Thursday, April 21, 2011

ලක්දිවට හදි හූනියම් ක්‍රම ලැබුණු හැටි.

 ඒ මහා සම්මත රජුගේ රාජ මාලිගාවයි.මහ රජු සේනාව සමඟ අසුර යුද්ධයකට පිටත්ව ගොසිනි.මාළිගාවේ ආරක්‍ෂාවට සිටි භට පිරිස රජ බිසෝවරු හා කුඩා රාජ කුමර කුමරියන් හැරුණු විට මාලිගය තුල වැඩි පිරිසක් නොවීය.මැණික්පාල බිසව රාජ බිසෝවරුන් අතර අග බිසව විය.මනා රූ සපුවකින් යුත් මැණික්පාල විශ්ණු දෙවියන්ගේ නැගණියකි.හදිසියේම මාලිගාවේ සිට පිරිස පුදුමයට පත්කරමින් මහා සම්මත රජු මාලිගාවට නැවත පැමිණියේය.ඔහුගේ පෙනුම වෙනදාට වැඩිය වෙනසකි.භට පිරිසද වෙහෙසට පත්වූ ස්වභාවයකි.

   "ස්වාමිණී මෙපමණ ඉක්මනින් පැමිණියේ මන්ද?අසුර යුද්ධය අපි ජය ගන්නා බව පෙර සිටම දැන සිටියෙමි.නමුත් මෙතරම් කඩිනමින් යුධ ජය ලැබේ යයි නොසිතුවෙමි."
   "ඇත්තටම දේවිය අසුරයන් පරාජය කිරීම මෙතරම් ඉක්මනින් කළ හැකිවේ යැයි මාද නොසිතුවෙමි.දැන් අපිට ඉතිරිව ඇත්තේ ජයපැන් බීම පමනි."
  මැණික්පාල දේවියට යම් සැකයක් ඇති විය.මහා සම්මත රජුගේ පෙනුම වෙනදාට වඩා වෙනස්ය.කටහඩද අමුතු ස්වරූපයකි.හේ තමා දෙස බලන්නේද වෙනදා නැති මනමාල බැල්මකිනි.
  මැණික්පාල දේවිය සිරියහන් ගබඩාවට පිවිස යහන්ගතවී කල්පනා කරන්නට විය.එක්වරම ගොරෝසු අතකින් කෙනෙකු තම හිස පිරිමදිනු ඇයට දැනුනි.ඇය හිස ඔසවා බැලීය.ඒ මහා සම්මත රජුය.
  "ඇයි දේවිය ඔබ බියට පත්වී සිටින්නේ මන්ද?"
  එසේ කියමින් රජු දේවියට ලංවෙත්ම බිසව වහා ඉවතට පැන
  " නුඹ කවුරුන්ද? නුඹ මහා සම්මත රජු නොවන බව මා සිත මුල සිටම සැකයක් විය.මගේ ශරීරයට අත තැබීමට නුඹට ඉඩ නොදෙමි.වහා ඉවතට යව."
  මැණික්පාල දේවිය එසේ පවසත්ම මෙතෙක්  මහා සම්මත රජු වේශයෙන් සිටි වසවර්ති මාරයාට වැඩේ වැරදුනු බව තේරුම් ගියේය.තම අරමුණ සඵල කර ගැනීමට නොහැකි වූ වසවර්ති තෙම කෝපයෙන් මෙසේ පැවසීය.
   " තිගේ සොයුරා විශ්ණු මා සමග පෙර ඇති කරගත් ගිවිසුමක් අනුව තීගේ විවාහය මා සමග තීන්දු විය.ඒ තීන්දු ප්‍රකාරව මාගේ නැගණිය විශ්ණුට ආවාහ කර දුනි.නමුත් තී හා සොයුරු විශ්නු ගිවිසුම් කඩ කරමින් තිගේ විවාහය මහා සම්මත රජු සමඟ සිදු කිරීමට තීරණය කළ දිනයේ සිටම මා සිටියේ තොපගේ පවුල සමග ද්වේශයෙන්.තිගේ පතිවත බිද නින්දා කරවීමට මහා සම්මත රජ වේශයෙන් පැමිණියෙමි.එය අසාර්ථක වුවත් මා තිට දඩුවම් කරන්නෙමි."
