Wednesday, April 27, 2011

නීච භංග රාජ යෝගය

    විවිධ ග්‍රහ සංයෝග වලින් සෑදෙන "යෝග" පිළිබදව ලියැවෙන ලිපි වලට වැඩි ප්‍රතිචාර දැක්වීමක් දිස්වූ නිසා ඒ පිළිබදව වැඩිපුර ලිවීමට සිතුවෙමි.ඇත්තෙන්ම ජන්ම කේන්ද්‍රයක බලය සැඟවී ඇත්තේ යෝග තුල බව අවධාරණය කළ යුතු වෙයි.

   ජ්‍යොතිෂයේ දක්වා ඇති යෝග සංඛ්‍යාව අති විශාලයි."රාජ යෝග" ලෙස පොත්පත්වල දක්වා ඇති යෝග සංඛ්‍යාව ඉලක්කමෙන් දැක්වීමට නොහැකි තරම්ය.රාජ යෝග මෙන්ම කේන්ද්‍රවල පිහිටන සුභ අසුභ ග්‍රහ යෝග පිළිබදව මේ සටහන ලියන මාද නොදන්නා දේ එමටය.එම අති විශාල යෝග සියල්ල කටපාඩම් හෝ වෙනත් ක්‍රමයකින් අවබෝධ කර ගැනීම මතක තබා ගැනීමට උත්සාහ කිරීම මලලසේකර ශබ්දකෝෂය කටපාඩම් කිරීම වැනිය.
  ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන "නීච භංග රාජ යෝගය" ගැන ලිවීම මදකට ප්‍රමාද කරමි.ඒ පිළිබදව පාඨකයන්ගෙන් සමාව අයදිමි.ඊට ප්‍රථමයෙන්ම කිවයුතු දෙයක් ඇත. මේ පිළිබදව වරින් වර කමෙන්ටු හරහා දැන්වූ නමුත් නැවත මතක් කරමි."ලංකා ජ්‍යොතිෂ අරණ" නමින් ආරම්භ කරන ලද මෙම බ්ලොගය පවත්වා ගෙන යාමේ අරමුණ වෙළඳ වාසි ලබා ගැනීමට නොවන බව කිව යුතුය.කමෙන්ටු හරහා ජ්‍යොතිෂ ගැටළු මතුකල කිහිප දෙනෙකුට ඉතා සුළු වශයෙන් උපදෙස් ලබාදී ඇතත් කිසිවෙකුගෙන් මුදල් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ලබාගෙන නැත.තමන්ගේ ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කරන මෙන් ඉල්ලූ කිහිප දෙනෙකුගේම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ එවැනි ක්‍රියාවන් සිදු කිරීමෙන් බ්ලොගයේ වටිනාකම අවතක්සේරු,හෑල්ලු,බාල්දු වන බැවිනි.එනිසා එම අය මා සමඟ අමනාප නොවන්න.එමෙන්ම ජ්‍යොතිෂය ගැන ලියවෙන මෙහි ප්‍රධාන අරමුණ ජ්‍යොතිෂය අන් අයට ඉගැන්වීමද නොවේ.එය එසේ වී නම් බ්ලොගය ආරම්භ කරන්නේ "කේන්දර හදන හැටි" හා "කේන්දර බලන හැටි" ගැන ලියවෙන ලිපි පෙළකිනි.එලෙස ක්‍රමාණුකූල ලෙස ජ්‍යොතිෂය පිළිබද හැදින්වීමක් කරමින් අනුපිළිවෙලින් ජ්‍යොතිෂය දැනුම වැඩි දියුණු වන අයුරින් ලිපි ලිවීමක් මෙම බ්ලොගයෙන් සිදුනොකෙරුනේ ජ්‍යොතිෂයේ වටිනාකම පාඨකයන්ට වටහා දිය යුතු ක්‍රමය එය නොවන බව මුල සිටම අවබෝධ කර ගත් බැවිනි.මෙම බ්ලොගය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණු ඉතා අව්‍යාජව ප්‍රථම වරට මෙසේ දක්වමි.
       1) විනෝදය හා සතුට ලබා ගැනීම
              බ්ලොගයේ ප්‍රධාන අරමුණ මෙයයි.ජ්‍යොතිෂ රැකියාවම කල මාගේ පියා අසනීප වූ පසු එම කටයුතු තනිවම කිරීමට සිදුවිය.මගේ පියා මෙන්ම සීයාද ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදීන් වූ නිසා මා හට සේවා දායක පිරිස සාදා ගැනීම එතරම් අසීරු නොවීය.නමුත් දවල් දවස පුරා ජ්‍යොතිෂ කටයුතු කරමින් වෙහෙසෙන මා හට හැන්දෑ යාමයේ බ්ලොගය සමඟ වැඩ කටයුතු කිරීම හා වෙනත්  සිංහල බ්ලොග් කියවීමෙන් වචනයෙන් කිව නොහැකි මානසික සතුටක් විනෝදයක් ලබා ගත හැකි විය.බ්ලොග් ලියන්නන්ට මා කියන කතාවේ ඇත්ත වැටහෙනවා ඇත.
       2) මාගේ ජ්‍යොතිෂ දැනුම වැඩි දියුනු කර ගැනීම
               බ්ලොගය ලිවීම ආරම්භ කරන විට මෙවැනි අරමුනක් නොතිබුනත් මා නොදැනුවත්මව බ්ලොගය හරහා මෙය සිදුවී ඇති බව ඉතා සතුටින් කිව යුතුය.මෙම බ්ලොගයේ මුල් ලිපි කීපය ලෙස මා පල කලේ මා විසින් සුබසෙත,ඉරහද,ලක්බිම,රිවිරිසි ආදී පුවත්පත් වලට ලියූ ජ්‍යොතිෂ ලිපි ලේඛණයන්ය.බ්ලොගයට ලිපියක් ලිවීමේදී ඒ පිළිබද කරුණු සොයා ලිවීමේදීත් කමෙන්ටු හරහා ඇසෙන ගැටළු ආදියට පිළිතුරු දීමට පොත්පත් නැවත බැලීමේදීත් මෙම අරමුණ ඉබේම වාගේ සඵල වී ඇත.
