Tuesday, December 13, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 8

    කාලය සාපේක්‍ෂද එසේත් නැත්නම් නිරපේක්‍ෂද කාලය චක්‍රීයද රේඛීයද යන්න උභතෝකෝටික ගැටළුවක්ව තිබුනි.20 වැනි සියවස මුල් කාලය වනතුරුම කාලය නිරපේක්‍ෂ රාශියක් ලෙස භාවිතා විය.එනම් එතෙක් භාවිතා කල නිව්ටෝනියානු යාන්ත්‍රිකය අනුව කාලය යනු ඉදිරියට ගමන් කරන ඊතලයක් බදු විය.එය එකිනෙකට වෙනස් සමුද්දේශ රාමු තුලදි එක සමාන අයුරින් භාවිතාවේ.නමුත් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් "විශේෂ සාපේක්‍ෂතාවාදය" හදුන්වා දෙමින් කාලය සාපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.කිසියම් මොහොතකදී ඈත අවකාශයේ සිදුවන තාරුකාවක පිපිරී විනාශ වීමක් සෞර ග්‍රහ මණ්ඩල දෙකක වූ ග්‍රහලෝක දෙකකට දර්ශනය වීම සිදුවීම අනුව කාලයේ නිරපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.මේ මොහොතේ (2011 දෙසැම්බර් 13 යැයි සිතන්න) සිදුවන තාරුකාවේ පිපිරීම ඊට ආලෝක වර්ෂ 10 ක් ඈතින් ඇති ග්‍රහ ලොවකට පෙනෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මසදීය.නමුත් පිපිරුම වූ තැනට ආලෝක වර්ෂ 25ක් ඈතින් පිහිටි ග්‍රහ ලොවකට දර්ශනය වන්නේ 2036 වසරේ දෙසැම්බර් මස දිනකදීය.

     කාලය මැනීමට අප එදිනෙදා භාවිතා කරන කුඩාම ඒකකය වූ "තත්පරය" පිළිබද වූ සරල අර්ථ දැක්වීම් කීපයක් සලකා බලමු.
    * දිනක කාලය සදහා වෙන්වූ පැය 24 ක කාල සීමාවෙන් 3600 න් එක් කොටසක් තත්පරයකි.
       මෙම අර්ථ දැක්වීම සැලකූ විට ඒ හා බැදී ඇති දිනය හෙවත් පැය 24 කාලය කෙබදුද යන්නද වටහාගෙන තිබිය යුතුය.එයද සරලව ගත්විට පෘථිවිය තම අක්‍ෂ වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලය ලෙස මෙම "දිනය" හෙවත් පැය 24 කාලය තීරණය කල හැකිය.නමුත් එහිදීද ගැටළුවක් මතුවේ.එනම් පෘථිවියේ අක්‍ෂීය භ්‍රමණ කාලය සෑම විටම පැය 24 ක කාලයට සමාන නොවීමය.
    * ඔරලෝසු බට්ටාගේ මූලධර්මය සලකමින් "තත්පරය" සදහා අර්ථයක් ලබා ගැනීමටද උත්සාහ කරමු.

    සරල අවලම්භය 

              

පරිමන්දිත නොමැති බව සහ කුඩා විස්තාර උපකල්පනය කරමින් සරළ අවලම්භයක චලිතය විස්තර කරන අවකල්‍ය සමීකරණය

        මෙම සමීකරණයේ විසඳුම           

                          මගින් ලැබේ.    මෙහි  ටීටා 0යනු අවලම්භය දෝලනයවන විශාල ම කෝණයයි. ආවර්ත කාලය යනු පුර්ණ දෝලනයක් සිදුවීම සඳහා ගතවන කාලයයි. එය 2pi යන්න ඉහත කොසයින සමීකරණය තුළ වූ කාලය සමග ගුණ කරන කොටස 13func.png මගින් බෙදීමෙන් ලැබේ.        

         මෙම සරල අවලම්භ මූලධර්මය අනුව පෘථිවි ගුරුත්වය යටතේ දෝලනය වන දිග  මීටර 

g / 4Pi2                      

වූ තන්තුවකින් එල්ලා ඇති සරල අවලම්භයක දෝලන කාලය තත්පරයකි.

