යයා දක්‍ෂිණායනයේ සිට උත්තරායනයට යාමත් සම්පාත වීමද විශේෂයකි.රාශි චක්‍රයේ මීන රාශියත් මේෂ රාශියත් අතර ඇති හිස් අවකාශය ගෙවා යාමට සූර්යයා පැය 12 මිනිත්තු 48ක් ගත කරයි.නොනගතය ලෙස හදුන්වන්නේ සූර්යාගේ මෙම රාශියක් නොමැති සංක්‍රාන්ති කාලයයි.මෙම සංක්‍රාන්ති කාලයේම අවසන් පැය හය තුල අවුරුදු උදාව සිදුවේ.(රූපය 3) මෙහිදී නොනගත කාලයේම අවසන් කාලය තුලදී අවුරුදු උදාව සැමරීම ඇතැම් අයට ප්‍රශ්ණකාරී වුවත් ර්ශි දෙක අතර හිස් අවකාශය පිහිටා ඇති අයුරු හා සායන නිරයන පිළිබද දෑනුවත් අයට මෙය අවබෝධවේ.


   තාරකා විද්‍යාත්මක විග්‍රහය
          ජ්‍යොතිෂය අනුව සූර්යයා පෘථිවිය වටා චලනය වන බව සදහන් වුවත් තාරකා විද්‍යාවට අනුව සත්‍ය ලෙස සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා චලනය වීමයි.පෘථිවියේ සූර්යයා වටා චලනයේ තාරකා විද්‍යාත්මක සංකල්ප වරින් වර සංශේධනය වෙමින් වර්ධනය වූ අතර කාල වකවානු අනුව එම තාරකා විද්‍යා සංකල්පයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.අළුත් අවුරුදු උදාව තාරකා විද්‍යාත්මකව විමසීමේදී එම දෙකොටසම පිළිබදව දැනුවත් විය යුතුය.
       නිකොලස් කොපර්නිකර්,ගැලීලියෝ,ජොහැන්නස් කෙප්ලර් වැනි තාරකා විද්‍යාඥයන්ගේ මතයට අනුව පෘථිවිය තම අක්‍ෂය වටා භ්‍රමනය වෙමින් සූර්යයා එක් නාභියක් වූ ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි.සූර්යයාගේ උත්තරායන හා දක්‍ෂිණායන චලනයද පෘථිවියේ චලනය නිසාම ඇති වන්නකි.මෙහිදී පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ ස්වකීය අක්‍ෂය වටා භ්‍රමනය වෙමින් පෘථිවි සමකයට අංශක 23.5ක උපරිම කෝනික විස්තාරයක් ඇති සයිනාකාර වක්‍ර මාර්ගයකය.සූර්යයාගේ උත්තරායන දක්‍ෂිණායන සංසිද්ධිය දෘෂ්‍ය වන්2න් පෘථිවියේ මෙම චලිතය හේතුවෙනි.(රූපය 4) පෘථිවියේ එම වක්‍ර මාර්ගය සමකය කපන ලක්‍ෂයන් වලදී සමකයට හිරු මුදුන්වේ.(මාර්තු 21,සැප් 23 ) සමකයට උපරිම විස්ථාපනය ඇති ලක්‍ෂ වලදී එනම් ජුනි 22 කර්කටක නිවර්තනයටත් දෙසැ 22 මකර නිවර්තනයටත් හිරු මුදුන්වේ.(මෙම දිනයන්ද කලින් කලට සුළු වශයෙන් වෙනස්වේ.)
                            
    ක්‍රි.ව. 1917 දී යුදෙවු ජාතික ඇල්බට් අයින්ස්ටයින් විසින් ගුරුත්වාකර්ෂණ හා ත්වරණ ප්‍රතිඵල අතර ඇති තුල්‍යතාව හා ආලෝක කිරන වල ගමන් මග කෙටිම මාර්ගයෙන් රේඛිය අයුරින් යන මූලික උපග්‍රහණ අනුව යමින් බිහිකල "සාධාරණ සාපේක්‍ෂතාවාදය (General Relativity)" සමග ග්‍රහ වස්තු වල චලිතයන්හි සියුම් අංග රාශියක් හෙළිදරවු විය.ඒ අනුව පෘථිවියේ භ්‍රමන අක්‍ෂයත් පරිභ්‍රමණ කක්‍ෂයත් පූර්වායනය(වෙනස් වෙමින් මුල් අවස්ථාවට නැවත නැවත පැමිණීම වැනි) වන බව හෙළිදරවු විය.(පැරණි පෙරදිග ජ්‍යොතිෂයේ මෙය මුල සිටම භාවිතා වූවකි.අයනය ලෙස ජ්‍යොතිෂයේ හැදින්වේ.)පෘථිවියේ භ්‍රමණ අක්‍ෂය වෙනස් වීම සම්පූර්ණ වටයක් සිදු වීමට වසර 26000ක් ගතවේ.ඒ අනුව වසර(26000/12 = 2166.67) වැනි කාලයක් ගත වූ විට පෘථිවියට සාපේක්‍ෂව රාශි චක්‍රය එක් ලග්නයකින් ඉදිරියට යයි.ඒ අනුව තවත් වසර 2166 ක් වැනි කාලයකට පසු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට යන්නේ මැයි මාසයේ දිනයකදීය.මීට වසර 2000 කට පමන පෙර සූර්යයා මේෂ රාශියට යාමත් දක්‍ෂිණායනයේ සිට උත්තරායනයට සංක්‍රමනය වීමත් සම්පාත වීමට හේතුව දැන් ඔබට වැටහෙනවා ඇත.


  තාරකා විද්‍යාව අනුව තව වසර 2000 කින් සූර්යයා මීනයො සිට මේෂ රාශියට සංක්‍රමනය වීම මැයි මාසයේ දිනක සිදුවුවත් අළුත් අවුරුදු උදාවේ ජ්‍යොතිෂ සිද්ධාන්තය සැකසී ඇත්තේ තාරකා විද්‍යාව අනුව නොව පෙරදිග නිරයන ජ්‍යොතිෂ ක්‍රමයටය.නිරයන ජ්‍යොතිෂය අනුව සූර්යයා මිනයේ සිට මේෂයට යාමත් රවි අස්විද නැකතට ඇතුල් වීමත් එකවිටම සිදුවේ.මෙම දිනය සෑම කල්හිම අප්‍රේල් 12,13 ආසන්න දිනයකි.

2 comments:

  1. මරු පෝස්ට් එක...අවුරුදු කාලෙටම ලියපු එක

    ReplyDelete
  2. @රත්ගමයා කෝ හරියට කියවලා නෑනේ රූපේ කෝ කියල බැලුවෙ නැද්ද ඔන්න දාලා ඇති.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...