Wednesday, July 27, 2011

හතර කේන්ද්‍රය පාළු වීම

     "හතර කේන්ද්‍රය පාළු වීම" යන්න පිළිබදව ජනසමාජය තුල මුල්බැස ඇති විවිධාකාර වූ මතිමනාන්දර අනුව බොහෝ දෙනා තුල ඇත්තේ එවැනි ජන්ම කේන්ද්‍ර පිහිටන්නන් පිළිබද සෘණාත්මක අගය කිරීමකි.හතර කේන්ද්‍රය හිස්වූවන් ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට සුදුසු යැයි ප්‍රබල මතයක් මුල් බැස ඇති නිසා තමන්ගේ දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රයේ එවැනි පිහිටීමක් ඇති බව දැනගත් විට බොහෝ දෙමාපියන් කලබලවේ.වර්තමාන තරඟකාරී ජනසමාජ රටාව අනුව බොහෝ දෙමාපිය වැඩිහිටියන් කැමති තමන්ගේ දරුවන් හොදින් ඉගෙන ගෙන ඉහළ රැකියා තනතුරු ලබමින් විවාහ වී දරු මල්ලන් ලැබ සුඛෝපබෝගී දිවි පෙවතක් ගත කරනු දැකීමය.ඒ නිසාම එවැනි යෝග තම දරුවන්ගේ ජන්ම කේන්ද්‍රවල සටහන් වී තිබීම පවා ඔවුන්ට හිසරදයකි.හතර කේන්ද්‍රය හිස් වූ පමනින් එය මහණ යෝගයක් හෝ ලෞකික දිවියට බාධා යෝගයක් වන්නේ නැත.මෙහිදී සම්පූර්ණ ජන්ම කේන්ද්‍රයම සලකා බලමින් ඔහුගේ ඉදිරිය විමසා බැලිය යුතුය.එසේ නොමැතිව හතර කේන්ද්‍රය හිස්වූ පමණින් දරුවෙකුගේ කේන්ද්‍රය දෙස බලා "මෙම දරුවාට ශ්‍රමණ යෝගයක් ඇත" යනුවෙන් පැවසීම ජ්‍යොතිෂ්‍යාණුකූලව වැරදි අර්ථ කථනයක්මය.මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කලේ එවැනි ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍ර හදුනා ගැනීම හා ජන්ම කේන්ද්‍රයේ වෙනත් සියුම් ග්‍රහ පිහිටීම් දෙස බලමින් එම යෝගවල ඵල විපාක ඉස්මතු වීම නොවීම පිළිබදව අදහසක් ලබා ගැනීමට ජ්‍යොතිෂ දැනුම් ප්‍රමාණයක් පාඨකයන්ට ලබා දීමයි.


   ප්‍රථමයෙන්ම හතර කේන්ද්‍රය හිස් වීම කේන්ද්‍රයක සටහන් වන අයුරු කෙසේදැයි වටහා ගනිමු                            
 ජ්‍යොතිෂයේදීරවි(ඉරු),සදු(චන්ද්‍ර),කුජ(අඟහරු),බුධ,ගුරු(බ්‍රහස්පති),ශුක්‍ර(සිකුරු),ශනි(සෙනසුරු),රාහු කේතු ලෙස ප්‍රධාන ග්‍රහයන් 9 දෙනෙකු භාවිතා වේ.මීට අමතරව යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ ග්‍රහයන්ද ජ්‍යොතිෂයේදී ඒ ඒ අවස්ථානුකූලව යොදා ගනී.
  ජන්ම කේන්ද්‍රයක ස්ථාන පිළිබදව මූලික වශයෙන් දැන සිටිය යුතු හැදින්වීම් කීපයක් පහත ඇත.
                          
