Monday, April 25, 2011

පංච මහා පුරුෂ යෝග

  පංච මහා පුරුෂ යෝග ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ සුභ ග්‍රහ යෝගයන් ලෙසය.කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ නම්වේ.

 * (ඇතැම් පොත් පත්වල ලග්නයෙන් කේන්ද්‍රගතව මෙන්ම සදුගෙන් කේන්ද්‍රගතව(සදු සිටින රාශියේ සිට (එම රාශිය සමග) ගනන් කරන විට 1,4,7,10 ස්ථානවල අදාළ) ග්‍රහයන් උච්ච ක්‍ෂෙත්‍රව සිටින විටද පංච මහා යෝග යෙදෙන ගව දක්වා ඇතත් නියම ලෙස යෙදෙන්නේ ලග්නයෙන් කේන්ද්‍රගතව ඇති විටය.සදුගෙන් කේන්ද්‍රගතව යෙදීමද සුභදායක නමුත් එහි ඵල විපාක ලග්නයෙන් කේන්ද්‍රගතව යෙදන නියම පංච මහා පුරුෂ යෝගයන්ට දෙවැනිවේ.)පංච මහා යෝග යෙදීම ලග්නයෙන් මෙන්ම සදුගෙන්ද කේන්ද්‍රගතවන විටද යෙදෙන බව ආර්.එච්.විලියම් මහතාගේ "ජ්‍යොතිෂ අත්පොතේ" දක්වා ඇත.(පහත රූපය)
                
 * පංච මහා පුරුෂ යෝග අර්ථ දක්වා ඇත්තේ ලග්න කේන්ද්‍රය ඇසුරෙන්ය.භාව කේන්ද්‍රය අනුව පංච මහා යෝග අර්ථ දැක්වීමක් නැත.
(ලග්න කේන්ද්‍රය හා භාව කේන්ද්‍රය පිළිබද වැටහීමක් නැති අය මේ පෝස්ට් එකේ රතු අකුරින් දක්වා ඇති කොටස කියවන්න)
     මෙම යෝගයන් යෙදෙන ආකාරය හදුනා ගැනීම හා එහි ඵල විපාක පිළිබදව පාඨක ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුනයි.ප්‍රථමයෙන්ම පංච මහා යෝග සාදන ග්‍රහයන් පස්දෙනා උච්ච හා ස්වක්‍ෂෙත්‍ර වන රාශීන් හදුනා ගනිමු


        ග්‍රහයා      ස්වක්‍ෂෙත්‍ර වන  රාශීන්       උච්ච වන රාශිය
 1)    කුජ           මේෂ,වෘශ්චික                         මකර
 2)    බුධ            මිථුන                                   කන්‍යා
 3)    ගුරු           ධනු,මීන                               කටක
 4)    ශුක්‍ර           වෘෂභ,තුලා                            මීන
 5)    ශනි           මකර,කුම්භ                           තුලා


  ඉහත දක්වා ඇත්තේ පංච මහා යෝග හදුනා ගැනීමට ආධුනික අයකු දැන සිටිය යුතු ප්‍රමාණයයි.මෙම ලිපියෙන් දැක්වෙන දෑ වටහා ගැනීමට එය හොදටම ප්‍රමාණවත්ය.මීට අමතරව සියළුම ග්‍රහයන් ඒ ඒ රාශිවල මිත්‍ර,සතුරු,උච්ච,ක්‍ෂෙත්‍ර,..... ආදිය දැක්වෙන අයුරු පහත රූපයෙන් දැක්වේ.ලිපියේ අන්තර්ගතය අච්චාරුවක් මෙන් අවුල් වීම වැලැක්වීමට එය වෙනම දක්වා ඇත.(පහත රූපය)
                     
