Monday, January 31, 2011

අපල සදහා නිවැරදිව මැණික් පලදින්නේ කොහොමද?

      මැණික් ඇල්ලූ ආභරණ පැළදීම බොහෝ දෙනා අලංකාරයට හා විලාසිතාවට කළත් ග්‍රහ අපල අඩු කිරීමේ පිළිවෙතක් ලෙස මැණික් පැළදීමේ ක්‍රමයක්ද ජ්‍යොතිෂයේ දැක්වේ.අද ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ ග්‍රහ අපල වලට මැණික් පැලදීම සම්බන්ධව බැදී ඇති විද්‍යාත්මක පසුතලය පිළිබදවත් මැණික් පැළදීම ඵලදායි අයුරින් ක්‍රමවත්ව සිදුකල යුතු ආකාරයත් විස්තර කිරීමටයි.

    සත්‍ය වශයෙන්ම අපල සදහා මැණික් පැලදීම 100%ක්ම විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැගී ඇත.ප්‍රකාශ විද්‍යාවත්,පෘථිවි ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්‍ෂෙත්‍රවල බලපෑමත් හස්ත රේඛා ශාස්ත්‍රය හා නිල වෙදකමේ සංකලනයෙන් බිහිවූ ජ්‍යොතිෂයේ දක්නට ඇති ඉතාම ශාස්ත්‍රීය හා වින්දනාත්මක ශාන්ති ක්‍රමයක් ලෙස අපල සදහා මැණික් පැලදීමේ ක්‍රියාව හැදින්විය හැකියි.
1) ඝන,ද්‍රව,වායු මාධ්‍ය ඔස්සේ ගමන් කිරීමේදී ආලෝක කිරණවල සිදුවන වර්තන ක්‍රියාවලිය පාසැලේ විද්‍යා පාඩමේදී ඔබ අප ඉගෙන ගෙන ඇත.මැණික් වල ඇති සුවිශේෂී ස්ඵටික ස්වභාවය නිසා මැණික මත පතිත වීමේදී ආලොකය මැණිකේ ස්වභාවය අනුවවිවිධාකාර වර්තන පරාවර්තන ක්‍රියාවලට ලක්වේ.රතු,තැඹිලි,කහ, ...ආදී වර්ණාලෝක වල සිදුවන වර්තිත ක්‍රියාව මැණික කපා ඔප දමා ඇති නැති ආකාරය අනුවද විවිධවේ.
2)ජ්‍යොතිෂයේදී නවග්‍රහයන් ලෙස සලකනු ලබන රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු ග්‍රහයන්ට විශේෂවූ වර්ණ වෙන්කොට ඇත.මෙම වර්ණ වෙන් කිරීමේදී එම ග්‍රහයා අහසේ දිස්වන(රාහු කේතු හැර)වර්ණයේ ස්වභාවය ප්‍රධාන වශයෙන් සලකා බලා ඇත.
  රවි - රන්වන් පාට
  සදු -ඇත්දළ පාට
  කුජ - රතු පාට
  බුධ - කොළ පාට
  ගුරු -අදුරු කහ පාට (ගුරු පාට)
ශුක්‍ර -සුදු නිල් පාට
 ශනි -කළු පාටට හුරු තද නිලා පාට
 රාහු - පොලිෂ් පාටට හුරු තැඹිලි පාට
කේතු -දිය සෙවල පාට


