Sunday, May 20, 2012

Taboo Subjects - 2

  "මෙන්න ජ්‍යොතිෂලංකා කුණුහරුප කියනෝ..."
  "මේ සයිට් එක බලන පුංචි ළමයි ඉන්නවනම් බ්ලොක් කරන්න"

 මා විසින් මිට පෙර "ටැබූ සබ්ජෙක්ට්" මාතෘකාව යටතේ පළමු ලිපිය දැමූ විට බ්ලොග් මිතුරන් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්විය.සත්‍ය ලෙස මා එහිදී කතා කලේ කුණුහරුප නොව ජ්‍යොතිෂ ශාස්ත්‍රය හා පුද්ගල විවාහ දිවිය සමඟ බැදී ඇති ශාස්ත්‍රීය කරුණු කිහිපයක් පිළිබඳවය.

   විවාහ යෝජනාවකදී දෙදෙනාගේ වත් පොහොසත් කම් අධ්‍යාපන දැන උගත්කම් වයස උස මහත කුළ ගොත් ගැලපීම් මෙන්ම බාහිර ස්වරූපය ගැලපීම ගැන  කතා බහ කිරීම් සිදු වුවත් විවාහ දිවිය සාර්ථක වීමට වඩාත් වැඩි වශයෙන් බලපාන "යහන් සුවය" ගැන ප්‍රසිද්ධියේ කතා බහ කිරීම් ඉතා අල්පය.පැරන්නන් විසින් විවාහ අපේක්‍ෂකයන්ගේ ලින්ගේන්ද්‍රයන් අතර ගැලපීම් නොගැලපීම් ජ්‍යොතිෂ හා දේහ ලක්‍ෂණයෙන් විමසා බැලූ ආකාරය ගැන ලියූ පෙර ලිපියට අදහස් දැක්වූ සයිබර් තරුණයකු පැවසූයේ
   විවාහ යුවලකගේ යහන් සුවය තීරණය කිරීට සත්‍යලෙසම ලිංගේන්ද්‍රයන්වල ප්‍රමාණයන් වැඩි බලපෑමක් කරන්නේ නැත.ජ්‍යොතිෂයේ හා දේහ ලක්‍ෂණ විද්‍යාවේ අදාළ සංකේත හා නාම යොදා ඇත්තේ ලිංගික ශක්තිය හැකියාව ආදිය මෙන්ම වෙනත් බලපෑම් හැදින්වීමට මිස ලිංගේන්ද්‍රයන් ප්‍රමාණයන් දැක්වීමට නොවේ.සාමාන්‍ය ජනයා අතර මේ පිළිබදව ඇති වැරදි අවබෝදය දැක්වීමට මා හමුවට පැමිනි කිහිප දෙනෙකු පැවසූ සිද්ධි කිහිපයක් දක්වමි.
   ප්‍රේම සම්බන්ධයක් ඇති තම දියණියගේ පොරොන්දම් පරීක්‍ෂාවට පැමිනි මවක් පොරොන්දම් පරීක්‍ෂාවේ යෙදෙන යෝනි පොරොන්දම් ගැලපීම පිළිබද අදහසක් දැක්වූවාය.ස්ත්‍රිය මූෂික(මීයා) යෝනියේය පුරුෂයා ඇත් යෝනියේය.
  "පිරිමි ළමයගේ ඇත් යෝනියත් එක්ක අපේ දුවගේ මී යෝනියට හැප්පෙන්න පුළුවන් වෙයිද?"