  රුචක යෝගය
යෙදෙන ආකාරය
    කුජ(අඟහරු) ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීම
 ඵල විපාක
       ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය.
 විශේෂ සටහන
          රුචක යෝගය ඇත්තවුන් ඉහත දැක්වූ ලක්‍ෂණ සහිතය.හමුදා පොලිසි වැනි ආරක්‍ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු වෘත්තිකයන්ට මෙම යෝගය වැඩි වශයෙන් යෙදේ.10 වැන්නේ රුචක යෝගය ඇත්තවුන්ගේ කුජ දිග්බලයද ලැබෙන නිසා බලය වැඩියි.ආරක්‍ෂක අංශ හා ඉංජිනේරු අංශයේ රැකියා කරන්නන්ගේ 10 රුචක යෝගය වැඩිපුර යෙදේ.4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා අඩු බල වන්නේ විවාහ බාධකයක් ලෙස යම් බලපෑමක් ඇති බැවිනි. රුචක යෝගය නියමාකාරයෙන් පිහිටන්නේ චර (මේෂ,කටක,තුලා,මකර) හා තිර(වෘෂභ,සිංහ,වෘශ්චික,කුම්භ) ලග්න හිමියන්ට පමණි.


 භද්‍ර යෝගය
   යෙදෙන ආකරය
            සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම
    ඵල විපාක
           උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්‍ෂය.ආයුෂ බලැතිය.


   විශේෂ සටහන 
         බුධගෙන් යෙදෙන භද්‍ර යෝගය පිහිටි අය ඉහත ලක්‍ෂණ දරයි.භාෂා සාස්ත්‍ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්‍ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය නියම ලෙස පිහිටන්නේ උභය(මිථුන,කන්‍යා,ධනු,මීන) ලග්න හිමියන්ට පමනි.


 ගුරු හංස (හංස) යෝගය 
   යෙදෙන ආකාරය
          සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම
    විපාක
        කඩවසම් පෙනුමය.හංසයකුගේ බදු කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්‍ෂණ නුවණය.පරාර්ථකාමීය.
    විශේෂ සටහන
         ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.


 මාලවී යෝගය 
   යෙදෙන ආකාරය
         සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.
    විපාක
        රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.


   විශේෂ සටහන
        කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වෙතත් සිකුරු සමඟ යෝගවන අනිත් ග්‍රහයන් අනුව බල දුබලතාව අඩු වැඩිවේ.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ.


  ශශ යෝගය
     යෙදෙන ආකාරය
          සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම
      ඵල විපාක
         සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්‍යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි.(වෙනත් යෝග වලින් එම තත්ත්වය අඩු වැඩිවේ.)


     විශේෂ සටහන
            දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.
  

54 comments:

Anonymous said...

බුද්ධ කේන්ද්‍රය ඉදිරිපත් කරන්න පුලුවන් ද? ඒ සමග එහි දිනයත් වේලාවත් සටහන් කරන්නේ නම් මැනව.

jhothishalanka said...

@Anonymous
බුදු හාමුදුරුවන්ගේ ජන්ම කේන්ද්‍රය ලෙස කලින් භාවිතා කරමින් තිබූ කේන්ද්‍රය නිවැරදි නොවන බවත් නියම බුද්ධ ජන්ම කේන්ද්‍රය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපානන් විසින් සකසා ඇත.මා සතුව එම කේන්ද්‍රයේ විස්තර ඇති සටහනක් තිබූ නමුත් මේ වනවිට එය එහා මෙහා වී ඇත.මේ ඊයේ පෙරේදා ජ්‍යොතිෂ පුවත්පතකද බුද්ධ කේන්ද්‍රය සම්බන්ධ ලිපියක් විය.එයද මේ දැන් සෙවූ නමුත් හමු නොවුනි.ඔබට ප්‍රමාණවත් පිළිතුරක් දීමට නොහැකිය.කටක ලග්න බුද්ධ කේන්ද්‍රයට අනිත් පංච මහා යෝග හතර කෙසේ වෙතත් භද්‍රා යෝගය යෙදෙන්නේ කෙසේදැයි යන ගැටළුව මටත් කාලයක් විය.