3)මැණිකක් නිර්මාණය වී ඇත්තේ විවිධාකර වූ රසායනික සංයෝග හා බන්ධන සමූහයකිනි.මැණික් වලට ඉහල වටිනාකමක් ලැබී ඇත්තේ ඒවායේ අලංකාරය,දුර්ලභත්වයට වඩා ඒවායේ අනන්‍ය වූ රසායනික ව්‍යූහය නිසාමය.ආලෝක කිරණ පමනක් නොව ඒ ඇතුළුව සියළු විද්‍යුත් භුම්භක තරංග මැණික් තුලින් ගමන් කිරීමේදී අතිශයින් පුදුම සහගත ක්‍රියාවලියන්ට භාජනයවේ.මෙහිදී තරංගය පමනක් නොව ඇතැම් විට මැණිකේ රසයනික ව්‍යූහයද විපර්යාස වලට භාජනය වන අවස්ථා ඇත.(පසුගිය කාලයේදී ලංකාවේ රෝහලක එක්ස් කිරණ ඒකකය තුල සිදුවූ එක්ස් කිරණ යවමින් බාල මැණික් වටිනා මැණික් වල ස්වරූපයට හැරවීමේ ජාවාරම ගැන පුවත්පත් වලද පලවිය.මෙහිදී එක්ස් කිරණ වැඩි ප්‍රමාණයක් දිගු කාළයක් මැණික හරහා යැවීමේදී මැණිකේ රසායනික ව්‍යූහය තාවකාලිකව කෙටි කලකට වෙනස් කළ හැක.)මැණික් හරහා විද්‍යුත් භුම්භක තරංග ගමන් කිරීමේදී ඇතිවන මෙම විපර්යාස වල විද්‍යාත්මක හේතු කාරණා පැහැදිලි කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇතත් මැණික් වල ඇති මෙම විශේෂත්වය යොදාගෙන විද්‍යාත්මක වශයෙන් වැදගත් වටිනා උපකරණයක් නිර්මාණය කිරීමට මෙතෙක් කිසිදු විද්‍යාඥයකු හෝ කණ්ඩායමක් සමත් වී නැත.


4) හස්ත රේඛා ශාස්ත්‍රය ජ්‍යොතිෂය සමඟම බැදී ඇති ශාස්ත්‍රයක් වුවත් එම විෂය පිළිබදව ලේඛකයා සතු දැනුම ඉතා අල්පය.අපල සදහා මැණික් පැලදීමේ ශාන්ති කර්මය සමග බැදී ඇති නිසා අත්ලේ ග්‍රහයන් සදහා වෙන්වුණු ස්ථාන පිළිබදව සරල දැක්වීමක් පහත රූපයේ දක්වා ඇත.
                    


5) නිල වෙද ශාස්ත්‍රය.
      අපල සදහා මැණික් පැලදීමේ ක්‍රමය දැක්වීමේදී පුරාණ ආචාර්ය වරු නිල ශාස්ත්‍රයද උපයෝගී කොට ගෙන ඇත.අත්ලේ මෙන්ම ශරීරයේ වෙනත් ස්ථානවල විශේෂ නිල උත්තේජනයෙන් ස්නායු ක්‍රියාකාරිත්වය රුධිර ගමනය ආදියට විවිධාකාර වූ බලපෑම් ඇතිකළ හැකිවීම මෙහිදී භාවිතා කර ඇත. 


අපල සදහා මැණික් පැලදීම ඉහත දැක්වූ 1),2),...5) යටතේ දැක්වූ කරුණු කාරණා අනුව පදනම් වී ගොඩ නැංවී ඇත.නව ග්‍රහයන් වෙනුවෙන් වෙන්වූ මැණික් ඉන්දියානු පොත් පත් වල විවිධාකාරයෙන් දක්වා ඇති අතර ලංකාවේ සම්මත නවරත්න මැණික් පහත පරිදිය.
 * රවි සදහා පද්මරාග  -  පැහැය රන්වන් පාට
 * සදු සදහා මුතු  -    පැහැය ඇත්දළ පාට
 * කුජ(අඟහරු) සදහා රතු  -පැහැය රතු පාට
 * බුධ සදහා පච්ච  - පැහැය ලා කොළ පාට 
 * ගුරු(බ්‍රහස්පති) සදහා පුෂ්පරාග  - පැහැය අදුරු කහ(ගුරු) පාට
 * ශුක්‍ර(සිකුරු) සදහා සුදුනිල්  - සිකුරු ග්‍රහයා අහසේ දිස්වන දීප්තිමත් සුදුනිල් පාට
 * ශනි(සෙනසුරු) සදහා කාකනිල් -  තද නිල් පාටට හුරු කළු පාට
 * රාහුට ගෝමේද  - පැහැය පොලිෂ් පාටට හුරු තැඹිළි පාට
 * කේතුට වෛරෝඩිය - පැහැය රිදී පාටට හුරු මෙරූන් පාට
 ඉන්දියාවේ භාවිතා වන නවරත්න මැණික් මීට තරමක් වෙනස්ය.නවරත්න මැණික් ගැන කියවෙන පැරණි සංස්කෘත ශ්ලෝකයක් පහත දැක්වේ.
 "මාණික්‍යම් තරානේඃ සුජාත්‍යමාමලම් මුත්තාපාලම් ශිතාගෝඃ
   මහේයාස්‍ය චා විධ්‍රැමාම් මරකතම් සෞම්‍යාස්ස ගාරුත්මාතම
   දිවෙජ්්‍යාස්ස චා පුෂ්පරාජමසුරාචාර්්‍යස්ස වජ්‍රම් ශනේඃ
   නීලම් නිර්මලමානේ‍යාශ්ච ගදිතෙ ගෝමේදවෛදුර්යග් "
මෙම ශ්ලෝකය අනුව නවග්‍රහයන් සදහා භාරතයේ භාවිතා වන මැණික් පහත පරිදිය
  * රවි සදහා රතු(Ruby)
  * සදු සදහා මුතු(Pearl)
  * කුජ(අඟහරු) ට කොරල්(Coral)
  * බුධ සදහා පච්ච(Emerald)
  * ගුරුට පුෂ්පරාග(Yellow Shapphire)
  * ශුක්‍ර(සිකුරු) ට දියමන්ති(Diamond)
  * ශනි(සෙනසුරු) ට නිල් (Blue Shapphire)
  * රාහුට ගෝමේද(Hessonite)
  * කේතුට වෛරෝඩි(Cat's Eye)


