Monday, July 11, 2011

ශක්‍රයාට නෙත් දාහක් ලැබුනේ කොහොමද?.

  බොහොම ඉස්සර කාලයේ ඉන්දියාවේ ලෞකික ධ්‍යාන බලය ප්‍රගුණ කරපු ඉසිවරු යෝගී වරු වැඩි ප්‍රමාණයක් විය.ඉන් බොහෝ දෙනා ගිහි ජීවිතයෙන් ඉවත් වී වනගතව තවුස් දම් රකිමින් දිවි ගෙවමින් ස්වකීය ධ්‍යාන බලය වැඩි දියුණු කර ගනිමින් ජීවත් වූහ.තවත් අය විවාහ වී අඹු දරුවන් සමගින් ජීවත් විය..ගෞතීය මුනිවරයා මෙලෙස ලෞකික ධ්‍යාන බලය උපදවා ස්වකීය අඹුව සමඟ හිමාලය ආශිත වනපෙදෙසක ජීවත් වූ බලසම්පන්න මුනිවරයෙකි.ගෞතීය මුනි වරයාගේ ලෞකික සෘද්ධි බලය මහත් විය.දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට සෘද්ධි බලයෙන් ගමන් කිරීමේ හැකියාව ඔහුට විය.

          ගෞතීය මුනිවරයාගේ බිරිද දිව්‍යාංගනාවක් මෙන් රූමත් විය.රන්වන් පාටින් බැබළුනු ඇයගේ පිරිපුන් ශරීරය දෙස බලාසිටීම පවා මනස්කාන්තය.දිනක් ගෞතිය මුනිවරයා ස්වකීය සෘද්ධි බලයෙන් ඇයව තව්තිසා දෙව්ලොවට ගෙනගියේ එහි සිරි අසිරිය පෙන්වීමටය.මුනිවරයාගේ බිරිදගේ රූ සපුව දුටු දෙවිවරුන් හා දිව්‍යාංගනාවන් පුදුමයට පත්විය.සදෙව් ලොවට අධිපති ශක්‍ර දේවන්ද්‍රයාද ඇගේ රූපය දැක වික්‍ෂිප්ත විය.දිව්‍ය රජාට ඇය දුටු විට පහත් ආශාවක් ඇති විය.මනුස්ස ලොව අසරණයන්ගේ විපතකදී පඩුපුල් අසුන රත්වී දිව්‍ය නෙත් හෙලා ඔවුන්ට පිහිට වන උතුම් සක් දෙව් රජුටද ගෞතිය මුනිවරයාගේ රූමත් බිරිඳ දැක අනුරාගයේ සප් දළ වැදුනි.ඇගේ සිරුරේ පහස ලැබීමේ ඉමහත් ආශාවෙන් සක් දෙවිගේ සිත පීඩා විය.
      ගෞතිය මුනිගේ බිරිද නැවත මනුස්ස ලොවට ගියත් සක් දෙවි සිතුවේ ඇය ගැනමය.අවසානයේ උපක්‍රමශීලීව ඇයගේ පහස ලැබීමට සක්දෙවු උපායක් යෙදවීය.සක් දෙවි සමඟ ඉතා සමීප පුද්ගලයන් සිටියේ දෙදෙනෙකි.ඒ මාතලී හා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයන් දෙදෙනායි.මාතලී සාධාරණ ගුණගරුක දෙවියකු නිසා ඔහුගේ සහය තමාට මෙතනදී නොලැබිය හැකි බව දත් ශක්‍රයා චන්ද්‍ර දිව්‍ය රාජයාගේ සහය ලබා ගැනීමට සිතුවේය.සක්දෙව් වහාම චන්ද්‍රට පණිවුඩයක් යැවුයේ තමාව ඉක්මනින්ම රහසිගතව හමු වන ලෙසය.ඒ අනුව චන්ද්‍ර දෙවියාද සක්දෙව් හමුවට පැමිණියේය.
  "ශක්‍ර දෙවියනේ මාව මේ හදිසියේ රහසිගතව කැදවූයේ මන්ද?"