  මෙසේ කියා වසවර්තී තෙම විෂකුරු සර්පයකු මවා එම සර්පයාගෙන් මැණික්පාල බිසවට දමා ගැසීය.මෙම සර්ප විණය වැදුනු මැණික්පාල බිසව රෝගාතුර විය.
    මෙය ආරංචිවූ විශ්ණු දෙවි "ඔඩ්ඩි" නම් අසුරයකු ගෙන්වා විනය කපා මැණික්පාල බිසව සුවපත් කළේය.තම නැගණිය සුවපත් කරවීමේ ගාස්තුව ලෙස ඔඩ්ඩි ගේ ඉල්ලීම වූයේ දෙව්ලොව විසීමයි.
   කලක් ගතවීමේදී අසුරයකු වූ මේ ඔඩ්ඩි ගේ ක්‍රියාවන් දෙවියන්ට කරදරයක් විය.අන්තිමමේදී දෙවියන් ඔඩ්ඩිව දෙව්ලොවෙන් පන්නා දැමීය.දෙව්ලාව සිට පැමිණි දෙවියන්ගේ ඔත්තු බලන්නෙකු යැයි අසුරයන්ද ඔඩ්ඩිව ප්‍රතික්ෂේප කලහ.අවසානයේ සියල්ලන් සමග වෛරයෙන්  යුතුව සියදිවි හානි කරගත් ඔඩ්ඩි "සූනියම්" නමින් යක්‍ෂයකුව උපන්නේය.අන් අයට සූනියම් කොට ලෙඩදුක් ඇති කරවීමේ වරය වෙසමුණි ගෙන් ලබාගත් සූනියම් යකු මිනිසුන්ට සූනියම් වින කරමින් ලෙඩ කරවූයේය.මිනිසුන් අතර වෛරය ඇති කොට ඔවුන් විසින් එකිනෙකාට වින කරගනිමින් ඔවුන්වම විනාශ කරවූයේය.
  කල්ගතවීමේදී සූනියම් යක්‍ෂයාගේ බලය වැඩි වීම දෙවියන්ටද කරදරයක්ම විය.මෙසමුනි රජුගෙන් ලැබූ වරම නිසාම සූනියම් යකුගේ බල බිදීමට දෙවියන්ට කල නොහැකි විය.සූනියම් මෙල්ල කිරීම මනුෂ්‍යකු විසින් කල යුත්තක් විය.අවසානයේ දෙවියන් අතරින්ම කෙනෙකු මනුෂ්‍ය ලොව මනුෂ්‍යකු ලෙස ඉපදී යක්‍ෂ බන්ධන ක්‍රම උගෙන සූනියම් යකුගේ බල බිදීමට තීරණය විය.ඒ අනුව දිව්‍යායුෂ ගෙවෙමින් සිටි බලවත් දෙවි කෙනෙකු ඒ සදහා තෝරා ගැනුනි.
  --------------------------------------------------------------------------------------------
      පුරාණ වඩිග දේශයේ මන්ත්‍ර ශාස්ත්‍ර කටයුතු පාරම්පරිකව සිදු කෙරෙන බමුණු පවුලක උපත ලද කුඩා දරුවා නමින් "ඔඩ්ඩි" නම්ම විය.කුඩා කල සිටම යන්ත්‍ර මන්ත්‍ර ආදී යකැදුරු කම් මනා ලෙස ඉගෙන ගනී.තමාව බන්ධනය කිරීමට දෙවියන් අතරින් කෙනෙකු මනුලොවට පැමිණ වඩිග දේෂයේ උපත ලබා ඇති බව දැන ගත් සූනියම් යකු ඔහු විනාශ කරවීමට සිතා වඩිග දේශයට පැමිනියේය.