Sunday, March 13, 2011

නාඩි වාක්‍යය ඇසුවෙමි.ඉන් කියවුනු පසුගිය විස්තර 100 % ක් නිවැරදිය. නමුත්!

    නාඩි වාක්‍ය ඇසීමට කොළඹ ගියපු කතාව කලින් බ්ලොග් එකේ දැම්මා ඔයාලට මතක ඇතිනේ.ඔන්න පටලවා ගන්න එපා.කතන්දර බ්ලොග් එක ලියන මහතාත් නාඩි වාක්‍ය අහන්න ගිය හැටි ගැන ලියල තිබුනනේ.මගේ එක බලපු නැති අය ඔන්න මෙතනින් බලලා ආපසු එන්න

  ඇත්තටම මේ ලිපිය කොහොම පටන්ගෙන ලියන්නද කියල හිතා ගන්න බැරිව හිටියේ.මෙය ලිවීම විශේෂ සැලකිල්ලෙන් අවධානයෙන් ප්‍රවේශමෙන් ලිවිය යුත්තක් බව පූර්වයෙන්ම අවබෝධ වූයේ මෙහිදී ලියැවෙන කරුණු කාරණා බ්ලොගයේ මේ දක්වා ලියැවුනු ලිපි සියල්ලටම වඩා බ්ලොගයේ ඉදිරි පැවැත්මට තදින් බලපෑ හැකි බැවිනි.එය එසේ නොවුනහොත් බ්ලොගයට ලබෙන ප්‍රතිචාර යහපත් නොවනු නිසැකය.නාඩි වාක්‍යය ඇසීමේදී මුහුණ දුන් සියළු අත්දැකීම් ඒ පරිද්දෙන්ම ලිවීමට හා නාඩි වාක්‍යයේ සම්පූර්ණ හඩ පටයම බ්ලොගයට අප්ලෝඩ් කිරීමට සිතුවේත් ලිපියේ අව්‍යාජ බව රැක ගැනීම පිණිසය. 
    2011/03/11 දිනය එනම් අද දිනය නාඩි වාක්‍ය ඇසීමට මා හට වෙන්ව තිබූ දිනයයි.උදේ 8 ට විතර මමත් එතනට ගියා, අප්පා අදත් හිටිය හෙන සෙනගක්.අපි කලින් දවසෙ ඇගිලි සලකුණු දුන් අය නිසා අපිත් කලින් දිනයේ දීපූ රිසිට් එක වගේ කොළයත් අරගෙන පෝළිමේ ගියෙමු.මගේ රිසිට් එක අතට ගත් විටම කීවේ "මේකේ දිනේ තියෙන්නේ 22 නේ" කාල වරෙන්කෝ,මමත් ඉක්මනට රිසිට් එක අරගෙන බැලුවා.ඇත්ත තමයි ඒකේ දිනය ලෙස සටහන් කරල තිබුණේ 22.3.11 ආකාරයෙනි.නමුත් කලින් දිනයේ රිසිට් එක අතට දෙනවිට කටින් කීවේ 11 වෙනිදා එන ලෙසය. කියපු කෙනාට දිනයේ පෝමැට් එක පැටලී ඇත.ලියල තියෙන විදියෙන්ම ඒක ඕගොල්ලන්ටත් තේරෙනවනේ.අයියෝ මාත් කොලේ රැගෙන ගියා මිස එය බැළුවේ නැත."මට එදා කිව්වේ 11 වෙනිදා එන්න කියලනේ."මම කීවෙමි.
 "හොදයි එහෙනම් එලියෙන් ඉන්න.සමහර විට අද පුස්කොළේ හොයා ගන්න පුළුවන් වේවි." යහපත් පිළිතුරක් ලැබුණි.
  මා එලියට වී සිටියෙමි.මගේ බලාපොරොත්තු දැන් තරමක් සිදී ඇත."අනේ මගේ පුස්කොළේ අද හම්බ වෙයන්" මා සිතින් එලෙස පැතුවේ නැතහොත් මා හට තවත් දවසක් එන්න වෙන බැවිනි.
  පැයක් පමණ ගත විය.ආයතනික මහතුන් වරින් වර එලියට පැමිණ උපන් දින අනුව කතා කරමින් සේවා දායකයන්ට දින හා වේලාවන් නියම කරති.සමහරුන්ට අද දිනයේම වේලාවකි.තවත් අයට වෙනත් දිනයකි.
   "79 මාර්තු 16" මාගේ උපන් දිනය හඩගානු ඇසිනි. මා වහා වාඩිවී සිටි තැනින් නැගිට එදෙසට ගියෙමි.
  " ඔයාගෙ වෙලාව අද හවස 5.30 " 
  හම්මේ ඇති යාන්තන් අද දවස ඇතුලත වෙලාවක් හම්භ වුනා.අද පුළුවන්වේදෝයි සැකෙන් සිටි මට එය අස්වැසිල්ලක් විය.