  *  ජන්ම කේන්ද්‍රයක 1,4,7,10 යන ස්ථාන වල(කේන්ද්‍රස්ථානවල) ඉහත දැක්වූ ප්‍රධාන ග්‍රහයන් 9 දෙනාගෙන්(යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර අනිත් ග්‍රහයන් නවදෙනා) කිසිදු ග්‍රහයකු තැන්පත් වී නැත්නම් එම කේන්ද්‍රය හතර කේන්ද්‍රය හිස්(පාළු)කේන්ද්‍රයක් ලෙස සාධාරණ ලෙස හැදින්විය හැක.          
    යුරේනස්,නැප්චූන්,ප්ලූටෝග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථානවල තැන්පත් වූ පමනින් එය හතර කේන්ද්‍රය හිස් නොවන කේන්ද්‍රක් ලෙස සැලකිය නොහැක.

  ජන්ම කේන්ද්‍රයක කේන්ද්‍රස්ථාන හතරෙන් මූලිකව නිරූපනය කෙරන විද්‍යාමාන වන දේවල් සරලව සලකා බැලූ විට පහත පරිදි දැක්විය හැක(මෙය පාඨකයාගේ සරල අවබෝධය පිණිස දැක්වූ හැදින්වීමක් පමණි.)
     * ලග්නය 1 - සිතුම් පැතුම්,අදහස් බලාපොරොත්තු,එඩිතර බව,සටන් වැදීමට යොමු වීම,...
     * හතරවැන්න 4   ගේ දොර ,ඉඩකඩම්,පෙලොවෙන් ලැබෙන වස්තු වගාවන්,පවුල,ස්ථානය,ස්ථාන මාරු,..
     * හත්වැන්න -7   විවාහය,විවාහ සහකරු,සහකාරිය,විවාහයෙන් පසු ජීවිතය,.....
     * දසවැන්න 10  රැකියාව,රැකියා වෙනස් වීම,පියාගේ කටයුතු ඉදිරියට ගෙනයාම,....
  