       3) ජ්‍යොතිෂය නිවැරදි ලෙස භාවිතා කරන අයුරු වටහා දීමට.
               බ්ලොගයේ ලිපි ලිවීමේදී මුල සිටම මේ කාරණාව පිළිබද සැලකිළිමත් වූයෙමි.අපි හැමෝම දන්නවනේ ලංකාව ඉන්දියාව වගේ රටවල් වල ජීවත් වන අය පාරම්පරික අදහස් මත දරන්නන් කියලා.ඇත්තටම කපටි ජ්‍යොතිෂවේදීන් මේකෙන් හරියට ප්‍රයෝජන ගන්නවා ඒ අයගේ මඩි තර කර ගන්න.වෙන එකක් තියා ඔය ඡන්ද කාලෙට මොකක් හරි ජ්‍යොතිෂ පත්තරේක තිබුනොත් ග්‍රහ චාරය අනුව ආණ්ඩුවට වාසියි කියල ඔන්න ඉතින් අපේ අය හිතනවා අපෝ එහෙනම් අපිත් මේ සැරේ ආණ්ඩුව පැත්තට හැරිල ජන්දෙ දෙන්න ඕන.නැත්නම් අපේ කෙල්ලට, කොල්ලට රස්සාවක්වත් ගන්න බැරි වේවි.ඒ වගේම තමයි ඔය මොකක් හරි ලොකු චන්දෙකට කලින් දවසෙ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවක රාත්‍රී ප්‍රවෘත්ති වැඩසටහනකට රටේ ඉන්න ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියො ටික ඇවිල්ල හෙට තියෙන චන්දෙන් ආණ්ඩුව දිනනවැයි කිව්වොත් ආණ්ඩුවට ජන්දෙ නොදෙන්න හිටපු අයත් ඊට පස්සෙන්දා ජන්දෙ දාන්නෙ ආණ්ඩුවට.එතකොට විපක්ෂෙට වාසියි කියල ජ්‍යොතිෂ අනාවැකියක් තිබුනොත් හිතනවා ආපෝ මේ සැරේ ආණ්ඩුව පැත්තෙ ඉන්න අපිට චන්දෙන් පස්සෙ ගුටි කන්න ගෙවල් ගිනි තියා ගන්න බැහැ. ඒ හින්ද දැන්ම අනිත් පැත්තේ අයට පේන්න ඒ පක්ෂෙට ගිහින් ලෑස්ති වෙන්න ඕන.ඇත්තටම ලංකාවෙ සමහරු ජ්‍යොතිෂය ගැන හිතන්නේ සලකන්නේ ඔන්න ඔය විදියට. අනිත් කාරණාව තමයි මෑත කාලයේ ජනමාධ්‍ය ඔස්සේ ජ්‍යොතිෂයට ලැබී ඇති අනවශ්‍ය විශේෂත්වය.ජනමාධ්‍ය ඔස්සේ වටිනා ජ්‍යොතිෂ වැඩසටහන් යනවා තමයි. ඒ වුනාට පසු ගිය කාලයේ ඔය ටී.වී. එකේ ගිය පෙන්ෂුයි වැඩ සටහන් එතකොට මතකද අර කාසි උඩ දාලා ක්‍රිකට් අනාවැකි කියපු වැඩසටහන් වගේ ඒවයින් වුනේ ජ්‍යොතිෂයේ ශාස්ත්‍රීය ගෞරවය හෑල්ලු වෙච්චි එක තමයි.අපේ අයත්  "හතර මහා නිධානය" ලබා ගන්න කියලා ඒ දවස්වල පෙන්ෂුයි බදා ගත්ත හැටි දැක්කනේ.ඇත්තටම මේ වගේ කපටි අවස්ථාවාදී අයට හසු නොවී ඒ වගේම මෝඩ මුග්ධ අයුරින් බඩ බැදගැනීමක් නැතිව නිවැරදිව වඩාත් පලදායි අයුරින් ජ්‍යොතිෂය භාවිතා කරන අයුරු පාඨක ඔබට ලබා දීමත් මේ බ්ලොගයේ ප්‍රධාන අරමුනක් වුනා.මෙහිදී මා හට බ්ලොගය හරහා එවැනි පාර්ශ්වයන් විවේචනය කිරීමට සිදු විය.මෙහිදී බොහෝ දෙනා මා හට එල්ල කල චෝදනාවක් වූයේ බොහෝ ජ්‍යොතිෂවේදීන් සිදු කරන්නාක් මෙන්  "තමා හරි අනිකා වැරදි" යන්න මාද බ්ලොගය හරහා පවසන බවක්ය.සත්‍ය තත්ත්වය එයනොවේ මා කිසි දිනෙක එවැන්නක් විදහා දක්වා නැත.මා කිසි දිනෙක හොද අය විවේචනය කොට නැත. මා දොස් කීවේ බොරු කරමින් අසරණ ජනයා රවටමින් ඔවුන්ගේ මුදල් ගසා කන නරක අයටමය.බ්ලොග් අවකාශය තුල බ්ලොග් හරහා පූර්ණ වශයෙන් හා මද වශයෙන් ජ්‍යොතිෂය ගැන ලියන කියන "කේන්දර සිංහලෙන්" අඩවිය ලියන රෝහණ වසන්ත මහතාත් "මාරයාගේ හෝරාව" ලියන සී.ටී. කුමාර මිත්‍රයාත් "අලුත් ගෙදර" ලියන දසුන් සමීර සොයුරාත්, "ලංකා ජ්‍යොතිෂ අරණ" ලියන මමත් ජ්‍යොතිෂය ගැන ලියන වෙනත් සයිබර් සොයුරනුත්  අප සැමගේම උත්සාහය "ජ්‍යොතිෂය" නිවැරදි ලෙස පාඨක ඔබට ලබා දීමයි. 