   ඒත් ටිකක් වෙලා යනකොට තමයි ඒකෙත් රගේ තේරුනේ.තාම වෙලාව උදේ 10 වත් වෙලා නැහැනේ.ඉදපල්ලකෝ පැය  හත හමාරක් විතර. දැන් ඉතින් කාපල්ලකෝ කාලේ.හපොයි ඕන වෙලාවට වෙලාව යන්නෙත් හෙමින් වගේ.අද ගෙදරට එන හදහන් වැඩ භාර ගන්න කියල අම්මට කියල ආවත් අපේ රස්සාවේ එක දවසක්වත් මේවගේ ගතකොලොත් ආයේ ඔළුව උස්සන්නත් හරි අමාරුයි.
  හෙමින් සීරුවෙ බම්බලපිටිය හන්දිය පැත්තට ආපසු ගෑටුවා.යුනිටි ප්ලාසා එකේ කොම්පියුටර් කඩ ඇතුලට ගිහින් බඩුවල ගනන් අහ අහ ගියා ගන්න නෙවෙයි(ඒව ගත්තොත් නාඩි වාක්‍ය අහන්න වෙන්නෑ.මගේ අතේ ලොකු මුදලක් තිබුනෙත් නැහැ.) අන්තිමට ඒකත් එපා වුනා.කඩේකින් මොනවද ජරාවක් කාල බීම එකකුත් බිව්වා.ඔය අතරෙදි මගේ හිතට තවත් දෙයක් ආවා.ඒක මේ අපේ අය හැමෝටම වගේ තියෙන ලෙඩක්.ඒකට උදාහරණ මේ වෙලාවෙ ඔළුවට එන්නේ නැහැ.තේරෙන අයට තේරේවි.
  ආපහු ගියා නාඩි වාක්‍ය අහන තැනට ගිහින් කිව්වා මෙහෙම
 "මම ඈත ඉදල ආව කෙනෙක් හවස 5.30 වෙනකන් ඉන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවට ගියොත් ගමන් කරදරත් වැඩියි.ටිකක් වේලාසනින් බැරිද?"
  " ආ ඒක ඒ වෙලාවෙ කියන්න ඕන.දැන් හැමෝටම වෙලාවල් දීල ඉවරයි.ඉන්නකෝ බලන්න පුළුවන් වුනොත් ඉක්මනට ගන්නම්."
  දවල් 11.45 ට පමන ඉහත දෑ පැවසූ අය එලියට පැමිණ මාගේ උපන් දිනය ඇසුවේය.ඉන්පසු ඇතුලට ගිය හේ ටික වේලාවකින් පුස්කොළ මිටියක් රැගෙන විත් තවත් අයෙකු සමග මාව කාමරයක් තුලට රුගෙන ගියේය.අනිත් තැනැත්තා තල් පත කියවන්නාය.දැන් මට හෙන හැපිය.5.30 වෙනකන් එලියෙ හිටියනම් කොහොමද?
   කාමරය පිරිසිදුය.වැඩි විච්චූර්ණ නැත.එක් පසෙක බිත්තියේ ඉහලට වෙන්න විශ්ණු,ශිව,ගණ ආදී දෙවි රූප ඇත.
  "ඔයාගෙ උපන් දිනයටයි ඇගිළි සලකුණටයි අදාළ තල්පත මේ තල්පත් වලින් තෝරා ගන්නයි හදන්නේ.මේ තල්පත් තීරුවල තියෙන අයිතිකාර නම හා දෙමව්පියන්ගේ නම් අපි කියනවා.ඒවා ඔයාගේ නෙවෙයි නම් නැහැ කියන්න වෙන මුකුත් කියන්න එපා.
 තල්පත් කියන්නා පුද්ගලයන් හා දෙමව්පියන්ගේ නම් කියයි.පරිවර්තකයා සිංහලෙන් එය මට පවසයි.තල් පත් තීරු 5 ක් පමණ ඉවත් කළේය.ඒ එකක්වත් මගේ නොවීය.දැන් මටත් හෙන අප්සැට්ය.නැවත ඇතුලට ගොස් තවත් තල්පත් තීරු කිහිපයක් ගෙනාවේය.
  එම තල්පත් වලින්ද කීපයක් ඉවත් විය.එක් වරම "චන්ද්‍රන්" කීවේය. මම අවධානය යොමු කලෙමි.ඒ මගේ නම චන්දන බැවිනි. දෙමව්පියන්ගේ නම් කියන්න මා පෙරලා ඇසුවෙමි.
 "තාත්තා අමර්දාස් අම්මා ත්‍රාම්බ්‍රවතී"
 (මගේ පියා අමරදාසය මව ත්‍රාම්බ්‍රවතීය) මා විශ්මයට පත්විය.මා මෙතනට දුන්නේ උපන් දිනය හා ඇගිළි සලකුණ පමනි.අඩුම තරමින් මගේ නමවත් නොදුන්නමි.එය මාගේ පුස්කොළය බව ඔවුන්ට පැවසුවෙමි. ඉන්පසු තල්පත් තීරුව නාඩි කියවන්නා ලවා මා සදහන් කල පරිච්ඡේද අනුව කියවා පරිවර්තනය විය.එය ඒ අකාරයෙන්ම පහත දක්වා ඇත.නාඩි වාක්‍යය ඇසීමට මා දැන් ගෙවන වයසේදී පැමිනෙන බවද තල්පතේ වූ බව පැවසීය.