Tuesday, April 5, 2011

අළුත් අවුරුදු නැකැත් මුළු රටම එකවර සමරන්නේ කිනම් වර්ෂයේ සිටදැයි ඔබ දන්නවාද?

      අළුත් අවුරුද්ද නිසාම සිංහල අපේ අනන්‍යතාව(සිංහලකම) නොනැසී ඉදිරියට පැමිණ ඇත.අළුත් අවුරුද්ද සිංහල අපට වැදගත් වන්නේ මෙම කරුණ හේතුවෙනි.මක් නිසාද යත් අළුත් අවුරුද්ද නොතිබෙන්නට අපේ පැරණි ජාතික සිරිත් විරිත් ,චාරිත්‍ර වාරිත්‍ර,ඇදහිළි,ක්‍රියාකාරකම් ජනක්‍රීඩා බොහොමයක් සමහර විට අද වන විට අපෙන් ඈත් වීමට ඉඩ තිබූ බැවිනි.

    ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වීමත් සමඟ සිංහලයන් අතරින්ම බිහිවූ කළු සුද්දන් අතින් සිංහල කම විනාශ වන විට සිංහලකම රැකීමට සැගවුනු සේවාවක් සිදු කලේ අළුත් අවුරුද්දයි.සිංහල අපිට පමනක් නොව දෙමළ ජනතාවගේද අනන්‍යතාව රැක දීමට අළුත් අවුරුද්ද උදවු වී ඇත.
  පුරාණයේ අළුත් අවුරුදු උත්සව සැමරීමේදී ප්‍රධාන කේන්ද්‍රස්ථනය වූයේ ගමේ පන්සලයි.පන්සලේ නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් ගමේ වැඩිහිටි ප්‍රධාන නැකැත් ඇදුරා විසින් සකසන අළුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව ගමේ සියළු දෙනාම අවුරුදු නැකැත් ඉටු කරයි.බොහෝ අවස්ථාවල මෙම අළුත් අවුරුදු නැකැත් සීට්ටුව ගමින් ගමට වෙනස් විය.
    ඉතා මෑත කාලයක් වන තුරු මෙම තත්ත්වය පැවතියත් අළුත් අවුරුද්ද වැනි ජාතික උත්සවයකදී මුළු රටම එකවර අවුරුදු නැකැත් ඉටු කිරීමේදී ශ්‍රී ලාංකික බව හොදින් ඉස්මතු වීමත් ජ්‍යොතිෂය ගැන ජනතාවට විශ්වාසයක් ඇති වීමත් සාමය සමගිය සහජීවනය වැඩි දියුණු වීමත් සිදු වන බව දුටු නැණවත් ශ්‍රී ලාංකිකයන් අළුත් අවුරුදු නැකැත් සම්බන්ධව පොදු සම්මුතියකට එලබීය.
     මේ අනුව 1991 වසරේදී එවකට සංස්කෘත ඇමතිව සිටි වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික අමාත්‍යාංශයේ එතුමාගේ කාර්්‍යාලය්දී ලංකාවේ පංචාංග ලිත් කතු වරුන්,ජ්‍යොතිෂවේදීන් සමග පැවති සාකච්ඡාවකින් පසු අළුත් අවුරුද්ද සදහා එකම පොදු නැකැත් මාලාවක් පිළිගැනීමට තීරණය කළ බවත් එය 1992 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇත.අළුත් අවුරුදු නැකැත් සෑදීමට පංචාංග ලිත් කතුවරුන් ජ්‍යොතිෂවේදීන්ගෙන් සැදුම් ලත් විශේෂ අළුත් අවුරුදු නැකැත් කමිටුවක් පත්කර ඒ හරහා සිදු කිරීමට තීරණය විය.ඒ අනුව 1992 වසරේ සිට අළුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදු කිරීම මුළු රටම එකම නැකැත් වේලාවන් වලට සිදු කරයි.
   ක්‍රි.ව. 1990 වසරේ ඈපා පංචංග ලිතේ හා ලංකා පංචාංග ලිතේ අවුරුදු නැකැත් වෙනස් අයුරින් දක්වා ඇති අයුරු පහත දැක්වේ. 1992 සිට මෙම නැකැත් ලිත් දෙකේම එක සමානය.1990 වසරේ හිසතෙල් ගෑමේ නැකතට ලිත් දෙකේ දින දෙකකි.


                                     1990 ඈපා පංචංග ලි
                
                   




                                   1990 ලංකා පංචාංග ලි
                                             

4 comments:

Akhila said...

ගෙයක් හදනකොට එහෙම අදාළ අයගේ කේන්දරේ අනුවනේ නැකැත් හදල දෙන්නේ, අවුරුදු උදාව ඇරෙන්න අනෙක් නැකත් එහෙම කට්ටියට බලපාන ආකාරය එකිනෙකට වෙනස්ද, ඉස්සරම කාලේ ගමේ පවුල් එකම වෙලාවට නැතුව සමහර සිරිත් ඉටු කළා කියල අහල තියෙනවා, මේ ලිපිය කියෙව්වම තමයි මතක් වුණේ.

jhothishalanka said...

නියම ප්‍රශ්නයක් අහල තියෙන්නේ අවුරුදු දවසේ නැකැත් පොදුවෙ ගත්තත් තෙල් හිස ගෑම රැකියාවට යාම වගේ නැකැත් තමන් උපන් නැකතට සුභ වෙන අයුරින් ගන්න එක හොදයි.මට මතකයි ඉස්සර අපේ තාත්තා හිසතෙල් ගාන නැකැත් දිනය අපේ උපන් නැකැත් වලට ගැලපෙන්නේ නැත්නම් තෙල් ගාන්න දෙන්නේ නැහැ.

හිස් අහස said...

ඉසතෙල් ගෑම නැකතටම කරන්න ඕන කියලා තමයි මම හිතාන උන්නේ . ඉසතෙල් ගාපු වේලාව අපේ උපන් නැකැත් වලට ගැලපෙන්නේ නැත්නම් මොකක් හරි අසුබ දෙයක් වෙයිද ?

jhothishalanka said...

@හිස් අහස
එහෙම විශේෂ සදහනක් කරල නැති වුනත් හිස තෙල් ගාන වේලාවට යෙදන නැකත තමන්ගේ උපන් නැකතට අසුභ නම් හිසතෙල් නොගෑම සුදුසු බව තමයි සලකන්නේ.අවුරුදු චාරිත්‍ර ගැන ලිපියක් ඉදිරි දින කීපයේදි ලියනවා.ඒකෙන් වැඩි විස්තර කියන්නම්

Related Posts Plugin for WordPress, Blogger...