    විස්තරය දිග් හැසුනු නිසා "නීච භංග රාජ යෝගය" ගැන ලියන්න ප්‍රමාද විය.

   නීච භංග රාජ යෝගය 
   
       මෙය යෙදෙන ආකාර කිහිපයකි.ප්‍රථමයෙන්ම මෙම යෝග යෙදන අයුරු වටහා ගැනීමට අවශ්‍ය ඒ ඒ ග්‍රහයන් උච්ච හා නීච වන රාශින් හා එක්එක් ග්‍රහයා අධිපති කම් දරන රාශීන් හදුනා ගත යුතුය.එම දත්ත පහත දක්වා ඇත.(රාහු කේතු,යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ ග්‍රහයන් මෙම යෝගයට සම්බන්ධ නොවේ.)
  
     ග්‍රහයා               උච්ච රාශිය      නීච රාශිය       අධිපතිකම් දරන රාශි
 1)  රවි                      මේෂ              තුලා              සිංහ
 2)  සදු                      වෘෂභ             වෘශ්චික         කටක
 3)  කුජ(අඟහරු)        මකර             කටක            මේෂ,වෘශ්චික
 4)  බුධ                     කන්‍යා             මීන              මිථුන,කන්‍යා
 5)  ගුරු(බ්‍රහස්පති)      කටක           මකර             ධනු,මීන
 6)  ශුක්‍ර(සිකුරු)          මීන               කන්‍යා           වෘෂභ,තුලා
 7)  ශනි                     තුලා               මේෂ             මකර,කුම්භ

 නීච භංග රාජ යෝගය යෙදෙන ආකාර කීපයක් පහත දක්වා ඇත.
     1) නීච ග්‍රහයෙකු හා උච්ච ග්‍රහයෙකු ඒක රාශි වීම.                  
            බොහෝ ජ්‍යොතිෂවේදීන් නීච භංග රාජ යෝගය යෙදෙන ආකරය ලෙස දැනුවත්ව සිටින්නේ මේ ආකරය පමනකි.නමුත් මීට අමතරව නීච භංග රාජ යෝගය යෙදෙන ආකාර කිහිපයක් ඇත. 
     2) නීච ග්‍රහයා තැන්පත්වූ රාශියට අධිපති ග්‍රහයාත් නීච ග්‍රහයා උච්ච වන රාශියට අධිපති ග්‍රහයාත් යන දෙදෙනාම පරස්පර අන්දමින් කේන්ද්‍රගතව(එක් ග්‍රහයකු සිටින රාශියේ සිට 1,4,7,10 ස්ථානයක අනික් ග්‍රහයා සිටීම)පිහිටීම
    3)නීච වූ ග්‍රහයා තැන්පත්වූ රාශියට අධිපති ග්‍රහයා,  
               * උච්චව සිටීම
               * සදුගෙන් කේන්ද්‍රගත වීම(සදුගෙන් 1,4,7,10 ස්ථානයක වීම)
               * සදු දැකීම
                 ආදි කවරාකාරයෙන් සිටියද නීච භංග රාජ යෝගය යෙදේ.
    4) සතර කේන්ද්‍රයෙන්(1,4,7,10)  එකක රවි.බුධ ග්‍රහයන් යෝග වී සිට
                    * රවි,බුධ යෝගය ඇති රාශිය මිථුන වීම
                    * ලග්නය කන්‍යා වී රවි,බුධ ලග්නයේ(කන්‍යාවේ) යෝගවීම
                    * කටක ලග්නය වී රවි,බුධ සමග ගුරුද  සතර කේන්ද්‍රයෙන් එකක සිටීම
                    * මීන ලග්නය වී රවි,බුධ සමග සදු ද  සතර කේන්ද්‍රයෙන් එකක සිටීම
    5) උච්ච හා ස්වක්‍ෂෙත්‍ර ග්‍රහයකු ඒක රාශී විමද නීච භංග රාජ යෝගයක් ලෙස සැලකේ.(මෙහිදී උච්ච ග්‍රහයාගේ බලයෙන් ස්වක්‍ෂෙත්‍ර ග්‍රහයාගේ බලය අඩු වීමක් සිදුවේ.)
           මීට අමතරව නීච භංග රාජ යෝගය යෙදෙන තවත් අවස්ථා ඇති අතර ඉහතින් දැක්වූයේ පාඨකයන්ට වටහා ගත හැකි අයුරින් දැක්විය හැකි ආකාර කීපයයි.
                  

50 comments:

Anonymous said...

