Sunday, April 17, 2011

සුභ දිශාව ඔබම දැන ගන්න.

  සතියේ දින හතට සුභ දිශාවන් වෙන් වෙන් වශයෙන් ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇත.මෙහිදී අදාළ දිනයේ මරු සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව සලකා ඇත.



     ඉරිදා           - දකුණ
     සදුදා           - ගිනිකොණ
     අඟහරුවාදා - නැගෙනහිර
     බදාදා        - ඊසාන
     බ්‍රහස්පතින්දා  - උතුර
     සිකුරාදා  - වයඹ
     සෙනසුරාදා  - බස්නාහිර
        (සෙනසුරාදාට සුභ දිශාව ලෙස බස්නාහිර දක්වා ඇතත් බස්නාහිර දශාව සුභ දිශාවක් ලෙස සාමාන්‍යයෙන් නොසලකයි.)
   දින හතට සුභ දිශාවන් මෙලෙස දක්වා ඇතත් මීට අමතර වශයෙන් දක්වා ඇති අභුභ දිශා තත්ත්ව අනුව ඉහත සුභ යැයි දක්වා ඇති දිශාවන්ද අසුභ වන අවස්ථා ඇත.එම සියළු අසුභ තත්ත්ව මගහැර අට දිශා චක්‍රය සලකා තම තමන් විසින්ම සුභ දිශාව තෝරා ගැනීමට ක්‍රමවිදියක් පාඨක ඔබට දැක්වීමට මෙම ලිපිය සකස් කෙරේ.
 දින හා වෙනත් කරුණු අනුව අසුභ දිශා යෙදෙන අයුරු
     1) සත් දින අනුව මරු සිටින දිශාව අසුභයි.
     2) සත් දින අනුව මරු සුලම සිටින දිශාව අසුභයි.
     3) සත් දින අනුව සුලම සිටින දිශාව අසුභයි.
     4) සත් දින අනුව ගුරුළු චන්ද්‍රයා සිටින දිශාව අසුභයි.
     5) සත් දින අනුව බහිරව සිටින දිශාව අසුභයි.
     6) අට විසි නැකැත්(උත්‍රසල හා සුවණ නැකැත් දෙක අතර පිහිටි අභිජිත් නැකතද සමඟ) අනුව පරිඝ දණ්ඩ පිහිටි දිශාව අසුභයි.
     7) තිථි 15 අනුව යෝගිනිය සිටින දිශාව අසුභයි.


 දැන් මෙම අසුභ දිශා ඉවත් කොට සුභ දිශාව තෝරා ගන්න අයුරු විමසා බලමු
     1) සත් දින  මරු සිටින දිශාව (අසුභයි.)
          ඉරිදා           - උතුර
          සදුදා           - වයඹ
          අඟහරුවාදා - බස්නාහිර
          බදාදා        - නිරිත
          බ්‍රහස්පතින්දා  - දකුණ
          සිකුරාදා  - ගිනිකොණ
          සෙනසුරාදා  - නැගෙනහිර
         ඊශාන මරු නැත.


       2) සත් දින මරු සුලම සිටින දිශාව (අසුභයි.)
            ඉරිදා,සදුදා  -  නැගෙනහිර
            අඟහරුවාදා,බදාදා   - උතුර
            බ්‍රහස්පතින්දා- දකුණ
            සිකුරාදා,සෙනසුරාදා  - බස්නාහිර


       3) සත් දින සුලම සිටින දිශාව (අසුභයි.)
            ඉරිදා,සිකුරාදා   -  බස්නාහිර
            සදුදා,සෙනසුරාදා  - නැගෙනහිර
            අඟහරුවාදා,බදාදා  -උතුර
            බ්‍රහස්පතින්ද  -  දකුණ


        4) සත් දින  ගුරුළු චන්ද්‍රයා සිටින දිශාව (අසුභයි.)
             ඉරිදා           - වයඹ
             සදුදා           - නැගෙනහිර
             අඟහරුවාදා - නිරිත
             බදාදා        - උතුර
             බ්‍රහස්පතින්දා  - ගිනිකොණ
             සිකුරාදා  - බස්නාහිර
             සෙනසුරාදා  - ඊසාන


