Monday, April 11, 2011

අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද?

                            මේෂ 
         අවුරුදු උදාව සිදුවන සෑම විටම මේෂ ලග්න හිමියාගේ ලග්නයේ රවි සිටියි. මෙවර රවි වෙනත් කිසිම ග්‍රහයෙකු සමග යෝග නොවී තනිව උච්ච බලයෙන් ලග්නයේ සිටීම තමාගෙ නාමය ප්‍රසිද්ධ වන අභිමානය සුරැකෙන වසරක් වනු ඇත.මැයි 03 දින ලග්නාධිපති කුජ ලග්නයේ ක්‍ෂෙත්‍ර බල වීම සුභඵල හොදින් ඉස්මතු කරයි.මැයි 08 ගුරු ලග්න ගත වීම හා නොවැම්බර් 15 ශනි හතේ දිග්බල වීම සුභ ග්‍රහමාරු වන අතර ජුනි 6 රාහු කේතු මාරුව සෞඛ්‍ය තත්තවයට අහිතකර ග්‍රහ මාරුවකි.මෙම තත්ත්ව බලපාන අයුරු සවිස්තරව පහත දැක්වේ.

ධනය(ආර්ථිකය)
        නොවැම්බර් 15 දිනෙන් අයස්ථානාධිපති ශනි හත්වැන්නේ උච්ච වීම ධනය ලැබීම වැඩි දියුණුවේ.ඉඩ කඩම් ස්ථිර දේපල වාසි ලැබීමටද හොදයි.
රැකියා ව්‍යාපාර
        රැකියා අරමුණු සඵල වන වසරකි.දහය අධිපති ග්‍රහයාද ශනිම නිසා නොවැම්බර් 15 න් පසු මෙම සුභ තත්ත්වය වඩාත් හොදින් ඉස්මතුවේ. මැයි 15 ත් මැයි 30 ත් අතර කෙටි කාලය රැකියාවේ දීර්ඝ කාලීන බලපාන සුභ තත්ත්වයක් ඇති කල හැකියි.මැයි 03 ලග්නාධිපති අගහරු මාරුව විදේශ රැකියා බලාපොරොත්තුවන අයටත් දේශපාලන ප්‍රභූ උදවු මගින් රැකියා බලාපොරොත්තු අයටත් විශේෂ සුභයි.
අධ්‍යාපනය 
    අධ්‍යාපන කටයුතු වල නිරත හා අධ්‍යාපනය ලබන දරුවන් සිටින මේෂ ලග්න හිමියන්ට වසර ආරම්භයේ සිටම සුභයි.මැයි 08 දිනෙන් ගුරු ලග්න ගතව පස්වැන්න දැකීමත් විභාග ජයග්‍රහන වලට සුභයි.ව්දේශ අධ්‍යාපන,ශිෂ්‍යත්ව බලාපොරොත්තු අයටද හොදයි.
ගෘහ ජීවිතය විවාහය  
     දරුඵල බලාපොරොත්තු මේෂ ලග්න හිමි කාන්තාවන්ට පින්වත් දරුඵල පිහිටන වසරකි.නමුත් වසර ආරම්භයේදීම ශනි වක්‍ර ගමනක නිසා ගර්භනී මාතාවන් ප්‍රවේශම් ආරක්‍ෂා විය යුතුය.ව්වාහපේක්‍ෂිත අයට සුභ වුවත් අඟහරු මහ දශා ගත කරන්නන්ට මංගල යෝග උදාවීම අඩුයි. සෞඛ්‍ය තත්ත්වය
     ජුනි 06 සිදුවන රාහු කේතු මාරුව මේෂ ලග්න හිමියාට සෞඛ්‍ය පීඩා වැඩි කරයි.රාහු මහා දශා ගත කරන්නන්ට මෙම පීඩාව වැඩියි.රාහු මහ දශාව ඇති අය ආහාර පාන ආදියෙන් මෙන්ම අනතුරු වලින්ද ජුනි 6 සිට ප්‍රවේශම් වන්න.උපතේදී සදු 6වැන්නේ සිටින අයට නොවැම්බර් 15 ශනි මාරුව සමග එතෙක් පැවති සෞඛ්‍ය පීඩා අඩු වීමක් බලාපොරොත්තු වන්න.


 වෘෂභ 
    වසර ආරම්භයේදී ලග්නාධිපති සිකුරු 10 හා11 වැන්නේ කුජ,බුධ ගුරු යෝගවීම ආර්ථික අතින් විශේෂ සුභඵල උදා කරයි.සිකුරු ,ගුරු මහ දශා ගත කරන්නන්ට මෙය හොදින් ඉස්මතුවේ.උපතේදී සදු පහේ සිටින අයට සුභඵල ඉස්මතු වීම නොවැම්බර් 15 දක්වා ප්‍රමාද වේ.ජුනි 06 රාහු කේතු මාරුවද වෘෂභ ලග්න හිමියන්ට සුභයි.
ධනය(ආර්ථිකය)
        ඉහත සදහන් කළ පරිදි ආර්ථික තත්ත්වය යහපත් වසරකි.මැණික් කර්මාණ්තයේ නියුතු වෘෂභ ලග්න අයට වාසි මතුවේ.ණය බර නිදහස්වේ.නිවාස ඉදිකිරීම ඇරඹීමට වාහන මිලදී ගැනීමට සිත් යොමුවේ. ඒවායින් යහපත් ඵල ලැබේ.
රැකියා ව්‍යාපාර
       රැකියා කරන අයටත් රැකියා බලාපොරොත්තු අයටත් එකසේ සුභයි.වාහන හා නිවාස ඉඩකඩම් සම්බන්ධ රැකියා කරන අයට විශේෂ සුභයි.
අධ්‍යාපනය 
      වසර ඇරඹෙන විට පස්වැන්නේ වක්‍ර ශනි වීමත් පහ අධිපති බුධ නීචව පහ දැකීමත් නිසා අධ්‍යාපනයට ඇල්ම තරමක් අඩු වුවත් වසර මැදදි නැවත අධ්‍යාපන කටයුතු වලට සුභවේ.කේතු මහ දශා ඇති අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉදිරිපත් වීම අඩු කරයි.
ගෘහ ජීවිතය විවාහය  
     මැයි 08 දක්වා 11 වැන්නේ ගමන් කරන ක්‍ෂෙත්‍ර ගුරු දෘෂ්ටිය 7 ට වැටීම ඒ දක්වා මංගල යෝග උදාකලත් මැයි 08 දිනෙන් ගුරුදොලහට යාමත් ජුනි 06 දිනෙන් රාහු හතට යාමත් විවාහපේක්‍ෂිත වෘෂභ ලග්න හිමියන්ට මංගල යෝග උදාවීම අඩු කරයි.වසර මැද සිදුවන මෙම ග්‍රහ මාරු නිසා විවාහක අයටද පවුල් අවුල් වැඩි කරයි.
සෞඛ්‍ය තත්ත්වය
    ජුනි 06 දක්වා රාහු අටේ ගමන සෞඛ්‍ය පීඩා මතු කරයි.මූල රෝග,සෙම් රෝග පීඩා ආදියෙන් කරදරයි.