මේකනම් නීච භංග රාජ යෝගය අදාල නොවුවත් දෑන ගෑනීමට කෑමති නිසා විමසමි.
1)ශනි ම0ගල යෝගය යනු ශනි හා කුජ ග්‍රහයා එකට යොගවීමද? එසේ නෑත්නම් වෙනදෙයක්ද?.
2)ඔය ශනි හා කුජ යෝගය ඈතිවීමට සිදුවන්නේ එකම රාශියක තිබු පමණින්මද? එසේ නෑත්නම් එකම රාශියක හො එක ළග රාශි දෙකක ශනි හා කුජ අතර දුර ප්‍රමාණය අ0ශක 10 හො 15 කට අඩුවූ විටද?
3)ශනි හා කුජ යෝගය විවාහයට කවර බලපෑම් ඈතිකරයිද? ඒක කනවෑන්දුම් යොගයක්ද?. මොකද මම එහෙම අහන්නේ ඔය පොරොන්දම් පරීක්ෂාවෙදී සමහර ජොතීර්වේදියො කියනවා ශනි හා කුජ එකට තියන කෙන්දරයක් එක්කම ගෑලපීම කල යුතුය කියලා. එහෙම කිමට මොනවා හරි හේතු තියනවද?.
4)ශනි හා කුජ එකට යොගවීමෙන් කෙනෙකුට ඈතිවන බලපෑම් මොනවාද?.
(ඔබතුමාට හෑකිනම් මේ පිළිබදවත් blog එකේ ලිපියක් දමන්න. ඒක ගොඩක් ප්‍රයොජනවත්)

jhothishalanka said...

Anonymous

ශනි මංගල දෝෂය ගැන මීට කලින් යම් තරමින් කතා කර ඇත.පල්ලෙහා ලින්ක් කෙ බලන්න.මම මේ වෙලාවේව වැඩක් එතකන් ඒක බලන්න.ඔයාගෙ කමෙන්ටුවට ඉදිරියේදී තවදුරටත් ප්‍රතිචාර දක්වන්නම්

http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_09.html

http://lankajhothisha.blogspot.com/2011/01/2.html

Anonymous said...

මා බොහෝ කාලේකින් තමා මෙහි කොමෙන්ටුවක් දමන්නේ.
ඈත්තෙනම ඉහත සදහන් කර ඈත් පරිදි ඔබ මෙය කරන්නේ කිසිම මුදල් බලාපොරොත්තුවකින් නොවන බව මටත් වෑටහී තිබෙනවා.
ඔබ බොහෝ සේවයක් කරන්නේ.
ඉදිරියටත් මා මෙම බ්ලොග් අඩවිය සමග සිටිනවා.

-Nathan-

Anonymous said...

nicha grahayek samaga swasshestra grahayek sitima nicha bangayak kiyala samahara poth path wala kiyawenawa.mehi sathya asathyatawa kumakda?

Unknown said...

MOKAKDA KARMAGURU KIYANNE,,,, EKEN VENA PRATHIPALA MONAWADA....

Unknown said...

KARMAGURU KIYANNE MOKKAKDA ... EKE PRATHIPALA MONAWADA

jhothishalanka said...

Anonymous
නීච ග්‍රහයකු හා ස්වක්‍ෂෙත්‍ර ග්‍රහයෙකු එකට සිටින සෑම විටම නීච භංග රාජ යෝගය යෙදෙන්නේ නැහැ.නමුත් මෙම නීච ස්වක්‍ෂෙත්‍ර ග්‍රහ සංයෝගය සතර කේන්ද්‍රයෙන් (1,4,7,10) තැනක හෝ ලග්නයෙන් ත්‍රිකෝණගත ස්ථානයක(5,9) පිහිටන විට නීච භංග රාජ යෝගය යෙදෙනවා.මේ පෝස්ට් එකේ නීච භංග රාජ යෝගය යෙදෙන හයවන අවස්ථාව ලෙස සටහන් කිරීමට සිටියේ මේ අවස්ථාවයි.නමුත් ඒක ලිව්වෙ නැහැ.

@DARSHI
මේ ප්‍රශ්නය ඔබම මීට පෙරත් ඇහුවා මතකයි.ගැටළුව අපැහැදිලියි."කර්මගුරු" යන්නක් මා දැන ගෙන නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන කමෙන්ට් කරල DARSHI ට උදවු කරන්න.

jothiratna said...

@Darshi
දර්ශිගේ ලග්නේ කිව්වොත් කර්මගුරු කව්ද කියල කියන්න පුළුවන් වෙයි සමහර විට.

jothiratna said...

ජ්‍යෝතිෂ පුවත් පත් අන්තර්ජාලයේ තියෙනවද?

jhothishalanka said...

jothiratna
ඔන්න පල්ලෙහා ඉරහදේ ලිපිනය ඇති. තවත් එකක් තිබුනා.හම්බුනු ගමන් දාන්නම්
http://www.irahanda.lk/

jhothishalanka said...

jothiratna
ඇත්තටම ඉරහද පුවත්පතේ වෙබ් ලිපිනය මෙහි දමන්නටත් සුදුසු නැති තරම්.මේ අය තමයි පෙන්ෂුයි තදින්ම විකුනන් කන්නේ.පිටස්තර පුද්ගලයන්ගේ වටිනා ජ්‍යොතිෂ ලිපි ඇති නිසා හා ජෝතිරත්න මිතුරා කල ඉල්ලීමක් නිසාම ඉරහදේ වෙබ් ලිපිනය පල කළෙමි.ඉන්ටර්නෙට් එකේ ඇති තවත් ජ්‍යොතිෂ පුවත්පතක ලිපිනය හමුවූ ගමන් දමන්නම්.

jothiratna said...

බොහොම ස්තුත්යි.අනිත් ඒවත් දාන්න.

jhothishalanka said...

