Sunday, May 6, 2012

මැයි 17 ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද?




      ග්‍රහලොව "ගුරුන් වහන්සේ" ලෙස හැදින්වෙන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දළ වශයෙන් වසරකට ආසන්න කාලයක් එක් රාශියක් තුල ගමන් කරයි.පසුගිය 2011 වසරේ මැයි 8 වැනි දින සිට මේ දක්වා මේෂ රාශිය එල්ලේ ගමන් කරන ගුරු ග්‍රහයා 2012 මැයි 17 දින උදේ 9.35 ට පමන වෘෂභ රාශියට පිවිසේ.

    ආර්්‍ය ,සුරගුරු,ජීව,වාගීෂ ආදී නම් කිහිපයකින්ම හැදිනවෙන ගුරු ග්‍රහයා නැණවත්බව,ධර්මිෂ්ඨ බව කරුණාව විනීත ගතිය ඇති කරවයි.ගුරු බලවත් වූ විට මෙම ක්‍ෂෙත්‍රවල ධන ස්වභාවයත් ගුරු දුබලවූ විට එහි විරුද්ධතාත් ඇතිවන බව කියයි.
  මැයි 17 දිනෙන් වෘෂභ රාශියට පිවිසෙන ගුරු ග්‍රහයා ඔක්තෝම්බර් 4 දිනෙන් වක්‍රවේ.(පිටුපසට ගමන් කරන්නාසේ දිස්වීම) 2013 ජනවාරි 30 දිනෙන් ගුරු නැවත  නිවෘති(වක්‍ර ගමන නවතා නැවත ඉදිරියට ගමන් කිරීම ආරම්භ කිරීම)වේ.
   ගුරුගේ මෙම ග්‍රහ චාරය අනුව  2012 මැයි 17 සිට 2013 මැයි 31 අතර වෘෂභ රාශිය තුල ගමන් කරන කාලය තුල ඒ ඒ ලග්න වලට බලපාන පොදු පලාඵල විස්තරයක් පහත දැක්වේ.මෙය හුදෙක් පොදු පලාඵල විස්තරයක් වන අතර ගුරු ග්‍රහයාගේ හා වෙනත් ග්‍රහයන්ගේ උපන් බල දුබලතා අනුව හා ගත කරන මහ දශා අතුරු දශා අනුව පලාඵල වල විචලනයක් ඇතිවේ.එමෙන්ම පාඨකයාගේ වයස තරාතිරම හා මෙතෙක් ගෙවා ඇති ජීවන මග අනුව මෙහි දැක්වෙන තොරතුරු යම්තරමින් හෝ මාහැගි තරමින් විශ්ලේශනය කොට බුද්ධිමත්ව තේරුම් ගැනීම පාඨකයා සතු කාර්ය භාරයකි.

 මේෂ
     මැයි 17 දිනෙන් මේෂ ලග්න හිමියාගේ ගුරු පැමිනෙන්නේ දෙවැන්නට හෙවත් ධනස්ථානයටය.මෙය ධනලාභ, රැකියාවේ දියුණුව අළුත් රැකියා ලැබීමට විශේෂ සුභයි.මානසික සහනයද ඇති කරයි.ගුරු මහ දශා ගතකරන්නන්ට විශේෂ සුභයි.

 වෘෂභ
    ගුරු ලග්න ගත වීම රාශිය කුමක් වුවත් සුභඵල දෙන නමුත් මෙවර වෘෂභ ලග්න හිමියාගේ ගුරු ලග්න ගත වන විට රාහු හත් වැන්නේ සිටීමත් ගුරු ලග්නාධිපති හා 8 අධිපතිගේ සතුරකු නිසා නිසා ලැබිය යුතු සුභඵල නියම ලෙස ඉස්මතු නොවේ.කෙසේවුවත් ධනයට දියුණුවට සුභයි.රාහු මහා දශා ගත කරන අයට සුභඵල අඩුයි.තීරණ ගැනීමේදී ඉක්මන් නොවීම වඩාත් හොද වන්නේ අවැඩදායක තීරණ ගැනීම් වලට පෙළබවන බැවිනි.

 මිථුන
    මිථුන ලග්න හිමියාගේ ගුරු පිවිසෙන්2න් 12 වැන්නටයි.වියදම් පැත්ත අධික වුවත් වෙළදාම් කටයුතු වල නිරත අයට සුභදායකයි.පුන්‍ය කටයුතු විනෝද කටයුතු දරුවන්ගේ කටයුතු වැනි දේවල් වලට වියදම් නොකර බැරි අවස්ථා ඉස්මතු කරයි.