  " චන්ද්‍ර, මා ඔබව කැදවූයේ ඉතා රහසිගත වැඩකටය.එය සදෙව් ලොවට අධිපති මා හට නුසුදුසු වුවත් මා සිත බොහෝ පීඩා කරවන්නකි.මේ ලඟදී ගෞතීය මුනිවරයා සමඟ දෙව් ලොව සිරි නැරඹීමට පැමිනි ඔහුගේ රූමත් බිරිද දුටු මා හට ඇය කෙරෙහි සිත් විය.ඇගේ රූපය දෙව්ලොව දිව්‍යාංගනාවන්ගේ රූපය පරදවයි.ඇයගේ සිරුරේ පහස ලැබෙන තුරු මාගේ චිත්ත පීඩාව මඟ නොහැරෙනු ඇත.ඈ පතිවත රකින්නියක් වීමත් ඇගේ ස්වාමියා වන ගෞතීය මුනි බලවත් සෘද්ධි ලාභියෙකු වීම  හා මා සියල්ලන් ගරු බුහුමන් කරන බලවත් දෙවි කෙනෙකු බැවින් එය කළ යුත්තේ ඉතා රහසිගතව ඇයව උපක්‍රමශී්‍රලීව රැවටීමෙන් පමනකි.ඔබ මා හට ඉතා හිතවත් නිසා මෙය ඔබට පමනක් පවසමි. මෙම රහස් කටයුත්තට ඔබගේ උදවු මා බලාපොරොත්තු වෙමි."
  "බලවත් ශක්‍ර දේවන්ද්‍රයානෙනි.ඔබගේ සිතුවිල්ල දෙවියන් වන අප පිළිකුල් කළත් ඔබට ඇති මාගේ හිතවත් කම නිසාම අකැමැත්තෙන් වුවත් මෙම කටයුත්තට ඔබ වහන්සේට උදවු කිරීමට පොරොන්දු වෙමි.එසේම එහි රහස් තත්ත්වය සුරකින බවටද පොරොන්දු වෙමි."
  "හිතවත් චන්ද්‍ර දිව්‍ය පුත්‍රයෙනි,ඔබ තුල මාකෙරෙහි ඇති හිතවත්කම මා සිත ප්‍රබෝධමත් කලේය.එසේනම් පමා නොකොට උපක්‍රමය ක්‍රියාත්මක කරමු.මා විසින් ගෞතීය මුනිවරයාගේ දින චර්්‍යාව අධ්‍යනය කළෙමි.හේ සෑම දිනකම කුකුළා හඩලන විට අවදිවී ගඟට ගොස් ස්නානය කොට හිරු නැගෙන තෙක් භාවනායෝගීව සිටී.අප ප්‍රයෝජනයට ගත යුත්තේ එම වේලාවයි.ඔබ කුක්කුට වෙස් ගෙන මධ්‍යම රාත්‍රියේ හඩළා ඔහුව අවදි කර ගඟට යවන්න ඉන්පසු නැවත හිරු නැගෙන තුරුම ඔහු නොපැමිනේ.එම දිගු කාලය තුළ මා ගෞතීය මුනි වෙස් ගෙන එහි ගොස් සිත්සේ ඇය සමඟ රති සුව විදින්නම්.මා අන් අයට විපතේදී පිහිට වුවත් ඇය කෙරෙහිවූ රාග සිත මෙම අකටයුත්තට මා පොළඹවයි"
 "හොදමයි ශක්‍ර දේවයිනි.මෙහි ඉතා බරපතළ වැරදි තත්ත්වයක් ඇතත් ඔබගේ සිත් සතුටු කිරීමට මා පොරොන්දු වී ඇත.ඔබ කිවූ පරිදි මා කටයුතු කරන්නම්."
 ශ්‍රක්‍ර හා චන්ද්‍ර දෙවියන් කතා කරගත් පරිදි පසුදා මධ්‍යම රාත්‍රියේ චන්ද්‍ර කුකුළා වෙස් ගෙන ගෞතීය මුනි අසපුව අසළ සිට හඩලෑය.වෙනසක් නොතේරුණු මුනිවරයා අවදී වී ස්නානය කිරීමට ගඟ දෙසට ගියේය.කාම මදයෙන් මත්ව සිටි ශක්‍රයා වහා ගෞතීය මුනි වේශය ගෙන මුනිවරයාගේ බිරිද අසලට ගියේය.මුනිවරයා ලෙස පෙනී සිටින්නේ ශක්‍රයා බව නොදත් ස්ත්‍රිය මුනිගේ වෙසින් සිටින ශ්‍රක්‍රයා සමඟ කතා කරන්නට විය..