 තවත් අවස්ථාවක බලු යෝනිය යෙදී තිබුනු පුරුෂ කේන්ද්‍රයකට සිය දියණියගේ කේන්ද්‍රය ගැලපීමට එක් මවක් ප්‍රතික්ෂේප කළාය.එම කේන්ද්‍ර දෙකේ පොරොන්දම් ගැලපීම ඉතා හොදින් පැවතියත් ඇයගේ මතය වෙනස් කරවීම අසීරු වූයේ සංවාස කාල සීමාවේදී බල්ලන් සමූහ වශයෙන් රංචු ගැසී එක් ගැහුනු සතෙකු හබාගොස් ලිංගික ක්‍රියාවේ යෙදීමේ ලක්‍ෂණය බලු යෝනිය යෙදෙන ස්ත්‍රී පුරුෂයන්ට ආදේශ කිරීමක් එම මව  මනෝමයෙන් සිදු කරගෙන  තිබූ බැවිනි.
    ඉතා ඈත අතීතයේ සිට විවාහපේෂිත යුවලකගේ ගැලපීම පිළිබදව ජ්‍යොතිෂමය සලකා බැලීම් උසස් ශාස්ත්‍රීය ක්‍රම ඇසුරින් සලකා බැලිනි.නමුත් වසර දහස් ගනනක් තිස්සේ පරම්පරාගතව මෙම ජ්‍යොතිෂ ක්‍රම විකාශනය වීමේදී ඇතැම් ශාස්ත්‍රීය ක්‍රම වල ආරම්භක අවධියේ පැවති ගුණාත්මක භාවය ක්‍රමයෙන් අඩුවී ඇති බවට සාක්‍ෂි ඇත.ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලිංගික සතුටු වීම ගැන සලකා බලන පොරොන්දමක් වන ස්ත්‍රී දීර්ඝ පොරොන්දම පිළිබදව විමසා බැලීමේදී ලංකාවේ අපි භාවිතා කරන ක්‍රමයත් ඉන්දියාවේ ජ්‍යොතිෂඥයන් භාවිතා කරන ක්‍රමයත් සලකා බැලීමේදී මෙම තත්ත්වය පැහැදිළිව දැක ගත හැකිය.ලංකාවේ ජ්‍යොතිෂවේදීන් භාවිතා කරන ක්‍රමය අනුව ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැකත ඈතින් තිබීම පුරුෂයාට ස්ත්‍රිය සතුටු කළ හැකි වීමේ තත්ත්වයකි.ඒ අනුව බැලුවහොත් ස්ත්‍රී නැකතේ සිට ආසන්න නැකතක් ඇති පුරුෂයකුට එම ස්ත්‍රිය ලිංගික වශයෙන් සංතර්පනය කළ නොහැක.ඇත්තටම මෙහි ප්‍රායෝගික වශයෙන් සත්‍යතාවක් නැති බව ජ්‍යොතිෂවේදීන් වන අපද පිළිගත යුතුය.පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථ වල මෙම ස්ත්‍රී දීර්ඝ පොරොනදම සලකා බලන ආකාරය දක්වා ඇත්තේ මීට සංකීර්ණ ආකාරයකටය.එහිදී දෙදෙනාගේ නැකැත් වල ගතවී ඇති ප්‍රමාණය ඉතා සියුම් ලෙස සලකා බලා ඇති අතර දෙදෙනාගේ උපන් නැකැත්(සදු පිහිටි නැකැත්) වලට අමතරව රවි පිහිටි නැකැත්ද සලකා බලා ඇත.සුභ නැකැත් තේරීමේදී ගෙවල් භූමි චක්‍ර ආදී චක්‍ර වලට අනුරූප ක්‍රමයකට ඇති මෙම සංකීර්ණ සිද්ධාන්ත ක්‍රමය භාවිතය අපේ රටේ දක්නට නැත.
    වර්තමානයේ ලංකාවේ වැඩි වශයෙන් භාවිතා කැරෙන "ඈපා" හා "ලංකා" පඤ්චාංග ලිත් වල පොරොන්දම් පරීක්‍ෂාව දක්වා ඇති විස්තරවල "ස්ත්‍රී දීර්ඝ පොරොන්දම" ගැන දක්වා ඇත්තේද මෙම සංකීර්ණ සියුම් ක්‍රමයන් ගැන කිසිදු සදහනක් නොමැතිවය.
      පුරාතනයේ උපන් කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම(රවි,සදුකු,කුජ,බුධ ආදී ග්‍රහ පිහිටීම හත,අට අධිපති ග්‍රහ බල දුබලතා සරාගී හා කාම යෝග) මෙන්ම දේහ ලක්‍ෂණයන් අනුව ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංගික බල දුබලකම් ලිංගේන්ද්‍ර ප්‍රමාණයන් තීරණය කිරීමට පැරැන්නේ පුරුදුවී සිටියහ.ඔවුන් එම ශාස්ත්‍ර වලින් උපරිම ඵල ප්‍රයෝජන ලැබුවෝය.නමුත් වර්තමානයේ තරුණ තරුණියන් මේවා සලකන්නේ "හණමිටි ශාස්ත්‍ර" ලෙසය.ඔවුන් ඒවා දැන උගෙනුමට උනන්දුවක් නැත.

8 comments:

Anonymous said...

අස්‌විද - සා - බෙරණ යන නැකැත් හිමි අයට පිළිවෙලින් අශ්ව - මීගව - ඇත් යන සත්ව සංකේත හිමිවන අතර ඔවුන් "අශ්ව" පිරිමි ලෙස හැඳින්වේ. සියාවස - හත - රේවතී යන නැකැත් හිමි ස්‌ත්‍රීන්ට පිළිවෙළින් වෙළඹ - මීදෙන - ඇතිනි යන සත්ව සංකේත හිමිවේ. ඔවුන් "හස්‌තිනී" නම් ස්‌ත්‍රී වර්ගයට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි වල දිග හා ගැඹුර එකල මිනුම් අනුව අඟල් 8 කට සමවේ. එනිසා එවැනි ස්‌ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක ලිංගික ජීවිතයක්‌ ගතකරයි.