මනුලොවට පැමිනි තැනැත්තා දේවාශීර්වාදයෙන් සූනියම් වලින් ආරක්‍ෂා වන බලයෙන් යුක්ත බව දැනගත් සූනියම් යකු ඔහු හදුනා ගැනීමට ප්‍රථමයෙන්ම බාල දරුවන් රෝග කරවන ලෙස සූනියම් කලේය.නමුත් මෙහිදී "ඔඩ්ඩි" කුමරුගේ ආරක්‍ෂාවට දෙව්ලොවින් පැමිණි පිරිසක් කුඩා දරුවන්ගේ වේශයන් ගෙන සූනියම් යකු නොමඟ යැවූහ.මෙලස "ඔඩ්ඩි" කුමරු දෙවියන්ගේ ආරක්‍ෂාව යටතේ සූනියම් යකුගෙන් ආරක්‍ෂා වී වයසින් වැඩුණි.
  කලක් ගතවිය.දැන් ඔඩ්ඩි තරුණ වයසේය.මනා කඩවසම් පෙනුමකින් යුත් ඔඩ්ඩි දක්‍ෂතා වලින් පරිපූර්ණ අයකු විය.තමාව බන්ධනය කිරීමට පැමිණි ඔඩ්ඩි කවුරුන්දැයි හදුනාගැනීමට නොහැකිවූ සූනියම් යකු මෙතරම් ආරක්‍ෂාවක් ඔඩ්ඩිට ලැබීමට කරුණු සොයා බැලීය.එහිදී ඔඩ්ඩි ,සක්‍ර දේවින්ද්‍රයා ඇතුළු දෙවියන්ගේ ආශීර්වාද ආරක්‍ෂා බලයෙන් සිටින බවත් ඔඩ්ඩිව විනාශ කිරීම යක්‍ෂයකුට කළ නොහැකි බවත් රාජ දඩුවමකින් මිස ඔහු විනාශ කල නොහැකි බවත් සූනියම් යක්ෂයාට අවබෝධ විය.පසු කලක වඩිග රජුගේ ප්‍රධාන යකැදුරු පදවියට පත්වෙන්නේ ඔඩ්ඩි බවත් එතෙක් ඔහුව තමාට හදුනා ගැනීමට නොලැබන බවත් දැනගත් සූනියම් යකු තමාගේ අවස්ථාව එනතුරු බලා සිටියේය.මේ අතර තම පරම්පරාවෙන් පැවත එන මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රම ඉතා හොදින් උගත් ඔඩ්ඩි එපරිද්දෙන්ම වඩිග රජුගේ ප්‍රධාන යකැදුරු පදවියට තරුණ අවධයේදීම පත්විය.යකැදුරෙකු වුවත් ඔඩ්ඩි සුකුමාලය,පියකරුය.රජුටත් රාජ බිසවන්ටත් රජ කුමර කුමරියන් ඇතුළු රජ පවුලේ අයට සෙත් ශාන්ති කිරීම ඔඩ්ඩිගේ ප්‍රධාන කාර්යය විය.ඔඩ්ඩි රජ වාසල සේවයට පැමිණීමත් සමඟම ඔහු ගැන සෙවිල්ලෙන් සිටි සූනියම් යකුට ඔඩ්ඩිව හදුනා ගත හැකි විය.ඔඩ්ඩිව රාජ උදහසට ලක්කොට මරණයට පත් කිරීමට මාන බලමින් සිටි සූනියම් යකු වඩිගෙ රජුගේ අග බිසවගේ ඇගට අරක් ගත්තේය.