Anonymous said...

man ushaba lagna karayek ,mage kuja 9 uchcha wela innawa.man subasetha pattare dakka eka ruwaka yogaya tiyanawa kiyala..anika 7 inne shani 9 kuja meka pariwartana yogayaka balaya tiyanawalu ath mage 22 dekarna patiyath kuja ..dan meka hari patalawillak wela tiyenne balana balana tan wala ayata ..obatumata me gana yam adahasak tiyanwada??

jhothishalanka said...

Anonymous
මේ ලිපියේම මම ලියල තියෙනවනේ ඇතැම් පොත්වල කේන්ද්‍රගතව නොහිටියත් සදුගෙන් කේන්ද්‍රගතව අදාළ ග්‍රහයා උච්ච ක්‍ෂෙත්‍රව සිටින විටද පංච මහා යෝග යෙදෙන බව දක්වා ඇති බව ඔයාගෙ කේන්ද්‍රයෙත් සදු(චන්ද්‍රයා) ඇත්තෙ 3,6,9,12 ස්ථානයක වෙන්න ඇති.ඒ විදියට බලන විට ඔයාට රුචක යෝගය යෙදෙනවා.ඔබ දක්වා ඇති පරිවර්තන යෝගය හරි.හත අධිපතියයි නවය අධිපතියයි පරිවර්තනය වෙලා.ඒක මහා පරිවර්තන(සුභ) යෝගයක්.පල්ලෙහා බලන්න
http://lankajhothisha.blogspot.com/2011/03/blog-post_16.html

නදී said...

කාන්තාවන් සම්භන්ධව මේ වගේ ප්‍රභල යෝග නැද්ද?

jhothishalanka said...

නදී..
පුරුෂ යෝග කියල නම තිබුනට කාන්තාවන්ටත් මෙම යෝග පිහිටනවා.ප්‍රතිඵලත් ඒ වගේමයි.

Anonymous said...

චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත වීම කියන්නේ චන්ද්‍රයාගෙන් 7 වැන්න කියන එකද?

Anonymous said...

ආර්.එච්.විලියම් මහතාගේ "ජ්‍යොතිෂ අත්පොත මිලදී ගනීමට හැකි තැනක් කියන්ඩ පුලුවන්ද?පොත ස්කෑන් කරල පීඩීෆ් එකක් විදිහට දාන්ඩ පුලුවන් නම් ගොඩක් පින්

jhothishalanka said...

ඇනෝ 1
ගුනසේන පොත් හලකින් ගන්න පුළුවන්. පී.ඩී.එෆ් විදියට ස්කෑන් කරල දාන්න හුප්.. තමුන්නාන්සේ මාව හිරේ යවන්නද හදන්නේ.ඔය දාපු ටිකත් බුද්ධිමය දේපල පනත යටතේ වරදක්.

ඇනෝ 2
චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත වීම කියන්නේ සදුගෙන් 7 විතරක් නෙවෙයි 1,4,7,10 ස්ථාන හතරම

හිස් අහස said...

මමත් බලනවා ඒත් මම මගේ කේන්දරේ තාම දැකලාවත් නෑ එකපාරකට දෙපාරකට වඩා ... අම්ම ඒක හංගගෙන ඉන්නේ ...

මගේ ඔෆිස් එකේ අයනම් මේ බ්ලොග් එක බලනවා පැය ගානක් ... එයාල වෙනුවෙන් මේ කමෙන්ට් එක ..

Chanaka Aruna Munasinghe said...

1. මම ඉපදිච්ච වෙලාවෙ හදවපු කේන්දරේ හරිනම් ඔය 5න් එකක් මටත් තියෙනෝදො කොහෙදො ( මට තේරුණු හැටියට ) සඳුගෙන් පටන් අරන් ගණන් කරනවනම් තවත් එකක් තියෙනෝ . මම නිවැරදිද ?

2. රාහු, කේතු, රවි , සඳු උච්ච වීම් ගැන සළකා බැලීමක් නැද්ද ?