 අපල සදහා මැණික් පැලදීමේදී සැලක්ය යුතු වැදගත් කරුණු
  * නියම ලෙස ඇති ගල් භාවිතා කළ යුතුය.
  * පළුදු නොවූ  හා නියමිත පරිදි(භාවිතා කරන්නාගේ උපන් කේන්ද්‍රයේ ග්‍රහ බල දුබලතා අනුව) කපන ලද මැණික් භාවිතා කළ යුතුය
  
  
   අපල සදහා මැණික් පැළදීමේදී ජ්‍යොතිෂවේදියාගේ හා මැණික් වෙළෙන්දා  දෙදෙනාගේම සහාය ලබා ගත යුතුය.සත්‍ය වශයෙන්ම ජ්‍යොතිෂ වේදියාට අපලයට පලදින මැණික් පිළිබද සිද්ධාන්ත උපදෙස් ලබා දිය හැකි වුවත් සුදුසු මැණික් ලබා ගත යුත්තේ මැණික් වෙදෙන්දන්ගෙන්ය.වර්තමානයේ සමහර ජ්‍යොතිෂවේදීන් මාධ්‍ය හරහා මැණික් බිස්නස් කිරීම සිදුකළත් එය බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යාම හා සමානය.වංචනික මැණික් වෙළෙන්දන්ද සිටී. 
     අපල සදහා මැණික් පැළදීමේදී පළුදු නොවු හා සුදුසු ලෙස කැපූ හා ග්‍රහයන්ට ගැලපෙන පරිදි මැණික් පැලදීම කළ යුතුය.උපතේදී බලවත් ග්‍රහයන්ට මෙන්ම දුබල ග්‍රහයන්ට මැණික කැපිය යුතු ක්‍රමයක් ඇත.උදාහරණයකට උපතේදී ගුරු උච්ච අය පුෂ්පරාග පැලදීමේදී කිරණ ශරීරය තුලට වැඩිපුර ලැබෙන පරිදි මැණික කැපිය යුතුය.මෙම වර්තිත ක්‍රමයට කපන ලද මැණික් වල ඔපය(දිලිසීම) අඩු නිසා හා එලෙස කැපූ මැණික් වලට වැඩි වෙලද වටිනාකමක් නොලැබෙන නිසා මෙලෙස කැපූ මැණික් විකිනීමට අඩුය.ඒවා සුදුසු ලෙස කපා ගත යුතුය.එමෙන්ම උපතේදී අදාල ග්‍රහයා නීච හෝ දුබල විට මැණික් පැළදීම මගින් අපල වැඩි වන අවස්ථා ඇත.එබැවින් එම ග්‍රහයන්ට අදාළ මැණික නොපැලදිය යුතුය.උදාහරණයක් ලෙස යම් අයකුගේ උපතේදී අඟහරු ග්‍රහයා නීච නම් රතු වර්ණය ඇති රුබී(රතු) හා කොරල් පැලදීම නොකළ යුතුය.
   කිරණ ශරීරය තුලට වැඩිපුර වර්තනය වීමට හා ශරීරයෙන් පිටතට පරාවර්තනය වීමට මැනික් කැපිය යුතු අයුරු පහත රූපයේ දැක්වේ.
                                       