        5) සත් දින බහිරව සිටින දිශාව (අසුභයි.)
             ඉරිදා,බ්‍රහස්පතින්දා  - ගිනිකොණ
             සදුදා,සිකුරාදා  - නිරිත
             බදාදා     -  ඊසාන
             අඟහරුවාදා,සෙනසුරාදා  - වයඹ


         6) පරිඝ දණ්ඩට මුහුණ දීම අශුභයි


              පරිඝ දෝෂය යෙදෙන්නේ නැකැත් අනුවය.මෙහිදී සම්මත නැකැත් 27 ට අමතරව උත්‍රසල හා සුවන නැකැත් දෙක අතරට "අභිජිත්" නැකත යොදා ඇත.ශුභ මුහුර්තයන්හිදී යෙදී ඇති නැකත අනුව යෙදෙන සුභ දිශාව මේ අනුව තෝරා ගත යුතුය.(රූපය බලන්න)
                                        


             ඉහත රූප සටහන අනුව නැගෙනහිර හා උතුරෙහි දැක්වෙන නැකතකින් සුභ මුහුර්තය යෙදී ඇති විට බටහිරට හෝ දකුනට නොයා යුතුය.දකුනෙහි හා බටහිරෙහි ඇති නැකතකින් කටයුතු කරන්නේ නම් නැගෙනහිරට හෝ උතුරට නොය යුතුය.මන්ද පරිඝ දණ්ඩ මුණ ගැසෙන බැවිනි.


 7) යෝගිනී සිටින දිශාව අසුභයි.
      1 සහ 9 තිථි - චණ්ඩා නම් යෝගිනය - නැගෙනහිර (අසුභයි.)
      2 සහ 10 තිථි - මෘත්‍ය නම් යෝගිනය - උතුර (අසුභයි.)
      3 සහ 11 තිථි - මෘත්‍ය නම් යෝගිනය - ගිනිකොණ (අසුභයි.)
      4 සහ 12 තිථි - වෙසුනු නම් යෝගිනය - නිරිත (අසුභයි.)
      5 සහ 13 තිථි - වරාහි නම් යෝගිනය - දකුණ (අසුභයි.)
      6 සහ 14 තිථි - ඉන්ද්‍රානි නම් යෝගිනය - බස්නාහිර (අසුභයි.)
      7 සහ 15 තිථි - මුණඩි නම් යෝගිනය - වයඹ (අසුභයි.)
      8 සහ අමාවක තිථි - මහා ලක්‍ෂමී නම් යෝගිනය - ඊසාන (අසුභයි.)
   වාද විවාද තරග විභාග සම්මුඛ පරීක්‍ෂණ ආදියට යෝගිනී දිශාව විශේෂයෙන් අත්හල යුතුය.


  මෙසේ විස්තර කල පරිදි බලන විට සෑම දිනකම විවිධාකාර වූ අසුභ දෝෂ ඇත.එනිසා කුමන දිශාව සුභ දිශාව ලෙස තෝරා ගත යුතුද යන්න ගැටළු සහගතවන අවස්ථා මතුවේ.මෙහිදී ඉහත දැක්වූ දෝෂ තත්ත්ව අනුව අසුභ දිශා ලකුණු කරමින් සටහන් කර ගන්නා අෂ්ට දිශා චක්‍රයත්.එදින සදු සිටින රාශිය අනුව සලකන විශේෂ සුභ දිශාවත් අනුව බලමින් වඩාත්ම සුභ දිශාව තෝරා ගත යුතුය.


  සදු සිටින රාශිය අනුව සුභ දිශාව
     * මේෂ,සිංහ,ධනු       - නැගෙනහිර
     * වෘෂභ,කන්‍යා,මකර - දකුණ
     * මිථුන,තුලා,කුම්භ    - බස්නාහිර
     * කටක,වෘශ්චික,මීන - උතුර


 උදාඃ-
    බ්‍රහස්පතින්දා දිනය ,එකොලොස්වක තිථිය,අස්ලිස නැකත යෙදී ඇති හා තත්කාලයේ සදු මීන රාශියේ සිටින සුභ මුහුර්තියක් සදහා සුදුසු සුභම දිශාව අෂ්ට දිශා චක්‍රය අනුව තෝරා ගනිමු.