කටක
   කටක ලග්න හිමියාගේ යෝගකාරක ග්‍රහයන්ගෙන් කෙනෙකු වන ගුරු 11 වැන්නට හෙවත් අයස්ථානයට පිවිසීම ආදායම් මාර්ග සරු කරයි.අධ්‍යාපන කටයුතු වල නිරත අයටත් හොදයි.

සිංහ
   පහ හා අට අධිපති ගුරු 10 වැන්නට යාම අධ්‍යාපන කටයුතු විභාග ජයග්‍රහණ වලට යහපත්ය.දරුඵල අපේක්‍ෂිත අයගේ පැතුම් ඉටුවේ.රැකියාවේ උසස්වීම් නව රැකියා බලාපොරොත්තු අයටත් සපලදායක ග්‍රහ මාරුවකි.

 කන්‍යා
     අටවැන්නේ අපලව ගමන් කල ගුරු මැයි 17 දිනෙන් නවයට යාම කරදර බාධක ඉවත් කරයි.යටපත්වී තිබූ මංගල යෝග උදාවීමද නැවත සිදුවේ.2012 අගෝස්තු 4 දිනෙන් ශනි වක්‍රයෙන් ඉවත් වී නියම ලෙස තුලාවට යාමද සිදුවූ පසු ග්‍රහචාරය වඩාත් හොදවේ.

 තුලා
      තුන හා හය අධිපති ගුරු අටට යාම තුලා ලග්න හිමියාට අපල වුවත් හය අධිපති අටට යාමත් සමඟ ගෝචරයෙන් හර්ෂා යෝගය නිරායාසව මතුවීම ඇතිවිය හැකි සෞඛ්‍ය පීඩා වලින් ආරක්‍ෂාවක් ගෙනදේ.ශනි මහ දශාව ඇති හා හදවත් රෝග ඇති අය වඩාත් ප්‍රවේශම් විය යුතුයි.

 වෘශ්චික
       වෘශ්චික ලග්න හිමියාගේ ගුරු මැයි 17 දින ගෝචරයෙන් 7ට යාම පැහැදිළි සුභඵල ඉස්මතු කරන අතර ශනිගේ ලග්න ඒරාශ්ඨක විෂ අඩු කිරීමටද මෙම ගුරු බලය හොදයි.මංගල යෝග,අධ්‍යාපනය, සිතේ සහනය ආදියට සුභයි.

 ධනු
      ධනු ලග්නහිමියාගේ ලග්නාධිපති හා හතර අධිපති ගුරු 6වැන්නට පිවිසීම සතුරන්ගේ හා ඉරිසියා කාරයන්ගේ කරදර ඉස්මතු කරයි.තීක්‍ෂණ විනිවිද දකින ඥාණය හීන කරවයි.කෙසේවුවත් ශනි 11 සිටීම හා කුජ ග්‍රහයා වසරේ අග දක්වා බලවත්ව සිටීම නිසා අපල කරදර වැඩි කරන්නේ 2012 අග සිට 2013 මැයි දක්වා කාලය තුලයි.

 මකර
     මකර ලග්න හිමියාගේ ගුරු මාරුව සිදු වන්නේ හතරේ සිට පස්වැන්නටයි.අධ්‍යාපන කටයුතු වල නිරත අයට සුභයි.දූ දරුවන් වෙනුවෙන් වියදම් වැඩිවේ.
 
 කුම්භ
      කුම්භ ලග්න හිමියාගේ ධනය දියුණුව සම්බන්ධ දෙක හා එකොලහ ස්ථාන වලට අධිපති ගුරු කේන්ද්‍රස්ථානයක් වන හතර වැන්නට යාම සුභයි.අලුතින් නිවාස ඉදිකිරීමට යහපත් ග්‍රහ මාරුවකි.ගුරු මාරුවේ සුභඵල ඉතා හොදින් ගෙනදෙන්නේ උපතේදී සදු නවයේ නොපිහිටමින් ශනිගේ චන්ද්‍ර පීඩනය මේ වන විට නැති අයටයි.