  වඩිග රජු අගුටුමිට්ටෙක් විය.අන්තඃපුර ස්ත්‍රීන් හමුවට යාමට පිරිමින්ගෙන් අවසර තිබුනේ වඩිග රජුටත් රාජ බිසවන්ට සෙත් ශාන්ති සිදු කරන ඔඩ්ඩිටත් පමනි.රාජ බිසවන් ඔඩ්ඩිව ප්‍රිය කලේය.සූනියම් යකු අග බිසවගේ ශරීරයට අරක් ගත්තේද මෙය දැනගෙන එමගින් ඔඩ්ඩිව රාජ උදහසට හසු කිරීමේ උපාය මාර්ගයක් ලෙසය.අග බිසව ක්‍රියා කරන්නේ සිය සිරුර අරක්ගත් සූනියම් යකුට අවැසි ලෙස බව කිසිවෙකුත් නොදනී.රාජ්‍ය යකැදුරා වුවද ඔඩ්ඩිටද මෙය වටහා ගත නොහැකි විය.තමා සූනියම් යකු බන්ධනය කිරීමට දෙව්ලොවෙන් පැමිණි බවක්ද ඔඩ්ඩි නොදනී.දෙවියන්ද අවස්ථාව එනතුරු ඔඩ්ඩිට එය දැන ගැනීමට අවස්ථා නොසැලසුවේ ඒ වනවිටත් ඔඩ්ඩි තරුණ වයසේ සිටි බැවිනි.
  එක් දිනක් අගබිසව(සූනියම් යකු අරක්ගත්) ඔඩ්ඩි හමුවට පැමිණ මෙසේ කියයි.
  "ඔඩ්ඩි මට ඔයාට කාරණාවක් කියන්න තියෙනවා."
  "කුමක්ද දේවීන් වහන්ස"
  " ඔය ඉතින් ඔයා මට කතා කරන්නෙත් රජතුමා මට කතා කරන විදියටනේ.මම කැමති නෑ ඔයා මට එහෙම කියනවට.කෝ පොඩ්ඩක් මගේ ලගට එන්නකෝ.මට මයාට කියන්න කාරණාවක් තියෙනවා.හැම තැනම රාජ පුරුෂයෝ හින්ද මට මේක ඔයාට කියා ගන්න බැරුව හිටියේ අදනම් කොහොම හරි කියනවා."
   "කුමක්ද දේවීන් වහන්ස එතරම් වටිනා කාරණාව?"
   "ඔය ආයිත් වහන්සලු,ඔයාටවත් තේරෙන්න් නැද්ද ඔඩ්ඩි මම විදින දුක.මේ අඟටුමිටි රජාට අප වැනි ස්ත්‍රීන් සතුටු කර හැකිද?රාජ භොජුන් වැලද රාජ සැප සම්පත් ලැබූ පමනින් අපව සතුටින් තැබිය හැකිද?මේ අඟුටුමිට්ටා සමග ගෙවන ජීවිතය මට දැන් එපා වී ඇත.පෙම්බර ඔඩ්ඩි, මා ඔබ සමඟ ප්‍රේමයෙන් මුසපත්වී සිටිමි.අප දෙදෙනාට රහසින් ඇසුරු කිරීම හැර වෙන මඟක් නැත."
  ඉතා රූමත් අග බිසවගේ මෙවදන් ඇසූ ඔඩ්ඩිටද රාග සර්පයා දෂ්ඨ කලේය.ඔහුද අග බිසවට වශී විය.අග බිසව මෙන් සිටින්නේ සූනියම් යකු බව නොදත් තරුණ ඔඩ්ඩිද අග බිසවට අවනතවී ඇය සමග ඇගේ සිරියහන් ගබඩාවට හොර රහසේ ඇතුල් විය.අග බිසව ඔඩ්ඩිට සුරා පොවා මත්කර තම යහන මත හොවා අනතුරුව මහ හඩින් කෑ ගසමින් රජතුමා ලගට ගොස් සැල කර සිටියේ ඔඩ්ඩි සුරා බී මත්ව තමාගේ සිරියහන් ගබඩාවට ඇතුල් වී තමාට අතවර කිරීමට සැරසුනු බවය.ඒ අසා රජු ඉතා කෝපයට පත් විය.අග බිසව කිවූ පරිදි ඔඩ්ඩි සූරා මතින් අග බිසවගේ යහන මත වැටී සිටිනු රජුටද දැක ගත හැකි විය.රජු වහා රාජ පුරුෂයන්ට නියම කලේ ඔඩ්ඩිව දස වද දී මරා දමන ලෙසය.
   