 අසුභ දිශා
      1) මරු    - දකුණ
      2) මරු සුලම - දකුණ
      3) සුලම - දකුණ
      4) ගුරුළු චන්ද්‍රයා -ගිනිකොණ
      5) බහිරව  - ගිනිකොණ
      6) පරිඝ  - දකුණට යනවිට පරිඝ දන්ඩ හසුවේ.එනිසා දකුණු දිශාව අසුභයි. 
      7) යෝගිනි  - ගිණිකොණ

   දැන් මෙම අසුභ දිශා අෂ්ට දිශා චක්‍රය තුල ලකුණු කරමු.(රූපය බලන්න)
                                      


   සදු මීනයේ සිටින විට සුභ දිශාව උතුරයි.බ්‍රහස්පතින්දාට සුභම දිශාවද උතුරයි.ඒ අනුව දක්වා ඇති උදාහරණ සුභ මහුර්තියට සුභම දිශාව උතුරු දිශාවයි.
    

11 comments:

හිස් අහස said...

ඇත්තටම මේක ගොඩක් වැදගත් ලිපියක් . මේවට කැමති මගේ යාළුවෙක් ඉන්නවා එයාට මේක ගොඩාක් වටීවි . මම මේක එයාට දෙන්නම් .. මමනම් අයියේ උතුර කොහේද කියලාවත් නොදන්න එකෙක් ඕං ..

Anonymous said...

අප නිදා ගන්නා විට උතුරු දිශාවට හිස හරවා නිදා නොගත යුතු බව මා අසා තිබෙනවා.ඒ ඈයි?

jhothishalanka said...

Anonymous
මෙය පෘථිවියේ චුම්භක ක්‍ෂෙත්‍රය හරහා(චුම්භක රේඛා හරහා) වැටීමත් හා ජ්‍යොතිෂයේදී උතුරට මුහුණලා නිදා ගැනීම වංශයට නින්දා ඇති වීම හා දරුවන්ට රෝග පීඩා ඇතිවන බව දෝෂ ලෙස සදහන්ය.බටහිරට හිස තැබීමද අසුභයි.
වඩාත්ම සුදුසු නැගෙනහිර හා දකුණට මුහුණ ලා නිදාගැනීමයි.

Anonymous said...

කාල සර්ප යෝගය කියන්නේ මොකක්ද?
මෙම යෝගය ඈතිවිට ජීවීතය විනාශ වෙනවද?

මම අදහස් කරන්නේ,
හිරේ විලන්ගුවේ වෑටීම,රෑකියාවෙන් පහ කිරීම,ලෙඩ දුක් ඈති වීම වෑනි දේ ඈති වේද?

ලලිත්-මාලබේ

Anonymous said...

Anonymous Chamantha.

මෙතනට අදාල නැති උනත් කාරනයක් තියෙනව දැනගන්න.
කේන්දරේ සෙනසුරු7 හෝ අගහරු 7තේ ඇති කෙනෙක්ට සැමවිටම සෙනසුරු7හෝ අගහරු 7 වන කේන්දරයක් ඇති කෙනෙකු සමග හැර විවාහවීම අසුභද?

jhothishalanka said...

