Sunday, April 24, 2011

ලක්දිවට හදි හූනියම් ක්‍රම ලැබුණු හැටි. ( අවසාන කොටස )

  පාර දෙපස රැස්වූ ජනයා විශ්මයෙන් යුතුව බලා සිටී.ගෙලට වදමල් මාලාවක් පැලඳි අසරණ තරුණයා වධක බෙර හඩ මධ්‍යයේ දංගෙඩිය වෙත රැගෙන යන අයුරු බලා සිටීම දුක්මුසුය.රාජ්‍ය යකැදුරා වුවත් ඔහු කිසිදිනෙක දුෂ්ට ක්‍රියාවක් සිදු කරනු කිසිවකු අසා දැක නැත.ඔහුගේ පෙනුම බලා සිටින්නන්ව තවත් මුසපත් කරයි.වෙනදා දංගෙඩියට ගෙනයන දරුණු සොරෙකු අපරාධකාරයෙකු දෙස රැස්ව සිටින්නන් බලා සිටින්නේ සොරා හෝ අපරාධකරුට හොද වැඩේ යැයි සතුටු සිතිනි.සමහරු බිමට කෙළ ගසන්නේ සොරාගේ මූනට කෙළ ගසන්නාක් මෙන් තරහිනි.නමුත් අද එවැන්නක් දක්නට නැත.අනේ අසරණ ඔඩ්ඩි කාටවත් කරදරයක් තිබුනේ නැහැ.මරන්න තරම් මොකක්ද කරපු වරද?සමහරු කසු කුසු ගායි."සුරා මතින් අග බිසවට කරදර කරන්න ගිහින් කියන්නේ." පිළිතුරු වදන්ද ඇසෙති.

   මේ අතර තව්තිසාවේ තවත් යුද්ධයක්ය.දෙව්ලොවෙන් කෙනෙකු මනුෂ්‍ය ලොවට යන්නේ දිව්‍ය ආත්මයට මදිපාඩු වන පින් දහම් කර ගැනීමට හෝ දෙවියන් වෙනුවෙන් කල යුතු කාර්යයක් ඉටු කිරීමටය.ඔහු නැවත දෙව්ලොවට එනතුරු ඔහුට ආරක්‍ෂාව ප්‍රවේශම සැලසීම මෙන්ම මනුෂ්‍ය ඇසුරින් පවට බර ක්‍රියා වලට නැඹුරු වීම වලක්වමින් ඔහුව නිසි මඟ යැවීම පිළිබදව නිතර සෙවිල්ලෙන් විමසිල්ලෙන් අනිත් දෙවිවරු සිටිති.සූනියම් යකු බන්දනය කිරීමටම දෙව්ලොව සිට මනුලොවට පැමිණි ඔඩ්ඩි හදිසියේම මහත් අකරතැබ්බකට මුහුණ දී ඇත.
  "ඔය මනුස්සයව පොඩි කාලෙ ඉදන් ආරක්‍ෂා කරන් හිටපු තමුසෙලට පෙනුනෙ නැද්ද මේකා රාජ බිසව එක්ක නිදි වදින්න ලෑස්ති වෙච්චි එක." ශක්‍රයා අනිත් දෙවි වරුන්ට දොස් කියයි.
  "කවුද දන්නේ අග බිසවට සූනියම් යකා වැහිල කියල.අග බිසව ලගට ඇවිල්ල ඔඩ්ඩිට පෙම්බස් කියවල සිරි යහන් ගබඩාවට එක්ක යනව නම් අපි දැක්කා.අනික මනුස්ස ලෝකෙ අය ඔයවගේ වැඩ කරනවනේ.ඉතින් ඔන්න ඔහේ දෙන්නට....."
  පිලිතුරු බදිමින් සිටි දෙවියාට කීමට ලැබුනේ එපමනකි.
  " ඇති ඇති දැන් ඕව කියල වැඩක් නැහැ.ඉක්මනට ඔඩ්ඩිව දංගෙඩියෙන් බේර ගන්න බලනවා.දන්නවනේ දිව්‍ය ලෝකෙ තත්පරයක් කියන්නේ මනුෂ්‍ය ලොකේ කොච්චර ලොකු කාලයක්ද කියලා"
  " දැන් ඉතින් ඔඩ්ඩිව බේර ගන්න හරි අමාරුයි.වඩිග රජා අඟුටුමිට්ටා වුනාට නීති රීති හරි තදයි.මේ වෙලාවෙ ඔඩ්ඩිව බේර ගන්න පුළුවන් සදෙව් ලොවට අධිපති සක් දෙවි වන ඔබ වහන්සේට පමනයි.දෙවියන් වූ අපටත් කරදරයක් වූ සූනියම් යකු මෙල්ල කිරීමට මනුලොවට ගිය ඔඩ්ඩිගේ ජීවිතය බේරා ගැනීම දෙවියන් වන අපගේ යුතුකමකි.එබැවින් මනුලොවට ගොස් කුමන හෝ ක්‍රමයකින් ඔඩ්ඩි බේරා ගනු මැනවි."
   දෙවියන්ගේ ඒකමතික ඉල්ලීම අනුව සක්දෙව් රජු මනුලොවට යාමට සූදානම් විය.
   -------------------------------------------------------------------------------


