Tuesday, March 8, 2011

මෙන්න විශ්මිත නාඩි වාක්‍ය අනාවැකි ගැන නොදන්නා අයට පොඩි හැදින්වීමක්

 භාරතයේ විසූ පැරණි සෘෂිවරුන්ගෙන් ගුරුකුල ක්‍රමයට උරුම වූ පෙරදිග ජ්‍යොතිෂයේ වඩාත්ම ප්‍රචලිත වූ ජ්‍යොතිෂ ක්‍රම 5ක් දක්නට ලැබේ.

  1) පරාසර සෘෂිගේ ජ්‍යොතිෂ ක්‍රමය(බෘහත් පරාසර හෝරා ශාස්ත්‍රය.)
  2) ජෛමිණි ජ්‍යොතිෂ ක්‍රමය.
  3) තාජික ජ්‍යොතිෂ ක්‍රමය
  4) නාඩි ජ්‍යොතිෂ ක්‍රමය
  5) ක්‍රිෂ්ණ මුර්ති ජ්‍යොතිෂ ක්‍රමය
            මෙයට අමතරව තවත් සරල පෙරදිග ජ්‍යොතිෂ ක්‍රම කීපයක් ඇත
  6) ඉන්ද්‍ර ගුරුලුව
  7) යම කාලය
  8) පංච පක්‍ෂිය
  9) රාහු පිම්ම 
            ආදිය මින් ප්‍රධාන වේ.


  මෙම ලිපියෙන් කතා බහ කිරීමට බලාපොරොත්තු වන්නේ මින් "නාඩි ජ්‍යොතිෂය" පිළිබද සරල වැටහීමක් පාඨකයාට ලබා දීමයි.
     "නාඩි" යන වචනයට ආර්ය භාෂා අර්ථ කිහිපයක් දැක්වේ.
          1) ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාව
          2) හෘදය හරහා රුධිර ගමන සම්බන්ධ නාඩි ස්පන්ධනය 
          3) පොරොන්දම් පරීක්‍ෂාවේදී පූර්ව,මධ්‍ය,අන්ත්‍ය යන ත්‍රිවිධ නාඩි දැක්වීමට
          4) පෘථිවියේ ලක්‍ෂයයෙන් ලක්‍ෂයට සූර්ය උදාවේ ඇතිවන සියුම් වෙනස දැක්වීමට කාළ ඒකකයක් ලෙස
        මීට අමතරව "නාඩි" යන වචනය භාවිතා වන්නේ අපේ කතාවේ මාතෘකාවේ සදහන්වන "නාඩි ජ්‍යොතිෂය " හැදින්වීමටය. මෙහිදී "විශේෂ බව"  යන අර්ථය දැක්වේ.
    පුරාණ ඉන්දියාවේ විසූ සෘෂි වරුන් විසින් දක්වා ඇති මෙම "නාඩි ජ්‍යොතිෂය" ඒ ඒ සෘෂිවරයාගේ නමින් දක්වා ඇති ශාස්ත්‍ර පද්ධතියක් ලෙස දක්වා ඇත.උදාහරණයකට අගස්ති සෘෂි වරයාගේ නාඩි ජ්‍යොතිෂ ක්‍රමය "අගස්ති නාඩිය"  ලෙස දැක්වේ.මෙලෙස ඇති නාඩි ජ්‍යොතිෂ ගුරු කුල  20ක් පමන භාරතයේ ඇත.පහත රූපය ක්ලික් කර බලන්න
                    
 මෙම නාඩි ජ්‍යොතිෂ ක්‍රම අතර සමහර අවස්ථාවල බැදීම් සබදකම් ඇති අතර සමහර තැන්වල භාවිතා කර ඇති ක්‍රමෝපායන් එකිනෙකට ස්වායක්තවේ.මෙම නාඩි ජ්‍යොතිෂ ක්‍රමවල ඇති සබැදියාව හා වෙන්වීම දැක්වීමට දියහැකි හොදම උදාහරණය පසුගියදා 18 වැනි වරට සංශෝධනය වීමට පෙර එතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.(77 ජේ ආර් උන්නැහේ හදපු එක තමයි නියම උදාහරණය)
   ජන්මියාගේ උපන් දිනය මෙම නාඩි ක්‍රම සෑම එකකටම උපයෝගී වී ඇති අතර උපන් වේලාව ඇසුරෙන් සිද්ධාන්ත සකස් වී ඇති නාඩි ජ්‍යොතිෂ ක්‍රමද වැඩි වශයෙන් ඇත.දැනට හදුනා ගෙන ඇති තොරතුරු අනුව නාඩි ජ්‍යොතිෂ ක්‍රම සදහා භාවිතා කැරෙන ප්‍රධාන ශාස්ත්‍රීය ක්‍රමෝපායන් කිහිපයක් පහත දැක්වේ.
     * එක් එක් ග්‍රහයාට හා ලග්න වලට පුද්ගල ජීවීතයේ විවිධ අංශ(පව්ල,පෙළපත,අධ්‍යාපනය,රැකියාව,විවාහය .....ආදිය) සදහා කාරකත්වයක් දීම 
     * පුද්ගලයන්ගේ මහපටැගිල්ලේ උඩු පුරුකේ දැක්වෙන සියුම් රේඛා සටහන් 
     * පුද්ගලයන්ගේ ඇහේ කළු ඉගිරියාවේ ඇති සියුම් සටහන්
     * පුද්ගලයන්ගේ තොල්වල ඇති සියුම් රේඛා සටහන්
     * ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවේදී වම් හා දකුණු නාස් පුඩුවල වරින් වර ඇතිවන වෙනස්කම්