3. 1,4 7,10 තැන්වල ග්‍රහයෝ උච්ච වුණොත්නෙ ඔය. නීච වුනොත් මොන වගේ දේවල් ගැනද සඳහන් වෙන්නෙ ?

4. උච්ච වීම සහ ස්වක්‍ෂෙත්‍ර වීම යන දෙකේ වෙනස ? වඩා හොඳ උච්ච වීම ද ස්වක්‍ෂෙත්‍ර වීමද ?

===============================

මම පොතක දැක්කා බුද්ධ කේන්ද්‍රය විස්තර කරලා තිබ්බා. කටක ලග්නය තමයි තිබ්බේ. ඒකෙ 1,4,7,10 තැන් හතරෙම ග්‍රහයෝ 4 දෙනෙක් උච්ච වෙලා හිටියා. ඒ පිහිටීම හඳුන්වලා තිබ්බේ චක්‍රවර්ති රාජ යෝගයක් විදිහට

1st anon said...

ඔබ පැවසූ බුද්ධ කේන්ද්‍රය සොයාගත හැකි මගක් ඇත්නම් කියන්න. පරිඝණකය ආශ්‍රිතව කල ගණනය කිරීම් වලදී ඔය කියන ආකාරයේ විශේෂ කේන්ද්‍රයක් මීට වසර 2550( +/- 50) ක් පෙර වෙසක් පොහෝ දිනවල ඇතිනොවූ බව සොයා ගතිමි. මා යොදා ගත්තේ ගොරවානි මෘදුකාංගයයි.

1st anonymous

jhothishalanka said...

මම මේ වෙලාවෙ වැඩ වල හිරවෙලා.හැමෝටම ප්‍රතිචාර දෙන්න බලන්නම්

Anonymous said...

මට නම් සස යොගය 4 වෑන්නේ තියනවා

jhothishalanka said...

@1st anon බුද්ධ කේන්ද්‍රය ගැන ඇසූ අයට
බුද්ධ කේන්ද්‍රය ස්ථාන කිහිපයක සටහන් වී ඇති අයුරු ලේඛනයක් හමුවුනා.
2003 මැයි "ජ්‍යොතිර් විද්‍යාලෝක" සඟරාවේ ඇති එම ලිපිය ඒ විදියටම ස්කෑන් කර ඔබ වෙනුවෙන්ම පල කලෙමි.එය කියවීමේදී කේන්ද්‍ර විග්‍රහය හා චරිත විස්තරය වෙන වෙනම කියවන්න.ලිපිය ලියා ඇති ආකාරයට එම දෙක පැටලේ.(පහත ලින්ක් එක බලන්න)
https://docs.google.com/viewer?a=v&pid=explorer&chrome=true&srcid=0BxtKAGAT2kbKNjBlNDBiNTYtZWU4Ni00YmIyLWEzMGItMzZjMWMyM2RkNDgz&hl=en&authkey=CLrcjqIF

@Chanaka Aruna Munasinghe
1) ඔයාගෙ කේන්දරේ 12 ශනි උච්චයි. සදු 3 නිසා ශනි සදුගෙන් කේන්ද්‍රගතයි.ඒ විදියට බලන විට ශශ යෝගය ඇත.අර ලිත් පටලැවිල්ල නිසා මුලින් හදපු කේන්ද්‍රයේ සිකුරු 7 ක්‍ෂෙත්‍ර වෙලා නිසා ඒකේනම් මාලවී යෝගය තියෙනවා.ඒත් හරි කේන්දරේ මාලවී යෝගය පිහිටල නැහැ.