 ඉහත රූප සටහන් වලින් 1 රූපයේ දැක්වෙන පරිදි පතුල අංශක (41-44) අතර කැපූ විට මැණිකේ ඉහල සමතලා පෘෂ්ඨයෙන් හා පැත්තෙන් වැටෙන ආලෝක කිරණ දෙකම ඉවතට පරාවර්තනය වීමත් 2 රූපයේ පරිදි පතුල අංශක 41 ට අඩුවෙන් කැපූ විට ඉහලින් හා පැත්තෙන් මැණිකට ඇතුල් වන කිරණ දෙකම ශරීරය තුලට වර්තනයවේ. 3 වැනි රූපයේ පරිදි පතුල අංශක 45 ට වැඩි වන විට ඉහල සමතලා පෘෂ්ඨයෙන් ඇතුල් වන කිරණ ඉවතට පරාවර්තනය වන අතර පැත්තෙන් වැටෙන කිරණ ශරීරය තුලට වර්තනය වේ.
 අපල සදහා මැණික් පැලදීමේදී ආභරණ වලට මැණික් ඇල්ලීමේදී අනුගමනය කෙරෙන දිශාඅනුගත කිරීමක් හා ලබා ගත යුතු මැණික් වල විශාලත්වය බර පිළිබදව විස්තර පොත් පත්වල සටහන් කොට ඇත.පහත දැක්වෙන රුපයන් බලා මැණික් හදුනා ගැනීම හා වෙනත් තොරතුරු දැන ගැනීම පාඨකයාට බාර කරමි.  
                       
                                     මෙතනින් බලන්න 



10 comments:

dinesh said...

ම්.......පට්ට වැදගත් සහෝ.ඉදිරියෙදි බැරි වෙලාවත් අවශ්‍යය උනොත් එහෙම....දැන කියාගෙන ඉන්න එක කෝකටත් හොඳයිනෙ.

~:: My Cottage ::~ said...

ඔබ කරන මේ සේවය බොහෝ සේ අගය කොට සලකමි

Anonymous said...

ගොඩක් වෑදගත් මේ පෑහෑදිලි කිරීම.මමත් මේ ලගදි ගල් 5ක මුද්දක් දෑම්මා,අම්මගෙ බලකිරීමටම.අපල තියනවා කියලා.අපල වලට යන්ත්‍ර පෑලදීම ගල ඈල්ලූ මුදු පෑලදීමට වදා ගුණදායකද?

jhothishalanka said...

@Anonymous
අපල වලට යන්ත්‍ර පැලදීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.ප්‍රශ්නේ තියෙන්නේ හොර යන්ත්‍ර කාරයෝ ගිනි ගනන් අරගෙන ජනතාව රවට්ටන එක තමයි.

හරී said...

අපල වලට දාන මුදු හැමතිස්සෙම දාගෙන ඉන්න ඕනද?

jhothishalanka said...

@හරී
නැහැ. අපල කාලේ ඉවර වුනහම ඒවා අයින් කළත් කමක් නැහැ.හැබැයි එක එක අයගෙ උපන් කේන්දර අනුව මෙම තත්ත්වය වෙනස් වෙනවා උදාහරණයකට ශනි උච්ච(උපතේදී තුලාවේ පිහිටි) අයට කාක නිල් මැණික් දැමීම ඕනෑම කාලයකට සුදුසුයි.

හරී said...

නෑ..නෑ... මම ඇහුවෙ අපල මුද්ද දවස තිස්සෙම දාගෙන ඉන්න ඕනෙද කියලා?

jhothishalanka said...

@හරී
අපලයට මැණික් පළදින්නේ ආරක්‍ෂාවට. අපල කරදර එනකොට අහවල් වෙලාව කියල කලින් දැනුම් දීල එන්නේ නැහැ.සමහර අපල බෝම්බෙ පිපුරුවා වගේ එකපාරට දෙන වෙලාවල් තියෙනවා.ඒ හින්ද අපලයට පලදින මැණික් හැම වෙලාවෙම පැලදගෙන ඉන්නවානම් වඩාත් සුදුසුයි. ඒක කරන්න අමාරුම නම් ඔය ගමනක් යනකොට වත් දාන්න

Anonymous said...

ucha ,nich kiyala kiyanne kohoma grapihitima thibbahamada
ex;- thulawe ipadunahama shani uchai kiyala kiyakiyanne kohomada , tikak pahadili karanna puluwanda?

හරී said...

@ JHOTHISHALANKA :දැනට නම් කරන්නේ එහෙම තමා....බොහොම ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...