    තමාට හිමි කාම වස්තුවක් පරිහරණය කිරීමට උත්සාහ කල ඔඩ්ඩියා දංගෙඩියට ගෙන යන අයුරු සදළු තලයට වී වඩිග රජා බලා සිටී.සියළු දෙනාම ඔඩ්ඩිව දංගෙඩියට ගෙන යන අයුරු දුක්මුසුව බලා සිටියත් රජාට එවැන්නක් නැත.අග බිසවගේ සයනයේ ඔඩ්ඩියා සුරා මතින් වැටී සිටි අයුරු රජුට මැවි මැවී පෙනේ.ඒ සෑම වාරයක් පාසාම රජු කෝපයෙන් පුපුරයි.වධකයා ඔඩ්ඩියාගේ ගෙල සිදින අයුරු සියසින් දකින තුරු එම කෝපය සංසිදීමක් නැති බව රජුගේ ස්වරූපයෙන් දිස්වේ.
      සක්දෙව් රජු මනුලොවට වඩින්නේ මනුලොව අසරණයකුගේ දෙවියන් යැදීම අනුව සිය පඩුපුල් අසුන වාඩිවී සිටීමට බැරිවන තරමට රත්වූ විටය.ඒ එන්නේද සක්‍ර වේසයෙන් නොව වෙනත් ස්වරූපයකිනි.නමුත් මෙවර සක්‍රගේ පැමිනීම වෙනස් අයුරකිනි.ඔඩ්ඩිගේ මරණය සදළු තලයේ සිට දැක ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින වඩිග රජුට එක්වරම තමා ඉදිරියේ දිව්‍ය ස්වරූපයෙන්ම පෙනී සිටි තැනැත්තා කවුරුන්දැයි හදුනා ගැනීම අසීරු නොවීය.
  " සදෙව් ලොවට අධිපති සක් දෙව් රජුනි,කවර නම් හේතුවකට ඔබ වහන්සේ මෙහි පැමිණියේද?"
   වඩිග රජු ගෞරව පූර්වකව සක් දෙවිදුගෙන් ඇසුවේය.සක්දෙවි විසින් ඔඩ්ඩි කවුරුන්ද යන්නත් ඔහු දෙව්ලොව සිට මනුලොවට පැමිණි කාරණයත් අග බිසවගේ සිරුරට අරක්ගත් සූනියම් යකු විසින් ඔඩ්ඩි රාජ උදහසට ලක්කිරීමට සැලසුම් කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවූ බවත් වඩිග රජුට දැන්වීය.
  " උතුම් සක්දෙවුදුනි.සිදුවී ඇති දෙය මා හට දැන් වැටහේ.නමුත් ඔබ මෙන්ම මමද රජ කෙනෙකි.ඔබ වහන්සේද වරක් මෙවැනි වරදක් කිරීමට ගොස් ස්ත්‍රී යෝනි දහසක් සිරුර පුරා මවා ගත් අයුරු අමතක වීද?එම දඩුවම නෙත් දහසක් බවට ලිහිල් කරගත්තත් එහි අගෞරවය ඔබ වින්දා නොවේද?ඔඩ්ඩිද මෙහිදී වැරද්ද කිරීමට සූදානම් විය.ඒ සදහා ඔහු දඩුවම් විදිය යුතුමය.එය එසේ නොවුනහොත් කුමර බඹසර රැකීමට තරුණ කුමරුවන් ඉදිරියට කටයුතු නොකෙරෙත් .ඔබ වහන්සේට කරන ගෞරවයක් ලෙස ආ ඔඩ්ඩි මෙහි පැමිණි කාරණය සඵල කර ගැනීම වෙනුවෙන් මා ඔහුට ජීවිත දානය දෙමි.නමුත් ඔහුට දඩුවමක් ලෙස රාජ්‍ය සේවයෙන් නෙරපා මාගේ රාජ්‍යයෙන් ඔහුව පිටමං කරමි."
   වඩිග රජුගේ පිළිතුර සක්දෙවිදු ගෞරවයෙන් පිළිගත්තේය.අනතුරුව ඔඩ්ඩි ඉදිරියේ පෙනී සිටි සක් දෙවිදුන් ඔඩ්ඩි දෙව්ලොව සිට මනුලොවට පැමිනි කාරණය වටහා දී අතුරුදහන් විය.