2) මේ පෝස්ට් එකේ පංචමහා යෝග වලට බලපාන ග්‍රහයන් පස් දෙනාගෙ උච්ච ස්වක්‍ෂෙත්‍ර කම් තමයි විශේෂයෙන් සලකා බැලුවේ.මේ පෝස්ට් එකේ අප්ලෝඩ් කරපු දෙවන රූපයේ අනිත් ග්‍රහයන් ගේ විස්තර දාලා ඇති.හැබැයි රාහු කේතුගේ උච්ච නීච කම් ඈපා හා ලංකා ලිත් දෙකේ දෙවිදියක්.
3) කේන්ද්‍රස්ථාන වල ග්‍රහයන් නීච වනවිටත් විවිධ යෝග පිහිටනවා.එ ගැන කමෙන්ටුවකින් උත්තර දෙන්න අමාරුයි.
4) උච්චව සිටිනවා යැයි කියන්නේ ස්වක්‍ෂෙත්‍ර තත්ත්වයටත් වඩා බලවත්ව සිටීම පංච මහා යෝගයේ බලයත් උච්චවෙලා ඉන්නකොට වැඩියි.

Anonymous said...

oba tuma me karanne loku sewayak..

Anonymous said...

mata gajakeshare yogayai .maha pariwartna yogayai..ruwaka yogayai..necha banga raja yogayai tiyanawa mata terena taramata mata oya yoga walin tama niyama pati pala labila ne...ekata hetuwak kiyanna puluwanda oba tumata..

Anonymous said...

රවි මේෂයේ සෑම අ0ශකයකම උච්චවෙනවාද?

Anonymous said...

මම පොතකින් කියවලා තියනවා රාහු වෘෂභයේ උච්චයි කියලා.ඒත් මේකේ ඒ ඒ රාශිවල මිත්‍ර,සතුරු,උච්ච,ක්‍ෂෙත්‍ර,..... ආදිය දැක්වෙන රූපයෙ දාලා තියන්නේ රාහු වෘෂභයේ නීචයි කියලා. ඈත්තටම කොයිකද හරි?

jhothishalanka said...

Anonymous #1,2
රවිට මේෂයේ 10 වෙනි අංශකය අති උච්චයි.

මම දක්වා ඇත්තේ ඈපා ලිතේ උච්ච නීච,... වගුවයි.ලංකා ලිතේ රාහු කේතුගේ උච්ච නීච බව වෙනස් විදියට ඇත.ඇත්තටම රාහුට කේතුට උච්ච නීච රාශි දැක්වීම විශමයි.හොද ප්‍රශ්නයක්.

Anonymous said...

මම චන්ද්‍රසේකර කියල කෙනෙක්

මහත්තයෝ මට මේ දේ පොඩ්ඩක් පැහිදිලිකරල දෙන්ඩ

කේන්ද්‍රයේ මූලත්‍රිකෝනගත ස්ථාන කියන්නේ මොන ස්ථානද?
ත්‍රිකෝණ ස්ථාන කියන්නේ මොන ස්ථානද?

නැත්තන් මූලත්‍රිකෝනගත කියන්නෙයි ත්‍රිකෝණ ස්ථාන කියන්නේයි දෙකම එකද?

jhothishalanka said...

@Anonymous(චන්ද්‍රසේකර)
කේන්ද්‍රයක ත්‍රිකෝනස්ථාන කියන්නේ 5,9 ස්ථානවලට. මූල ත්‍රිකෝණ කියන්නේ එහෙම ස්ථානයක් නෙවෙයි.ඒක උච්ච,නීච,සතුරු වගේ ලක්‍ෂණයක්

jhothishalanka said...

@Anonymous(චන්ද්‍රසේකර)
ත්‍රිකෝනස්ථානය ගැන තවත් පැහැදිලි කරනවනම් යම් ස්ථානයක(රාශියක) ත්‍රිකෝණස්ථානයන් කියන්නේ එම ස්ථානයේ සිට පස් වැනි හා නව වැනි ස්ථානයි. ඒ අනුව ලග්නයේ ත්‍රිකෝනස්ථාන වන්නේ 5 හා 9 ස්ථානයි.දෙවැන්නේ ත්‍රිකෝනස්ථාන කියන්නේ 6 හා 10 වැන්නයි. අනිත් ස්ථාන වලට අනුරූප ත්‍රිකෝණස්ථාන මේ විදියටම සොයාගත හැකියි.

jothiratna said...