  මේ කරුණු අනුව සලකා බලන විට පැරැන්නෝ කේන්ද්‍රස්ථාන වල ග්‍රහයන් නොමැති ජන්ම කේන්ද්‍ර හිමියන් ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට සුදුසු යැයි නිර්දේශ කිරීමක් කොට ඇත.නමුත් මෙහිදී කේන්ද්‍රස්ථානවලට වැටෙන ග්‍රහයන්ගේ  දෘෂ්ටි හා කේන්ද්‍රස්ථානවලට ආසන්නව පිහිටි ග්‍රහයන්ගේ පිහිටීම විශේෂයෙන් සලකා බැලිය යුතුය.එම ග්‍රහ දෘෂ්ථි හා ග්‍රහ පිහිටීම් අනුව හතර කේන්ද්‍ර හිස්ව පිහිටි අයගේ ජීවන තත්ත්ව උඩු යටිකුරු වන අවස්ථා ඇත.
   හතර කේන්ද්‍ර හිස්වූ අයගේ කේන්ද්‍රවල දක්නට හැකි සිද්ධාන්තමය හා ප්‍රායෝගික ලක්‍ෂණ මෙන්ම ඉහත දැක්වූ ග්‍රහ දෘෂ්ථි ආදිය අනුව ඇතිවන හා ඇතිවිය හැකි බලපෑම් පිළිබද සම්පීඩ්‍ය විස්තරයක් පහත පෙළ ගස්වා ඇත.
    * හතර කේන්ද්‍රය හිස් ගැහැණු අයට වඩා පිරිමි අයට ශ්‍රමන යෝගය ඉස්මතු වන අවස්ථා වැඩිය.
  *හතර කේන්ද්‍රය හිස් අය ඉගෙනීමෙහි ස්වභාවයෙන්ම දක්‍ෂයෝ වෙති.මෙම තත්ත්වය වෙනස් වන්නේ ඉතාම කලාතුරකිනි.
    *වෛද්‍ය,ඉංජිනේරු,නීතිඥ,විධායක,අධ්‍යාපන වැනි ඉහළ රැකියාවලත් සුපිරි තනතුරු(විශේෂඥ වෛද්‍ය, මහේස්ත්‍රාත්,මහාචාර්ය) දරන්නන් බොහොමයකගේ හතර කේන්ද්‍ර හිස් බවට ප්‍රායෝගික සාක්‍ෂි ලැබී ඇත. 
     * ග්‍රහ දෘෂ්ථි වැටීමේ පිළිගත් සිද්ධාන්තයන් අනුව බැලූ විට (ග්‍රහ දෘෂ්ථි වැටීම ගැන මෙතනින් බලන්න)හතර කේන්ද්‍රය හිස්වූ කේන්ද්‍රයක කේන්ද්‍රස්ථානයකට(1,4,7,10) දෘෂ්ථි වැටිය හැක්කේ ගුරු(බ්‍රහස්පති),කුජ(අඟහරු), ශනි(සෙනසුරු), රාහු යන ග්‍රහයන්ට පමණි. මින් බ්‍රහස්පති ග්‍රහයාට තමන් සිටින රාශියේ සිට පහ,නවය ස්ථාන පෙනෙන නිසා හතර කේන්ද්‍රය හිස් කේන්ද්‍ර හිමියන්ගේ කේන්ද්‍රස්ථානයකට බ්‍රහස්පති දෘෂ්ථිය අනිවාර්යෙන් වැටේ.හතර කේන්ද්‍රස්ථාන හිස් කේන්ද්‍රයක් දුටු විට එම කේන්ද්‍රවල කේන්ද්‍රස්ථාන වලට ඉහත සදහන්  ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ථි වැටෙන ආකාරය සොයා බැලිය යුතුය.එම ග්‍රහ දෘෂ්ථි වැටීම හා වැටෙන කේන්ද්‍රස්ථානය අනුව කේන්ද්‍ර හිමියාගේ ජීවිතයේ විශේෂ තත්ත්ව තීරණයවේ.
  උදාහරණයකට හතර කේන්ද්‍රය හිස් වූ කන්‍යා ලග්න හිමියකුගේ 11 වැන්නේ(කටකයේ) ගුරු(බ්‍රහස්පති) ග්‍රහයාද තුන් වැන්නේ කුජ(අඟහරු) ද සිටින විට ගුරු උච්ච බලයෙන් යුතුව හත් වැන්නට දෘෂ්ථි වන අතර ක්‍ෂෙත්‍ර බල අගහරුගේ දෘෂ්ථිය දස වැන්නට වැටේ මෙවිට කේන්ද්‍ර හිමියාගේ හත්වැන්නට(විවාහස්ථානයට) හත අධිපතියාම වූ සෞම්‍ය ගුරු දෘෂ්ථියත් දස වැන්නට(රැකියාස්ථානයට) ක්‍ෂෙත්‍ර කුජ දෘෂ්ථියත් වැටීම නිසා කේන්ද්‍ර හිමියාගේ විවාහය රැකියාව යහපත් ලෙස සිදුවිය යුතු බවට ජ්‍යොතිෂ අනාවැකි පලකළ හැකිය.එවැනි අයට හතර කේන්ද්‍රය හිස්වුවත් මහණ යෝග භංගවී ඇත.
  * හතර කේන්ද්‍රය හිස්වූ කේන්ද්‍රවල කේන්ද්‍රස්ථාන වලට ඉතා ආසන්නව ප්‍රධාන ග්‍රහයකු(හෝ කීප දෙනෙකු) සිටින විට එහි අපේක්‍ෂිත ප්‍රතිඵල වෙනස්වන බවට මතයක් ඇත.
  * "එකශ්‍රැතිධර යෝගය","සිංහාසන යෝගය" වැනි ඉතා සුභ යෝගයන් පිහිටී අයගේද හතර කේන්ද්‍රය හිස් වීම  අනිවාර්යෙන් සිදුවන නිසා එවැනි බලවත් යෝග ගැනද සලකා බැලිය යුතුය."වාපී යෝගය" වැනි මධ්‍ය සුභඵල යෝග පිහිටන විටද අනිවාර්යෙන් හතර කේන්ද්‍රස්ථාන  හිස් වේ.