@ anonymous Chamantha
කෙනෙකුගේ උපන් කේන්ද්‍රයේ අගහරු,සෙනසුරු රාහු වැනි පාපීන් සිටින විට විවාහ පොරොන්දම් ගැලපීමේදී ඊට සමාන අයුරින් පාපී ග්‍රහයන් සිටින කේන්ද්‍ර ගැලපීම සාමාන්‍යයෙන් සිදුවුවත් මෙම ගැලපීම කල යුත්තේ හොද පලපුරුදු දෛවඥයකු ලවායි.පාපීන් සිටින කේන්ද්‍රය ස්ත්‍රී කේන්ද්‍රයක් නම් පුරුෂ කේන්ද්‍රයේද පාපීන් සිටීම අත්‍යාවශ්‍ය වන අවස්ථා වැඩියි. නමුත් පාප ග්‍රහයන් හතේ,අටේ සිටින්නේ කොහොමද(බල දුබලතාව) වෙනත් පාප හා සෞම්‍ය ග්‍රහ දෘෂ්ථි හතට අටට වැටෙන අයුරු සලකා බලා හොද විමසිල්ලෙන් කල යුතුය.අඟගරු,සෙනසුරු වැනි ග්‍රහයන් හතේ සිටින විට එවැනිම ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍රම ගෑලපිය යුතුයැයි නියමයක් නැත.එය එසේ වීම අනිවාර්‍ය මෙන්ම අනිවාර්්‍ය නොවන අවස්ථාද ඇත.

jhothishalanka said...

Anonymous 1

කාල සර්ප යෝගය ගැන ලිපියක් කලින් ලියා ඇත.

http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_18.html

Anonymous said...

Type MyAstro & SMS to 1312, to register for PERSONALIZED DAILY ASTROLOGICAL readings by Deshabandu Sumanadasa Abeygunawardena. Rs.30/month+tax

මට ඔය SMS එක මොබිටෙල් එකෙන් ආවේ.ඔකේ සදහන් තෑනත්තා ඈත්ත කියනවා කියා ඔබ සිතනවාද?
මේකේ register උනොත් හොදද?
මෙම ගෑටලුව ඔබගේ සයිට් එකේ දෑමීම නුසුදුසුයු කියා සිතේ නම් ගෑටලුව පල කරන්න එපා.උත්තරේ විතරක් දාන්න.

jhothishalanka said...

@Anonymous

ඇත්තටම මේ වගේ වැඩ වලින් කෙරෙන්නේ ජ්‍යොතිෂයට නිගරුවක් මම ඊට වඩා කියන්නේ නැහැ.ජ්‍යොතිෂය මිනිසුන් අතරට ගෙනියන්න හොද මානුෂික ක්‍රම තියෙද්දි මේ වගේ වැඩ කරන්නේ ඇයිද කියල මටනම් හිතා ගන්න බැහැ.මම මෙහෙම කිව්වහම අනිත් අය කියන්නේ "ආ එතකොට උඹ විතරයි හරි අනිත් අය වැරදියි" කියලා. මේ වගේ වැඩක් එටිසෙලාට් අයත් කරනවා.ඒ ගැන ලිපියක් කලින් ලියල ඇති ඒක කියෙව්වහම මේක ගැනත් ඔබටම තේරුම් යාවී. ඔන්න පල්ලෙහා ලින්ක් එක ඒක එහෙමම කොපි කරල ඇඩ්ඩ්‍රස් බාර් එකට පේස්ට් කරල එන්ටර් කරන්න.
http://lankajhothisha.blogspot.com/2011/01/etisalat.html

Anonymous said...

මෙවැනි ජ්‍යොතිෂය සම්බන්ධ ගැටලු සමාජයේ ගොඩක් තියෙනව.ඒ වගේම ඒවා සම්බන්ධ පුහු මතිමතාන්තරත් අනන්තයි.මේ වගේ site එකකින් එම පුහු මත යම් තරමකට හෝ සමාජයෙන් ඉවත් කිරිමට හැකි වෙනව.මගේ ගැටලුවත් එහෙම එකක්.thanks වෙන්න ඹ්න පැහැදිලි කරල දුන්නට.
...චමන්ත මල්ලි....

M. M. Rohana Wasantha said...

සුභ දිශාව බැලීමේදී ඊසාන දිශාව කෙසේවත් නොබැලිය යුතු දිශාවක් ලෙසත් ගිණිකොණ ද එබඳුම දිශාවක් ලෙස දක්වා ඇති අතර ඊසානට මරුවා වත් නොයන බව අසා ඇතැයි සිතන අතර මෙය අවධානය යොමු කළ යුතු කරුණක් ලෙස පෙන්වා දෙනු කැමැත්තෙමි.
එම්. එම්. රෝහණ වසන්ත 0714161082

Related Posts Plugin for WordPress, Blogger...