@Anonymous
ලෝකේ ඕනෑම කෙනෙකුගේ කේන්ද්‍රයේ රාජ යෝග, ධන යෝග, දරිද්‍ර යෝග ආදී ග්‍රහ යෝග අනිවාර්යයෙන් පිහිටනවා.එකට හේතුව ග්‍රහ යෝග ලක්ෂ ගණනක් තිබීම.අදාල ග්‍රහ යෝගයේ ප්‍රබලතාව මත ප්‍රතිපල වෙනස්.
දක්ෂ ජ්හොතිෂ්‍ය වේදියෙකුට ඒ ප්‍රතිපල ගැන අනාවැකි කියන්න පුළුවන්.

@JHOTHISHALANKA
මම අහල තියෙන විදිහට පලවෙන්නත් ත්‍රිකෝණ ස්ථානයක්.

Anonymous said...

බොහොම ස්තූතියි
චන්ද්‍රසේකර......

jhothishalanka said...

jothiratna හරි ත්‍රිකෝනස්ථාන ගැන කියනකොට සාපේක්‍ෂ ස්ථානයත් සලකනවා. ඒ අනුව ජන්ම කේන්ද්‍රයක 1,5,9 ස්ථාන ත්‍රිකෝනස්ථාන ලෙස ගැනීම වඩාත් නිවැරදියි.ස්තූතියි නිවැරදි කිරීමට

Anonymous said...

මොකක්ද ලග්නය වර්ගෝත්තම වෙනවා කියන්නේ?.

jhothishalanka said...

Anonymous
වර්ගෝත්තම යන්න ෙසෙද්ධාන්තිකව අර්ථ දැක්වීම තරමක් සංකීර්ණයි.සරලව දැක්වුවහොත් ලග්නයත් නවාංශකයත් එකම රාශිය වන විට එම කේන්ද්‍රය වර්ගෝත්තම යැයි කියනවා.ග්‍රහයන්ගේ වර්ගෝත්තම වීමත් ඊට අනුරූපයි.
උදාඃ *ලග්නයත් නවාංශකයත් දෙකම මේෂ විට එම කේන්ද්‍රය වර්ගෝත්තමවේ.
* ලග්නයේත් නවාංශකයේත් දෙකේම ගුරු මේෂයේ නම් ගුරු වර්ගෝත්තමයි.

Anonymous said...

JHOTHISHALANKA said...

කේන්ද්‍රයක ත්‍රිකෝනස්ථාන කියන්නේ 5,9 ස්ථානවලට. මූල ත්‍රිකෝණ කියන්නේ එහෙම ස්ථානයක් නෙවෙයි.ඒක උච්ච,නීච,සතුරු වගේ ලක්‍ෂණයක්
_____________________________________________

මූල ත්‍රිකෝණ රාශි යනු සිංහ,වෘෂභ,මේශ,කන්‍යා,ධනු,තුලා,කුම්භ යන රාශි 7 රවි,බුධ,ශනි,කුජ,ගුරු,සිකුරු,චන්ද්‍ර ග්‍රහයෝ 7 දෙනාට ක්‍රමයෙන් මූල ත්‍රිකෝණ රාශි යැයි කියනු ලැබේ.

සාරාවලිය 11 වන පිටුව.

jhothishalanka said...

Anonymous
උත්තරේ සමහර තැන්වල අඩුපාඩු තියෙනවා නේද?ඔයා කියල තියෙන රාශි හත පිළිවෙලින් මූල ත්‍රිකෝණ වෙන්නේ රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි ග්‍රහයන්ටයි.ස්තූතියි.(ලංකා පඤ්ඤාංග ලිතේ සියළුම ග්‍රහයන්ගේ උච්ච,මූල ත්‍රිකෝණ,ස්වක්‍ෂෙත්‍ර,....වගුව බලන්න.2011-2012 ලිතේ නම් 5 වැනි පිටුව)දිගටම මගේ බ්ලොගය සමග ඉන්න.

