Friday, October 12, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- පළමු කොටස

    දළ ජන්ම කේන්ද්‍ර සටහනක් නිවැරදිව සාදා ගන්නා ආකාරය පිළිබදව මාගේ පියා විසින් මීට වසර 45 කට පමණ පෙර සාදන ලද පාඩම් මාලාවක් කොටස් කීපයක් ලෙස බ්ලොග් අඩවියේ පල කිරීමට සිතුවෙමි.වටිනා ශාස්ත්‍ර කරුණු මෙලෙස ලාබෙට දීමෙන් යම් මට්ටමකින් ශාස්ත්‍රීය අගෞරවයක් වුවත් දිගු කාලයකින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව දිරාපත් වී යාම ඊටත් වඩා අයහපතක් වීම හා ‍ජන්ම පත්‍රය සෑදීම සදහා ගණිතමය සිද්ධාන්ත පාදක වී ඇති ආකාරය ජ්‍යොතිෂය ගැන වැටහීමක් නැති අයට යම් තරමකින් හෝ වැටහීමක් ලබා දීමේ අරමුණින් මෙය පල කරමි.

     ජ්‍යොතිෂය මූලික සංකල්ප හැදින්වීමක් සමග දක්වා ඇති පෙළ 10 කින් යුත් මෙම පාඩම් මාලාව එලෙසින්ම ස්කෑන් කොට දැක්වීමට අදහස් කොට ඇත.දශා අපහරණය සෑදීමේදී  මෙම පාඩම් මාලාවේ දක්වා ඇත්තේ එක් අවස්ථාවකට පමනක් අදාළවය.ජන්මියා උපදින මොහොත වන විට දිනය ආරම්භ වන විට පැවති නැකත ගෙවී තිබෙන විට හා එක් දිනක් තුල නැකැත් 2 ක් ගතවන අවස්ථාවලදී දශා අපහරණය ගණනය කරන ආකාරය මා විසින් පාඩමට සමාන්තරව එක් ‍කොට දක්වමි.උදාහරණයට අදාළ ලිතේ කොටස්ද දක්වා ඇත.ගණනයට අදාළ කොටස් ලබා ගැනීමට ලිත බලන අකාරයද පාඩම සමග දක්වා ඇත.
       මෙම පාඩම් පෙළ මගින් දක්වා ඇත්තේ 60 පැය ක්‍රමයට ජන්ම කේන්ද්‍රයක් සාදන ආකාරයයි.විවිධ පංචාංග ලිත් වල ඇති වෙනස්කම් නිසා ඇතැම් අවස්ථාවල  යම් දුෂ්කරතා මතු වුවත් බුද්ධියෙන් හා අවබෝධය ඇතිව අධ්‍යනය කරන විට ඒ මග හැරී යයි.බුද්ධිමය දේපළ නීති අනුව පඤ්චාංග ලිත් සටහන් දැක්වීම කළ නොහැක.ලිත් සොයා ගැනීම ඔබ විසින් කර ගත යුතුය.ලග්නය සෑදීම දක්වා මෙම පලමු ලිපියෙන් දක්වන අතර දින කීපයකින් පසු ඉතිරි කොටස් දක්වමි.






     5 වෙනි පාඩමේ උදාහරණයට හා පැවරුමට අවශ්‍ය රාශ්‍යොදය වගුව හා වෙනත් පංචාංග කොටස්








    

5 comments:

Unknown said...

ඉතාමත් හොද උත්සාහයකි "ශාස්ත්‍ර කරුණු මෙලෙස ලාබෙට දීමෙන් යම් මට්ටමකින් ශාස්ත්‍රීය අගෞරවයක්". නැත මෙය කිසිවිටක අගෞරවයක් නොවේ. මෙය පුන්‍ය කර්මයකි.

Tiraj Adikari said...

ඔක්කොම සාරාංශ කරලා , හරි වටිනවා නෙව. ස්තුතියි
:)

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

නියමයි !!!

ධනූ... said...

බොහොම හොඳ දෙයක්..මේකෙන් කිසිම අගෞරවයක් වෙනව කියල මම හිතන්නෙ නැහැ. ලෝකෙම තියන බොරු දෙසාබාලා රුපියල් දහස්ගනන් හම්බ කරගන්න මාන බලන අය ඉන්න ලෝකෙ මේ කරල තියෙන්න බොහොම පින්කමක්..!!!

ශ්‍රී ලාංකිකයා said...

බොහෝම පින්

Related Posts Plugin for WordPress, Blogger...