තමන්ගේ කේන්ද්‍රය සතුරන් අතට පත්වීම ගැන ඇසූ අයට
පහල ලිපිය බලන්න
http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_02.html

Anonymous said...

මහත්මයා කේන්දරයක ලග්නය මිථුන වී 5 වැන්නේ රවි,බුධ,ශනි සංයෝග වී තිබීම විවාහයට අසුබදායක වේද?

jhothishalanka said...

Anonymous
කේන්ද්‍රයක ඇති සුභ අසුභ දෝෂ පැවසීමට ඔවැනි විස්තර ප්‍රමාණවත් මදිය.සාමාන්‍යයෙන් රවි,බුධ ශනි යෝග වීම එතරම් සුභ යෝගයක් ලෙස නොසැලකෙයි.නීච භංග රාජ යෝගයක් මිථුන ලග්න හිමියාගේ පස්වැන්නේ මෙම යෝගය සමග යෙදෙන නිසා දෝෂ අඩුයි.මථුන ලග්න හදමියන්ට පස්වැන්නේ යෙදීම දරුවන්ට අගුණ යෝගයකි.පොරොන්දම් පරීක්‍ෂාවේදී ඒ පිළිබදව සැලකිය යුතුයි.

පන්සල් හංදිය said...

ලිපි ඇත්තටම හොඳයි...... නොදන්න පැත්තක් .......... පැහැදිලි කරනවා..........

Anonymous said...

මහත්මයා ග්‍රහ දෘෂ්ඨි ගැන ලිපියක් පළ කරනව නම් ගොඩක් වටිනව.
චන්ද්‍රසේන...

jhothishalanka said...

Anonymous
බොහොම ස්තූතියි අදහස දුන්නට .කලින් කමෙන්ට් වල මේ ගැන වරිනා වර පැවසුවත් සවිස්තරව ලිපියක් දක්වා නැහැ. 2ම් දවස්වල ටිකක් කාර්්‍යබහුලයි.ඉඩ ලද විටෙක දාන්නම්.

Anonymous said...

කටක ලග්න කාරයෙක්ගේ 6 හි ගුරු සිටීම හොද නැද්ද?. ලෙඩ රෝග ගොඩකට හේතුවෙනවද?

jhothishalanka said...

ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ කෙටියෙන් දෙන්න බැරි නිසා ඔන්න කටක ලග්න හිමියාට ගුරු හයවැන්නේ පිහිටීම ගැන දැක්වෙන විස්තරයක් පල්ලෙහා ඇති එකේ ගුරූ 6 කොටස කියවන්න.කටක ලග්න හිමියාගේ ගුරු 6 සිටීමට ඉහත දක්ව ඇති විස්තරයට අමතරව උපන් කේන්ද්‍රයේ වෙනත් ග්‍රහ පිහිටීම් ගැනත් සලකා බැලිය යුතු වුවත් ඔබගේ ගැටළුවට පිළිතුර මෙතන ඇති.
https://docs.google.com/document/d/1EIQqia9zYYL8wTskWqLO28NptHQasBmviySDhm4IJJQ/edit?hl=en&authkey=CPHWwsAF!

jhothishalanka said...

ඉහත කමෙන්ටුව අන්තිම ඇනෝගේ ගැටළුව වෙනුවෙනි.

Anonymous said...

---කටක ලග්න කාරයෙක්ගේ 6 හි ගුරු සිටීම හොද නැද්ද?. ලෙඩ රෝග ගොඩකට හේතුවෙනවද? ----
කමෙන්ටුවේ හැටියට නම් නරක් පේන්නේ නැහැ.
----------------------------------
මම මෙහෙම ඇහුවෙ මගේ කේන්දරය බලපු ජොතිර්වේදියෙක් කියපු දෙයක් නිසාය.
මගේ අනෙක් ග්‍රහයො ඉන්නේ මෙහෙමයි.
4-ශනි,කුජ
5-කේතු.
6-ගුරු
10-රවි, බුධ, සිකුරු
11- රාහු, චන්ද්‍රයා

jhothishalanka said...

දක්වා ඇති ග්‍රහචාරය අනුව ඔබට අධ්‍යාපනය අංශයෙන් දියුනුවක් ලබා ගත හැකි අයෙක්.ඉගෙනුම ලබන කෙනෙක්නම් වෙන දේවල් ගැන නොසිතා අධෘාපනයට සිත යොමු කරන්න.කටක ලග්න හිමියාට ගුරු හයේ නරක නැහැ.ලෙඩදුක් වලින් ඔය කියන තරම් කරදර ඇතිවෙන්න විදියක් නැහැ.කේන්දරේ හොදට බලන්න ඔය විස්තර මදියි.එහෙමෙයි කියල මේ බ්ලොග් එක බලන හැමෝගෙම කේන්දර බලන්න මට බැහැ.ප්‍රශ්ණ අහන්න ,දන්න පුළුවන් විදියට උත්තර දෙන්නම්

Anonymous said...

ඔබතුමාට බොහොම ස්තුතියි ප්‍රතිචර දැක්වීමට......
අධ්‍යාපනය ගැන කියපු කාරණය හරි.මොකද මම මේ වනවිටත් Bsc එකක් කරපු කෙනෙක් නිසා හා දැනට MSc එක්ක හදරමින් ඉන්න නිසා.
ඒත් ඇයි ".ඉගෙනුම ලබන කෙනෙක්නම් වෙන දේවල් ගැන නොසිතා අධෘාපනයට සිත යොමු කරන්න." මෙහෙම දෙයක් කිවේ සිතා ගන්න බැහැ.