 මිථුන
    මිථුන ලග්න හිමියාට වසර ඇරඹෙන විට 9,10,11 ස්ථානවල පිහිටන බලවත් ග්‍රහ පිහිටීම නිසාම සුභඵල උදා කරයි.ලග්නාධිපති බුධ නීච වුවත් දහය අධිපති ගුරු ක්‍ෂෙත්‍රව ගුරු හංස යෝගය සමග හා 11 අධිපති දිග්බලවූ අගහරුත් සමග දසවැන්නේ යෝගය රැකියාවට ධනයට දියුණුවට විශේෂ සුභඵල උදා කරයි.වසර මැදසිදු වන ග්‍රහ මාරු සියල්ලම සුභයි.ජුනි 06 සිදුවන රාහු කේතු මාරුවද විවාහය පැත්තෙන් බලන විට හොදය.
ධනය(ආර්ථිකය)
   මැයි 08 ගුරු මාරුවත් සමග යහපත් වන ආදායම් තත්ත්වය නොවැම්බර් 15 දිනෙන් තව වැඩි දියුණු වේ.උපතේදී පස්වැන්නේ සදු පිහිටි අයට පමනක් මෙම සුභඵල ඉස්මතු වීම අඩාලවේ.
 රැකියා ව්‍යාපාර
    රැකියා ව්‍යාපාර වලට බාධක අඩු වසරකි.නමුත් රැකියාව සම්බන්ධව කටයුතු කිරීමේදී හිතුවක්කාර දැඩි තීරණ ගැනීමේදී දෙවරක් සිතිය යුතුය.ජුනි 6 රාහු කේතු මාරුවෙන් පසු හවුල් ව්‍යාපර කරන්නන් අතර පැවති මතබේද සමනය වේ.
අධ්‍යාපනය 
     අක්‍රමිකව පැවති අධ්‍යාපන කටයුතු වල ක්‍රමවත් සාර්ථකත්වයක් ඇතිවන වසරකි.විද්‍යස්ථානාධිපති සිකුරු වසර ආරම්භයේදීම පුන්‍යස්ථානයේ බැවින් උසස් අධ්‍යාපනයේ නියුතු අයට විශේෂ සුභයි.වෘෂභ ලග්න හිමි දරුවන් වෙනුවෙන් අපේක්‍ෂිත පාසැල් ලැබීමක්ද සිදුවේ.
 ගෘහ ජීවිතය, විවාහය
         ජුනි 06 දක්වා හත්වැන්නේ රාහු ගමන විවාහපේක්‍ෂිත අයට මංගල යෝග ප්‍රමාද කරන අතර ජුනි 6න් පසු නැවත යෝග උදාවේ ඒ වන විට මැයි 8 ගුරු 11 යාමෙන් හත්වැන්නට සුභ දෘෂ්ටි වීමද මංගල යෝග උදාවට හොදයි.විවාහක අයට හා විවාහ දිවියේ අවුල් සහගත තත්ත්ව පැවති අයටද ජුනි 6 දිනෙන් රාහු හතෙන් හයට යාම හොදයි.නොවැම්බර් 15න් පසු ඈත්ව සිටි පවලේ සාමාජිකයන් එකතු කරයි.
 සෞඛ්‍ය තත්ත්වය
       උපතේදී සදු හතරේ සිටින අයට නොවැම්බර් 15න් පසු එතෙක් පැවති චන්ද්‍ර ඒරාශ්ඨකයේ තද ගතිය  ඉවත් වීම පපුවේ හා ලේ ගමන සම්බන්ධ අසනීප තිබූ අයට ඉන් සහනයක් ඇති කරයි.රාහු මහා දශාව ඇති අයට ජුනි 6න් පසු රාහු හයට(රෝගස්ථානය) යාම උදර පීඩා මතුවිය හැකි නිසා ආහාර පාන ආදියෙන් දැන් සිටම ප්‍රවේශම් ආරක්‍ෂා වන්න. 


 කටක 
    නව වසර උදාව සුභඵල වැඩි ලග්න අතරට කටක ලග්නයද එකතුවේ.වසර උදාවන මොහොතේ ලග්නාධිපති සදු දෙවැන්න වූ ධනස්ථානයේත් රවි 10 වැන්නේ උච්චව පිහිටීමත් නවය දහය අධිපති ගුරු කුජ ග්‍රහයන් නව වැන්නේ යෝගව ධර්මකර්මාධිපති යෝගය උදා වීමත් නව වසරේ විශේෂ සුභ ඵල උදා කරයි.  
ධනය(ආර්ථිකය)    
        ශනිගේ වක්‍ර වීම හා රාහු කේතු දුබලතාව නිසා ජුනි දක්වා ආර්ථික මට්ටමට අවහිරතා ඇති වුවත් ජුනි මාසයෙන් පසු ආර්ථිකයට සුභයි.නොවැම්බර් 15 ශනි මාරුවෙන් පසු ගේ දොර ඉඩ කඩම් සම්බන්ධයෙන් වාසි ලැබේ.උපතේ සදු හතරේ පිහිටි අයට මෙම සුභඵල අරමක් අඩුවේ.ජලය ආශිත කර්මාන්ත වල නියුතු අයට ධනයට සුභ වසරකි.
 රැකියා ව්‍යාපාර
        හමුදා පොලිසි වැනි ආරක්‍ෂක අංශවල රැකියාවල නියුතු අයට මැයි 3 දිනෙන් අගහරු දසවැන්නේ රුචක යෝගයෙන් දිග්බල වීම රැකියා උසස්වීම් ඇති කරයි.දේශපාලඥයන් හරහා රැකියා ලබා ගැනීමට බලාපොරොත්තුවන අය මැයි 03 න් පසු ඒ සදහා උත්සාහ වීම ප්‍රතිඵල ලැබේ.
අධ්‍යාපනය 
    වසර ආරම්භ වන විටම විද්‍යස්ථානාධිපති කුජ පුන්‍යස්ථානයේ ගුරු ,බුධ සමග වීමත් පුන්‍යස්ථානයේ සිටින ක්‍ෂෙත්‍ර ගුරුගේ දෘෂ්ථිය පහට වැටීම අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කිරීමට ශක්තිය ලබාදේ.උසස් අධ්‍යාපන හා විදේශ අධ්‍යාපනය ලබන අයටත් යහපත්ය.
ගෘහ ජීවිතය, විවාහය
      කටක ලග්නය හිමි තරුණ තරුණියන්ට හදිසි පෙම් සබදතා මතුවන වසරකි.විවාහ දිවි ගත කරන්නන්ටද සුභයි.
සෞඛ්‍ය තත්ත්වය
      ජුනි 06 දක්වා රාහු 6 හාකේතු 12 ගමන මූල පද්ධතිය හා බඩ යටි බඩ ආශිත අසනීප පීඩා ඉස්මතු කළ හැක.උපතේදී රාහු 5,6 ස්ථාන වල සිටින අයට හා රාහු කේතු මහ දශාවන් ගත කරන අයට මෙම පීඩාව වැඩිය.ඔවුනට ශරීරයේ ඒ ආශිත ශල්‍යකර්ම පවා ඇතිවිය හැකිය.


