Tuesday, May 22, 2012

ගුරු ගෝල දහම් ගැටයට ඉන්දීය බලි ඇදුරා හසුවේ.

"මොකද රාහුල හාමුදුරුවනේ මෙදා පෝය ලඟටම ඇවිල්ලත් ගමේ උදවිය පන්සල පැත්තේ ඇවිල්ල නැත්තේ වෙනදා පෝය ලංවෙන කොට ගමේ දරු දැරියොත් පින්කම් වලට සූදානම් වෙන්න පන්සල පැත්තට එනවනේ." 

      විදාගම නා හිමියන් තම ප්‍රධාන ගෝල නම වූ තොටගමු ශ්‍රී රාහුල හිමිගෙන් විමසූවේ වෙනදා පන්සල වෙත එන ගම්මුන්ගේ අඩුවක් මහ නාහිමියන්ට පෙනුන බැවිනි.
   "අර ඉන්දියාවෙන් ආපු බ්‍රාහ්මනයෝ කට්ටියක් රජ වාසලට ඇවිල්ල රජතුමාටයි ඇමති ගොල්ලන්ටයි සෙත් පතල බලි යාග මාලවක් කරනවා කියන්නේ.ගමේ මිනිස්සු ඒව බලන්න හරි ආසාවෙන් යනවා කියලා ආරංචියි අපේ හාමුදුරුවනේ.ගමේ අය දවස් ගනන් නිදි මරාගෙන ඒව බලන්න යනවලු."
 රාහුල හිමි තම ගුරු හිමියන්ට පිළිතුරු බැන්දෝය.
  කිසිවක් නොකී විදාගම හිමි කල්පනා කරමින් ආවාස ගෙට වැඩියේය.
 "පොඩි නම ඔය කවුරුහරි අතේ පණිවිඩයක් අරින්න ඔය බලි යාගය කරන නායක බ්‍රාහ්මණයට පන්සල පැත්තට එන්න කියලා.රාහුල හාමුදුරුවොත් ආවාස ගෙට ආවනම් පොඩි රහසක් කියන්න."
  විදාගම හිමි වැනි රටේ ප්‍රසිද්ධ උගත් හිමිනමක් තමාට ආරාධනය කිරීම පිළිබද ප්‍රධාන බ්‍රාහ්මනයාට මහත් සතුටක් ආඩම්භරයක් ඇති විය හේ ආරාධනාව පිළිගෙන  ඔහු රජගෙයි යාගය අවසන් වී ආපසු යාමට පෙර විදාගම හිමියන් බැහැ දැකීමට පන්සලට ගියේය.
   "හාමුදුරුවො මට මේ පැත්තට එන්න කියල පණිවුඩයක් ඇරල තිබුනේ ඇයිද දන්නේ නැහැ."
 "මම මේ බ්‍රාහ්මන මහත්තයට එන්න කියල කතා කලේ ටිකක් කතාබහ කරන්න.මට ආරංචියි බ්‍රාග්මන ඇත්තොල බොහොම අපූරුවට බලි ශාන්ති කරාම කරනව කියලා.මිනිස්සුත් හරි ආසාවෙන් ඒව බලන්න යනවා කියල මට කීප දෙනෙක්ම කිව්වා.මම කැමතියි බ්‍රාහ්මන මහත්තයත් එක්ක ටිකක් ශාන්ති කර්ම ගැන කතා බහ කරන්න.ලංකාවේ අපෙත් ඔයවගේ ශාන්ති කර්ම ශාස්ත්‍ර ක්‍රම තියෙනවා."
  යාග කර්මය පිළිබද තොරතුරු බමුණාගෙන් විදාගම හිමියන් විමසූ කල වේදයාගයේ "ශ්ලෝක,යන්ත්‍ර,මන්ත්‍ර" ආදිය බමුණා විසින් මුල සිට අග දක්වාම නොවළහා බමුනා විසින්  විදාගම හිමියන්ට පැවසුවේය.කලින් සැලසුම් කරගෙන තිබූ පරිදි තොටගමු හිමියන් විසින් තිරයකින් වසන ලද ඇතුල් පෙදසෙක පුස්කොළ පොත් පන්හිද සූදානම් කරගෙන හිදිමින් බමුණා පැවසූ දේවල් පුස්කොලේ ලිව්වේය.තොටගමු හිමියන්ට පුස්කොල පොතේ විස්තර ලියා ගැනීමට කාලය සකසා ගත හැකි පරිදි කඩඉම් ප්‍රශ්ණ ඇසීම විදාගම හිමියන් විසින් සිදු කලේය.සරස්වතී තෛලය බීමෙන් ලද අසාමාන්‍ය ධාරණ ශක්තියෙන් යුක්තවූ තොටගමු හිමියන් බමුණා කිවූ ශිල්පීය ක්‍රම සියල්ල පුස්කොළ පොතේ ලියා නිම කලේය.සියල්ල ලියා අවසන් කල පසු විදාගම හිමියන් බමුණා අමතා
  "බ්‍රාහ්මණ මහත්තයා ඔය කිව්ව ඔබලාගේ ශිල්ප ක්‍රම ඔයිටත් වැඩිය විස්තරාත්මකව අපේ පුස්කොළ පොත්වල තියෙනවා.මම හිතුවේ බ්‍රාහ්මන ඇත්තො ගාව අලුත් දෙයක් ඇති කියලා.ඔය කියන බලි යාගය තියෙන පුස්කොළ පොතක් අපි ගාවත් තියෙනවා."
   යැයි පැවසූ විදාගම හිමියන් තොටගමු හිමියන් ලවා පුස්කොළ පොත ගෙන්වා කලුමැද බමුණාට පෙන්වීය.තමා පැවසූ සියල්ල එලෙසම පුස්කොළ පොතේ සටහන් වී ඇති බව දුටු නායක බමුණා පුදුමයටත් ලැජ්ජාවටත් පත්වී කෝපයෙන් මෙන් පන්සල් භූමියෙන් පමනක් නොව ලංකාවෙන්ද පිටවී ගියේය.
   මෙලෙස බමුණන්ගෙන් ලබාගත් "බලි ශාන්ති කර්ම ක්‍රමය විදාගම හිමියන්ගේ මූලිකත්වයෙන් ගායනය වාදනය මුර්ති.. ආදී සකල විදි සංස්කෘතික අංග මෙන්ම අපගේ බෞද්ධාගමට ගැලපෙන පරිදි බුදු ගුණ කියවෙන කවි එකතු කරමින් ලංකාවේ විවිධ පලාත් වලට විකාශණය වූ බව සදහන්ය.