 "ඇයි ස්වාමීනි, ඔබ මේ දැන් ස්නානය සදහා බැහැරට ගියා නොවේද? ආ පයින්ම නැවත පැමිනියේ මන්ද?"
  "අද ටිකක් එළියේ ශීත ගතිය වැඩියි.මාගේ සිරුරට අධික ශීතලක් දැනුනා.එනිසාම ස්නානය ප්‍රමාද කර ශරීරය උනුසුම් කර ගැනීමට සිතා නැවත කුටියට පැමිණියෙමි."
  තමා දෙස කෑදර ලෙස බලමින් ශක්‍රයා පැවසූ වදනේ ඇති අයහපත් චේතනාව ගැන ඇයට නොවැටහිනි.තම ස්වාමි පුරුෂයාගේ සිරුර උනුසුම් කිරීමේ ඇරයුම ඉටු කිරීමට ඇය සූදානම් විය.
  ශක්‍රයා ගෞතීය මුනි වෙස් ගෙන ඔහුගේ කුටියට ඇතුල් නව විට ගඟ අසළ ස්නානය කිරීමට සූදානම්වූ ගෞතිය මුනිවරයා වෙනදා මෙන් අහස දෙස බැලූ විට තාරකා පිහිටීම අනුව තමාට වෙලාව වැරදී ඇති බව වහා අවබෝධ විය.තවමත් මධ්‍යම රාත්‍රිය බව වටහා ගත් ඔහු නැවත කුටිය දෙසට ගමන් කළේය.
  ගෞතිය මුනි වරයා නැවත කුටියට ඇතුල් වූයේ ශක්‍රයා ස්ත්‍රිය අසලට ලංවන විටම වාගේය.ඇයගේ සිරුරට අත තැබීමටවත් ශක්‍රයාට නොහැකි විය.තමාට වැඩේ වැරදුනු බව දැනගත් ශක්‍රයා බළල් වෙසක් ගෙන වහා ඇද යටට පැන්නේය.
  සිදුවූ දෙයින් ස්ත්‍රිය වික්‍ෂිප්ත වුවත් ගෞතීය මුනිවරයාට කාරණය වැටහිනි.අනුන්ගේ කම් සැපයට ලොල්වූ ශක්‍රයාට හොද පාඩමක් ඉගැන්වීමට සිතු මුනිවරයා සිරුර පුරාම ස්ත්‍රී යෝනි දහසක් මතුවන බලවත් ශාපයක් ශක්‍රයාට කළේය.එතනින් පලා යාමට සමත් වුවත් සිරුර පුරා මැවුනු ස්ත්‍රී යෝනි දහසේ සාපයෙන් මිදීමට සක් දෙව්ට නොහැකි විය.සිරුර පුරා ස්ත්‍රී යෝනි මැවීම නිසා දේව සභාවට යාමට පවා නොහැකිව ශක්‍රයා එළියට වත් නොබැස සැගවී සිටියේය.
         වාර කිහිපයකදීම දේව සභාවට ශක්‍රයාගේ නොපැනීම ගැන සොයා බැලූ ඊශ්වර දෙවිදුන්ට චන්ද්‍ර දෙවියා මඟින් සියළු විස්තර දැනගත හැකි විය.දේව සභාව රැස්වීමට ශක්‍රයාගේ සහභාගිත්වය අත්‍යාවශ්‍ය නිසා ඊශ්වර දෙවියන් ගෞතීය මුනිවරයා හමුවී ශක්‍රයාට දුන් දඩුවමෙහි ලිහිල් කිරීමක් කරන ලෙස ඉල්ලීය.ඊශ්වර දෙවිදුන්ගේ ඉල්ලීම සලකා බලා ස්ත්‍රී යෝනී දහස වෙනුවට නෙත් දහසක් ලෙස ශක්‍රයාගේ දඩුවම ලිහිල් විය.