  --------------------------------------------------------------------------------
     මරණ දණ්ඩනයෙන් මිදුනත් ඔඩ්ඩි වඩිග දේශයෙන් පිටුවහල් කෙරුණි.වඩිග දේශයේ සිට කළිගු දේශයට පැමිණි ඔඩ්ඩි බ්‍රාහ්මනයන් ඇසුරේ ජීවත් විය.යකුන් බන්ධනය කරණ ක්‍රම විධි ඉතා හොදින් ප්‍රගුණ කල ඔඩ්ඩි අඩු බලය අඩු යකුන් ප්‍රථමයෙන් බන්දනය කල අතර ක්‍රම ක්‍රමයෙන් බලවත් යකුන් බන්ධනය කිරීම සිදු කලේය.සූනියම් යකු විසින් ඔහුගේ පරිවාර යකුන්ගේ සහය ඇතිව සිදුකරන වින කිරීම් සියල්ලම වාගේ ප්‍රතිවිරුද්ධ වින කැපීම් මගින් කපා ඉවත් කල ඔඩ්ඩි එම වින කැපීමේ ක්‍රම ස්වකීය ගෝලයන් ලවා ග්‍රන්ථාරූඩ කිරීමද කලේය.ඔඩ්ඩි විසින් සූනියම් යකුව බන්ධනය කිරීම ද්වන්ධ යුද්ධයක් බදු විය.ලබ්බට තියා කටු ගැසීම,පොතට තියා කටු ගැසීම,නූල් ගැටේට හිර කිරීම වැනි ක්‍රම වලින් ඔඩ්ඩි විසින් සූනියම් යකු බන්ධනය කිරීම පිළිබදව පොත් පත්වල සදහන්ව ඇතත් ඔඩ්ඩි විසින් සූනියම් යකු සදකාලිකව බන්ධනය කිරීමක් ගැන සදහන්ව නැත.බෞද්ධ සාහිත්‍යයේ සදහන් වන සක්දෙවි,මාතලී,වසවර්ති මාරයා වැනි ආත්මීය දිව්‍ය තනතුරු මෙන් සූනියම් යකු හා ඔඩ්ඩිද තනතුරක් බවට පත්වී ඇත.සක්දෙව් තනතුරට කලින් කලට කෙනෙකු පත්වෙන්නාසේ සූනියම් යක්‍ෂයා බවට කවුරුන් හෝ පත්වේ.එම යකුගේ බල බිදීමට ඔඩ්ඩි කෙනෙකුද ඒ සමගම පැමිනේ.
  