 සිංහ 
     ලග්නය ආරම්භ වන විට ලග්නාධිපති රවි පුණ්‍යස්ථාන ගත වීම යහපත් වුවත් වසර හත හමාරක් පුරා ඇති ශනි ඒරාශ්ඨක අපලයෙයේ අවසන් කොටසේදී ජුනි 13 දක්වා ශනි දෙවැන්නේ වක්‍ර ගමනත් මැයි 3 දක්වා අඟහරු අටේ ගමනත් නිසා ජුනි දක්වා සුභඵල අඩු නමුත් නොවැම්බර් 15 දිනෙන් ශනි ඒරාශ්ඨකය සම්පූර්ණයෙන් ඉවත් වූ පසු විශේෂ සුභයි.
ධනය(ආර්ථිකය)
          නොවැම්බර් 15 දක්වා කාලය ධනයට දියුණුවට සුභඵල අඩු විය හැකිය.ව්ශාල ගනුදෙනු කිරීමට යාම අනුන් දෙවනුවන් ඇප වීමේදී ප්‍රවේශම් ආරක්‍ෂා වන්න.
 රැකියා ව්‍යාපාර
      නොවැම්බර් 15 දක්වා රැකියා පීඩා වැඩි කාලයකි.රැකියාවෙන් සතුරු කරදර අභූත චෝදනා එල්ලවිය හැකි කාලයකි.තමන්ගේ රහස්‍ය ලේඛන,අංක භාවිතයේදී ඒවායේ ආරක්‍ෂාව ගැන සැලකිළිමත් විය යුතුමය.නොවැම්බර් 15 න් පසු රැකියා උසස්වීම් වලට සුභයි.
 අධ්‍යාපනය 
      ජුනි 6 දක්වා රාහු පහේ ගමන අධ්‍යාපනයට බාධායි.රාහු මහ දශා ගත කරන්නන්ට හා උපතේදී රාහු ලග්නයේ සිටින අයට මෙම පීඩනය වැඩියි.විදේශ අධ්‍යාපනය බලාපොරොත්තු අයටද සුභ ප්‍රතිඵල ලැබෙන්නේ ජුනි 6න් පසුයි. 
ගෘහ ජීවිතය, විවාහය
      වසර ආරම්භයේදී සිකුරු හතේ තැන්පත් වීම නිසා මංගල යෝග උදාවුවත් හත අධිපති ශනි වක්‍ර ගමනින් පීඩා වීම නිසා පැමිනෙන මංගල යෝග ගැන සුපරික්‍ෂාකාරී විය යුතුය.තරුණ දරුවන් සිටින සිංහ ලග්න දෙමාපියන්ට වසරේ මුල් කාලය තුල දරුවන්ගේ ක්‍රියා නිසා සිත්තැවුල් නින්දා අපහාස විදීමට සිදුවිය හැක.
සෞඛ්‍ය තත්ත්වය
   වසර ආරම්භයේදී හතර අධිපති කුජ අටේ තැන්පත් වීමත් රාහු පහේ හා ශනි වක්‍රයත් නිසා හදවත්,වකුගඩු රෝගීන්ට අගුණදායකයි.නොවැම්බර් 15 දක්වා මෙම සෞඛ්‍ය පීඩා තත්ත්ව ඇත.


 කන්‍යා 
     ලග්නාධිපති බුධ අටඅධිපති සමග යෝගයෙන් ආරම්භ වන මෙම වසරේ නොවැම්බර් 15 දක්වා කාලය කන්‍යා ලග්න හිමියන්ට අසුභදායකයි.හත් අවුරුදු හය මස් ශනි ඒරාශ්ඨකයේ වැඩිම අපල ඇති කාලය නොවැම්බර් 15 දිනෙන් අවසන්වේ.ලග්නයේ සිටින ශනි වසර ඇරඹෙන විට සිටින්නේ වක්‍ර ගමනකය.ජුනි 13 න් මෙම වක්‍ර ගමන අවසන් වී නොවැම්බර්  15 දිනෙන් තුලාවට යයි.සතුරු කරදර වැඩියි.නොවැම්බර් 15න් පසු සුභයි.
ධනය(ආර්ථිකය)
       ආදයම් ලැබීම යහපත් වුවත් වියදම් වැඩිවීම නිසා ඉතිරිය අඩුයි.විදේශ ගත ඥාති හිතවතුන්ගෙන් මිල මුදල් උපකාර හා වෙනත් මූල්‍ය උපකාර ලබා ගත හැකි වසරකි.නොවැම්බර් 15න් පසු හදිසි ධන ලාභ වැනි ප්‍රබල ධන යෝග උදාවේ.
 රැකියා ව්‍යාපාර
     රැකියාව පැත්තෙන් බලන විට අළුත් රැකියා ලැබීමට හොද වසරකි.සතුරු කරදර වැඩි වුවත් උපතේදී ශනි බලවත් අයට ඉන් ආරක්‍ෂා වීමේ හැකියාව බලය ලැබේ.ලේඛනය සම්බන්ධ රැකියාවල නියුතු අය ලිවීමේදී ප්‍රවේශම් ආරක්‍ෂා විය යුතුය.
 අධ්‍යාපනය 
       ජුනි 6 දිනෙන් රාහු කේතු මාරුව අධ්‍යාපනයට සුභයි.නොවැම්බර් 15 දිනෙන් පහ අධිපති උච්ච වීමද හොදයි.කලා හැකියාවන් ඇති දරුවන්ගේ දක්‍ෂතා පෙන්නුම් කෙරේ.
 ගෘහ ජීවිතය, විවාහය
      වසර ආරම්භ වන විට වක්‍ර ශනිගේ පාප දෘෂ්ථිය හතට වැටීමත් කුජ හතේ තැන්පත් වීම ඇතත් ඒ සමගම හත අධිපති ක්‍ෂෙත්‍ර ගුරු හතේ වීමත් නිසා විවාහපේක්‍ෂිත අයට වසර පුරාම මංගල යෝග උදාවේ.නොවැම්බර් 15න් පසු ශනිට හත පෙනීම ඉවත්වීම විවාහ දිවි ගෙවන අයට සුභයි. විවාහපේක්‍ෂාවෙන් සිටින කන්‍යා ලග්නය හිමි තරුණියන්ටද විවාහයට වඩාත්ම සුභ නොවැම්බර් 15න් පසුයි.
 සෞඛ්‍ය තත්ත්වය
      නොවැම්බර් දක්වා කාලය සෞඛ්‍ය පීඩා වැඩිය.ශරීරයේ සැගව තිබූ අසනීප එලියට එන කාලයකි.ශනි මහ දශාවන් ගත කරන හා උපතේදී සදු ලග්නයේ සිටින අයට පීඩාව වැඩියි.තමන්ට ඇති ලෙඩ රෝග අන් අයගෙන් සගවා තබා ගැනීම වඩාත් සුදුසුය.