26 comments:

රත්ගමයා said...

මරු කතාව අයියේ

Anonymous said...

වැඩිහිටියෙක් විදියට ආදර්ශවත් මාතෘකා දාන්න :p

Anonymous said...

මෙය ආදර්ශමත් කතාවක් වන අතර ප්‍රසිද්ධ වෘතාන්තයකි.මෙය වල් කමට ලියූ වල් කතාවක් නොවන බව සුනිල් ආරියරත්න විසින් පරිවර්තිත රාමායණය කියැවීමෙන් දැනගතහැකිය.මෙම කතාව එහිද අන්තර්ගතය.

කිඩෝ said...

මම හිතුවේ ලියනවා කියලා මාසයක් විතර ගිහිල්ලා නිසා අයියට මේ කතාව ලියන්න අමතකවෙලා ඇති කියලා....

සංකල්ප said...

නියම කතාවක් නේ අයියා. මං මාරම ආසයි මේ වගේ දේව කතා අහන්න.ඔය වගේ කතාවක් තියෙනවා නේද ජීවක කියන වෛද්‍යවරයා ගැනත්.මම කිව්වේ මේ වගේම කතාවක් නෙමෙයි මේ වගේ අතිත කතාවක්. අන්න ඒ ගැනත් ලියමු අයියා.

ශක්‍රරයාට උනත් තමන්ගේ ආසාවල් යටපත් කරගන්න හැටි. කොහොමද කලින්ම තිබ්බ සාපය ඉවත් කරගන්න බෑ කීවා නම්.... :)
දිව්‍යලෝකේ දිව්‍යාංගනවන්ට මාසයක් විතර නිවාඩු ලැබෙයි.


@ඇනෝ 1:
ශක්‍රයාට මෙහෙම දේවල් කරන්න පුලුවන් නම් ඒ ගැන කතා කරන්න හොඳ නැත්තේ ඇයි !!!

සුපර් මාරියෝ said...

මරු මරු සිරා කතාවක්...!!! ඔන්න මාත් මේක Share කරා..

Anonymous said...

@මධුරංග
නෑ නෑ ඇනෝට දොස් කියන්න එපා එයා හරි. එයා කිව්වෙ කතාව ගැන නෙවෙයි මාතෘකාව ගැන.මටත් හිතුන ඒ මාතෘකාව හරි නෑ කියලා.ඒක වෙනස් කළා.පසුගිය දින කීපයේ මගේ බ්ලොග් එකේ පාඨකයන් රැදී සිටි කාලය ඉතා දරුණු විදියට අඩුවෙලා ඒ හින්ද මේ වගේ සරල දේවල් දෙක තුනක් ලියන්න හිතුවා.ජ්‍යොතිෂය ගැන ලියන කොට අපි ආචාර ශීලී වෙන්න එපැයි.
JHOTHISHALANKA

PRIYANTHA said...

SAKRAYA DAVIYEKNAM WALKAME YANAWADA

Anonymous said...