මාගේ උපන් දිනය ඔවුන්ට දුන් නිසා එය පුදුම නැත.නමුත් මා උපන් වේලාව ඔවුන්ට දුන්නේ නැත.තල්පත කියවා හඩ පටය දීමට ප්‍රථම ඔවුන් මුලින්ම මගේ ලග්නය ලෙස කීවේ කටක ලග්නයයි.එය වැරදිය මගේ නිවැරදි ලග්නය වෘෂභ ලග්නයයි.මා එය පැවසූ විට ඔවුන් මා කාමරයේ තනිකොට පිටතට ගොස් විනාඩි පහලොවකින් පමණ පැමිණියේය.පටිගත කිරීම සිදු කලේ ඉන් පසුවයි.පටිගත කිරීම කරන විට මගේ ලග්නය ලෙස පවසන්නේ වෘෂභයයි.ග්‍රහයන් පිහිටීම පැවසීම නිවැරදිය.සමහර විට එය ඔවුන් පිටතට ගිය කාලයේ පරිගණක මෘදුකාංගයකින් සාදා ගත්තා විය හැක.වෘෂභ ලග්නය පැවසුවේ ඔවුන් නොව මා විසිනි.ඔවුන් මා කාමරයේ තනි කළ විනාඩි 15 ක කාළයද මා හට අමුත්තක් දැණුනි.ඇතුලේ කිසිදු ශබ්දයක් පිටතටත් පිටත ශබ්ද ඇතුලටත් නොඇසේ.කව්රුන්දෝ මාදෙස බලා සිටින හැගීමක් මට දැනුනත් කිසිදු ආකාරයක බියක් දැනුනේ නැත.මයිකල් කොලින්ස්ව මව් යානයේ තනිකොට නීල් ආම්ස්ටෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින් දෙදෙනා චන්ද්‍ර යානයෙන් පිටත් වී හඳ මතට ගිය පසු මව් යානයේ තනිවූ මයිකොලින්ස්ට දැනුන තනිකමට සමාන තනිකමක් මා හට එම කාමරයේ තනිවූ විනාඩි 15 තුල දැනුනි.
   මා විශ්මයට පත්වූ තවත් කරුණක් වූයේ වයස 12 දී පමණ මාගේ හෘදයේ සිදුකළ සැත්කම පැවසීම මගේ පියාගේ රැකියාව හා මා දැන් කරන රැකියාව නිවැරදිව පැවසීමය..නාඩි වාක්‍යය ඇසූ දිනය දක්වා වූ සියළු තොරතුරු 100%ක් නිවැරදිව පැවසුවත් මා හට අත්‍යාවශ්‍ය වූ ඉදිරි රැකියාව විවාහය සම්බන්ධ තොරතුරු පැවසුනේ සසම්භාවී අයුරිනි.හඩ පටය අතට ගත් පසු මා ඔවුන්ගෙන් ඇසුවේ "අම්ම තාත්තගේ නම් හරියටම කිව්වනම් අනාගත සහකාරියගේ නම හරියටම නොකියා නම් වැලක් පැවසූනේ මන්ද?" යන්නයි.එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ එය දැන ගැනීමට විවාහය සිදුවූ පසු පැමිණිය යුතු බවයි."එතකොට ආපසු තල්කොළේ ඒක ලියවෙනවාද? ඒක ලියන්නෙ ඔයාලද?" මා සිනා සෙමින් ඔවුන්ගෙන් ඇසුවත් එයට පිළිතුරක් නොලැබුණි.
    නාඩි වාක්‍ය පලාඵලේ මේ දක්වා විස්තර 100% නිවැරදි වුවත් .එහි ඉදිරි කාලයේදී දක්වා තිබුණු කරුණු වැඩකට ගත නොහැකි තරම්ය.එකම දේ නැවත නැවත පවසා ඇත.එක තැනක අනිවාර්්‍ය දීර්ඝායුෂ  ඇති බවත් තවත් තැනක වයස අව් 60 දී පමන ඇතිවන අසනීප වලින් ආරක්‍ෂා වුවහොත් දීර්ඝායුෂ ඇති බවත්ය.ආගමික සිද්ධස්ථානයක් පොදු තැනක් පසු කර යන තැනක සහකාරිය ඉන්න බව පැවසීම හා නියමිත දිශාවක් නොපැවසීම එතනින්ද ගන්න දෙයක් නැත.
   නාඩි වාක්‍ය ඇසීමෙන් පසු මා හට මතුවූ ප්‍රධාන ගැටළුවකි
  " නාඩි වාක්‍ය අසන මොහොත දක්වා විස්තර ඉතා විශ්මිත නිවැරදි අයුරින් පැවසීමත් ඉදිරි කාලය සම්බන්ධ තොරතුරු සසම්භාවී ලෙස කියැවීමටත් හේතුව කුමක්ද?" 
       