 අතීතයේදී හතර කේන්ද්‍රය හිස් වූ පිරිමි දරුවකු පවුලක උපන් විට දෙමාපියන් ඔහුව මහණ කිරීමට අකැමැති වූ විට දෝෂ හරණ පිළිවෙතක් ලෙස දරුවාව කුඩා කාලයේ පන්සලට බාර කිරීමක්(ශාසනයට පූජා    කිරීමක්)සිදු කරන්නේ ඔහුටගිහි ජීවියක් හිමි කරදීමේ අභිලාෂයෙනි.මෙම ක්‍රියාව පිළිබද විද්‍යාත්මක හෝ වෙනත් ශාස්ත්‍රීය විවරණයක් ඉදිරිපත් කිරීමට ලේඛකයාට නොහැකිය.එවැනි පිළිවෙතක් අතීතයේ තිබූ බව පමනක් දක්වමි.
  

22 comments:

සංකල්ප said...

මම් අහලා තියෙනවා හතර කේන්දරේ පාලු වීමක් ගැන. ඒත් හරියටම දැන ගත්තේ අද තමයි.
පොඩි ප්‍රශ්නයක්. ඔය විදිහට කේන්දර පිහිටීම් දුර්ලභ ද ? ඒ අයට ගිහි ජීවිතය අකපද ??

jhothishalanka said...

@මධුරංග මේ විදියට කේන්ද්‍ර පිහිටීම දුර්ලභයි.2% ක් වගේ තමයි. නමුත් මෙය දුබල පිහිටීමක් නොවේ.මේ අයට ගිහි ජීවිතය අකැප නැහැ.මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එයයි.හතර කේන්ද්‍රය හිස්වූ කේන්ද්‍ර වලට මෙහි දක්වා ඇති ආකාරයට ග්‍රහ පිහිටීම් දෘෂ්ථි ලැබීම් වලින් ශ්‍රමණ යෝගය භංගවේ.

රාජ් said...

කෙනෙක් පැවිදි කරන්න පුලුවන් ග්‍රහ පිහිටීම් තියනවද?(මං කියන්නෙ සාර්ථකව සහ ධාර්මික ජීවිතයක් ගෙනියන්න පුලුවන්)

jhothishalanka said...

@රාජ්
අපොයි ඔව්.නියම විදියට ශ්‍රමණ යෝග පිහිටා ඇති අයව ජන්ම කේන්ද්‍ර පරීක්‍ෂාවෙන් හදුනා ගන්න පුළුවන්.දරුවකු මහණ කිරීමට පෙර ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කරන්නේ එබැවිනි.එහි සාර්ධක ප්‍රතිඵල ඇත.

Nishantha lakmal said...

ගුරුතුමාගේ මේ බ්ලොගය මම ගොඩක් කාලෙක ඉදන් ආසාවෙන් කියවනවා.මම ජෝතිශය පිලිබදව ගොඩක් විස්වාස කරන අසා කරන කෙනෙක්.ඒත් දැන් දැන් මට ඒ ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ.මගේ කේන්දරේ බලපු එක එක තැන්වල කියන්නේ එක එක කතා.10 කට වඩා තැන්වලට මේ වෙනකොට ගිහින් ඇති.ආයේ නම් කේන්දරේ බලන්නේ නැහැ කියලා මන් හිතාගෙන ඉන්නේ.ඒත් මම කැමතියි ඔබගේ පාඨකයෙක් විදිහට අන්තිම වතාවට මේ පිලිබදව ඔබතුමාගෙනුත් මේ පිලිබදව අහලා තීරණයක් ගන්න.
උපත-1984-08-06
රාත්‍රී 10.26 ට කොළඹදී
දශා ශේසය
බුදට 8 වර්ශ-9 මාස-16 දිනක්
මගේ ලග්නය මීන.3-රාහු 5-රවි 6-බුද,සිකුරු 8-ශනි,ප්ලුටෝ 9-කුජ,සදු,කේතු,යුරේනස් 10-ගුරු