ශක්‍රයා හෝ දෙවියන් හෝ දිව්‍යාංගනාවන් උපදින්නෙ කොහොමද? ඕපපාතිකව කියලනෙ කියන්නෙ. ඕපපාතිකව උපදින ජීවීන් ලිංගික ප්‍රජනනය නොකරයි හෝ එය ඔවුන්ට නොවැදගත් දෙයක් වේ. එසේනම් ශක්‍රයාට ශිශ්නයක් හෝ වෘශණ තිබිය නොහැක.වෙනත් විදියකට කියනවා නම් ශක්‍රයා නපුංසකයකි. එසේ නම් මෙහි සඳහන් කතාව බොරුවකි.

Anonymous said...

@radicaladahas
දේව කතා බොහොමයක් ගොතපු කතාන්දර. එතන තියෙන්නේ එක්තරා සාහිත්‍යයක්.කියවන්නාගේ සිත් පිනවීම තමයි අරමුණ.
JHOTHISHALANKA

තාරා said...

අයියේ මේ කතාවෙ සමහර තැන් වල "ගෞතීය" කියන එක "ගෞතම" වෙලා තියෙනවා. මන් හිතන්නෙ ඒක වැර්දිලා උනු දෙයක්... නේද??

මමත් ආසයි හ්ඩේව කතා වලට... පුළුවන් නම් තව ලියන්න... :D

Chanaka Aruna Munasinghe said...

ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුලු සන්සාර යුගේ...

Anonymous said...

@තාරා
හපොයි ලොකු වැරදීමක්.ස්තූතියි පෙන්නල දුන්නට
JHOTHISHALANKA

Anonymous said...

නියම කතාවක්.............


//දේව කතා බොහොමයක් ගොතපු කතාන්දර. එතන තියෙන්නේ එක්තරා සාහිත්‍යයක්.කියවන්නාගේ සිත් පිනවීම තමයි අරමුණ.//


මේ තුල සිත් පිනවීම පමණක්ම නොවේ සමාජයට උපදේශයක්/අවවාදයක් ලබා දීමක් කරනවා නේද?. අන් සතු ස්ත්‍රීන්ගෙන් කම්සැප ලබා ගන්න යන්න එපා කියලා

Gura

Namal Sirimanna said...

මේ වගේ ඒව තව ටිකක් දාන්න.............
නියමයි.........

Anonymous said...

ඔය කතාවෙ ඉන්නෙ ශක්‍ර දෙවියොම නෙවෙයි. ඒ හා සමාන සංකල්පයක් වුණ හින්දු දේව සභාවේ අධිපති ඉන්ද්‍ර දෙවියන්. ඔය සිද්දියට අදාළ ගෑනු කෙනගෙ නම අහල්‍යා මට මතක විදියට

Anonymous said...

බුදු දහමේ සඳහන් වන සක් දෙවිඳු යනු සෝවාන් ඵල ලාභී යහපත් තැනැත්තෙකි. පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වන්නේ ඔහුගෙයි. ඇරත් එය ස්ථීර තනතුරක් නොවෙයි. කලින් කලට ශක්‍ර දෙවියන් වෙනස් වෙනවා. ඇත්තටම එය තනතුරක්.
- පූජාවලියෙන්-

නමුත් හින්දු දේව සභාවේ ඉන්ද්‍ර දෙවියන් ඉතාමත් කාමුක තැනැත්තෙක් බව සඳහන්. ඔහුගේ අපචාර ගැන නම් කතා බොහොමයි.! ශක්‍ර දෙවියන් එවන් තැනැත්තෙක් නම් නෙවෙයි. ඔබේ කතාවේ ගෞතීය ලෙස සඳහන් වුවත් එය නිවැරදිව ගෞතම ඉසිවරයා විය යුතුයි.
- මෙය මගේ මතකයෙන්-

ප.ලි - සක් දෙවිදුන්ට නම් ගොඩක් තියෙනවා ඔහුට ඉන්ද්‍ර යනුවෙනුත් අමතනවා
ඔබට ස්තූතියි!
ජය වේවා!

Anonymous said...

@විසිතුරු
ඉසිවරයාගේ නම ගෞතම කියල තමයි සදහන් වෙලා තියෙන්නේ මම ඒ නම ටිකක් වෙනස් කරලා දැම්මා ඕන කමින්.
JHOTHISHALANKA

Anonymous said...