ඔබතුමාට වදයක් වීමට කැමති නැතිය. නමුත් හැකි නම් මට කියන්න පුලුවන්ද මට කුමන කේෂත්‍රයක රෑකියාවක් කේන්දරය අනුව ගැලපේද කියා. (මීට පෙරත් තාවකාලික රෑකියාවක් කර දැන් ඉන් ඉවත් වී සිටිමි.)

jhothishalanka said...

@Anonymousඔබගේ උපන් දිනය වේලාව ස්ථානය කමෙන්ට් කරන්න.මේ දිනවල කමෙන්ට් මොඩරේට් නොකරන නිසා ඒක අනිත් අයට පෙනේවි.ඇනෝ විදියටම කමෙන්ට් කරන්න.මම ඒක සටහන් කරගෙන කමෙන්ටුව මකන්නම්.මේ දවස්වල නැවත හදහන් වැඩ හිරවෙලා ඉඩ තියෙන වෙලාවක බලල විස්තර කියන්නම්.

jhothishalanka said...

@Anonymou
ඔබගේ ඊමේල් ලිපිනයද ජුනි මාසයේ මුල් සතියේදී කමෙන්ට් කරන්න

Anonymous said...

ඊමේල්

jhothishalanka said...

මට ඔයාගෙ වැඩේ අමතක වෙලා තිබුනේ."වෙනත් දේවල් ගැන නොසිතා අධ්‍යාපනයට හිත යොමු කරන්න" කියල කිව්වෙ ඔයාටනේ.ඔයාගේ උපන් දිනේ වේලාව සටහන් කරගෙන ඇත.ඔන්න කමෙන්ටු මොඩරේට් කලා.ඊමේල් එක කමෙන්ට් කරන්න.ඒක පබ්ලිෂ් නොකර උත්තර දෙන්නම්.

Anonymous said...

WHnishamal@gmail.com

Anonymous said...

mail එකක දැම්මා .බලන්නකො

දර්ශන said...

නීච භංග රාජයෝගයක් ඇති අයෙකුගේ ඵල විපාක කෙසේද?

jhothishalanka said...

@දර්ශන
නීච භංග රාජයෝගයේ ඵල විපාක බැලීමේදී නීච (හෝ එවැනි තත්ත්වයක ඇති)ග්‍රහයා මෙන්ම එම බලපෑම යටපත් කරන (භංග කරන) අනිත් ග්‍රහයා(ග්‍රහයන්) ගැනද සලකා බැලිය යුතුය.ඒ ඒ ග්‍රහ ස්වභාව අනුව ගුණ අගුණ කලින් කලට වෙනස් වුවත් නීච භංග රාජ යෝගය සුභඵල දෙන යෝගයක්.

Anonymous said...

I felt that the results of the "Raja Yoga" will receive only after the worst period due to the effect of " Neecha Grahaya"....U got through that type of charts?

jhothishalanka said...

Last Anonymous
මගේ ඉංග්‍රීසි දැනුම අඩු නිසා ඔබගේ කමෙන්ටුවේ සදහන් දෑ මට අපහැදිලියි.සිංහලෙන් නැවත කියන්න.

Anonymous said...

@JHOTHISHALANKA
mata obawa hamuwenna one.. kendara dekak cheack karaganna... obawa sambanda karaganan e-mail lipinayak website eke dakwa natha. karuna kara pahatha e-mail lipinayata sambanda wanna.
njferdo@yahoo.com

email address eka ain karanna oba eya labagaththata pasuwa.

තිරිසනා said...

ඇත්තටම නීචභ්ංගයෙන් ලබා ගන්ඩ පුලුවන් ප්‍රයෝජන මොනවාද?

අපි මෙහෙම හිතමු. රවි තුලාවේ මුලංශකයේ ඉන්නව.ශනි තුලාවේ අන්තිම අංශක 5හේ වගේ ඉන්නව.දැන් මේක නීච භංගයක් වුනාට නීච රවිගේ බලය ගොඩක්ම අඩු හින්ද මේ නීච භංගයෙන් ප්‍රයෝජනයක් ගන්ඩ අමාරු වෙනව නේද?

එහෙම රවි සහ ශනි වැඩි ඈතින් ඉන්න කොට අපි නීච රවි බලය වැඩි කලොත් ප්‍රතිඵල පෙරට වඩා සාර්ථක කර ගන්ඩ පුලුවන් වෙයිද?

අපි මෙහෙම හිතමු.දැන් නීච භංගයක් තියෙනව මොනයම් කේන්දරේක හරි.අපි මේ උදාහරණෙම ගමු.රවි සහ ශනි තුලාවේ සිටීම කියල.දැන් මේ නීච භංගය බොහෝ විට ඵල දෙන්නේ මේ ග්‍රහයන් දෙදෙනාගෙන් එකකට අයිති මහා දසාවක නේ.එතකොට සෙනසුරු මහ දසාවෙන් නීච භංගයක් ක්‍රියාත්මක වෙයි කියල අපිට ප්‍රායෝගිකව හිතන්ඩ පුලුවන්ද?

රවි කියන්නෙත් ඒ තරම්ම සුභ මහ දසාවක් නෙමේ.ඒකෙනුත් මේ නීච භංගය ඵල දෙයි කියල හිතන්ඩ පුලුවන්ද?
තරහ අවසරදී තිරිසනාට පිළිතුරු දෙනු මැනවි :D

jhothishalanka said...

@තිරිසනා
නිච භංග රාජ යෝගයකින් ලැබෙන(ලබා ගන්න පුළුවන් යන වචනය භාවිතා කළ නොහැක.) ප්‍රයෝජනයක් තමයි අදාළ උච්ච හෝ නීච ග්‍රහයන්ගේ මහදශා කාලයේදී ක්‍ෂණික හා අධික සුභඵල උදාවීමයි.