  මෙහි  g = ගුරුත්වජ නියතය        

 මෙම අර්ථදැක්වීම් සදහා යොදා ගෙන ඇති භොතික සංසිද්ධීන් සලකා බැලීමේදී ඒවායේ නැවත නැවත සිදුවීමක් හෙවත් චක්‍රීය බවක් ගැබ්වී ඇත.(පෘථිවියේ අක්‍ෂීය චලිතය ,සරල අවලම්භ චලිතය.) එමෙන්ම ඒසදහා අවකාශයේ බැදීමක්ද ඇත.    
  * මීලඟට අපි "තත්පරය" සදහා වූ අන්තර්ජාතික අර්ථ දැක්වීම සලකා බලමු.        
  "නිරපේක්‍ෂ උෂ්නත්වයේ හා භූම් අවස්ථාවේ පිහිටි සීසියම් 133 සමස්ථානිකයේ අධිසූක්ෂම ශක්ති මට්ටම් අතර සංක්‍රමණයට අනුරූප විකිරණයේ  හරියටම කම්පන 9192631770 කට ගත වන කාලයයි."               
         මෙම අර්ථ දැක්වීම සදහා යොදාගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම වාගේ විවික්ත රාශී පද්ධතියකි.සීසියම් 133  අධි සූක්‍ෂම ශක්ති මට්ටම් හා හරියටම කම්පන වාර ගනන විවික්ත සංඛ්‍යා සමඟ බැදී ඇති අයුරින් මෙම අර්ථ දැක්වීම තෝරා ඇත.මෙමගින් අර්ථ දැක්වෙන තත්ත්පරයේ චක්‍රීය බවට වඩා රේඛීයබවක්දක්නටඇත. -----------------------------------------------------------------------------------------------------------------------------------      
 මා ඉතා කුඩා කාලයේ සිටම පියාගෙන් නිතර ඇසූ ප්‍රශ්නයක් විය.කලින් කලට ඇතිවූ බලවත් සැකය නිසා මෙය විටින් විට ඇසූ නමුත් ඒ සෑම විටම පියාගෙන් ලැබුනේ එකම ආකාරයේ පිළිතුරකි.        "තාත්තේ මේ දැන් ග්‍රහ පිහිටීමට සමාන ආකාරයට ග්‍රහ පිහිටීම් ඇතිවන අවස්ථාවක් ආයෙත් කවදාවත් එන්නේ නැද්ද?"         "නැහැ මේ වෙලාවෙ ග්‍රහ පිහිටීමට සමාන අවස්ථාවක් ආයේ කවදාවත් එන්නේ නැහැ.චුට්ටක් හරි වෙනසක් තියෙනවාමයි."       පසු කලෙක පාසැලේදී හා විශ්ව විද්‍යාලයේ ගනිත විද්‍යා දැනුම ලබන විට කුඩා කාලයේ සිට මගේ සිත පෙලූ මෙම නැවත පැමිනීමේ ගැටළුව වරින් වර සලකා බැලුවෙමි.ජ්‍යොතිෂයේදී ග්‍රහයාගේ පෘථිවියට ඇති දුර හා එහි ත්‍රිමාණ පිහිටීම වෙනුවට ග්‍රහයාගේ කෝණික විස්ථාපනය පමනක් සැලකීමේ සිද්ධාන්ත ක්‍රමය අනුව සලකා බලන විට මෙම සිතුවිල්ලේ යම් බුද්ධි ඝෝචර බවක් ඇත.පෘථිවිය වටා අහස් ගෝලය බෙදා ඇති අංශක 360 වෘත්තාකාර ආකෘතියේ කලා විකලා හා එහි සූක්‍ෂම අවස්ථා සැලකු විට ග්‍රහයා පිහිටි අංශකය සදහා අනන්ත පිහිටීම් සංඛ්‍යාවක් ලැබේ.නමුත් කලා විකලා වැනි සියුම් තත්ත්ව නොසලකා එක් අංශකයකය බැගින් සැලකූ විට ග්‍රහයා පිහිටිය හැක්කේ ස්ථාන 360 කය (අංශක 360 තුල) මෙය හරියට වෘථිවිය වටා අහස් ගෝලයේ පිහිටි පුටු 360 කින් සමන්විත වට මේසයක් වැනිය.දැනට ප්‍රධාන වශයෙන් සලකා බලන ග්‍රහයන් නව දෙනා (රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු) දෙනා වාඩි කරවිය හැකි ආකර ගනනේ විශාල සංඛ්‍යාවක් වුවත් ගිණිය හැකි ගනනකි.රවි බුධ ග්‍රහයන් දෙදෙනා අතර උපරිම පරතරය අංශක 30 ක් වීම නිසා ඔවුන් දෙදෙනා වාඩි විය යුත්තේ යාබද දෙපස පුටු 58 (29x2) ක් තුලය.එමෙන්ම රාහු කොීු ග්‍රහයන් අතර පරතරය සෑම විටම අංශක 180ක් නිසා ඔවුන් දෙදෙනා වාඩි විය යුත්තේ මුහුණට මුහුණලාය.මේ අනුව වාඩි වන ආකාර ගනන තවත් සීමිතවේ.කෙසේ හෝ වේවා මෙම වාඩි වීමේ ක්‍රම ගනන (360 P 9 )  (Definition: nPr(n,r) = n! / (n-r)! ,  n! = 1x2x3x...x(n-1)xn) අගයට වඩා අඩු අගයකි.
     මෙය ඉතා විශාල සංඛ්‍යාවක් වුවත් ගැනිය හැකිය.කලා හා විකලා ආදී ඉතා සූක්‍ෂම ස්ථාන සැලකූ විට ආකාර අනන්ත සංඛ්‍යාවක් ලැබේ.ඒ අනුව යම් මොහොතක සියුම් ග්‍රහ පිහිටීමට 100%ක් සමාන අවස්ථාවක් නැවත එලබීම ගැන සිතන්නටවත් බැරිය.සූර්යයාගේ ඉන්ධන අවසන්වී "රතු යෝධයකු" බවට පත්වීමට ගතවන කාලය ලෙස විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ තව වසර බිලියන 5ක් බවයි.ඒ අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ආයුෂ කාලය තුලදී එක් ග්‍රහ පිහිටීමකට 100% ක් සමාන අවස්ථාවක් නැවත එළබීමක් අනුමාන කල නොහැකිය.    පෘථිවිය වටා ග්‍රහ පිහිටීම සලකා බැලූ විට කාල අවකාශ භෞතික සිද්ධාන්තීය චකීය තත්ත්වයක් ඇතත් ප්‍රායෝගික  චක්‍රීය බවක් දක්නට නැත.නමුත් කාලය හෝ වෙනත් භෞතික රාශියක් චක්‍රීය වශයෙන් සලකා බැලෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත ක්‍රම පූර්වාචාරීන් දක්වා ඇත්ද?ඒවා අදට වලංගු තාවක් තිබේද?මෙහි ඉදිරි "කාලය අවකාශය හා ජ්‍යොතිෂය" ලිපි ඒ හා බැදේ.
                                       මතු සම්බන්ධයි
----------------------------------------------------------------------------------------------------------------------------
  