//දේව කතා බොහොමයක් ගොතපු කතාන්දර. එතන තියෙන්නේ එක්තරා සාහිත්‍යයක්.කියවන්නාගේ සිත් පිනවීම තමයි අරමුණ. JHOTHISHALANKA//

එකඟවෙමි.

//මේ තුල සිත් පිනවීම පමණක්ම නොවේ සමාජයට උපදේශයක්/අවවාදයක් ලබා දීමක් කරනවා නේද?. අන් සතු ස්ත්‍රීන්ගෙන් කම්සැප ලබා ගන්න යන්න එපා කියලා
Gura //

අවවාදය: අහුවෙන්න කලින් පැනගනු!

//බුදු දහමේ සඳහන් වන සක් දෙවිඳු යනු සෝවාන් ඵල ලාභී යහපත් තැනැත්තෙකි. ..//

නන්ද කුමාරය දිව්‍යලෝකෙ ගිහින් දිව්‍යාංගනාවන් ඕනි උනාලු. මම කියන්නෙ මේව පට්ටපල් බොරු කියල. ඕපපාතික නම් ප්‍රජනනයට අවශ්‍ය ශරීර අංග තියෙයි ද?

JHOTHISHALANKA said...

@radicaladahas
// අවවාදය - අහුවෙන්න කලින් පැනගනු. //
මේ කතාවෙන් පර ස්ත්‍රී සේවනය හසුනොවී කිරීමට අවවාදයක් උපදෙසක් දෙන්නේ නැහැ.
මේකනම් රැඩිකල් අදහසක්ම තමයි.

Unknown said...

නියමයි.මමත් මේක කලින් අහලා තිබ්බා ඒත් හරියටම දන ගත්තෙ අද තමා
http://rmpmcreation.blogspot.c​om/

ඔස්කා said...

ත්‍රිපිටකයේ සඳහන් ආකාරයට සක්දෙවිඳුන් බුදුන්වහන්සේගෙන් ධර්මය අසා සෝතාපන්න වුන උත්තමයෙක්. නෙත් දාහක් ඇති කතාවක් සඳහන් වෙන්නේ නෑ..ඔය හින්දු මනස්ගාත වලින් ආර්යන්වහසේලාට අපහාස කිරීම පවක්..

jhothishalanka said...

@ඔස්කා
මේක නිකං ගොතපු කතාවක් විතරයි යාළු.ආගමික විශ්වාස පටලවා ගන්න අවශ්‍ය නැහැ.

සංකල්ප said...

මේන් ජොතිෂ ලංකලා දෙන්නෙක් ඉන්නවා. ඇනෝ කමෙන්ට් දැම්මෙත් අයියමද ?

jhothishalanka said...

ඔව් ඔව් මම තමයි.මම ඒවෙලාවෙ බ්ලොග් එක බැලුවෙ වෙනින් පරිඝණකයකින් ඒකයි.

Anonymous said...

විසිතුරු, ඔබ හරියටම හරි. මේ කතා නිකම්ම ගොතපු ඒව නොමෙයි. ඒව ඇතුලෙ තියනවා විශාල රහස්. වේදයේ එන මෙවැනි කතා වලින් හෙලි කරන්නේ අභිධර්මයේ එන කරුණු කිවුවොත් ඔබල පිළිගන්න සමහර විට මැලි වෙයි. මේ ලියන මම මෙම කරුණු ගැන ඉගන ගන තියනවා. මම පාරම්පරික ජ්‍යෝතිෂ රහස් කියල පොතක් ලියල තියනවා, ඔබල සමහර කෙනෙක් ඒක කියවල ඇති. පුලුවන් නම් අවභෝධ කරගන්න උත්සහ කරන්න මේ කතාව ඇතුලෙ තියන ජ්‍යෝතිෂමය කරුණු.

Related Posts Plugin for WordPress, Blogger...