Saturday, April 16, 2011

මළවුන්ට නැකැත්

 "මවුන්ට නැකැත්" ලිපියේ මාතෘකාව දකින විටම ඇතැමුන්ට යම් කුකුසක් පහළ වනු නියතය.මියගිය නොහොත් මලවුන්ට නැකැත් කුමකටද?බොහෝ දෙනාට එලෙස සිතුනත් එදිනෙදා ජීවිතයේ දී අප නිතර අසා පුරුදු "අඟහරුවාදා,සිකුරාදා මරණ අස් නොකරයි" වැනි මති මතාන්දර පිළිබදව මදක් සිතා බලන්න.අපේ පැරැන්නන් මෙවැනි මතවාද අනුව වැඩ කටයුතු කිරීමට පුරුදුව සිටියේ කුමන හේතු නිසාදැයි විමසා බැලීමටවත් ඔබ උත්සාහ කර තිබේද?



    කෙසේ නමුත් ආයුෂ ගෙවීම මරණය වන ආකාරය මෘත ශරීරය භූමදානය කරනවාද?,දවනවාද?අවමංගල්‍ය උත්සවයට වැඩි පිරිසක් සහභාගී වෙනවාද?එදින වැසි ඇතිවේද?යන්න තීරණය කිරීමට පැරණි ජ්‍යෙතිෂ ක්‍රම තිබී ඇතත් මේ වනවිට ඒවා භාවිතය අඩුවී ඇත.
     මියගිය තැනැත්තාගේ මතු ආත්මය කෙසේ වේද යන්න පැවසීමට ජ්‍යොතිෂ සිද්ධාන්ත පොත් පත්වල දක්වා ඇතත් වර්තමානයේ ඒවායේ භාවිතය අඩුය.ඉතාම කලාතුරකින් මියගිය කෙනෙකුගේ මතු ආත්මය කෙබදුවේද යන්න විමසීමට පවුලේ ඥාතීන් මා වෙත පැමිණි අවස්ථා ඇතත් එවැනි සෑම අවස්ථාවකදීම අදහස් දැක්වීම මම ප්‍රතික්ෂේප කළෙමි.
  විපත් වේලාවේ ලග්නය,දිනය,හෝරාව ආදී නක්‍ෂත්‍ර සංඥා අනුව මියගිය තැනැත්තාගේ ඉදිරි උපත සුගතියකද අගතියකද යන්න සදහන් කෙරෙන පැරණි ශ්ලෝක දෙකක් පහත දැක්වේ.
     * ව්‍යවස්ථානං ගතේ ජීවේ
        සුභ ග්‍රහ නිරීක්‍ෂිකෙ
        තදිසෙ ශුභ රාශිස්තෙ
        සුභාක්‍ෂා මොක්‍ෂ භාක් භවෙත්


   බ්‍රහස්පති දොළොස් වැන්නේද,එම ස්ථ්නය ශුභ ග්‍රහයනගේ පූර්ණ දෘෂ්ථියට හසුවේද ශුභ රාශි ගතවේද එම විපත් කේන්ද්‍රය හිමි අය සුගතිගාමීවේ.


     * ව්‍යවස්ථානං ගතෙ රාහූ
        භෞමාර්ක රවි සංයුතෙ
        තදි සේ නීච සංයුක්තෙ
        නර කේ  නීච සිස්‍යතී


      විපත් ලග්න කේන්ද්‍රයේ රාහු දොලහේද,දොලහ දධිපති කුජ,ශනි,රවි ආදී පාප ග්‍රහයන් සමඟ වේද නීච ස්ථානගත වේද එවැනි විපත් කේන්ද්‍ර හිමියා අගතිගාමීවේ.
     ඉරිදා,අඟහරුවාදා හෝ සෙනසුරාදා දිනෙක පවුලේ අයෙකු මියගිය හොත් පැරැන්නෝ ඒ පිළිබදව විශේෂයෙන් සැලකිළිමත් වූයේ එය පවුලේ ජීවත්ව සිටින්නන්ට බලපැ හැකි බවට මතයක් ඇති බැවිනි.මෙම දින තුන යෙදීම හා එදින යෙදෙන නැකත,තිථිය අනුව සමහර අවස්ථාවල යෙදෙන ත්‍රි පුෂ්කර නම් යෝගය යෙදීම පවුලේ ජීවත්ව සිටින්නන්ටද විපත් කරදර ඇති විය හැකි බවට පැරණි ජ්‍යොතිෂ මතයක් ඇත.
   ත්‍රි පුෂ්කර යෝගය යෙදෙන අයුරු.
    දින  - ඉරිදා,අඟහරුවාදා,සෙනසුරාදා යන දිනවල
    තිථි  - 2,7,12 (දියවක,සතවක,දොලොස්වක යන භද්‍රා තිථි තුන) යෙදීම
    නැකැත - කැති,උත්‍රපල්,උත්‍රසල,පුනාවස,විසා,පුවපුටුප යන රවි හා ගුරුට හිමි නැකැත් වලින් නැකතක් යෙදීම


  වගා කටයුතු වලට ශුභ වුවත් ත්‍රි පුෂ්කර යෝගය යෙදී ඇති මොහොතක කෙනෙකු මිය යාම පවුලේ ජීවත්ව සිටින්නන්ට අගුණ වේ.ත්‍රි පුෂ්කර යෝගයේ සුභ හා අසුභ ඵල තුන් ගුණයක් වීම මීට හේතු ලෙස සැලකේ.ජීවත්ව සිටින තිදෙනෙකුටම විපත් ඇති කරන බව කියයි.