  --------------------------------------------------------------------------------
       අවසාන කාලයේදී නැවත වඩිග දේශයට පැමිනෙන ඔඩ්ඩි තම පරපුරේ ඥාතීන් අතට  යක්‍ෂ බන්ධන ,සූනියම් ක්‍රම ගැන ලියැවුනු පොත් පත් ලබාදේ.ඔහුගේ පරපුරෙන් පැවත එන වඩිග බමුනකු මෙම බලවත් පුස්කොළ මන්ත්‍ර පොත් කීපයක් සමඟ මීට වසර 700 කට පමන පෙර මාතරින් ලක්දිවට ගොඩ බැස ඉන් පසු සත්කෝරලයේ "කුඹල්වල" නම් ගමේ වාසය කරයි.දිනක් සොරුන් පිරිසක් බමුණා විසූ නිවසේ බඩු සමඟ මෙම මන්ත්‍ර පොත්ද සොරා ගත්තේය.සොරුන් විසින් ගත් පොතක් පසු කලෙක මාතර ප්‍රදේශයේ පුද්ගලයකු අතට පත්විය.එකල පැවති පිරිවෙන් අධ්‍යාපනය නිසා පාලි,සංස්කෘත,... වැනි ඉන්දියානු භාෂා පිළිබදව දැනුවත් පිරිස වැඩි විය.එනිසා එම පොත්පත් වල තිබූ මන්ත්‍ර,හදි හූනියම් ක්‍රම ඉගෙනීම ඔවුන්ට අසීරු නොවීය.අවාසනාවකට ඔඩ්ඩි පොත්පත් වල තිබූ වින කැපීම් ක්‍රම වලට වඩා එකල සිටි අය ඒවා භාවිතා කළේ තම සතුරන්ට වින කිරීමටය.අදටත් මාතර ප්‍රදේශයේ මන්ත්‍රකරුවන්ට රටේ ජනතාව වැඩි බියක් දක්වන්නේ එබැවිනි.වඩිග දේශයෙන් ලක්දිවට ගෙනා එම පොත් වලින් කිහිපයක් මාතර ප්‍රදේශයේ පන්සලකත්,මහනුවර ප්‍රදේශය් පන්සලකත් බෙන්තර ප්‍රදේශයේ පන්සලකත් ඇති බව සදහන්ය.

22 comments:

Chanaka Aruna Munasinghe said...

ඔඩ්ඩි යකා කියල කෙනෙක් ගැනත් මම අහල තියෙනවා. යකැදුරෝ ඔඩ්ඩි මස්සිනේ කියල කතා කරන්නෙ ඔඩ්ඩි යකාටද? නැත්තන් ඔඩ්ඩි කපුවටද ?

jhothishalanka said...

Chanaka Aruna Munasinghe
කලින් පෝස්ට් එකේ කමෙන්ට් බලන්න

Anonymous said...

ඔය කියන බෙන්තර ප්‍රදේශයේ තියෙන පන්සලේ නම කියනවද?

jhothishalanka said...

Anonymous
හහ්..හහ්.. ඇයි මන්තර පොතක් හොරකම් කරල හූනියම් කරන්නද?මම දන්න විදියට ගනේ පන්සල,ගලපාත විහාරය,උඩකොටුව පන්සල හා වනවාස විහාරය කියන උමං මාර්ග වලින් සම්බන්ධ වෙලා තියෙන පංසල් හතරෙන් එකක්.

Anonymous said...

මට පොඩී ප්‍රශ්නයක් තියෙනව අහන්ඩ.මේ මාතෘකාව සම්බන්ධව නම් නෙමේ.
මට දන ගන්ඩ ඕනෙ වැඩියෙන්ම බල සම්පන්න රාජයෝගද එහෙම නැත්තන් ශ්‍රමණ යෝගද කියන එක?

ජ්‍යෝතිෂ්‍යයේ හැටියට ශ්‍රමණ යෝග ලබන්ඩද වැඩියෙන් පින් කරන්ඩ ඕනෙ?එහෙම නැත්තම් රාජයෝග ලබන්ඩද වැඩියෙන් පින් කරන්ඩ ඕනෙ?

~:: My Cottage ::~ said...

කතා විලාසයට වගේම මේ වගේ අපි නොදැන සිටි කතා පල කිරීම ගැන බොහොම පින්

All in one....... said...

දිගටම මේ වගේ කතා ලියන්න.. මේ වගේ දේවල් අලුත් පරම්පරා වල අය දන්නවා අඩුයි

රුවන් සම්පත් වික්‍රමතිලක - Ruwan Sampath Waickramathilaka said...

මම මේ කතාව මීට ඉස්සර අහල ටෙයනව ඇදුරෙක්ගෙන් ..........
ඔබ ඔය සදඩහන් කරල තියන පොත් ටෙයන පන්සල් වලින් එකක් ටමඉ "තෙල්වත්ත පන්සල" , එ වගෙම මෙ පොත්පත් ටිබිල තියනව බද්දේගම සන්දරවල තියන පන්සලේ.....

තවත් දෙයක් කියන්න ඔන දැන් තියන මන්තර , කල් පැනල කියලත් සමහරු කියනව එක ඇත්තද ?
------------------------------------------------
තව ප්‍රශ්නයක් ටෙයනව මට ඩැන ගන්න එ ක ටමඊ "Mඔකක්ක්ඩ මොකක්දමේ "කාලසර්ප යොගය" කෙයන්නනේ ?

jhothishalanka said...