 තුලා 
      අළුත් අවුරුදු උදාව සිදුවන විට දොලොස් වැන්නේ යෝග කාරක ශනි ඒරාශ්ඨකව සිටීම ග්‍රහචාරයේ ප්‍රභලතම දුබලතාවයි.කෙස් වුවත් ලග්නාධිපති සිකුරු විද්‍යස්ථානගත වීම අධ්‍යාපනය ලබන්නන්ට සුභඵල උදා කරයි.නොවැම්බර් 15 දී ශනි ලග්නයේ උච්ච වීම ඒරාශ්ඨක විෂ අඩු කරයි.ජුනි 06 රාහු කේතු මාරුව සෞඛ්‍ය පීඩා ඉස්මතු කරවයි.
ධනය(ආර්ථිකය)
    ආර්ථික අතින් දුබලතා නොවැම්බර් දක්වා වැඩියි.අනවශ්‍ය වියදම් වැඩි කරයි.ධන මං ඇහිරීම නිසාම තමන්ගේ තත්ත්වය බාල වීමක් සිදුවේ.
 රැකියා ව්‍යාපාර
     නොවැම්බර් 15න් පසු රැකියා බලාපොරොත්තුවන් සිටින අයට  යහපත්ය.හවුල් ව්‍යාපර වල නියුතු අයට පමනක් වසරේ මුල් කොටසේ ව්‍යාපාර කරදර අඩුයි.ජුනි වලින් පසු රැකියා ව්‍යාපාර ආදියට දේශපාලන,ප්‍රභූ උදවු ලැබේ.
 අධ්‍යාපනය 
       කුමන බාධක ඇති වුවත් අධ්‍යාපන කටයුතු යහපත් අන්දමින් කර ගත හැකි වසරකි.නොවැම්බර් දක්වා ඇති ඒරාශ්ඨකයෙන් කරදර වැඩි පුර ඇත්තේ ඉගෙන ගන්නා වයසේ සිටින තුලා ලග්න දරුවන්ට වඩා රැකියා කරන වැඩිහිටි අයටයි.
ගෘහ ජීවිතය, විවාහය
 මැයි 08 දිනෙන් ගුරු හතට යාම අවිවාහක තුලා ලග්න හිමියන්ට විවාහය සිදුවීමට තරම් බලවත් මංගල යෝග උදාවේ .විවාහක අයට මව් පිය පාර්ශ්වය හා සහෝදර සහෝදරියන් සමග සුළු ගැටුම්කාරී තත්ත්ව මතුවේ.
 සෞඛ්‍ය තත්ත්වය
         සෞඛ්‍ය පීඩා වැඩි වශයෙන් මතුවන්නේ ශනි ඒරාශ්ඨක අපල වැඩි පුර ඇති නොවැම්බර් 15 දක්වා කාලයයි.මැයි 08 දක්වා ගුරු හයේ ගමන් කාලයද සෞඛ්‍ය පීඩා වැඩිය.ශනි මහදශා ගත කරන හා උපතේදී සදු 12 සිටින සදු ,ශනි මහදශා ගත කරන්නන් ශනි අපල ගෙවීගෙන යන මෙම කාලයේ ඊට පිළිවෙත් කිරීම වඩාත් හොදයි.


වෘශ්චික
     නව වසර ආරම්භයේදී ලග්නාධිපති කුජ ත්‍රිකෝණ බලයෙන් සෙනසුරුගේ නැකතක තැන්පත්ව බුධ ගුරු සමග යෝගවීම ආත්ම ශක්තිය වැඩි කරයි.සතුරු බාධක මැඩලයි.වසර උදාවන විට අයස්ථානයේ තැන්පත් ශනි නොවැම්බර් 15 දිනෙන් දොලහට ගියත් වෘශ්චික ලග්න හිමියාට 12 ශනි ඒරාශ්ඨකය තදින් නැති නිසා හා ජුනි 6 දිනෙන් රාහු කේතු බලවත් වීම මුළු වසර පුරාම ලැබීම යහපත්ය.වසර අගදී මිතුරන් නිසා කරදර බාධක මතුවිය හැක.
 ධනය(ආර්ථිකය)
       ඉහත සදහන් කල පරිදි වසර ආරම්භ වන විට ශනි 11 වැන්නේ වීමත් ජුනි 6 සිට රාහු කේතු බලවත් වීමත් නිසා වසර පුරාම ධනයට දියුණුවට සුභයි.වෙලඳ ව්‍යාපාර හා දේපළ වලින් වැඩි ආදායම් ලැබෙන වසරකි.ඉදිකිරීම් වලටද හොදයි.වාහන යේග පිහිටා ඇති වෘශ්චික ලග්න කරුවන්ට එය ඉස්මතුවේ.  
රැකියා ව්‍යාපාර
      දහය අධිපති රවිගේ උච්ච බලයෙන් වසර ඇරඹීම රැකියා ව්‍යාපාර කටයුතු වලට යහපත්ය.රැකියා බලාපොරොත්තු වන හා උසස් වීම් බලාපොරොත්තු අයට ඒවා සඵල කර ගත හැකි කාලයකි.කෙසේ වුවත් වසර අගදී රැකියාවේ වැඩ කටයුතු අතපසු වීම්,උසස් නිලධාරින් ගෙන් දොස් ඇසීම් ආදියට මුහුණ දීමට සිදුවිය හැක.
අධ්‍යාපනය 
   වෘශ්චික ලග්න හිමියන්ගේද අධ්‍යාපන කටයුතු වලට සුභදායක වසරකි.නමුත් වෘශ්චික ලග්න හිමි දරුවන්ගේ අධ්‍යාපනයට අන් අයගේ ඉර්සියා කුහකකම් බලපෑ හැකිය.විභාග ජයග්‍රහණ වලට හොදයි.
ගෘහ ජීවිතය, විවාහය
       හත අධිපති සිකුරු අළුත් අවුරුදු උදාවේදී හතර වැන්නේ දිග්බලව තැන්පත් වීම මව් පාර්ශ්වයෙන් ලැබීම උදාකරවයි.විවාහපේක්‍ෂිත අයට හා දරුඵල අපේක්‍ෂිත අයට බලාපොරොත්තු සඵල වන වසරකි.පෙම් සබදතා වලට යොමුවේ.
සෞඛ්‍ය තත්ත්වය
     ඇස්වල රෝග හා ස්නායු රෝග ඉස්මතු විය හැකි කාලයකි එවැනි අසනීප ඇති අය ප්‍රවේශම් ආරක්‍ෂා විය යුතුය.සෙනසුරු මහ දශාව ඇති අයට මෙම පීඩාව වැඩියි.


  ධනු 
      නව වසර උදාවන විට රාහු ලග්නයේ තැන්පත් වීම ජුනි 6 දක්වා මානසික පීඩා ,කේන්ති නුරුස්සන ගති වැඩි කරයි.එමෙන්ම ශනිගෙන් දසවැන්න පීඩාවී වසර ඇරඹිම නොවැම්බර් 15 දක්වා රැකියා පීඩා කරදර වරින් වර ඉස්මතු කරයි.රැකියා කටයුතු වෙනුවෙන් දුර බැහැර ප්‍රදේශවල ගමන් කිරීමට සිදුවන අවස්ථා හෝ හදිසි ස්ථාන මාරු ඇති විය හැකි වසරකි.ලග්නාධිපති ගුරු දසවැන්නේ ගුරු හංස යෝගයෙන් බලවත් වී සිටීම රැකියාවේ ආරක්‍ෂාව සලසයි.නොවැම්බර් 15 දිනෙන් ශනි 11 වැන්නේ උච්ච බල වීම ධනයට දියුණුවට ඉතා සුභ තත්ත්ව මතුකරයි.ශනි 11 ගමනින් හොදම ප්‍රතිඵල දෙන්නේද ධනු ලග්න හිමියාටය.ශනි 11 ට යාම ලොතරැයි ජයග්‍රහණ වැනි හදිසි ධන ලාභද මතු කරවයි.
 ධනය(ආර්ථිකය)
        ඉහත සදහන් කල පරිදි ධනයට දියුනුවට හොදම කාලය උදාවන්නේ නොවැම්බර් 15 දිනෙන් ශනි 11 යාමත් සමගය.ගේ දොර ඉඩකඩම්,ඉදිකිරීම්, යානවාහන ලැබීම්,හදිසි ධන ලාභ මතුවන බව සදහන්ය.සෙනසුරු මහ දශාව ඇති හා උපතේ ශනි 11 පිහිටි අයට මෙම සුභඵල ඉතා හොදින් ඉස්මතුවේ.
 රැකියා ව්‍යාපාර
        ඉහත සදහන් කල පරිදි නොවැම්බර් 15 දක්වා ශනි දසවැන්නේ පීඩා වූම රැකියා කරදර ඇති කලත් නොවැම්බර් ශනි මාරුවෙන් පසු සුභදායකයි.
අධ්‍යාපනය 
        වසර ඇරඹෙන විට විද්‍යස්ථානයේරවි උච්චව සිටීම තරග විභාග ජයග්‍රහණ ලබාදේ.උපතින් අධ්‍යාපනයට සුභ ග්‍රහ පිහිටීම් ඇති අයට මෙය හොදින් ඉස්මතු වන අතර වෙනදා අධ්‍යාපනයට අදක්‍ෂ අයගේද අධ්‍යාපන කටයුතු තිබුනාට වඩා යහපත්වේ.
ගෘහ ජීවිතය, විවාහය
          ජුනි 06 දක්වා කේතු 7 වැන්නේ ගමන හා මැයි 03 දක්වා අඟහරු දෘෂ්ථිය හතට වැටීම මංගල යෝග ප්‍රමාද කිරීමක් සිදු කලත් ජුනි වලින් පසු මංගල යෝග උදාවට හොදයි.ප්‍රේමවන්තයින්ගේ බලාපොරොත්තු සඵල වන වසරකි.
සෞඛ්‍ය තත්ත්වය
     රුධිර ගත අසනීප ඇති අයට හා අර්ශස් වැනි මූල රෝග ඇති අයට සෞඛ්‍ය පීඩා වැඩි වුවත් ධනු  ලග්න කරුවන්ට මෙම වසර සෞඛ්‍ය පීඩා අඩුය.