 මෙම ත්‍රි පුෂ්කර යෝගය යෙදී ඇති විට කෙනෙකු මිය ගිය විට යෙදෙන දෝෂය දුරු කිරීමට පිළිවෙත් ජ්‍යෙතිෂයේ හා ගුප්ත විද්‍යාවේ දක්වා ඇත.
   * මාතෘ දේහය ගෙයි දොරකඩින් නොගෙන බස්නාහිර පැත්තේ බිත්තිය කඩා එතැනින් මෘත සිරුර පිටතට ගැනීම
   * වස්තුව හා ගවයන් තිදෙනෙකු දන්දීම,ගවයන් තිදෙනෙකු මරණින් මුදා ගැනීම
 මෙම පිළිවෙත් කිරීමෙන් ජීවත්ව සිටින්නන්ට ආරක්‍ෂාව සැලසෙන බව සදහන්ය.

9 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔය කියල තියන දවස් වල මරණ අස් නොකරන එක ඉන්දියාවෙන් ආපු සංකල්පයක්ය කියල මම අහල තියනව , බ්‍රාහ්මණියින් ස්නානය කරන දවසට ගංගානම් ගඟට (හෝ වෙනත් ගඟකට ) බාගෙට පුච්චපු මිනී ( ඉන්දියාවෙ අදටත් භාවිත දර සැයන් මගින් මිනි සම්පුර්ණයෙන් දැවී අලු නොවන අවස්ථා ඇතැයි පැවසේ ) දාන එක වලක් වන්න ගෙනාපු සංකල්පයක් ය කියලයි කියවෙන්නෙ

Anonymous said...

මේක නම් මම ඇහුවමයි.. උපදින මිනිස්සුන්ට නැකැත් හදන එක සාමන්යම දෙයක්..එත් මැරෙන කෙනෙක්ට ? මෙකේදි නැකැත් බලන්නේක්ට බොරුවක් උනත් කිව හැකියි නේද.. ආයේ ඉපදෙන කෙනා එකම රුපෙන් ඉපදෙන්නේ නැනේ... මම හිතන්නේත් නම් ඉපදුනාම හොයන් ආවට මැරුනම කවුද වෙන්නෙකි කින්ද මන්ද කියලා නම් හොයනවා අඩු ඇති... නොදැන උන් දෙයක් දැනගත්ත.. ස්තුතියි..

Anonymous said...

දැන් ඊයෙ අපේ ගේ ගාව 16 ආච්චි කෙනෙක් නැතිවුනා.දවල් නැතිවුනේ.ඊයෙ යෙදියල තිබුන නැකත උත්‍රපල් නැකත.දිනය සෙනසුරාදා.හැබැයි තිථිය වෙනස්.එතකොට ත්‍රිපුෂ්පකර යෝගය යෙදෙන්ඩ(සම්පූර්ණ වෙන්ඩ ) තිථිය අනිවාර්යෙන් 2,7,12 යෙදිල තියෙන්ඩම ඕනෙමද?
එහෙම නැත්තන් එතකොට ත්‍රිපුෂ්පකර යෝගය යෙදිල නැත්තන් සාමාන්‍ය විදිහට අවසන් කටයුතු කලාට වරදක් නැද්ද?

jhothishalanka said...

@Anonymous
කියල තියෙන විස්තර හැටියට යෙදිල තියෙන්නේ ත්‍රි පුෂ්කර යෝගය නෙවෙයි ද්වි පුෂ්කර යෝගය ඒකත් නරකයි කියල කියනවා.පවුලේ දෙදෙනෙකුට අපල කරයි.සාමාන්‍ය විදියට අවසන් කටයුතු කිරීම හොදයි.නැත්නම් බිත්ති කඩාගෙන යන්න පුළුවන්ද මේ දවස්වල.පිළිවෙත් කරන එක හොදයි.ඔයාට හොදට පඤ්ඤාඩය බලන්න පුළුවන්නේ.ඔයා හරි 16 සෙනසුරාදා දිනය හා උත්‍රපල් නැකත යෙදුනට තිථිය පුර තෙලෙස්වක.(13)

Anonymous said...