පන්සල් හංදිය said...

මේකත් ලේසි සබ්ජෙක්ට් එකක් නෙමේ..........

Anonymous said...

@JHOTHISHALANKA...

උත්තරේ පිළිගන්නව.ලංකා පඤ්ඤංගෙ 5 පිටේ ඔක්කොම ග්‍රහයන්ගේඋච්ච නීච ස්වක්ෂේත්‍ර විස්තර දාල තියෙනව.හැබැයි සාරාවල්යේ තියෙන්නේ වෙන කතාවක්.හැබැයි ඉතින් යෝගාධ්‍යනයේදී සාරාවලියේ දක්වල තියෙන රාශි 7න් අනිත් ඒවට වඩා වැඩි ඵලයක් ලැබෙන හින්ද වෙන්ඩ ඇති එහෙම දාල ඇත්තේ.ඒක මගේ පුද්ගලික මතයක් විතරයි.මොකද සාරාවලිය කියන්නේ යෝග ගැන විශේෂයෙන් ලියපු එකක් හින්ද.

jhothishalanka said...

මූලත්‍රිකොණමර්කාදෙඃ සිංහො වෘෂභඃ ආදිමඃ
කන්‍යා ධනුස්තුලා කුම්භඃ ප්‍රවදන්ති පුරාතනාඃ

සිංහ,වෘෂභ,මේෂ,කන්‍යා,ධනු,තුලා,කුම්භ යන රාශින් අනුපිළිවෙලින් රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි (සතියේ දින අනුපිළිවෙල සලකන්න) ග්‍රහයන්ට මූල ත්‍රිකෝණීවේ.
භාව කුතුහලය ,23 පිටුව

Anonymous said...

ලග්නය මේෂ වෙලා 11 හේ රවි,ගුරු,බුද හා සිකුරුත් ඉන්නවානම්, ලග්නයේ සඳු හා රාහුත් අටේ කුජ සහ ශනිත් ඉන්නවා නම්, එයාගේ ජීවිතය ගැන දළ අදහසක් දෙන්න පුලුවන්ද? එහෙම කාන්තාවක් විවාහ කරගන්න හොඳ නැත්ද?

jhothishalanka said...

Anonymous
දක්වා ඇති විස්තර අනුව ලග්නයේ හා අට වැන්නේ ග්‍රහ පිහිටීමේ දුබලතා තියෙනවා.ලග්නයේ සදු රාහු සංයෝගය හදිසි කෝපය හා සංවේදී කම මිශ්‍ර වීමක්.දරාගැනීමේ ශක්තිය අඩුයි.පුංචි දේකටත් හිත් රිදවීම් ඇති කර ගනී.වෙස් පෙරලන ගතියක්ද ඇත.අටවැනනේ ශනි කුජ යෝගය(ශනි මංගල දෝශය) යෙදීමත් අගුනයි.හත අධිපති කුජ ක්‍ෂෙත්‍ර වුවත් අටේ නිසා විවාහවන පුරුෂයාට අපල කල හැකි නිසා පොරොන්දම් ගැලපීමේදී විශේෂයෙන් සැලකිය යුතුයි.11 වැන්නේ ග්‍රහ පිහිටීමෙන් ග්‍රහ අසුභතා යටපත් කර ඇත. විශේෂයෙන් 11 සිටින ගුරුගේ දෘෂ්ථිය හතට වැටීම හොදයි.11 වැන්නේ රවි,ගුරු,සිකුරු බුධ චතුර් යෝගය ඉතා බලවත් යෝගයකි.11 නිසා ප්‍රභල ධන යෝගයක්ද වෙනවා.කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීමෙන් ගෑනියෙක්ගෙ ගතිගුණ 100%ක් බලන්නනම් බැහැ.කොහොමත් පොරොන්දම් ගැලපීම හොදනම් ඉහත දැකාවූ කාන්තා කේන්දරය ස්වාමියාට සුභඵල උදාකරන කේන්ද්‍රයක්.