         ඊට පස්සෙ මොකද වුනේ?
     

22 comments:

amila said...

mame thawa tikak kiyannako

සංජු said...

ඉතිරි ටිකත් ඉක්මනටම ඕනි............... එක හුස්මට කියෙව්ව

jhothishalanka said...

@amila
mame?

Buddy --බඩී said...

ane..ikmanata kiyannako.....

Abilash said...

මෙතන ඔඩ්ඩිලා දෙන්නෙක්ම ඉන්නවානේ... සුනියම් යකා වෙලා උපදින්නේත් ඔඩ්ඩි... ඒ සුනියම් යකා බන්දනය කරන්නත් එන්නේ ඔඩ්ඩි... මේක අවුල් සහගතයි නේ.. පොඩ්ඩක් පැහැදිලි කරනවද?.....


ප.ලි : එතකොට ඔඩ්ඩි මස්සිනා කවුද?

jhothishalanka said...

@Amil
මේ ප්‍රශ්නෙ බලාපොරොත්තුවෙන් සිටියේ. සූනියම් යක්‍ෂ උපත හා ලක්දිවට සූනියම් ක්‍රම සංක්‍රමණය වීම පදළිබද විවිධ කතාන්දර තිබෙනවා.මල්සරා රජුගේ ඉන්දියානු බිසවගේ වැඩිමල් සහෝදරියන් තෑග්ගක් ලෙස එවූ සූනියම් පෙට්ටියේ කතාව එකක්.මෙතන ඔඩ්ඩි කියන්නේ දෙන්නෙක්.ඔඩ්ඩි නමින් සිටි අසුරයා දිවි නසාගෙන සූනියම් යකු වබවට පත් විය.දෙව්ලොවෙන් පැමිනි(මෙම දෙවියා සූර්ය පුත්‍ර වරුණ ලෙස සදහන් වෙනවා.)මෙම දෙවියා සූනියම් යකු බන්ධනය කිරීමට වඩිග දේශයේ උපදින්නේ "ඔඩ්ඩි" නමින්. මෙතන "ඔඩ්ඩි" ලා දෙන්නයි. "ඔඩ්ඩි" කියල තවත් යකෙක් ඉන්නවා.ඔයා "ඔඩ්ඩි මස්සිනා "කියල කිව්වෙ එයාට.උඩරට සොකරි නැටීමේදී "වඩිග රටෙන් වර ඔඩ්ඩියා" කියල කියන්නේ සූනියම් යකු පොතට තබා කටුගැසූ දෙව්ලොවෙන් පැමිණි "ඔඩ්ඩි"

Anonymous said...

jhoyishalanka මාමේ, කතාව කොටස් කීයකට දාන්නද හිතන් ඉන්නේ

jhothishalanka said...

Anonymous
කොටස් 2 යි. ඊලගට අවසාන එක

නදී said...

ඉතුරු ටිකත් ඉක්මනට දාන්න පුලුවන්නම්.

නදී said...

පෝස්ට් එකට සම්බන්ද නෑති ප්‍රශ්නයක්:පිල්ලි යවනව කියන්නෙ මොකද්ද?මෑරුන සතෙක්ව බලගන්වල කරන දෙයක්ද?පුලුවන්නම් තේරුම් කරල දෙන්න

jothiratna said...

අසුරයා සහ යකා නිර්වචනය කරනවද?කතාවේ හැටියට ඇසුර සහ යක්ෂ කියන්නේ දෙවර්ගයක්.

jhothishalanka said...

jothiratna

මේවායින් දෙක තුනක් කියවන්න එතකොට අසුරයන් යනු කව්දැයි වැටහේ.

http://www.google.lk/#q=%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D&bih=691&biw=1280&fp=1&hl=si

jhothishalanka said...

jothiratna
use "google sinhala serch engine"

~:: My Cottage ::~ said...