ඔව් ඇත්ත.තිථිය 13.මම එහෙම ඇහැව්වේ ඕව කරන්ඩ යන්ඩ කියල නෙමේ.ඇත්තටම මම ඒ අවුලත් එක්ක වැඩි සම්බන්දයකුත් නෑ.ඒත් අපි අවට සිද්ද වෙන පොඩි දේවලින් පවා අපේ පරීක්ෂණ දත්ත එකතු කරගන්න එක ඉදිරියේදී ඔය හා සම්බන්ද ප්‍රශ්න ආපුවම ගන්නා සමහර තීරණවලට පහසුවක් වෙයි කියල හිතල.

මට තව පුංචි ප්‍රශ්න කීපයක් ආවා.දන් ඒ මලගෙදර ඉන්නව සුවකල හැකි පිළිකා රෝගයකින් පෙළෙන කාන්තාවක්.දැන් ඔයා කියපු විදිහට පවුලේ දෙන්නෙක්ට අපලයි කිව්වනෙ ද්විපුෂ්පකර යෝගය යෙදිල තියෙන හින්ද.ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ අපලයට ගොදුරුවන එක්කෙනෙක් වෙන්ඩ ඕනෙ ඒ අසනීපය හැදිල තියෙන කාන්තාව.මම ඉස්සරහට මේ ගැන අවධානයෙන් ඉන්නම්.බලමු කොහොමද මොකද ඉස්සරහට වෙන්නේ කියල.

මට තියෙන අනිත් ප්‍රශ්නෙ තමයි ඇයි බස්නාහිරින්ම බිත්තිය කඩන්ඩ කියන්නේ කියල? පුලුවන් නම් මේකටත් පැහැදිලි කිරීමක් කරන්ඩ.


පුලුවන්නම් ඉස්සරහටත් ජ්යෝතිෂ්‍ය ගැන ලියවෙච්ච ටිකක් මේ වගේ ගැඹුරු ලිපිත් අතරි පතර ලියන්ඩ

Anonymous said...

1)අවුරුද්දේ ලග්න වලට අදාල අය වෑය කියා සදහන් වන්නේ කුමක්ද? මෙය කෙසේ තිබුනහොත්ද වඩා හොද?

2)මා නාඩී සාස්ත්‍ර ක්‍රමය අනූව බෑලු විට මා ඊලග ආත්මේ ඉපදෙන්නේ උතුරු ඉන්දියාවේ බව පවසා තිබෙනවා. මෙසේ මාගේ අනාගතය දෑන්ම සකස් වී ඈත්තම් මා කුමන වෙලාවක,කුමන ස්ථානයකදී මිය ගියත් මා නෑවත් ඉපදෙන්නේ කලින් ලියවි ඈති ආකාරයටම නේද?
එම නිස නාඩී සාස්ත්‍ර ක්‍රමයෙත් ජෝතිෂ්යයෙත් පරස් පරයක් තිබෙනවා කියලා ඔබට සිතෙන්නේ නෑද්ද?
ඒ කියන්නේ ට අනූව අප මිය යන මොහොතේ පවතින නෑකත අනූව ඊලග උපත සිදුවෙනවා.නමුත් ට අනූව එසේ නොවෙයි නේද?

ඔබට වෙලාවක් තිබේනම් පෑහෑදිලි කිරීමක් කරන්න පුලුවනිද?

-Nathan Spencer-

jhothishalanka said...

@Anonymous-Nathan Spencer-
1) ලග්න පලාඵල සදහන් කරන විට 11,12 අධිපතින්ගේ බල දුබලතාව අනුව අය වැය ලෙස ඉලක්කමෙන් අගයන් දැක්වීමක් කරනවා. අය අගයට වඩා වැය වැඩිවන විට වියදම් වැඩි වීමත් අය අගය වැයට වඩා වැඩි වන විට ලැබීම් වැඩි වීමත් වන බව සදහන්ය.

2) ඔබගේ දෙවැනි ගැටළුවට පිළිතුර ඔබ මට සැපයූ ඔබගේ ඊමේලය වෙත එවා ඇත.

කුරුම්නියා said...

හොද ලිපියක්...අහලම නොතිබුන දෙයක්....

Chanaka Aruna Munasinghe said...

ඉස්සර සමහර වලවු පැළැන්ති වල අය මැරිච්ච කෙනාගෙ සිරුර ගෙදරින් එළියට ගත්තෙ ජ්‍යෝතිෂය අනුව ලබා දුන් වෙලාවකලු. සමහර වෙලාවට එහෙම ගෙදරින් එලියට ගන්න නැකැත් වෙලාවක් ළඟ පාත දවසක නැත්තම් සිරුර ගෙදරින් එළියට ගන්නෙ නැතුව සාලෙම වලක් හාරල වල දානවලු. [ ඇත්තද බොරුද දන්නෙ නෑ. අහපු කියවපු කතාවක් ]

Related Posts Plugin for WordPress, Blogger...