@Ruwan Sampath Waickramathilaka
කාල සර්ප යෝගය ගැන කලින් ලියලා ඇති පල්ලෙහා ලින්ක් එක බලන්න

http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_18.html

jhothishalanka said...

@Ruwan Sampath Waickramathilaka
ඔයා කිව්ව පන්සලත් හරියටම හරි.ඒ වුනාට අපි මීට වඩා පන්සල් වල නම් නොකිය ඉමු නේද?

jothiratna said...

@Anonymous
බෞද්ධ දෘෂ්ටිකෝනෙන් බැලුවොත් ශ්‍රමණ යෝග බලවත්.මද්‍යස්තව බැලුවොත් ශ්‍රමණ යෝගය දරිද්‍ර යෝගයකට සමානය් කියලයි මට හිතෙන්නේ.මගේ අදහස රාජ යෝග ප්‍රබලයි.

හරී said...

සක්‍රයාට සිද්ධ වෙච්ච වැඩේ ගැනත් කිව්වනම්.....

ජයශ්‍රී said...

සක්‍රයාට සහසක් ඇස් ලැබුණ කතාවත් කියනවද?

jhothishalanka said...

@හරී ,ජයශ්‍රී
බලමු බලමු

පන්සල් හංදිය said...

නොදැන හිටි කතාවක් දැන ගත්තා......... බොහොම ස්තුතියි..............

යසියා said...

නොදන්නා අපිව ඩැනුවත් කලාට හිගාක් පින්

Anonymous said...

ඇත්ටටම ඔවා වෙන්න පුළුවන් දේවල් ද ? ඒ කිව්වේ ඔය සමහර අයට සෙල්ලං බෝනික්කෝ වගේ
හදල කටු ගහල මතුරනවා කියන්නේ , කටු ගහනවා කියන්නේ . ඔය වගේ දේවල් කරද්දී
ගොඩක් වෙලාවට ඕන කියන්නේ නම විතරයි, එත් ඒකම නමෙන් කී දෙනෙක් ඉන්නවද. කොහොමද
හරි කෙනාටම එහෙම කරන්නේ .

jhothishalanka said...

@Anonymous
හදි හූනියම් වින බන්ධන කිරීමේදී නමට වඩා තවත් දේවල් භාවිතා කරනවා.මේ හූනියම් ක්‍රම ගැන මමනම් දන්නෙම නැහැ.දැනගන්න ආසත් නැහැ.

Anonymous said...

ම්ම්ම්......මට පහුගිය කාලේ ඕක ගැන ටිකක් හොයන්න අවස්තාවක් හම්බ උනා පුද්ගලික
හේතුවක් උඩ. සමහර අය කෙලින්ම උපන් වෙලාව දවස ඉල්ලලා බලන්න ඕන කියනවා
කරන්න පුළුවන් ද බැරි ද කියල. සමහරු නම විතරයි ඉල්ලන්නේ. මට දැනුන විදියට නං 100% ම බොරු ඔවා

Anonymous said...

මට සුනියම් උපත ගැන ඇති කවිය දෙන්න පුලුවන්ද?

දූපත් වැසියා said...

කතාව උපරිමයි.
මට දුක , යුද්දෙන් මිසක් ප්‍රබාකරන්ව හදී හූනියම් වලින් මෙල්ල කොරන්න බැරි උන එක.

Anonymous said...

කථාව වැරදියි. ඔඩ්ඩි සහ සුනියම් යකු යනු දෙදෙනෙකු නොව එක් අයෙකි. ඔඩ්ඩි මස්සිනා යනු ද ඔහුම වේ. වඩිග පුරාණයෙන් මේ බැව් තහවුරු කරගත හැක.
මහා සම්මත රජුට
වසවතු කරපු විනයට
වින දොස හරින්නට
කවුරු ඇද්දැයි දිවැස් බැලුවිට

............................බංග කර කපපන් වින සුනියන් යකු.........

ඔඩ්ඩි යම ලෙසද පරම්පරාගත කෝල්මුර කවි වල සටහන්ව ඇත.
............එමෙන් යම පිම්මද ඔබේමය...........

Related Posts Plugin for WordPress, Blogger...