මෙන්න පටිගත කල නාඩි වාක්‍ය පලාඵල විස්තර 



31 comments:

හිස් අහස said...

මේක ලියපු එක හොඳයි . මමනම් ඔය සාස්තර ගැන විශ්වාස නොකරන කෙනෙක් ඒත් ඔයා වගේම මමත් අද දවල් සාස්තරයක් ඇහුවා . මට කියාපු දේවලුත් බොහෝ දුරට හරි ගියා . ඉතින් මම මේ ගැන හිත හිත ඉන්නකොට තමයි ඔයාගේ මේ පෝස්ට් එක දැක්කේ .


මේ ගොල්ලෝ නිකං කට පාඩමෙන් වගේ සාස්තරය කියාගෙන යනවා මම ඔයාගේ හඬ පටය ඇහුවා . මටනම් මේ ගැන වැඩි විශ්වාසයක් නෑ . මොකක් හරි මගඩියක් තියනවා . කොහොමත් ඔයා කියනවා වගේ අපට අපේ අතීතය ඒතරම් වැදගත් නෑ අපි ඒ ගැන දන්නවනේ . අනාගතය ගැන හරියටම පැහැදිලිව කියවෙනවනම් තමයි ඒක වැදගත් වෙන්නේ . ඒත් කාටද පුළුවන්නේ මනුස්සයෙකුගේ අනාගතය කියන්න . ? බලමු ...

සුපිරි ලිපියක් !

jhothishalanka said...

@හිස් අහස
නාඩි වාක්‍ය කියෙව්වෙනම් තල්පත දිහා බලාගෙන.මම හොදට මිනිහගේ මූනේ ඉරියව් (හරියටම තල්පතේ තියෙන ඒවද නැත්නම් කටට එන දේවල් කියනවද කියන එක) එහෙම බැළුවා.මටනම් හිතෙන්නේ පෙලපත වගේ දේවල් කිව්වෙ මොනා හරි බලවේගයකින් කියලා.

Anonymous said...

අනේ මන්දා මොනා කියන්නද කියලා... කොහොම උනත් මම මේ දෙවල් වලට ටිකක් ඇලුම් කරනවා...එවා වල මොකක්ද මන්දා දෙයක් මම දකිනවා...

9XM said...

මමත් ඔය කියන තැනට 2004දී ගියා. බම්බලපිටියේ ස්වර්ණමහල් එක ලඟින් මුහුද පැත්තට තියන පහලට තියන හරස් පාරේ නේද යන්නේ. මගේ අම්මගෙයි තාත්තගෙයි නම් මේවාද මේවද කියලා විනාඩි 5ක් විතර ඇහුවා. මම නෑ නෑ කිව්වම නම් වල මුල් අකුරු, එහෙමත් ඇහුවා. කොහොම හරි නම් 50ක් විතර අහලා ටිකක් වෙලා ගිහින් එක පාරම අම්මගේ නමයි, තාත්තගේ නමයි හරියටම කිව්වා. මම ඒක අහලා උඩ ගියා. ඊට පස්සේ තමයි රෙකෝඩ් කරන්න ගත්තේ. අපි කලින් ඇවිලා තියනවා නම් ඒ බව දන්වන්න ඕනේ (දෙවෙනි පාර වෙන දෙයක් කියයි කියලා අඳුරගන්න වෙන්න ඇතී
ලබන ආත්මේ ඉපෙදෙන්නේ සිංගප්පූරුවේ කිව්වා. ඒ ආත්මේ මගේ නම වෙන්නේ මේක කියලත් නමක් කිව්වා. බඳින්න ඉන්න ගැහැණු ලමයගේ නමට "ශ" අකුර එනවා කිව්වා. ඒක හරි. (මොහොමත් දැන් ඉන්න කෙල්ලන්න්ට දාන්නේ වොෂින් මැෂින් වගේ නම්නේ). එයාගේ ගෙදර වටේ පරිසරය ලස්සනයි කිව්වා. කලින් ආත්මේ විශාල සේවක පිරිසකගෙන් වැඩ අරගන පඩි ගෙවලා නෑ කියලත් කිව්වා. ඒක නම් වෙනන් බෑ. මොකද කලින් ආත්මෙක ඒ වගේ පුරුද්දක් තිබුනා නම් මේ ආත්මෙටත් එන්න ඕනේ. මම එහෙම කෙනෙක් නෙවේ මේ ආත්මේ). අනිත් කියපුවා නම් මට දැන් මතක නෑ

Anonymous said...

mekeno ati wadk na

මහිම මදුරංග said...

matanam
mage athithe monawada unee kiyala ahaganna wedak nee
ewagema anagathe monawada karanne kiyala thiranaya karanne mama
ekanisa mama kawadawathi kendara balanneth nee

කුරුම්නියා said...