නවාන්සකය මීන
1-ශනි,රාහු 3-සිකුරු 5-කුජ,ගුරු 7-බුද,කේතු 11-රවි,සදු


මට කියලා තියෙනවා මෙහේ මොකුත් හරියන්නේ නැහැ.දුකම විතරයි උරුම, හොද රටකට ගිහින් ස්තීර පදින්චිය එහෙ කරන්න පුලුවන්.ගියොත් එහේ දිගටම සතුටින් ඉන්න පුලුවන් කියලා.අනිවාර්යෙන්ම යනවා කියලා කිව්වා.විවාහය උනත් මෙහෙදි වෙන්නේ නෑ එහෙදි වෙන්නේ කිව්වා.ඒත් තවත් තැන්වල කියලා තියෙනවා මට සල්ලි හම්බු කරන්න බැහැ හම්බුනත් නාස්ති වෙනවා.විවාහය කැඩෙනවා.රැකියාවල් හරියන්නේ නැහැ.අවාසනාවන්තයි කියලා.තවත් තැනකින් කිව්වා රට ගිහින් මෙහෙ ඇවිත් විවාහ වෙලා හොදින් තමාගේ දෙයක් කරගෙන හොදින් ඉන්නවා කියලා.අනේ මේ එකකට එකක් පරස්පර කතා නිසා මට මේවා එපා වෙලා තියෙන්නේ.ඒ මදිවට කලකිරෙනවා මේවා ගැන.කොහොමත් මට මම බලාපොරොත්තු උනු දෙවල් තාම ලැබිල නැ.ගුරුතුමාට පුලුවන්නම් මට ඉගියක් දෙන්න මේ කොයි පලාපලයද හරි කියලා.අනේ එහෙම කරන්න පුලුවන්නම් ගොඩක් පින්.මොකද මම මානසිකව වැටිලා මේ හින්දා...ඉතින් ඔබතුමා කරන මේ ප්‍රජා සත්කාරය නිසා ගොඩක් දෙනෙක් වටිනා දේවල් ඉගෙන ගන්නවා.එකට ගොඩක් පින්.මට මේ බ්ලොග් එක හදුන්වා දීපු මගේ යාලුවාටත් ස්තුතිවන්ත වෙනවා.ඔබතුමාගේ පැතුම් සියල්ලක්ම ඒ අයුරින් ඉශ්ට වෙවා.ඔබට දීර්ඝායු ලැබේවා !!!!!!!

Anonymous said...

මම ත් මේ හතර කෙන්ද්‍රය පාලු කතාව අහලා තිබ්බා..අද තමා මේකේ ඇත්ත නැත්ත තෙරුම් ගත්තේ..ඔබ කිව්වා වගේ මෙයාලා හොද වැදගත් තැන් වලටත් එන්න පුලුවන් පුද්ගලයින් නම්..මොවුන්ගේ හතර කෙන්ද්‍ර පල නැති එකේ ඇති විපාක මොනවද....

ravi said...

සහෝදරයා.
මට කියන්න පුලුවන්ද එක නැකතේ එක පාදයේ කේන්දර දෙකක විවාහ වීම සම්බන්දව ඔබ දරන මතය. (පුද්ගලිකව බලපා ඇති ගැටලුවකි)
ඔබව පුද්ගලිකව හමුවිය හැකි ආකාරයත් දැනගන්න පුලුවන්ද?

jhothishalanka said...