      

4 comments:

හෘද සාක්‍ෂිය said...

කුං කුං ගාන කුරුමිනියන්ට එක එක බුවාලට චූ මල්ලිලාට තව එකී මෙකී නොකී මේ බ්ලොග් එක කියවල මෝඩ ආතල් ගන්න මෙලෝ දැනුමක් නැති ගොන් වහන්සේලාට තව තවත් නුබේ ලපි කියවන්න ලැබේවා !!!.

jhothishalanka said...

@හෘද සාක්‍ෂිය
හැහ්..හැහ්.. චූ මල්ලිගේ කමෙන්ට් එක මම පබ්ලිෂ් කරන්නේ නැතිවම ඒ නම ඔයා දන්නේ කොහොමද?ඒ කියන්නේ ඒ සේරම ඇනෝ කමෙන්ට් දාලා තියෙන්නේ ඔයා.

මුතු said...

මේ ලොව වෙසෙන කිසිදු මනුෂ්‍යයෙක් නිවුන් දරුවන් පවා කිසිම විටෙක අනෙකෙකුට සමාන නොවේ යන්න "නැහැ මේ වෙලාවෙ ග්‍රහ පිහිටීමට සමාන අවස්ථාවක් ආයේ කවදාවත් එන්නේ නැහැ.චුට්ටක් හරි වෙනසක් තියෙනවාමයි." යන කියමනින් මනාව සනාථ වේ.

Lahiru Perera said...

"මෙම අර්ථදැක්වීම් සදහා යොදා ගෙන ඇති භොතික සංසිද්ධීන් සලකා බැලීමේදී ඒවායේ නැවත නැවත සිදුවීමක් හෙවත් චක්‍රීය බවක් ගැබ්වී ඇත" සහ "මෙමගින් අර්ථ දැක්වෙන තත්ත්පරයේ චක්‍රීය බවට වඩා රේඛීය බවක් දක්නට ඇත." මෙමෙ ප්‍රකාශ වැරදි අවබෝධයක් ඇතුව කරන ප්‍රකාශ ලෙස දකිමි

Related Posts Plugin for WordPress, Blogger...