 මකර 
    උන්චිල්ලාවක කුඩා දරුවකු එහාට මෙහාට පැද්දෙන ආකාරයට දෙවන වරටද කන්‍යා රාශිය තුල වක්‍ර වන අයුරින් මකර ලග්න හිමියාගේ ලග්නාධිපති
ශනි ගමන් කරන විට වසර ආරම්භ විය.රවි බලවත්ව හතරේය.වික්‍රමස්ථානයේ පිහිටන බුධ,ගුරු,කුජ යෝගයද ධනස්ථානයේ සිකුරු පිහිටීමද ධනයට දියුණුවට සුභඵල උදාවේ.සහෝදර සහෝදරියන්ගෙන් උදවු උපකාර ලැබෙන වසරකි.
ධනය(ආර්ථිකය)
    වසර ආරම්භ වන විට 12 වැන්නේ රාහු සිටීම වියදම් අධික තත්ත්ව ඇති වුවත් ජුනි 6 සිට රාහු 12න් මිදී 11 යාම ලැබෙන ධනය ඉතිරි කරවයි.
රැකියා ව්‍යාපාර
      අළුත් ව්‍යාපාර ආරම්භයට හෝ කරන ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට වටිනා වසරකි.මැයි 03 න් පසු කල් ඇදී ගිය විදේශ රැකියා හා හදිසි විදේශ රැකියා වාසනාව මතුවේ.
 අධ්‍යාපනය 
      මකර ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන වසරකි.පොත් පත් සමග වැඩිපුර කාලය ගත කිරීමට සිත්දේ.විදේශ අධ්‍යාපනයටද මං පෙත් විවර වන වසරකි.අධ්‍යාපන කටයුතු සදහා දෙමාපිය සහෝදර ආදීන්ගේ උදවු උපකාරද දෙවනදාට වඩා වැඩියෙන් ලැබේ.
ගෘහ ජීවිතය, විවාහය
    අළුත් අවුරුදු උදාව සිදුවන මොහොතේ හත අධිපති සදු අටවැන්නේ සිටීම මංගල යෝග උදාවීම අඩු කරයි.ගේ දොර ඉඩ කඩම් වෙනුවෙන් ප්‍රශ්ණ මතු විය හැක.
සෞඛ්‍ය තත්ත්වය
      ජුනි 06 දක්වා කේතු 6 වැන්නේ ගමන අසනීප මතුකරවන තත්ත්වයකි.ජලය අගුනයි.සදු,රාහු,කේතු මහ දශා ගත කරන්නන්ට මෙම සෞඛ්‍ය පීඩා වැඩියි.


  
 කුම්භ
     වසර ආරම්භයේදී ලග්නාධිපති ශනි අට වැන්නේ පීඩා වීම ඇති වුවත් අන් ග්‍රහයන් ගෝචරයෙන් යහපත්ව සිටීම නොවැම්බර් 15 දක්වා ඇති ඒරාශ්ඨකයේ විෂ ගතිය අඩු කරයි.නොවැම්බර් 15 න් පසු වසර දෙක හමාරක් පුරා පැවති ශනි අෂ්ඨම ඒරාශ්ඨකය ඉවත් වීම සෑම කුම්භ ලග්න හිමියකුටම නොවැම්බර් 15 න් පසු පැහැදිළි සුභ ඵල උදා කරයි.
 ධනය(ආර්ථිකය)
        අළුත් අවුරුද්ද ලබන විට ධනස්ථානාධිපති හා අයස්ථානාධිපති ගුරු ග්‍රහයා ධනස්ථ්නයේම ක්‍ෂෙත්‍ර බලයෙන් සිටීම වසර පුරාම හොද ආර්ථිකයක් පවත්වා ගැනීමේ වාසනාව උදා කරයි.
 රැකියා ව්‍යාපාර
    රැකියාවන්ට මෙතෙක් තිබූ කරදර බොහොමයක් ඉවත් වී යයි.රැකියා බලාපොරොත්තුවෙන් සිටින කුම්භ ලග්න හිමි අයටත් බලාපොරොත්තු සතුටුදායක අයුරින් ඉටුවේ.මැයි 03 සිදුවන 10 අධිපති අඟහරු බලවත් වීමද රැකියාවන්ට සුභයි.රැකියාවෙන් කීර්ති ප්‍රශංසා ලැබේ.
අධ්‍යාපනය 
   විද්‍යස්ථානයට යහපත්ම ග්‍රහයකු වන කේතු එහි සිටින විට වසර ඇරඹීම අධ්‍යාපන කටයුතු වලට විශේෂ සුභයි.උත්සාහයෙන් අධ්‍යාපනය වඩාත් සාර්ථක කර හත හැක.කුම්භ ලග්න හිමියන්ට මෙම වසර අධ්‍යාපනයට අසුභ බව ඇතැම් අය පැවසුවත් අධ්‍යාපනයට යහපත් බවම කිව යුතුය.අධ්‍යාපනයට අදක්‍ෂ අය පවා මෙම වසරේදී ඉදිරියට යයි.
ගෘහ ජීවිතය, විවාහය
  වසර උදාවන විට හත් වැන්නේ සිටින සදුට සිකුරුගේ දෘෂ්ථිය වැටෙන නිසා බලවත් මංගල යෝග උදාවන වසරකි.මැයි 8 සිට ග්‍රහස්පතිගේ දෘෂ්ථියද හතට වැටීම මෙය තවත් වැඩි දියුණු කරයි.විවාහක අයගේ සතුට සමගිය වැඩි දියුණුවේ.නොවැම්බර් 15 න් ශනි 8න් ඉවත් වීමද විවාහයට හොදයි.
සෞඛ්‍ය තත්ත්වය
      අසනීප තත්ත්වයෙන් සිටි අයට නොවැම්බර් 15 ශනි මාරුවෙන් පසු වඩාත් සුභයි.කේතු මහා දශා ඇති අයට පමනක් අසනීප තත්ත්ව කල් අල්ලයි.නොවැම්බර් 15 දක්වා තුවාල අනතුරු අවදානම වැඩි නිසා රිය පැදවීම වාහන ගමන් බිමන් ආරක්‍ෂාවෙන් කළ යුතුය.