රවිගේ පරම උච්ච ස්ථානය මේෂයේ 10 වෙනි අංශකයයි.පරම නිච ස්ථානය තුලාවේ 20 වෙනි අංශකයයි.ශනිගේ පරම උච්ච නීච ස්ථාන පිළිවෙලින් තුලාවේ 20 වැනි අංශකය හා මේෂයේ 10 වැනි අංශකයයි.මේ අනුව රවි ශනි ග්‍රහයන් දෙදෙනා මේෂ හෝ තුලා රාශිවල පිළිවෙලින් 10 වෙනි හා 20 වෙනි අංශකයේ පිහිටන විට නිච භංග යෝගය බලවත්ව පිහිටයි.මේ අවස්ථාවේදී දෙදෙනා අතර පරතරය අංශක 10කි.
ගුරු ග්‍රහයාගේ පරම උච්ච හා නීච අංශක පිළිවෙලින් කටකයේ හා මකරයේ 5වෙනි අංශකයයි.කුජ ග්‍රහයාට අනුරූප මෙම අගයන් මකරයේ හා කටකයේ 28 වෙනි අංශකයි.මේ අනුව ගුරු හා කුජ ග්‍රහයන් දෙදෙනා පිළිවෙලින් කටක හෝ මකර රාශිවල පිළිවෙලින් 5 වෙනි හා 28 වෙනි අංශකවල පිහිටන විට නිච භංග යෝගය බලවත්ව පිහිටයි.මෙහිදී ග්‍රහයන් දෙදෙනා අතර පරතරය අංශක 23 කි.
ඉහත දැක්වූ ආකාරයට රවිහා ශනි දෙදෙනා අතර නීච භංග යෝගය උපරිම බලවත් වන විට ග්‍රහයන් දෙදෙනා අතර පරතරය අංශක 10කි(අඩු අගයකි.) ගුරු හා කුජ ග්‍රහයන් අතරදී එය අංශක 23කි.මේ අනුව බලන විට ග්‍රහයන් දෙදෙනා අතර පරතරය අඩුවන විට නිච භංග යෝගය බලවත් වේ යැයි පැවසීම මා පැවසූ ආකාරයට යම් වරදක් තිබේ.නමුත් ග්‍රහයන් දෙදෙනා ඈත්වන විට යෝග බලය අඩුවීම සිදුවන නිසා මෙම පරම උච්ච නීච අවස්ථාව පිළිතුරු දුන් පලමු කමෙන්ටුවේදී විශේෂයෙන් සදහන් කලේ එබැවිනි.නීච හා උච්ච ග්‍රහයන් දෙදෙනෙකු යෝග වීමෙන් සෑදෙන නීච භංග යෝගයේදී යෝගය ඵලදීම වැඩියෙන් සිදුවන්නේ එම ග්‍රහයන්ගේ මහදශා කාලයේදීයි.ශනි හෝ රවි ග්‍රහයන්ටද එය එසේමය.

ranil abeynayake said...

ගුරුතුමා,, මීන ලග්නයේ කේන්ද්‍රයේ කුජ 9යේ ස්වක්ශේත්‍රව සිටින අතර සඳු එහි නීචවී ඉන්නවා.තව යුරේනස්,කේතු කියන ග්‍රහයන්ද සිටිනවා...මෙය නීච භංග රාජ යෝගයක්ද...මෙයින් ලැබෙන යහපත් හා අයහපත් පල කවරේද කියන්න පුලුවන්ද.....

jhothishalanka said...

@ranil abeynayake
ඔබ දැක්වූ කේන්ද්‍රයේ නීච භංග රාජ යෝගය යෙදී ඇත. මෙහි සදහන්
3)නීච වූ ග්‍රහයා තැන්පත්වූ රාශියට අධිපති ග්‍රහයා,
* සදුගෙන් කේන්ද්‍රගත වීම(සදුගෙන් 1,4,7,10 ස්ථානයක වීම)

යන්න මෙහි සපුරා ඇත.
නීච සදු තැන්පත් වෘශ්චිකයට අධිපති කුජ සදු සමඟ (සදුගෙන් 1 වැන්නේ ) සිටීම

jhothishalanka said...

@ranil abeynayake
ලිපියෙන් දක්වා ඇති පරිදි මින් යහපත් ප්‍රතිඵල ලැබේ

jhothishalanka said...

@ranil abeynayake
ඔබ දැක්වූ කේන්ද්‍රයේම සිකුරු ග්‍රහයා කුජගෙන් කේන්ද්‍රගතවී ඇත්නම් තවත් විදියකින් නීච භංග රාජ යෝගය යෙදේ.

ranil abeynayake said...

obata behewinma sthuthiy guruthuma mema watina pahadili kireemata...

Anonymous said...

ගුරුතුමනි, මම සිංහ ලග්නයේ මගෙ කේන්ද්‍රයෙ ශනි සහ කුජ 9යේ ඉන්නව සඳු 10 සහ රවි සිකුරු 8 බුද රාහු 7 සහ ගුරු 03

පසුගිය 2010 ජනවරි 28 ඉඳල ශනි මහ දශාව ලබල කියල කේන්ද්‍රය බලපු කීප දෙනෙක් කිව්ව.

මගෙ කේන්ද්‍රය බලපු අය හැමෝම කිව්ව මට රාජ යෝගයක් තියෙනව කියල ඒත් සමහර අය කිව්ව ඒකෙන් පල නැහැ කියල

මේ කතාව ගැන ඔබ හිතන දෙය කියන්න පුලුවන් ද ?

