Saturday, April 16, 2011

අතිශයින්ම පිරිමින්ට(අවිවාහක) පමණයි. - ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා

  
 *****************************************************


    "ආපාදතල චාරභ්‍යයාවන් මෞලිරුහං ක්‍රමාත්
     ශුභාශභානි වක්ෂ්‍යාමි ලක්‍ෂණානි මුනෙ ශෘණු"


    පාදතලයෙන් පටන්ගෙන සිරස දක්වා ක්‍රමයෙන් සුභ අසුභ ලක්‍ෂණයන් කියමි.මුනිවරයෙනි! අසනු මැනවි.





  1) පාදතල(යටි පතුල්) ලක්‍ෂණ
        * ස්ත්‍රීණාං පාද තලං ස්නිග්ධං මාංසතලං මෘදුලං සමම්
           අස්වෙදමුෂ්ණමරුණං බහු භොගොචිතං ස්මෘතම්  


          ස්ත්‍රීන්ගේ පාදතලය සිනිදු වේද,මාංස සහිතද,මොලොක්ද,සම වේද,දහදිය රහිතද,උණුසුම්ද,රතු වේද බොහෝ බෝග ලබයි.


        * රූක්‍ෂං විවර්ණං පරුෂං ඛණ්ඩිතං ප්‍රතිබිම්බකම්
           ශූර්පාකාරංචිශූෂ්කං ච දුඃඛදෞර්භාග්‍යසූචකම්


           යම් ස්ත්‍රියකගේ පාද තලය රූක්‍ෂ වූයේද,දුර්වර්ණ වේද,කඨෝරද,බිදුනේද,කුල්ල සමාන වූයේද,වියලිද වූ විට දුක හා දිළිදු බව විදවයි.


 2) පාද තලයේ රේඛා ලක්‍ෂණ
         * චක්‍රස්වස්තිකශංඛාබ්ජ  ධ්වජ ඒනාතපත්‍රවත්  යසභාඃ 
            පාදතලෙ  රේඛා  සා   භවෙත්ක්ෂිතිපාංගනා


        ස්ත්‍රියකගේ පාද තලයේ චක්‍ර,ස්වස්තික,සක්,ධජ,මත්ස්‍ය,ඡත්‍ර සමාන රේඛා ලක්‍ෂණ වේද ඒ ස්ත්‍රී රාජ බිසවක් වන්නේය.


         * භවෙද ඛණ්ඩ භෝගායොර්ධ්ව මධභාංගුලිසංයුතා 
            රේඛාඛු   සර්පකාකාභා    දුඃඛ    දාරිද්‍රයසූචිකා.


         ස්ත්‍රියකගේ පාදතලයේ මැදගිල්ලේ සිට නොකැඩුණු උඩට ගිය රේඛාව වේද ඒ ස්ත්‍රී බෝග ලැබීමට උතුම් වන්නීය.තවද පාදතලයේ මීයා,සර්ප කාක සමාන රේඛා වේද දුක් දිළිදු වේ.


3) පාදයේ මාපටැහිල්ලේ ලක්‍ෂණ
          * උන්නතො මාංසලො "ඩ්ගුෂ්ඨො වර්තුලො' තුල භොගදඃ
            වක්‍රොහ්‍රස්වශ්ව  චිපිටඃ  සුඛසෞභාග්‍ය  භඤ්ජකඃ


         යම් ස්ත්‍රියකගේ පාදයේ මාපටැගිල්ල උස්වූයේද,මස් සහිතද,වට වූයේද ඒ ස්ත්‍රී භෝග ලාභිවේ.වක් වූයේද,කෙටි වේද,රළු වේද ඒ ස්ත්‍රී සැප ඉසුරු විනාශ කරන්නීය.  


          * විධවා විපුලෙන සහාද්දීර්ඝාඩ්ගුෂ්ඨෙන දුභර්ගා


            මහත් වීමෙන් දික් මාපටැගිල්ලෙන්,වැන්දඹු අවාසනාවන්ත ස්ත්‍රියක්වේ.


       
                          -------  මතු සම්බන්ධයි. -------
          

3 comments:

IndraJ said...

ස්ත්‍රීන්ගෙන් ගුටි නොකා ඔය ලක්ෂණ නිරීක්ෂණය කරණ ආකාරයත් පැවසුව මැන මුනිවරයාණෙනි!!!!

Anonymous said...

@ Indra J සැම ස්ත්රියක්ගේම නොබලා, තමන්ට හිමි කෙනාගේ බැලුවොත් ගුටි කන්න වෙන එකක් නැ :D :D

Anonymous said...

හ..හා....මට නං රජ බිසවක් එපා....
චමන්ත

Related Posts Plugin for WordPress, Blogger...