හප්පා යාන්ත0 ඇති...මට නිවාඩු දවස හින්ද ඔයාගේ බ්ලොග් එක බලන්න උදේ ඉදලම උත්සාහකලා..ඒත් හරිගියේ නෑ..මම හරිම අප්සට් එකේ හිටියේ..ඇත්තටම මොකද උනේ..මම හිතුවා අර මාරයා ලියල තිබුන වගේ හැක් ද මොකක්ද වත් වෙලාද කියල..ආය මට හිතුන ඔයා මාව බ්ලොක් කරල වත්ද කියල...කොහොම උනත් ඒ මොකවත් නොවීම හරිම සතුටුයි.. ඔයාගේ නාඩි කියවීම අහල බලන්න ඕන..

jhothishalanka said...

@කුරුම්නියා
නාඩි වාක්‍ය පටිගත කරපු ෆයිල් දෙක අප්ලෝඩ් කරන්න මම කලින් කරපු ක්‍රමේ මගේ එකවුන්ට් එකට අනතුරුදායක වගේ හිතුන හින්ද මමම බ්ලොග් එක පැය කීපයකට ප්‍රයිවෙට් කලා.

රත්ගමයා said...

ඇත්තම කියන්නම් අයියේ...
සිරාවට මේ බ්ලොග් එක කියවන්න ආසයි...ජ්‍යොතිෂයට වැඩි දෙයක් මේ බ්ලොග් එකේ තියෙනවා....
අම්මපා මම හදවතින් කතා කරන්නේ....හැගීම් බරව...සිරා හොදේ..
මම ඇත්තට කිව්වත් පිලිගන්න එකක් නෑ ඉතින්....
ලියන විදිහට කැමතියි...

Anonymous said...

මම නමි හිතන්නෙ මෙතන ක්‍රියාත්මක වෙන්නෙ මොකක් හරි නරක බලවෙගයක්..ඔකේ මම නමි පුදුමයක් දකින්නෙ නෑ මොකද ඔය අසුර බලවෙග වලට ඕවගෙ වැඩ simple...මගේ පෞද්ගලික අදහස නම් ඔය දේවල් පස්සෙ යන එක එච්චර හොද නෑ...අනික බුදුදහම ඔය දේවල් අනුමත කරන්නෙත් නෑ...curiosity එකට න0 කමක් නෑ බැලුවට...අපි විස්වාස කරන ආගම දහම අදහගෙන කේන්දරයක් එහෙමත් බලාගෙන ඉන්නව න0 එචිචරයි....
මම chamantha malli

කුරුම්නියා said...

මටත් මම ඔය වගේ තැන්වලට ගිහිල්ල ලබපු අත්දැකීම් කීපයක් තියෙනවා..එකක් නුවර ඉදල ටිකක් ඇතුලට යන්න ඕන මට නම හරියට මතක නෑ..එතන ඒ දවස්වල හරි සෙනග මට මතක විදියට නොම්මර 20ද කොහෙද දවසටම ගන්නෙ.මම දවස් 2ක් ගියා නොම්මර ලැබුනේ නෑ..බලපු අය කීවෙ පාන්දර හතරට විතරලු නොම්මර දෙන්නෙ..ඊ ලගට හතට විතර කතා කරල පටු දිග කොලයක පෙනෙන නොපෙනෙන තරම් පු0චි අකුරු වලින් ලියපු විස්තරේ කියනවාලු.තවත් නුවරම තැනකට ගියා..ඒ ගිය අවුරුද්දෙ..මම රට එන්න කලින් , මම රට රස්සාවකට යනවා කියන එකයි කරන රස්සාවයි හරියට කීවා .ඒකත් ඉතින් මම ඒ වෙන කොට දැනගෙන හිටපු දේවල්ම තමයි..ඒ කෙනා විස්තර කිව්වෙ තෙල් බෝත්ලයක් බලාගෙන..

Anonymous said...

this thing is a clear hoax. just think if you went to that temple in madras on the same day,do you think they would send you back ? no ! but how they would read your leaf. ( cos this guys have it at bamba ) just think ...

~:: My Cottage ::~ said...

Matanam hithaagannawath ba... kohomada mehema wenne kiyalaa

jhothirathna said...

මම කලින් පොස්ට් එකේ කියපුව හරි නේද?අපේ තාත්තට දීපු ටේප් එකෙත් මේවිදිහටම තමය් කියල තිබුනේ.තාත්ත මේක බැලුවේ අවරුදු 10 කට විතර කලින්.මමත් මගේ සහෝදරියගේත් අනාගතය ගැන කියල තිබුන දේවල් ගොඩක් වැරද්ය්.