@Nishantha lakmal
ඇත්තටම මේ බ්ලොග් එකෙන් පලාඵල බැලීමක් කිරීම නොකලත් ඔබගේ කමෙන්ටුව දැක එයට පිළිතුරක් දීම වටිනා බව දැනුනි.ඔබගේ ජන්ම කේන්ද්‍ර සටහන මා පරීක්‍ෂා කලා ඇත්තටම ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව කේන්ද්‍ර බලන්නන්ට පලාඵල වැරදීම් සිදු විය හැකියි.
ඔයාගේ ජන්ම කේන්ද්‍රයේ හැටියට උපන් දේශයේ සුභඵල අඩුයි.වයස අවු 35 දක්වා ශනිගේ ගමන් චාරය අනුව තමාගේ හිත සතුටු වන අයුරින් බලාපොරොත්තු රැකියා වාසනාව යටපත් කරයි.ඒත් ඔයා හරි ධෛර්ය වන්ත අයෙක්. ලග්නාධිපති මෙන්ම දහය අධිපති ගුරු ග්‍රහයා දසවැන්නේ ක්‍ෂෙත්‍රව ගුරු හංස යෝගයෙන් සිටින නිසා ඔයාට රැකියා දියුණුවක් තියෙනවාමයි.හත අට අධිපති බුධ,සිකුරු දෙදෙනා හයවැන්නේ යෝග වීම විවාහයට අසුභ පිහිටීමකි.

jhothishalanka said...

@නිම්ශා ගැටළුව පැහැදිළි මදියි.

@ravi ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම නැකත වන විට මාහේන්ද්‍ර,ස්ත්‍රී දීර්ඝ,රජ්ජු,ගෝත්‍ර,නාඩි පොරොන්දම් අනිවාර්්‍ය අසුභ වීමත් ලිංග ,වෘක්‍ෂ පොරොන්දම් දෙක යෙදෙන නැකත අනුව සුභ අසුභවේ.මේ අනුව දෙදෙනාම එකම නැකත විට වැඩි පොරොන්දම් සංඛ්‍යාවක් අනිවාර්‍ය අසුභ වන නිසා 20 පොරොන්දම් පරීක්‍ෂාව සාර්ථක ක්‍රමයක් නොවේ.මෙහිදී ඒකදින පරීක්‍ෂාව නම් විශේෂ ක්‍රමයකට පොරොන්දම් පරීක්‍ෂාව සිදු කරයි.මෙම ඒක දින පරීක්‍ෂාව අනුව දෙදෙනාගේ නැකත අනුව අමතර වශයෙන් ගැලපිය යුතු ග්‍රහ ,රාශි,රාශ්‍යාධිපති,වශ්‍ය,දින පොරොන්දම් වල සුභ අසුභ අනුව සමස්ත ගැලපීමේ සුභ,සම,අසුභ තීරණය කරයි.දෛනාම එකම නැකැතේ එකම පාදයන් වන විට දෝෂ සහිත බවක් දක්වා ඇතත් එය බලපාන්නේ දෙදෙනා සම වයස් වල සිටීනම් පමනි.(මහ දශා ලැබීම ගෙවීම එකම ආකාරයට සිදු වන නිසා.)

Nishantha lakmal said...

බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට මගේ කොමන්ටුව ගැන අවධානය යොමු කළාට.ඒ පිළිබදව මාගේ හදපිරි ආදර ගෞරවය පුද කර සිටිනවා.ඒ වගේම මේ වටිනා බ්ලොග් අඩවිය දිනෙන් දිනම සාර්ථක වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.ඔබතුමාට ජය ශ්‍රී !!!

පිස්සු පුසා said...