 මීන 
     වසර ආරම්භයේදී ලග්නයේ ග්‍රහ පිහිටීමත් දෙක හා හත ස්ථාන වල හ්‍රහ පිහිටීමත් සුභයි. මෙම ග්‍රහ බලය නිසාම නව වසරේ සුභ ඵල වැඩියි.වසර ඇරඹුමේ ලග්නයේ ලග්නාධිපති ගුරු ක්‍ෂෙත්‍රව ගුරු හංස යෝගයෙන් ධර්මකර්මාධිපති යෝගයක් සමග පිහිටීමත් රවි දෙකේ පිහිටීමත්  සුභ ග්‍රහ පිහිටීම්ය.නොවැම්බර් 15 දිනෙන් ශනි අට වැන්නට ගියත් මීන ලග්න හිමියාගේ අටවැන්න වූ තුලා රාශිය ශනිට උච්ච හා යෝගකාරක නිසා අෂ්ඨම ඒරාශ්ඨකය තදින් අපල නැත.නමුත් උපතේදී සදු හත හා අ ස්ථානවල පිහිටි අයට පමනක් මෙම වාසිය අඩුය.
 ධනය(ආර්ථිකය)
       නොවැම්බර් 15 දක්වා කාලය ධනයට දියුණුවට සුභ වුවත් ඉන් පසු ධනහානි වැඩියි.මෙම කරදර බාහිර අයගෙන් ඇතිවන කරදර ලෙස මතුවේ.අන් අය වෙනුවෙන් ඇප කාරයන් වීමේදී විශේෂ සැලකිළි වන්න.සමිති සමාගම් වල තනතුරු ගැනීමේදී මුදල් සම්බන්ධවන තනතුරු භාර නොගැනීම වඩාත්ම හොදයි.
 රැකියා ව්‍යාපාර
     නොවැම්බර් 15න් පසු සුභදායක තත්ත්වය අඩු වීමක් වන නිසා රැකියා ව්‍යාපාර කටයුතු තනතුරු උසස්වීම් ආදියට සුදුසු වැඩි ප්‍රයෝජන කාලය ඒ දක්වා කාලයයි.ජුනි 06 දිනෙන් දසවැන්නට එල්ලව තිබූ රාහු පීඩනය ඉවත් වීමද රැකියා තත්ත්ව වලට හොදයි.ජලය ආශිත රැකියා කරන ධීවර කටයුතු කරන අයට ලාභ ලැබෙන වසරකි.
 අධ්‍යාපනය 
       වසර ආරම්භයේදී ලග්නගත ක්‍ෂෙත්‍ර ගුරුගේ දෘෂ්ථිය පහට වැටෙන නිසා අධ්‍යාපන කටයුතු වලට ව්ශේෂ සුභ වසරකි.උපතේදී සදු අටේ සිටින අයට තුවාල අනතුරු අසනීප පීඩා ආදියෙන් නොවැම්බර් 15 සිට වරින් වර බාධා ඇතිවිය හැක.මීන ලග්න හිමි උසස් අධ්‍යාපනය ලබන අයගෙන් වැඩි පිරිසකට ප්‍රතිඵලදායකයි.
 ගෘහ ජීවිතය, විවාහය
         වසර පුරාම හත අට ස්ථාන සෙනසුරුගෙන් පීඩාවන නිසා දෙදෙනාටම මීන ලග්න හිමි හා දෙදෙනාටම ශනි මහ දශාවන් ඇති අයට විවාහයට අයහපත් වසරකි.එවැනි අය අඩුම තරමින් 2012 වසරේ මැද දක්වාවත් විවාහය පමා කල යුතුය.දරුඵල අපේක්‍ෂිත අයට ප්‍රතිඵලදායකයි.
සෞඛ්‍ය තත්ත්වය
   සදු මහ දශා ගත කරන්නන් හා උපතේදී හත අට ස්ථානවල සදු පිහිටි අයට සෞඛ්‍ය පීඩා වැඩියි.සෙම් රෝග මානසික පීඩා උගුරේ ආබාධ පීඩා මතුවිය හැකි වසරකි.අධික සීතල හා තෙල් සහිත ආහාර පාන වලින් ප්‍රවේශම් වන්න.


ප.ලි.  චමන්ත මල්ලිගේ ගැටළුවට අදාල වගුව අයත් රූපය
     




        නොනගතය කාලය (උදේ 6.37 සිට රාත්‍රී 7.25 ) අතර තුරම අවුරුදු උදාව සමරන්නේ ඇයිදැයි ඇසූ ගැටළුවට අදාළ රූපය.
              

34 comments:

හිස් අහස said...

මට නම් සුබයි වගේ .. මගේ ලග්නය "වෘෂභ" බොහොම ස්තූතියි මේ විස්තර ටික දුන්නට .

නදී said...

මගේ ලග්නයටත් සුබයි වගේ.ඒත් මංගල යෝග අඩුවෙනවලු :(
හෑබෑට අය්යෙ කාටත් පොදුවේ මෙහෙම ලග්න පලාපල කියන එක කොච්චර තාර්කිකද?අපිට වෙන වෙනම ගත්තම ඒක කොච්චර බලපානවද?

නදී said...

අය්යෙ පොරොන්දම් ගෑලපීම ගෑන පෝස්ට් එකකුත් දාන්නකො පුලුවන් නම්.

Anonymous said...

මටයි, පාසල්ටයි මේ අවුරුද්ද සුභයි වගේ... ස්තූතියි ලිපියට... :)

pavithra weerapperuma said...

ලොල්ය..
කටක ලග්නය හිමි තරුණ තරුණියන්ට හදිසි පෙම් සබදතා මතුවන වසරකි.විවාහ දිවි ගත කරන්නන්ටද සුභයි.
:D :D :D :D :D

මමට සුබ නෑ.. සුබේ සුබයි.. :D

කුරුම්නියා said...

කට ඇරගෙන බලාගෙන හිටියෙ මේක දානක0...මටත් එච්චර නරක නෑ වගේ ලබාගෙන එන අවුරුද්ද...

Anonymous said...

සමනලීටත් සුබය.... කටක ලග්නය... ඒත් අර ශෛල්‍යකර්ම කතාවට නම් බයය.... ස්තූතියි මේ පෝස්ට් එකට

Unknown said...

මටනං හොදයි වගේ

jhothishalanka said...

බොලේ බලන හැමෝටම හොදයි කියන්නේ කන්‍යා,තුලා,කුම්භ ලග්න කාරයෝ මේක කියවන්නෙ නැද්ද?

Anonymous said...

මටත් හොදම හොදයි.මම අර එලුවා ගෙන් සංඛේතවත් වෙන ලග්නයේ.

(පුලුවන් නම් කියනවද මගේ blog එක මිනිස්සු කියවයිද කියල)

jhothishalanka said...