Anonymous said...

i saw a blog post that you are interested in doing nadi vakya,

about 1-2 year ago i did a research about this, with mine, one prediction was amazingly accurate

but it wasn't the one from the sri lanka, one from the sri lanka, past was 100% accurate, but future about the marriage wasn't accurate.

i know ven. balangoda ananda has stated these things in the books too.. one i can rem is "apata nopenana lokaya"

there is place in wellawatte, near the end of vajira road, (cant rem the exact location address) called "agasthi - kaoushika" nadi prediction, probably you might have to aks someone when you are close by, you have to go there before 8.00 am anyday to get and appointment, and give the thumbprint, they dont even ask the name, just thumbprint, and date of birth, ask to come again in a someday,

when you go that day, you can listen to the his comments, amazingly he will read out your horoscope, without even know the time you born, apart from that he will tell past, degree, farther name, mothers name, ....etc 100% accurately...

i was particular interested in about my marriage partner, but the predictions for this WAS NOT correct,BUT I GOT a correct predictions from the INDIAN one

the prediction i got from the indian one is from a website,

http://www.nadiastrologer.org/english_Nadi_Astrology.html

you just pay via the western union or paypal. then they send you the predictions via emails.

there was nothing about the past, and the submit form is quite informative so you might suspect this is a fake, BUT,

things that were said about the my marriage and partner was 100% accurate..

ie.
1. only one parent was living in her
2. south east direction from my house
3. her name was related to flower
4. younger or eldest
5. marriage to be held on friday (to be help december 17 - 2010)
6, she was doing IT ...
7. her mother name correct...
8. very beautiful girl with round face
... many things even
6. her birth mark on her right hand.. was there.

couple i would like to mention particularity which will shock you is

7. said she has both sisters and brother, but only one of them were there... a brother
then when i talked she told her mother had miscarry before she was born and that baby was a female...

in this sense it was correct too...

8. it said her house had a odd number, but she told there was never a number for her house, only a name used..

i thought this time it was wrong.. hmm then one day some old gramasewaka came to the house ask for the address, then address given
he said it wasn't correct.. actually her father had a number for the house xx5 which was a odd number...

amazing isnt it..

jhothirathna said...

@Anonymous
I dont believe in nadi astrology.But cant there be several copies of the same nadi leaves?

Anonymous said...

matath denena widiyata meke loku magadiyak thiyenawa. matanam hithennema kalin wistara denagena wenna one. samahara dewal nam hemotama kiyane ekama dewal thai godak durata kiyanne. balmu apith ahala balala.

පන්සල් හංදිය said...

මමත් බලගෙන හිටියේ ඔයා මේ පෝස්ට් එක දානකං......... මටත් යන්න....... බැලුවාම වැඩක් නැහැනෙ........

කතන්දර Kathandara said...

/*
කතන්දර බ්ලොග් එක ලියන මහතාත් නාඩි වාක්‍ය අහන්න ගිය හැටි ගැන ලියල තිබුනනේ.
*/
ගියා මිසක් අහගන්න බැරි වුණානේ. ඒ දවස තාම ආවේ නෑ.

මට නං හිතෙන්නේ මගේ අම්මගේ නම, තාත්තගේ නම, බඳින්න ඉන්න කෙල්ලගේ උපන් ලපේ තියෙන තැන වගේ දේවල් දැනගෙන මක්කරන්නද කියලයි.

ඔන්න උඹ අනාගතයේ බ්ලොග්කාරයකේ වෙනවා වගේ කතාවක් කිව්වනං, ඒඛට හොඳ කතන්දර එකතුකරගෙන ලැහැත්ති වෙන්ණ තිබුණා!

jhothishalanka said...

සමන් - මගෙනුත් ඇහුවා තමයි කලින් ඇවිත් තියෙනවාද කියල.

සියල්ලන්ටම -
නාඩි වාක්‍යය වැරදියි කියල මම කියන්නේ නැහැ.ඒ වුනාට මට හිතෙන්නේ මේ කියන අය නියම ශිල්ප ක්‍රමය දන්නේ නැහැ කියලා.ලංකාවෙ දිනක සාමාන්‍ය උපත් ප්‍රමානය ඉතා සුළු අගයක්.කෙනා ගෑනුද පිරිමිද කියන එක ඇඟිළි සලකුණ ගන්නා විට දන්නා බැවින් ඒ ප්‍රමානය තවත් අඩු වෙනවා.සමහරුන්ට එදාම අනාවැකි කිව්වත් ඒ සදහා අතරමැදි කාලයක් ගන්න නිසා පරිගණක ගත කළ පුද්ගල දත්ත අනුව විස්තර ලබා ගන්නත් හැකියාව තිබෙනවා.ඒ වුනත් විදේශිකයන්ටත් අතීත විස්තර නිවැරදිව කියනවා.ඔවුන්ගේ මව්පියන්ගේ විස්තර පවා නිවැරදිව කියා ඇති බවට සාක්‍ෂි ඇත.පෙර ආත්මයේ සේවක වැටුප් නොගෙවීම ගැන හැමෝටම වගේ කියනවා.මට විස්තරය කියපු යාළුවටත් ඒ කතාව එහෙමම කියල තියෙනවා.සමන්ටත් එහෙම කිව් බව කමෙන්ට් කරල තියෙන්නේ.නාඩි වාක්‍ය අහන්න යන්න එපැයි කියල මම කියන්නේ නැහැ.මටත් අනාගතය ගැන යම්යම් දේවල් කිව්වා තමයි.