10 comments:

Damith Sriyantha said...

විදාගම නා හිමියෝ නියම වැඩක්නෙ කරල තියෙන්නෙ.හරිම අපුරුයි.ගොඩක් බුද්ධිමත් හිමිනමක්,තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ මතකයත් පංකාදුයි.සරස්වතී තෙලෙන් පොඩ්ඩක් අපිටත් හොයා ගන්ඩ බැරි වෙයිද දන් නෑ...

මුතු said...

වීදාගම මෛත්‍රී හිමියන් වෑත්තෑවෙ හිමියන්ට යවපු පසළොස්වකයි පුරහඳයි මගට ගිහින් අටවකයි අඩසඳයි කරලා ගෙනිහින් තිබුනෙත් මහණ වෙන්න කලින් දෙමටාන කුමාරය නේද..?

jhothishalanka said...

ඔව් ඔව්.ඒ කතාව දැනන් හිටියත් මඟ හැරුණා.දැන් කල් ඉකුත් වුන නිසා ඒක නැතිව අනිත් කතා දානවා.

Kenji @ Japan said...

Obage lipi pela itha rasawath digatama balanawa.Jothishaya gana digatama danna.Mama hithanawa godak aya agaya karanawa athi obe lipi pela.

මුතු said...

කල් ඉකුත් උනත් සුදුසු තැනක පොස්ට් කලොත්.... දන්නා අය‍ට වඩා නොදන්නා පිරිස වැඩි නිසා.

ජෝතිරත්න said...

මේක ලිපිය කලින් පල වෙච්ච ලිපියක්ද? කියවල හොඳට පුරුදුයි..

jhothishalanka said...

ඔව්."අභාවයට යන බලි ශාන්ති කර්ම ලිපියේ මේ කොටස ලිව්වා.ඒත් බලන්න ඒකෙත් හැටි එදා ඒ ලිපිය බලල තිබුනේ 100 ක් විතර අද මේක විතරක් බලල හෙන ගානක්..

රාජ් said...

මේ ලිපි පෙල දවසින් දවස වගේ දාන්න තිබුනෙ. එකැරේ වගේ පබ්ලිෂ් කල නිසා ටිකක් අවුල්.

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

විදාගම හාමුදුරුවෝ නම් අගේ ඇති හිමිනමක් ! ස්තුතියි මේ පැරණි ජනකථා මතක් කරනවාට !

Anonymous said...

Man me kathawe ahala thiyenne wena widiyakata.
Braahmana thumagei haamuduruwangei saakachchaawa iwara unaama. haamuduruwo kiwwalu api langa eeta wadaa daksha aya innawa kiyala.
Passe raahula haamuduruwo gennala ara saakachchaawa aga indala mulata digatama kiwwalu.

Related Posts Plugin for WordPress, Blogger...