@ජයශ්‍රී
බ්ලොගයක් සාර්ථක වෙන්නේ එහි අන්තර්ගතය මතයි.හොද අන්තර්ගතයක් තියෙනවානම් බ්ලොගය සාර්ථක වෙන බවට අමුතුවෙන් අනාවැකි කියන්න දෙයක් නැහැ.ඔබගේ බ්ලොගයේ ලිපි කීපයක් මම කියෙව්වා.ඉතාම හොද බ්ලොගයක්.

jothiratna said...

මම හිතාගෙන හිටියේ පොදු පලාපල කථනයට ඔබ විරුධ්ධය් කියල..

Anonymous said...

ස්තුතියි JHOTHISHALANKA .මා දිරිමත් කළාට.

කතන්දර Kathandara said...

මේ පෝස්ට් එක ගලවන්නේ නැතුව තියන්න.
මං ලබන අවුරුද්දේ අප්‍රියෙල් මැද ඇවිල්ලා බලන්නම් කොහොමද තත්වය කියලා!

jhothishalanka said...

@Kathandara
jothiratna කිව්ව වගේ පුද්ගල කේන්ද්‍ර පරීක්‍ෂාව තරම්ම පොදු පලාඵල ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙචෙයි.නමුත් මම මේ ලග්න පලාඵල විස්තරය ලිව්වෙ පාරම්පරික පොදු පලාඵල විස්තරයකට වඩා වෙනස් විදියකට."ශනි මහ දශා ගත කරන ධනු ලග්න හිමියන්ට නොවැම්බර් 15න් පසු වඩාත්ම සුභයි" වැනි විස්තර දක්වා ඇත්තේ එබැවිනි.මේ පලාඵල විස්තරය ලිවීමට මා ඉතා ලොකු කාලයක් ගත්තා.එක් එක් ලග්නයට අදාල තත්කාල ලකුණු කොට ලග්නයෙන් ලග්නයට පලාඵල ලිවීම කලේ.පෝස්ට් එකේ දිග ප්‍රමාණයෙන්ම ඒක පෙනෙනවනේ.
නමුත් පොදු ලග්න පලාඵල විස්තරයට වඩා පුද්ගල ජන්ම කේන්ද්‍ර පරීක්‍ෂාව වඩාත් සාර්ථක බව කිව යුතුය.කැලන්ඩර් වසරක් ආරම්භයේදී දක්වන පලාඵල විස්තර ගොඩ නැගී ඇත්තේ නියම සිද්ධාන්ත ක්‍රමයකට නොවේ.අළුත් අවුරුදු උදාවට අදාල පොදු පලාඵල විස්තරය සිද්ධාන්තයක් මූලික කොට සකස් කෙරේ.100% ක්ම නොවුනත් අළුත් අවුරුදු පොදු පලාඵල විස්තර වැඩිපුර සත්‍යවේ

Anonymous said...

බොහොම thank u...දවස් ගානක් බලන් හිටිය මේක දානකං.මම චමන්ත.මං හිතනව ඹයාට මාව මතකයි කියල.මමත් වෘෂභ ලග්නෙනෙ. පත්තරේක අළුත් අවුරුදු පලාඵල විස්තරයක දාල තිබුනා වෘෂභ ලග්න හිමියන්ට නොවැම්බර් වලින් පසුව විපරීත රාජ යෝගයක් තිබෙන බව.මොකක්ද මේ රාජ යෝග සිද්ධිය????? පැහැදිලි කරල දෙනවද?????

jhothishalanka said...

එක් එක් ලග්න වලට විපරීත රාජ යෝගයට කාරක වන ග්‍රහයන්ද එම වගුවෙන්ම දක්වා ඇත.මමත් දැක්කා ඉරිදා ලංකාදීප පත්තරේ(2011/4/10) 4 වෙනි පිටුවෙ දක්වා තිබූ පලාඵල විස්තරයේ වෘෂභ ලග්නයට 2011 නොවැම්බර් සිට 2012 මැයි දක්වා විපරීත රාජ යෝගයක් ගැන සදහන් කර තිබෙනවා.නමුත් ඔය කියන කාලයේ වෘෂභ ලග්නයට නියම ලෙසම විපරීත රාජ යෝගය යෙදෙන්නේ නැහැ.එවැනි දෙයක් සදහන් කර තිබීම මටත් ගැටළු සහගතයි.

jhothishalanka said...

රාජ යෝග යෙදෙන ආකාර ඉතා විශාල වශයෙන් ඇත.පියසේන රතු විතාන මහතාගේ "යෝග 550 " පොතේ විවිධ රාජ යෝග 166ක් දක්වා ඇත.මීට අමතරව තවත් රාජ යෝග ඉතා විශාල වශයෙන් ඇත.එහෙම බලාගෙ යනකොට අපි ඔක්කොම රජවරු තමයි.

jhothishalanka said...

විපරීත රාජ යෝගය යෙදෙන ආකාරය විස්තර කිරීම තරමක් අසීරුයි.එම යෝගය යෙදෙන ආකාරත් විශාල වශයෙන් ඇත.අසුභ පරිවර්තන යෝගයක විපරීත රාජ යෝග කාරකත්වය ඇති විටද එය යෙදෙනවා.

jothiratna said...

@anonymous
6,8,12 අදිපතියන් 6,8,12 ම ඉන්න එකට තමය් විපරිත රාජ යෝග කියන්නේ.උදාහරණයක් විදිහට මගේ කේන්ද්‍රයේ හය අදිපති ගුරු අටවන්නේ ඉන්නවා.මේක විපරිත රජ යෝගයක්.
ප්‍රතිපල: ප්‍රශ්න අපහසුත ගොඩකට පස්සේ සාර්ථකත්වය ලැබීම හෝ වෙනත් කෙනෙකුගේ අසාර්ථකත්වය හෝ මරණයෙන් පසු සාර්ථකත්වය ලැබීම.

උදාහරණයක්:මම ගත කරන්නේ ගුරුගේ මහා දසාව. මම වැඩ කරන තැන මට හම්බවෙලා තිබුනේ අනෙක් මගේ තනතුරම කරන යට සාපේක්ෂව 3 වන තැන.මම කොච්චර මහන්සිවෙලා වැඩ කරත් ඉහලට යන්න බැරි උන.පහුගිය මස තුන ඇතුලත පලවෙනි තැන හිටපු කෙනාට අයින් වෙන්න උනා.දෙවැන්න යම් හේතුවක් නිසා කළමණාකාරීත්වයේ අප්‍රසාදයට ලක් උනා.දැන් මට මහන්සි වෙන්නෙත් නැතුව පලවෙනි තැන ලැබුන.මන් හිතන විදිහට මේක විපරිත රාජ යෝගය වෙන්න ඕනේ.එත් මම jhothishalanka වගේ දැනුමක් තියෙන කෙනෙක් නෙවෙය්.මේක විපරිත රාජ යෝගයමද කියන්න මම හරියටම දන්නේ නැහැ.නමුත් ස්වබාවය එකය්.මම ගත කරන්නෙත් විපරිත රාජයෝග ගුරුගේ මහා දශාව.හැබය් ශනි අතුරු දශාව.jhothishalankata මොකද හිතෙන්නේ?

jhothishalanka said...