සංජු said...

ඔයා බ්ලොග් එක ප්‍රයිවෙට් කරපු වෙලාවේ තමා එහෙනම් මමත් එන්න හදලා තියෙන්නේ. මටත් මේ වගේ දෙයක් වුණා දේවාරූඩයෙන් සාස්තර කියන තැනකදී. අම්මලා ගිය නිසයි මටත් යන්න වුනේ. නිකන් ඉන්න බැරි කමට මටත් හිතුණා සාත්තරයක් අහන්න. කිව්ව දේවල් නම් ඇත්ත අපේ අම්මලට ඕනි වුනේ මගේ විවාහය ගැන දැන ගන්න. එතකොට කිව්වා මාස 6 කින් හරි යනවා කියලා. (දැන් මේ යන්නේ මම ඒ සාත්තරේ අහලා 17 වෙනි මාසේ)
මොනවා වුණත් මම මේ පෝස්ට් එක දානකන් බලාගෙන හිටියේ. ස්තූතියි හැමදාම මේ වගේ කුතුහලය අවුස්සන ලිපි ඉදිරිපත් කරන්න.

Anonymous said...

පහත ලින්ක් එක දුන්න සොයුරටයි මේ ලියන්නේ,
http://www.nadiastrologer.org/english_Nadi_Astrology.html
මේක බලල මමත් ගත්ත නාඩි වාක්‍ය පර්ච්ඡේද 8ක්. උදේ ඕඩර් කළා රූ ලැබුණා. අතීතය ගැන කිසිම දෙයක් නෑහැ. හෑබෑයි මරණය වෙන දිනය ඇතුලු එතෙක් වෙන දේවල්, ගිය ආත්මේ කරපු නරක වැඩ එහෙම තියනවා. මමත් ජ්‍යෝතිෂය ගෑන ටිකක් දන්න කෙනේ. ගිය ආත්මේ ගැන කියපුවා මම කලින් දැනගන හිටියා, මම විසින්ම අධ්‍යයනය කරල. ඒව හරි.
ඔබට ශාන්ති කර්ම නිර්දේශ කරල තිබුණද ? ඒව නම් හරිම ගණන්.

Anonymous said...

@annoy

මම තමයි ඒ ලින්ක් එක දැම්මේ, මටත් අනාගතය ගැන කියපු දැනට සිදුවෙලා තියෙන එකම එක වෙන මගේ විවහය ගැන විස්තරනම් 100% හ‍රි, අනෙක්වා නම් තාම වෙලා නෑ කාලේ අවිල්ලා නැති නිසා..., මම නම් ශාන්තිකර්ම එකයි, යන්ත‍්රයි ගත්තා කොකටත්,

ඔයා කැමතිනම් මට ඔයගේ රිඩින් එක හුවමාරු කරගෙන බලන්න පුලුවන්ද, ප‍්රීක්ෂනාත්මක කටයුතු සදහා..

මගේ නිර්නාමික ඊමේල්ය...

pat.smpson@gmail.com

ඇත්ත එක මම පසුව දෙන්නම්

jhothishalanka said...

ඉතාම නිවැරදි නාඩි වාක්‍ය තිබෙන්නේ ඉන්දියාවේ.ලංකාවේ තියෙන්නේ මූලික තොරතුරු දැක්වෙන තල්පත් විතරයි.

Anonymous said...

@ananymous: How much they charged you for this?

Underwriter said...

මමත් ඔය තැනට 2008 ගියා. කලින් තිබුෙන් බම්බලපිටියේ ස්වර්ණමහල් එක ලඟින් පහලට තියන පාරේ. ඒ කාෙල් 1ක් 500/-.දැන් 800/- ලු.
නාඩි වාක්‍යය වැරදියි කියල කියන්න බැහැ.ඒ වුනාට මේ අය ගාව නියම ක්‍රමය නැහැ . මව්පියන්ගේ විස්තර පවා නිවැරදිව කියනවා තමා.මටත් අනාගතය ගැන කිව්වා. ඒත් පිලිෙවලක් නෑ.
හරි නාඩි වාක්‍ය තිබෙන්නේ ඉන්දියාවේ.අෙප් මැති අැමතිවරු ඉන්දියාවේ යන්ෙන් ඔකට තමා.

මීට වඩා හදහන ෂුවර්....