 මීන
       ලග්නාධිපති ගුරු තුනට ගියත් 2014 නොවැම්බර් දක්වා ශනිගේ අෂ්ඨම ඒරාෂ්ඨකය ඇති නිසා ගුරු මාරුව මීන ලග්න හිමියාට මිශ්‍රඵලයි.ජයග්‍රහණ කරා යාමට සිදු වන්නේ කරදර බාධම මැදය.මූල රෝග ඇති වැඩිහිටි මීන ලග්න කරුවන් ආහාර පාන ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි. මංගල යෝග උදාවේ

7 comments:

යසිරු said...

පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

Gimhani said...

මමනම් මේෂ . ලග්නෙට හොදයි වගේ .
ස්තුතියි .

Anonymous said...

මම සිංහ. මේ ග්‍රහ මාරුව සිංහ ලග්නයේ අයට ‍රැකියාව සම්බන්දයෙන් හොඳලු. මට නම් සුභ ආරංචියක්. ‍රැකියාව සම්බන්ධයෙන් කවදාවත් නොතිබුන තරම් ප්‍රශ්න පත්තරයකට මුහුන දීල ඉන්න මේ වෙලාවෙ එල්ලෙන්න පිදුරු ගහක්වත් හම්බවෙයිනේද ?

මම මිගාර.

Anonymous said...

අලුත් පෙනුම හොදයි ...ඒ වගේම අනෝ ඇවිත් ලියන්න හැකියාව දීම ඊට වඩා හොදයි.පසුගිය ට්කේම ඔබතුමාගෙන් අහන්න දේවල් ගොඩක් තිබුන.පස්සෙ ටික ටික අහන්නම්. ඔබ තුමාට ස්තුතියි.දිගටම ලියන්න.

Anonymous said...

ආර්්‍ය ,සුරගුරු,ජීව,වාගීෂ ආදී නම් කිහිපයකින්ම හැදිනවෙන ගුරු ග්‍රහයා නැණවත්බව,ධර්මිෂ්ඨ බව කරුණාව විනීත ගතිය ඇති කරවයි.ගුරු බලවත් වූ විට මෙම ක්‍ෂෙත්‍රවල ධන ස්වභාවයත් ගුරු දුබලවූ විට එහි විරුද්ධතාත් ඇතිවන බව කියයි.
_________________________
කුම්භ ලග්න හිමියගේ ධන ස්ථානාධිපති සහ ධන ස්ථානාධිපති දේපල ගැන කියන 4 වැන්නේ නීච වෙන එක ඔබ කුම්භ ලග්නයට ලියා ඇති ඵලාඵලය ඉහත ප්‍රකාශය අවලංගු කරන්නක් නොවේදැයි පැහැදිලි කරදෙන්න.

ගුරු මහ දශා හෝ අතුරු දශා බලපවත්වන අයට මෙම ගුරු මාරුව සුබ වන්නේ කෙලෙසද?තමාගේ ගෙවෙන අතුරු දශාවට හිමි ග්‍රහයා නීච භාවයට පත්වූ විට තම කේන්ද්‍රයේ ගුරු ග්‍රහයාගේ පිහිටීම (එනම් උච්ච , ස්වක්ෂේත්‍ර , සම , මිතුරු , නීච )මේ සඳහා බල නොපාන්නේද? :)

තම උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා නීච වී ගෙවෙන්නේද ගුරු මහ හෝ අතුරු දශාවක් නම් මෙම ගුරු මාරුව ලග්නයට කෙතරම් සුබ ප්‍රතිපල ගෙන දුන්නත් ඉන් ජන්මියාට ලැබෙන ප්‍රතිපල අසුබ නොවේද? :)

jhothishalanka said...

මෙතන ධන ස්වභාවය කියල කිව්වේ ධනය ගැන නෙවෙයි.ධනාත්මක(විරුද්ධ වචනය සෘණ) යන්නයි.

Kushan said...

මම නම් වෘෂභ, වැඩි වෙනසක් නැහැ වගෙ "හිටිය විදියට මලා හොඳයි කිව්වලු"..... කොකටත් තෛලය ශෙප් එක නිසා වෙනද වගෙ ජිවත් වෙන්න ඔනේ.....හි හිහ්..හි .....හ් මම බෞද්ධ නිසා ජොතිශ්‍ය ගැන විස්වාසයක් නම් නැහැ......... හැබැයි ජොතිශ්‍ය ගැන උනන්දු වන අයට උදවු කරනව......හැම ලග්න කරුවෙකුටම ජය වේවා.......

Related Posts Plugin for WordPress, Blogger...