@jhothirathne @chamantha
6,8,12 ස්ථානවලට අධිපතින් එකම රාශියක තැන්පත් වීම විපරීත රාජ යෝගය ලෙස මගේ පියා මට උගන්වා ඇත්තේ,පියසේන රතුවිතාන මහතාගෙන් වරක් මෙය ඇසූ විට ඔහු පැවසුවේත් එය නිවැරදි බවයි.නමුත් වෙනත් ජ්‍යොතිෂවේදීන් වරින් වර විපරීත රාජ යෝගය යෙදෙන අයුරු විවිධාකාරයට දක්වා ඇත.මෙතන ප්‍රශ්නෙ අහපු චමන්ත මල්ලිගෙ ලග්නෙ වෘෂභනේ එතකොට එයාගෙ 6,8,12 අධිපති ග්‍රහයො තුන්දෙනා පිළිවෙලින් ශුක්‍ර,ගුරු,කුජ ග්‍රහයන් තුන්දෙනායි.මෙම ග්‍රහයන් තිදෙනා 2011 නොවැම්බර් සිට 2012 මැයි දක්වා කාලය තුල එක රාශියකට ගොනුවෙන්නේ නැහැ.ලංකාදීපයේ දක්වා තිබූ පලාඵල විස්තරයට අදාල විපරීත රාජ යෝගය නිවැරදිව යෙදීමක් නැති බව මම සදහන් කලේ එනිසයි.නමුත් වෙනත් ක්‍රමද ඇතද නිසා එය තර්ක කරන්න අපිට බැහැ.

jhothishalanka said...

jothiratna ප්‍රතිඵල ලෙස දක්වා ඇති විස්තරය ඉතාම නිවැරදියි.jothiratna ඔබ මගේ බ්ලොගය සමග දිගටම සම්බන්ධ වන්න.ඔබලා නිසා තමයි මගේ බ්ලොගය ඔප වැටෙන්නේ

jothiratna said...

බොහොම ස්තුතියි.දිගටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධයෙන් සාර්ථක බ්ලොග් අඩවියක් තියෙන එක ගැන මම ගොඩක් සතුටුයි.ජ්‍යෝතිෂ්‍ය දන්නා අනෙක් අයත් තමන්ගේ අදහස් මේ බ්ලොගයට එකතු කරනවානම් තව හොඳයි කියලයි මට හිතෙන්නේ.ජ්‍යෝතිෂ්‍ය ගැන දන්නා අනෙක් බ්ලොග් කරුවන්ටත්(උදා:මාරයාගේ හෝරාව ) මෙතන ලිපි පල කරන්න ඉඩ දෙනවනම් තවත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

කුරුම්නියා said...

JHOTHISHALANKA ඔබට සුබ අඵත් අවුරුද්දක් වේවා..

Anonymous said...

බොහොම ස්තූතියි පුලුල් පැහැදිලි කිරිමට.JHOTHISHALANKAට වගේම jothiratnaටත්.

Anonymous said...

මම චමන්ත

Anonymous said...

Mr,

මට පොඩි ගෑටලුවක් තියෙනවා,ඒකට ඔබගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

එනම්,මෙවර උදේ 6:30 පමන සිට හවස් වන තෙක් නොනගත කාලය වේ.එසේම මෙම කාලය තුලම අලුත් අවුරුද්ද උදාවේ.(දහවල් 1:00ට පමන )
ඒ වගේම ආහාර පිසීම,අනුභවය හා වෑඩ ඈල්ලීමද මෙම නොනගත කාලය තුලම පවති.
මා අසා ඈත්තේ නොනගත කාලය තුල ආහාර ගෑනීම නොකල යුතු බවයි.ඉතින් එම නිසා නොනගත කාලය අවසන් වූ පසු ආහාර අනුභවය වඩාත් සුදුසු නොවෙද?
මට ජෝතිශ්‍යය ගෑන ඒතරම් දෑනුමක් නොමෑත.එමනිසා සරල පෑහෑදිලි කිරිමක් ඔබගෙන් බලාපොරොත්තුවෙමි.

ඔබට වෙලාවක් තිබෙනම් පිලිතුරක් ලබාදෙන්න.

jhothishalanka said...

@කුරුම්නියා
ඔබටත් ඔබ සැමටත් ලබන්නා වූ අළුත් අවුරුද්ද බලාපොරොත්තු සඵල වන වසරක්ම වේවා.

@Anonymous මෙම පෝස්ට් එකේ කෙලවරට අමුනා ඇති රූපයට අනුව මින හා මේෂ රාශි දෙක අතරමැද ගත කරන ඉංග්‍රීසි පැය 12 මිනිත්තු 48 කොටස (නොනගතය කාලය) මෙවර යෙදී ඇත්තේ බ්‍රහස්පතින්දා උදේ 6.37 සිට රාත්‍රී 7.25 අතරයි. මෙම නොනගතය කාලය රූපයේ පරිදි පූර්ව හා අපර නොනගත කාලය ලෙස කොටස් දෙකකට සලකා ඇත.අවුරුදු උදාව ලෙස සලකන්නේ අපර නොනගතය ආරම්භ වන හවස 1.01 වේලාවයි."මේ රාශියට යාම" වෙනුවට "මේෂ රාශියට පිවිසීම" යන වචන දෙදෙක් තේරුම අනුව බලන විට මෙය වටහා ගත හැක

jhothishalanka said...

විපරීත රාජ යෝගය යෙදෙන අයුරු සදහන් කල තැන ලිවීමේදී වැරදීමක් සිදුවී ඇත."6,8,12 ස්ථානවලට අධිපතීන් තිදෙනාම 6,8,හෝ 12 ස්ථානයක යෝග වීම" ලෙස නිවැරදි විය යුතුය.

jothiratna said...

eJHOTHISHALANKA
Ju Success after pressures or someone else's losses 6th lord in 8th or 12th

Jagannath Hora මෘදුකාංගයෙන්.

jhothishalanka said...

@jhothiratne
ජගන්නාත් මෘදුකාංගය අනුව ඔබ පැවසූ අන්දමටත් විපරීත රාජ යෝගය යෙදෙන බව මේ දැන් බැලූ විට වැටහුනා.ස්තූතියි අද මා ඔබගෙන් ඉගෙන ගත්තා

M. M. Rohana Wasantha said...

Date: April 18, 2011
Time: 5:03:14
Time Zone: 5:30:00 (East of GMT)
Place: 79 E 50' 00", 6 N 55' 00"
Colombo, Sri Lanka
Viparita Raja Yoga
D-1
Sk, Sa
Success after pressures or someone else's losses
The 8th and 12th lords in conjunction or samasaptaka

මේ තියෙන්නෙ විපරීත රාජ යෝග යෙදෙන එක ක‍්‍රමයක්. විපරීත රාජ යෝගඉතා සංකීර්ණ යෝග තත්වයක් වශයෙන් දැකගත හැකි වන අතර ග‍්‍රහයින් නව දෙනාම ඇතැම් විටෙක යෝග කාරක ග‍්‍රහයා වශයෙන් යෙදෙන අවස්ථා ඇති බව පෙන්වා දිය හැකිය. ලග්න දොළසටමත් මෙම යෝගය යෙදිය හැකි අතරම මේ සෑම යෝගයක්ම ඵල දෙන කාලවකවානුවක් නියමිත බව සිහිපත් කර ගත යුතුය. මේ පිළිබඳ මනා විස්තරයක් සහිත ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
එම්. එම් රෝහණ වසන්ත 0714161082

Anonymous said...

matanam hodai thank

Anonymous said...

මටත් හොදයි.ස්තුතියි.ඉසුරි තාරිකා.

Related Posts Plugin for WordPress, Blogger...