APW said...
This comment has been removed by the author.
APW said...

CORRECTION-BIRTH PLACE

jhothishalanka said...

ඔබගේ කමෙන්ටුව දැක්කා කෙටි පිළිතුරු තව දින කීපයකින් දෙන්නම් මේ දවස්වල වැඩ හිරවෙලා.

APW said...

THANKS

APW said...

pilithuru balaporoththuwen innawa.

APW said...

achini.pw@gmail.com

thanks

APW said...

Pilithuru sapayuwata sithuthi..!

thanks 4 ur prompt reply.

Anonymous said...

prashnayak ahanna

PRABHATH said...

මම ප්‍රහාත් මම උපත සුනපා (sunapha) යොගයෙන් ලු සිද්ද ‍වෙලා තියේන්නේ එම යෝගය අහලා නැනි ‍විස්තර දන්නැති එකක්නේ විස්තර කරන්න පුලුවන් ද? උපන්දිනය වෙලාව මේල් කරන්නන්
ස්තුතියි.

PRABHATH said...

sunapha yoga

jhothishalanka said...

@PRABHATH
රවි හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ සිටදන විට සුනඵා යෝගය යෙදේ.සදුගෙන් දෙවැන්නේ සිටින ග්‍රහයා අනුව ප්‍රතිඵල විවිධවේ.

පොදු ප්‍රතිඵල
තමන්ම උපයූ දේපල වස්තුවවේ.බුද්ධිමත්ය,පසු කාලීනව බොහෝ ධනවත්වේ.

Anonymous said...

Hi , just wondering do you read horoscope as a prpfession ? If you do pls let me know how I can obtain your services ? Thanks

Anonymous said...

Thank you (godak pin denuma beda denawata)

Anonymous said...

කුජ, සිකුරු චන්ද්‍ර, කේතු බුද මේ පහම 9 වෙනි කොටුවේ තිබ්බොත් මොකද වෙන්නේ?

Anonymous said...

අයියේ මගේ කෙන්දරය මිතුන; 4- චන්ද්‍ර, කේතු 6-ශනී 9-බුද,සිකුරු 10-ගුරු,රාහු,රවි 12-කුජ තියෙන්වා : මගේ ප්‍රශ්ණය තමයි මගේ කෙන්ද්‍රරය මුලුන්ම හදපු කෙන්දරයේ ඔහොමයි ග්‍රහයන් පිහිටන්නේ නමුත් මම පරිගනකයෙන් කෙන් හැදුවහම වෙනසක් උනා 10-බුද ආව මේක ලොකු ප්‍රස්නයක් මට!!! මගේ කෙන්ද්‍රරයේ බලවත් ග්‍රහ යොග තියෙනවා ද?

jhothishalanka said...

උපන් දිනෙයි වෙලාවයි ස්ථානයයි එවන්න..

Anonymous said...

අයියේ මගේ උපන් දිනය 1987/04/13 උදේ 11:15 කොලඹ බොරැල්ලේදී

jhothishalanka said...

මම ඔයාගේ උපන් වේලාව කොම්පියුටරයට දාලා බැලුවා ඈපා පංචාංග ලිතත් බැලුවා ඔයා කියපු කතාව හරි ඈපා ලිතේ වැරද්දක් තිබුනා.1987 අප්‍රේල් 08 වෙනිදා බුධ මීනයට ගියත් ඈපා ලිතේ එය මුද්‍රණය වී නැත.1987-88 ලිතෙන් මෙම වරද නිවැරදි කොට ඇත.ඔබගේ කේන්ද්‍රෙය් බුධ 10(මීන) නිවැරදියි.ඔබගේ කේන්ද්‍රෙය් බලවත් ග්‍රහ පිහිටීම් ඇත.

Anonymous said...

අයියට ගොඩක් පින්!!!

Related Posts Plugin for WordPress, Blogger...