Anonymous said...

mamath geya nadi ahanna.samahara dewal hariyatama keewa.mata puduma kohomada ape ammalage thaththalage nam keewe kiyala.

sameera said...

මමත් ගිහිල්ල දිනයක් නම් ගත්තා. ගිහිල්ලා ඇවිත් මමත් විස්තර ලියන්නම්කො. හැබය් හරියට අහනවනම් රුපියල් 10000 ක් වත් ඕනේ .
ඔයා විනාඩි 39 අහලා. කියක් ගියද ? හැබය් එතන දෙමල කට්ටියට පොඩි සැලකිල්ලක් තියනවා වගේ මම දැක්කා.

Unknown said...

මෙක මම අහල තියෙන පුරාව්ත්තයක්, අතීතයෙ ඉසිවරු කිහිප දෙනෙක් එකතු වෙලා ඔය නාඩි වාක්කිය ලියන වෙලාවෙ එතනට ස්ත්‍රියක් අවලු. එවෙලවෙ එතන හිටපු අය ඒ ස්ත්‍රියට අවමන් කලලු මෙතරම් වඩගත් කටයුත්තක් කරන තෙන්ට ආවට.එවෙලාවෙ ඈ සාපයක් කලාලු පුත්ගලයෙක් මෙම සාස්ත්‍රය අසන තුරු කොටස ස්ත්ය වෙන්නත් .අනගත කොටස සිද්ද නොවෙන්නත් කියල.අනිත් අය එක ගනන්ගත්තෙ නෑතත්.එක් අයෙක් පසුව දිවෑසින් බලනකොට දෑක්කලු ඒ දුර්ගා දෙවගන කියල.ඔහු පසුව සමාව ගත්ත නිසා ඔහු පමනක් සාපයෙන් මිදුනලු.ඔහුගෙ හර අන් අයගෙ අනගතය නිවරදි නොවේලු

aruna sameera said...

ස්තුත්යි .බලන්ගොඩ අනන්ද මෙත්‍රි හමුදුරුවො නඩි වර්ක්ය ගන කියන ලින්ක් එකක් හොය ගත්ත.අනෙක් අයගෙ ඩන ගනීම පිනිස share කරමි.
බුදුසරනය්


http://www.youtube.com/watch?v=6sQtC...24&playnext=11

Anonymous said...

බම්බලපිටියේ තියෙන නාඩි වාක්‍ය කියන තැනට ගිහින් බොරුවට සල්ලි පුජා කරන්න එපා.

ඒතැනට මම ගියා. එතන කරන්නේ බොරුව. ඒ මිනිස්සු කැසට් එකක් රෙකෝඩ් කරලා දෙනවා. ඒක අහන කට්ටිය හිතන්නේ මේකේ කියන්නේ ඇත්තම කියලා. ඔවුන් කියන අන්දමට මව, පියා, භාර්යාවගේ සැමියාෙග් නම්, සහෝදර සහෝදරියන් ගණන, ආදී තොරතුරු සත්‍ය යි ඒ උනට එතන වෙන්නේ වෙනම දෙයක්.
ඒ කියන්නේ ඉස්සෙල්ලා අපෙන්ම අපේ තොරතුරු ගන්නවා. මේ තොරතුරු ගන්නේ බොහොම කපටි විදියට ප්‍රශ්න අහල. ඒ අය කියන්නේ ඒ ප්‍රශ්න අහන්ෙන නාඩි වාක්‍ය තියෙන පොතෙන් අපේ විස්තර තියෙන එක හොයා ගන්න ඕනි නිසා කියලා, ඒවා කැසට් එකේ රෙකෝඩ් වෙලා නෑ. නමුත් ඒ නමි වල අකුරු සියල්ල අපෙන්ම ගන්නවා අපිට ෙනාදැනීම ..ඊට පස්සේ ඒ ටික අයේ කියනවා. ඒ විස්තරේ කැසට් එකේ රෙකෝඩ් කරලා දෙනවා. ඉතිං මේක අහන කට්ටිය හිතන්නේ ඇත්ත කියලා. ඔවුන් මිනිහෙක් ගෙ තොරතුරු ගන්නේ මනස පටලවලා..ඒකට අහුවෙන එකාට මතක නෑ මිනිහා දෙන තොරතුරු.. මොකද ප්‍රශ්න ගොඩක් අහන හින්දා.

මම මෙතැනට ගියේ මයික් එකක් සගවාගෙන. ඔක්කොම රෙකෝඩ් කරා. ඒට පස්සේ මම රෙකෝඩ් කරපු එකයි ඒ මිනිස්සු මට දුන්න මගේ විස්තර රෙකෝඩ් එකයි ඇහැව්වම මේ අය කරන වංචාව තේරෙනවා.

ඒ හින්දා මම කියන්නේ, මේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කියනවා කියලා කරන්නේ බොරුවක්. මෙතැනට යන්න එපා.

Related Posts Plugin for WordPress, Blogger...