එසේම පුෂ - පුවපුටුප - උත්‍රපුටුප නැකැත් වලින් උපන් පිරිමි එළු - සිංහ - ගොන් යන සත්ව සංකේත ලබා "වෘෂභ" නම් පුරුෂ කොටසට අයත්වේ. එසේම කැති - දෙනට - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්‌ත්‍රීන් එළුදෙන - සිංහදෙන - ගවදෙන යන සත්ව සංකේත ලබා "සංණී" නම් ස්‌ත්‍රි වර්ගයට අයත් වේ. ඔවුන්ගේ ලිංග හා යෝනි දිග - ගැඹුර අඟල් 07 - කට සමවේ. මේ ස්‌ත්‍රී පුරුෂයින් විවාහ ජීවිතයේ සාර්ථක ලිංගික තත්ත්වයක්‌ ලබයි.

අද - සිත - දෙනට යන නැකැත් වලට පිළිවෙළින් සුනඛ - ව්‍යාඝ්‍ර මුව යන සත්ව සංකේත ලද පිරිමි "මෘග" නම් කොටසට අයත්වේ. එසේම සුන‚ - ව්‍යාඝ්‍රදෙන - මුවදෙන යන සත්ව සංකේත ලද මුල - විසා - අනුර යන නැකත් වලින් උපන් කාන්තාවන් "චිත්‍රනී" නම් කොටසට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 06 කට සමාන බව පැවසෙයි.

රෙහෙණ - පුනාවස - මා - සුවන යන නැකැත්වලට පිළිවෙලින් නයා - බලලා - මීයා (මූෂික) - වඳුරා යන සංකේත "ශශ" නම් පුරුෂ වර්ගයටත්, මුවසිරස - අස්‌ලිය - පුවපල් - පුවසල - උත්‍රසල යන නැකැත් වලට පිළිවෙළින් සැපිනි - බැලලි - මූෂික දෙන - වැඳිරිය - මුගටි දෙන වශයෙන් සත්ව සංකේත පවතින ස්‌ත්‍රීන් "පද්මිණි" නම් වර්ගයට අයිති වන අතර ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 05 කට සමාන බව කියවේ. මෙම ස්‌ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක තත්ත්වයක්‌ උරුම කරගනී.

මේ අන්දමට ප්‍රභේද වන අතර ඇත් සහ සිංහ, ගව සහ ව්‍යාඝ්‍ර, අශ්ව සහ මීගව, එළු සහ වඳුරු, නාග සහ මුගටි, සුනඛ සහ මුව, බලල් සහ මීයා (මූෂික) යන සත්ව සංකේත ලද ස්‌ත්‍රී පුqරුෂ අයගේ ලිංගික තත්ත්වයන් ඉතා අශුබ බව කියවේ.

ඉහත විස්‌තර පරිදි ශශ වර්ගයේ පිරිමියෙක්‌ හා හස්‌තිනී වර්ගයේ කාන්තාවක්‌ අතර ලිංගික සම්බන්ධයේදී අසාර්ථක බවම ලැබේ. පුරුෂ ලිංගය අඟල් 5 ක්‌ බැවින් අඟල් 8 ක්‌ ගැඹුරු ස්‌ත්‍රී ලිංගයේ අඟල් 3 ක ප්‍රමාණය ආවරණය නොවේ. එනිසා එම පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කළ නොහැක. මෙය විවාහයේ මුල් අවස්‌ථාව තුළ නොදැනුනත් පසුවනවිට මෙම නොගැලපීම වඩාත් ඉස්‌මතුවේ. ලිංගික තෘෂ්ණාව ඉතා බලවත් තෘෂ්ණාවකි. ස්‌ත්‍රී ලිංගය තුළ ආවරණය නොවන අඟල් 3 ක ප්‍රමාණයේ ලිංගික ස්‌නායු ප්‍රබෝධමත් නොවීම දිගින් දිගට සිදුවන එම කාන්තාවගේ මානසික ස්‌වභාවයට දැඩි ලෙස අයහපත් බලපෑම් අතිකරන බැවින් විවාහය බිඳ වැටීමට ඉඩ තිබේ. බොහෝ විට ශශ වර්ගයේ පිරිමි කරුණාවන්තය. බිරිඳට මනාලෙස සලකන අයයි. නමුත් එම බිරිඳකට මෙම ස්‌වාමි පුරුෂයා කොපමණ සැලකුවත් එහි අගයක්‌ නොදැනේ. ස්‌වාමියා අත්හැර දැමීමට පෙළඹේ.