   ( මීට අමතරව නාඩි ජ්‍යොතිෂයේදී උපයෝගී කරගන්නා තවත් සුවිශේෂී ක්‍රමයක් ඇති අතර එය දැක්වීම උවමනාවෙන් මග හැරියෙමි.)  
   
 * එක් එක් ග්‍රහයාට හා ලග්න වලට පුද්ගල ජීවීතයේ විවිධ අංශ(පවුල,පෙළපත,අධ්‍යාපනය,රැකියාව,විවාහය .....ආදිය) සදහා කාරකත්වයක් දීම 
    පහත රූප ක්ලික් කර බලන්න

            
  




* පුද්ගලයන්ගේ මහපටැගිල්ලේ උඩු පුරුකේ දැක්වෙන සියුම් රේඛා සටහන්
       මෙම සියුම් රේඛා සටහන් ප්‍රධාන වයෙන් කාණ්ඩ 108 කට වර්ග කොට ඇත.නාඩි තල් පත් තීරු කියවන්නන් අදාළ පුද්ගලයාගේ තල්පත තෝරා ගන්නේ මෙම රේඛා සටහන් හා උපන් දිනය විශ්ලේශණය කිරීමෙනි.


* පුද්ගලයන්ගේ ඇහේ කළු ඉගිරියාවේ ඇති සියුම් සටහන්
     මෙම සටහන් තත්පරයෙන් තත්පරයට වෙනස්වේ.එහිද ක්‍රමවත් රටාවක් ඇත.දැන් පවතින රටාව දිහා බලා පෙර තිබූ රටාවත් තව ස්වල්ප වේලාවකින් පිහිටන රටාවත් තේරීමේ සියුම් ක්‍රමයක් ඇත.
       
 * ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවේදී වම් හා දකුණු නාස් පුඩුවල වරින් වර ඇතිවන වෙනස්කම්   
     අපගේ හුස්ම වැටීම සමහර අවස්ථා වල එක් නාස්පුඩුවකින් පමනක් සිදුවේ.( වම හෝ දකුණ) තවත් විටෙක නාස්පුඩු දෙකෙන්ම වැටේ.(අත්තේ පිටි අල්ල නාසයට ලංකොට සාමාන්‍ය හුස්ම වැටීම බලන්න)මෙම ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාව මුල්වූ නාඩි වාක්‍යයක්ද ඇත.


  තමන්ගේ මව පියාගේ නම විවාහ සහකරුගේ නම පමනක් නොව පෙර හා ඊලග ආත්ම වල විස්තර පවා ලියැවී ඇති නාඩි තල් පත් තීරු වල දැක්වෙන්නේ මෙම පුරාණයේ විසූ සෘෂිවරුන් ප්‍රකාශ කල විශ්මිත නාඩි ජ්‍යොතිෂයයි.


 ඉතා වැදගත් - මෙය ජ්‍යොතිෂ සිද්ධාන්ත ලිපියක් පමණි.කිසිදු ආකාරයක සංවාදයකට විවෘත නැත.

4 comments:

kumaraya said...

අර වුවමනාවෙන්ම මග ඇරිය එක මොකක්ද ..?
එය මහ නරක දෙයක්ද ..?

කුරුම්නියා said...

රජස්,තමස්,සත්ව කියන මේ 3 මම තවත් තැන්වලදී අහල තියෙනවා..යෝග..ආයුර්වේද වගේ තැන්වල..ඒ තැන්වලදී කතා කරන දේමද ජොතිශ්යෙත් මේ 3 ගැන සදහන්වෙන්නේ..මේක හරියටම පැහැදිලිකරල දෙන්න පුඵවනිද?..

jhothishalanka said...

@කුරුම්නියා
"ජ්‍යොතිෂය" යනු ආලෝකයේ බලපෑම යන අර්ථය මතුකරන්නක්.පරිසරයට හා සතත්ව ජීවිතවලට ග්‍රහ වස්තු වලින් ඇති වන බලපෑම ගැන තමයි ජ්‍යොතිෂයෙන් කෙරෙන්නේ.ඔයා සදහන් කරල තියෙන දේවල් වුනත් ජ්‍යොතිෂයට යම් තරමින් හෝ සම්බන්ධ ඇති ඒ පිළිබදව ප්‍රමාණවත් දැනුමක් මට නැහැ

කුරුම්නියා said...

ස්තුතියි...

Related Posts Plugin for WordPress, Blogger...