පට්ට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියන්වා. එල බ්ලොග් එක, වෙලාවක මගේ එක බලල දෙන්ටකො. කෙල්ලගේ එකත් ඇ, අනේ ප්ලිz...

ravi said...

thanks for reply.we have age gap.but all are giving difference answers. .Can u send me a mail to this address?
It will be great help.
[today my sinhala font is not working.]

send2ravi121@gmail.com

ravi.

ravi said...

still im waiting for ur reply. pls send me ur mail id.
ravi.

පිස්සු පුසා said...

ඇඩ්මින් අයියේ...

jhothishalanka said...

@ ravi ,
@පිස්සු පුසා මේ දවස්වල වැඩ ටිකක් හිර වෙලා මලේ,ඔයාගෙයි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙයි උපන් දින වේලාවන් හා උපන් ස්ථාන පහත ඊම්ලයට එවන්න.ඉඩක් ලැබුණු ගමන් බලන්නම්.
jhothishalanka@gmail.com

SilentSahan said...
This comment has been removed by the author.
jhothishalanka said...

@silentsahan
ඔයාගේ උපන් දිනෙයි වෙලාවයි පහළ ඊමේලයට එවන්න
jhothishalanka@gmail.com

Anonymous said...

Aduruthumani mama comments nodammata obathumange lipi balanne blogs kiyawanna gaththu da idala. mata blogs gana wataheemak ne. Eth jyothishata asa nisa me blog eka aniwaren balanawa. mage 4 kendare paalu ne. Eth mata hithenne mage kendare loku kaalakanni kamak nam athi. Danuth inne 5 weni wathawatath adaren paradila. E pirimi lamai hamoma mata nodanima wena girls la ekka yaluwela mawa atharapu aya. Gedarata genapu proposals unath ehemai une. Me duka wadi kamata liyanne. mage hadahane thiyana kalakanni kama mokakda ekata karanna ona mokakda kiyala mata kiyanna mahathmayo.

Admin said...

ගුරුතුමනි, හතර කේන්ද්‍රය පාළු වූ අයෙකුගේ එකොළොස් වැන්නේ රවි, චන්ද්‍ර, බුද, කුජ යන ග්‍රහයන් 4 දෙනාම සිටියොත් කොහොමද කියල කියන්න පුළුවන්ද?

jhothishalanka said...

ඉතා බලවත් ග්‍රහ පිහිටීමකි.සෑම දෙයක් පිළිබදව ඇසූ පිරූ තැනැත්තෙකි.බර වැඩ කිරීමට බැරිය.වෛද්‍ය ,ඉංජිනේරු ගණිත විද්‍යාඥයන්ට පිහිටන දුබල යෝගයකි.මෙම යෝගයේ ඵල හොදින්ම දෙන්නේ වෘශ්චික ලග්න හිමින්ටය.ශ්‍රමණ යෝගයක් ලෙස ඇතත් එහි බල දුබලතා වෙනත් ග්‍රහ පිහිටීම් මත තීරණය කළ යුතුය.

Unknown said...

mama nitharama asawen balana, blog ekak.. issaranam mamath jothisya wisawasa kale naha.. eth mage life eke siduwuna siduweem samahark ewa ekka aththada kiyalath hihenwa... mage horosscope eka balana aya kiyanne eka godak honda ekak kiyala.... eth me dawas wala mama inne ithamath manasika peedanayen.. educatin eka wagema love life eka paththenuth...:( :( :(
meya kendara balawana adawiyak nowei kiyala dannawa,,, eth obata puluwan nam mage horoscope eka poddak balanna puluwanda?
hama thaninma hondai kiwwath man hithnawa eka hariyatama balanna katawath bariwunakiyala,,,udaw kaloth godaaaaaaaaaaaak pin !!!! obata karadarayak naththm witharak..!!!

jhothishalanka said...

ඔබගේ ඉල්ලීම මේ මොහොතේ ඉටු කිරීමට අසීරුයි.ඒ කාර්ය බහුලත්වය නිසාමය.අමනාප නොවන්න.

Related Posts Plugin for WordPress, Blogger...