එසේම ශශ වර්ගයේ පිරිමි නැකතක උපන් ස්‌ත්‍රියක හා පවත්නා ලිංගික සම්බන්ධයද එතරම් සතුටුදායක නැත. උදාහරණයක්‌ ගතහොත් රෙහෙණ නැකතම ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම හිමිවීම ඉතා ඉක්‌මනින් ලිංගික ඒකාකාරීත්වයට මුහුණ දෙනු ඇත. ඔවුන්ගේ සිතට සමාන ලිංගික ආස්‌වාදයක්‌ ලැබීමට නොහැකි වෙයි. එසේම කේන්ද්‍ර වල ලිංගික තත්ත්වයනට බලපාන ග්‍රහ පිහිටීම්ද පරීක්‍ෂා කර නිවැරදි තීන්දුවකට බැසිය යුතුය.

Anonymous said...

ඔකේ තියෙන විදියට මුෂික යෝනි තියෙන ගෑනු කෙනෙකුයි බිලාල යෝනි තියෙන පිරිමි කෙනෙකුයි ගත්තොත් සුබද අසුබ ද .

Anonymous said...

මේක දැක්කාම පිස්සු හැදීගෙන එනවා වාගේ...මම ලගදි විවාහ වෙන්න ඉන්නෙ.මම-උත්‍රසල ඒ කියන්නේ මුගට් දෙන යෝනි. සහකාර්‍රය-මුවසිරස ඒ කියන්නේ සැපිනි යෝනියේ.මේ කලින් ඇනෝ ලියල තියෙන විදියට ඒක ඉතාම නරක පිහිටීමක්ද?...ඔබතුමාගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙම්.

jhothishalanka said...

@all
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මහා වෛර යෝනි(මූෂික-බළල්,නයි-මුගටි,ඇත් -සිංහ,...ආදී) යෙදෙන විට යෝනි පොරොන්දම අසුභ වුවත් එසේ වූ පමනින්ම විවාහයට අසුභ ලෙස සලකන්නේ නැත.ලිංග,ග්‍රහ,ස්ත්‍රී දීර්ඝ ආදී පොරොන්දම් හොදින් ගැලපෙන විට මෙම දෝෂය භංග වේ.යෝනි අසුභ වන විට පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා දෝෂ භංග සාධක හොදින් පරීක්‍ෂා කර බැලිය යුතුයි.

mandarama said...

අයියෙ මම ලොකු ප්‍රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ කුජ 7 ඉන්නෙ එයා මකර ලග්නෙ, මම වෘශහ ලග්නෙ මගෙ කුජ ඉන්නෙ 6 රවි බුද සමග,අයියේ මේ දේ අපේ විවහයටප්‍රශ්නයක් වෙයිද, ගොඩක් පින්සිද්දවෙනව අයියෙ

mage mail address eka chmadushan@ymail.com mama dannawa meaka ayiyata karadarayak kiyala mama matara ayiye oya inna palathakwath mama danne naa puluwan nam oyage kaaryalaya thiyena address eka kiyanna

Unknown said...

අයියෙ මම ලොකු ප්‍රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ කුජ 7 ඉන්නෙ එයා මකර ලග්නෙ, මම වෘශහ ලග්නෙ මගෙ කුජ ඉන්නෙ 6 රවි බුද සමග,අයියේ මේ දේ අපේ විවහයටප්‍රශ්නයක් වෙයිද, ගොඩක් පින්සිද්දවෙනව අයියෙ පිලිතුරක් දෙන්න chanakamadu13@gmail.com මගෙ mail address ඒක එහෙම නත්නම්
ඔයගේ ජ්‍යොතිෂය කාර්යාලය තියෙන්නෙ කොහෙද කියන්න අයියෙ මම කොහොම හරි එන්නම්

Unknown said...

අයියෙ මම ලොකු ප්‍රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ කුජ 7 ඉන්නෙ එයා මකර ලග්නෙ, මම වෘශහ ලග්නෙ මගෙ කුජ ඉන්නෙ 6 රවි බුද සමග,අයියේ මේ දේ අපේ විවහයටප්‍රශ්නයක් වෙයිද, ගොඩක් පින්සිද්දවෙනව අයියෙ පිලිතුරක් දෙන්න chanakamadu13@gmail.com මගෙmail address ඒක එහෙම නත්නම්
ඔයගේ ජ්‍යොතිෂය කාර්යාලය තියෙන්නෙ කොහෙද කියන්න අයියෙ මම කොහොම හරි එන්නම්

Anonymous said...

Is it possible to get a horoscope reading from you...?

Related Posts Plugin for WordPress, Blogger...