"දේවාශීර්වාදයෙන් සූනියම් වලින් ආරක්‍ෂා වන බලයෙන් යුක්ත බව දැනගත් සූනියම් යකු ඔහු හදුනා ගැනීමට ප්‍රථමයෙන්ම බාල දරුවන් රෝග කරවන ලෙස සූනියම් කලේය"

බාලගිරි දෝෂය කියන්නෙත් මේකටද?

හිස් අහස said...

ඉතිරි ටික කෝ මාරම ආසාවෙන් කියැවුවේ මේක .. මම අහලා තිබුනේ සූනියම් කියන්නේ දේවතාවෙක් කියලා . මගෙජීවිතේට මම මෙහෙම කතාවක් අහලා තිබුනේ නෑ .. මෙන්න මේ වගේ කතා තව තව ලියන්න . මමනම් මාරම ආසයි මේවගේ කතා වලට ...

ඉක්මනට අනික් කොටසත් ලියන්න ...

jhothishalanka said...

@~:: My Cottage ::~

නෑ නෑ ඒ වෙනින් යකෙක්.පස්සෙ ඒ ගැනත් ලියන්නම්.

Anonymous said...

මම අහල තියෙන හැටියට සූනියම් දේවතාවා ඉන්නේ පත්තිනි දේවියන්ගේ යටතේ කියලයි.

jhothishalanka said...

@Anonymous

http://www.silumina.lk/2011/03/06/_art.asp?fn=as11030611&p=1
http://www.divaina.com/2009/12/20/siya09.html

හරී said...

සූනියම් දේවතාවා කියන්නෙත් සූනියම් යකාටමද?

jhothishalanka said...

@හරී
දෙන්නෙක්

Mahason brothood said...

මම අහල තියෙන හැටියට සූනියම් දේවතාවා ඉන්නේ කතරගම දෙවියන් යටතෙය් එම දෙවියන්ගෙය් වු බාරහාර ලබාගැනීම හා දඩුවම් දීම ලු,මෙම දෙයට අමතරව සුනියම් දෙවියන් වීමට කලින් ලන්කවෙය් දකුනෙය් එක්තරා පාරක් අසල අමානුශික ලෙස මිනිසුන්ට දඩුවම් දුන්බවත් පසුව දැඩිමුන්ඩ දෙවියන් මෑදීඉහත් වී දැඩිමුන්ඩ දෙවියන් සතුව තිබු හැකියාවන් වලින් කොටසක් දී යහපත් ලෙස ඉන්නට සලස් වූ බවය එය තුලින් දේවත්වයට පත්වූ බවය.මට මින් හරි දෙය දැන ගැනීමෙ උවමනාවක් ඇත. කරුණාකර හරි දෙය කුමක් ද පෙන්වන්න

jhothishalanka said...

@Mahason Brotherhood
දේව රාක්‍ෂ කතා බොහොමයක් ප්‍රබන්ධ කතා.නමුත් ඒ ප්‍රබන්ධ අනුව මිනිසුන් වැඩි පිරිසක් ඇදහීම් පුදපූජා කරන විට එවැනි මනඃකල්පිත බලවේග වලට සජීවී බවක් ආරෝපනය වී එවැනි බලවේග නිර්මාණය වීමක් ඇති වෙනවා.නමුත් බෞද්ධ හා සිංහල සාහිත්‍ය තුලින් දක්වා ඇති යක්‍ෂ බලවේග වල පුරාවෘත්තමය සත්‍යතාවක් ගැබ්වී ඇත.ඔබ දැක්වූ කතා දෙක මා ද මින් පෙර අසා ඇත.ඒවායේ සත්‍ය සත්‍යතාව දැන ගැනීමට මා උත්සාහ කොට නැත.දේව යක්‍ෂ කතා සාහිත්‍යයක් එහි මනරම් රස වින්දනයක් ඇත.

Related Posts Plugin for WordPress, Blogger...