මම කේන්දරයෙ පලාපල කියන්න කියනව නෙවෙයි මෙ කියන රාජ යෝග කතාව ගැනයි ඇහුවෙ. පැහැදිලිකිරීමක් කලොත් පිං.

Anonymous said...

ගුරුතුමනි, මම සිංහ ලග්නයේ මගෙ කේන්ද්‍රයෙ ශනි සහ කුජ 9යේ ඉන්නව සඳු 10 සහ රවි සිකුරු 8 බුද රාහු 7 සහ ගුරු 03

පසුගිය 2010 ජනවරි 28 ඉඳල ශනි මහ දශාව ලබල කියල කේන්ද්‍රය බලපු කීප දෙනෙක් කිව්ව.

මගෙ කේන්ද්‍රය බලපු අය හැමෝම කිව්ව මට රාජ යෝගයක් තියෙනව කියල ඒත් සමහර අය කිව්ව ඒකෙන් පල නැහැ කියල

මේ කතාව ගැන ඔබ හිතන දෙය කියන්න පුලුවන් ද ?

මම කේන්දරයෙ පලාපල කියන්න කියනව නෙවෙයි මෙ කියන රාජ යෝග කතාව ගැනයි ඇහුවෙ. පැහැදිලිකිරීමක් කලොත් පිං.

jhothishalanka said...

@Anonymous මහත්මයාණෙනි නීච භංග රාජ යෝග ඇතුළුව රාජයෝග ක්‍රම අති විශාල සංඛ්‍යාවක් ඇත.මිනිස් ඇසට වඩා වඩාත් සංවේදී අයුරින් ජ්‍යොතිෂ මෘදුකාංගයකට රාජ යෝග හා රාජ යෝග භංග හා රේක යෝග හදුනා ගත හැක.ඔබ දුන් ඔබගේ කේන්ද්‍ර සටහනේ රාජ යෝග ආසන්න යෝග කීපයක් ඇත.නමුත් හතර අධිපති කුජ පාපයෙකු (ශනි) සමඟ සංයෝගව රවිගෙන් අස්ත වීම(රවිට ආසන්න වීම) ප්‍රබල රේක යෝගයකි.මෙම රේක යෝගයෙන් රාජයෝග ඵල අඩු කරනවා.ඔබගේ උපන් දිනය හා වේලාව jhothishalanka@gmail.com ඊමේලයට එවන්න.

මුතු said...

* නීච ග්‍රහයා තැන්පත්වූ රාශියට අධිපති ග්‍රහයාත් නීච ග්‍රහයා උච්ච වන රාශියට අධිපති ග්‍රහයාත් යන දෙදෙනාම පරස්පර අන්දමින් කේන්ද්‍රගතව පිහිටීම :
(6 - කටක - කුජ / 12 - මකර - චන්ද්‍ර පිහිටීම)
නීච භංග රාජ යෝගය පිහිටීමක් ද?
එයින් ලැබෙන ප්‍රතිපල මොනවාද?

යෝග පිළිබඳව ඇති දැනුම දුර්වල නිසා අසමි.

jhothishalanka said...

@මුතු
ඔබ දී ඇති ග්‍රහ පිහිටීම අනුව නීච භංග රාජ යෝගය ඇත.ඊට අමතරව චන්ද්‍ර මංගල යෝගයද ඇත.මගේ ඊලඟ පෝස්ට් එක තීරණය කලේ ඔබගේ කමෙන්ටුවෙනි.ඊලඟ ලිපිය "චන්ද්‍ර මංගල යෝගය" පිළදබදව ලිවීමට සිතමි. නීච භංග රාජ යෝගයේ පැහැදිලි ප්‍රතිඵල නම් ක්‍ෂණික දියුනුව ලඟා කරදීමයි.නීච ග්‍රහයාගේ නීචය භංග වීමට හේතු වූ ග්‍රහයාගේ හෝ ග්‍රහයන්ගේ මෙන්ම නීච ග්‍රහයාගේ මහදශා වලදී මෙම ක්‍ෂණික සුභඵල ඉස්මතුවේ.

මුතු said...

හපොයි ඉවරයි....! මම අසා ඇත එය විවාහයට හොද නැති බව නම්. මේකෙත් ඒක තියන වග දැනගත්තේ නම් ඔබගෙනි.

Anonymous said...

නීච ග්‍රහයා තැන්පත් රාශිය අධිපතියාද නීච වීම නිසා නීච භංග රාජ යෝගයක් යෙදෙනවාදැයි මා ඇසූ පැනයට ඔබ පිළිතුරු නොදෙන්නේ ඇයි?
(නේවිඳු)

jhothishalanka said...

නීච භංග රාජ යෝගය යෙදෙන ආකාරය පිළිබදව සෘෂි භාෂිත විස්තර මිස මූලික සිද්ධාන්ත පද්ධතියක් නැත.මෙහි දක්වා ඇත්තේද මූල ග්‍රන්ථ කිහිපයක ඇති සිද්ධාන්ත සම්පීඩනයකි.මෙම ලිපියේ දක්වා ඇති ආකාරයට
3)නීච වූ ග්‍රහයා තැන්පත්වූ රාශියට අධිපති ග්‍රහයා,
* උච්චව සිටීම
* සදුගෙන් කේන්ද්‍රගත වීම(සදුගෙන් 1,4,7,10 ස්ථානයක වීම)
* සදු දැකීම

නීච භංග රාජ යෝගය යෙදේ.

Related Posts Plugin for WordPress, Blogger...