Sunday, August 26, 2012

200

            මාතෘකාව දැක්කම පෝස්ට් එක මොකක් ගැනද කියන එක කාටත් තේරෙනවා ඇතිනේ...ඔව් මටත් නොදැනීම මගේ බ්ලොග් එකේ ලිපි දෙසීයක්(200) මම ලියලා.....හරිම සතුටුයි...ඉතින් අන්න ඒ සතුට භුක්ති විදින්නත් එක්ක පොඩි සද්දයක් එහෙම දාලා ඒ වගේම හිතේ සතුට අකුරු කරලා පෙන්නන්න තමයි මේක ලියන්නේ...


   ජ්‍යොතිෂ ලිපිම ලියලා ලියලා හෙම්බත් වෙලා ඉදලා හිටල හරි පොඩි සද්දයක් දාන්න ලැබුණු එකේ බ්ලොග් එක ගැන පම්පෝරියක් ගහලා (හීනියට බයිලා පාරකුත් එක්ක) ඉන්න ඕන කියලා හිතුනා.
   ජ්‍යොතිෂය ගැන ලිපි ලියවෙන මෙම "ලංකා ජ්‍යොතිෂ අරණ" බ්ලොග් අඩවියේ ආරම්භක කතන්තරය මම කලින් කියලා තිබුනත් නැවත මතක් කරන්නම ඕන.2010 වසරේ අග කාලයකදී අන්තර්ජාලයෙන් ජ්‍යොතිෂ ලිපි ගවේශනය කිරීමකදී "කේන්දර සිංහලෙන්" බ්ලොග් අඩවිය නෙත ගැටුනි.එහි කතුවර "රෝහණ වසන්ත" මහතා සමඟ දුරකථන සංවාදයකින් පසු ඇති කරගත් හදුනා ගැනීමකින් පසු ඒ මහතා විසින් මා හට බ්ලොග් අඩවියක් නිර්මාණය කර එහි ලිපි ලියන ආකාරය හා එය පවත්වා ගෙන යන ආකාරය පිළිබදව මා හට අවබෝධයක් ලබා දුන්නේය.එතුමාගේ මඟ පෙන්වීමෙන් ආරම්භ වූ මෙම බ්ලොග් අඩවිය මේ දක්වා අඛන්ඩව පවත්වා ගෙන යන අතර එදා සිට අද දක්වාම වැඩිහිටියකු මෙන් මා හට ගුරු හරුකම් දෙමින් කටයුතු කරන රෝහණ වසන්ත මහතාට මෙම 200 වැනි ලිපියෙනුත් මාගේ ගෞරවය පුද කරමි.    
         ඇත්තෙන්ම බ්ලොග් අවකාශය තුල තාක්‍ෂණික,විනෝදාත්මක, සාහිත්‍ය, දේශපාලණික, ..... ආදී විවිධ ක්‍ෂෙත්‍ර නියෝජනය වෙමින් බ්ලොග් රාශියක් ලියැවුනත් අපගේ ක්‍ෂෙත්‍රය සුවිශේෂීය. අපගේ ශාස්ත්‍රය අර්ථවත්ය, පෞරාණිකය, මනරම්ය,කුතුහලජනකය.උගෙනුමද අසීරුය. අපගේ ක්‍ෂෙත්‍රය පිළිබද දැනුවත් අයද අඩුය.
    බ්ලොග් අඩවියේ 200 වැනි ලිපිය ආසන්න බව මීට සති කිහිපයක සිටම අවබෝධ වී තිබුනි.පසුගිය දිනෙක බ්ලොග් අඩවියේ පැරණි ලිපි එක සීරුවට කියවා බැලීමි.ලිපි කියවන විට ඇත්තටම අසීමිත සතුටක් දැනුනි.කෘතියකට ගත හැකි තරමේ වටිනා හරවත් ලිපි රාශියක් මා විසින් ලියා ඇති බව දැක අප්‍රමාණ සතුටක් වින්දෙමි.වටිනා ලිපි එකතුවක් සකස් කොට පොතක් ලිවීමේ අදහසක්ද පහළ විය.පැරණි ලිපිවල තිබූ අක්‍ෂර වින්‍යාස හා ව්‍යාකරණ වැරදි හැකි පමණින් නැවත සකස් කළෙමි." LinkWithin" ගැජට්ටුවේ තිබූ වරදක්ද යළි සකස් කලෙමි.
   මෙම බ්ලොග් අඩවිය මේ දක්වා පවත්වාගෙන යාමේදී මා හට උදවු උපකාර දිරි ගැන්වීම් කළ බ්ලොග් අවකාශයේ සියළුම අයටත් ජ්‍යෙතිෂ දැනුම හුවමාරු කරගත් අයටත් මා හට ගුරු හරුකම් ලබා දුන් සියළුම දෙනාටත් ස්තූතිය පුද කරමි.
   "ලංකා ජ්‍යොතිෂ අරණ" බ්ලොග් අඩවියේ ජ්‍යොතිෂය සම්බන්ධ පාඨක ලිපි සදහාද අවස්ථාවක් ලබා දීමට (බ්ලොගයේ වටිනාකම හා ගෞරවය රැකෙන පරිදි) අදහස් කර ඇති බැවින් ඔබටත් ජ්‍යොතිෂය පිළිබද හරවත් ශාස්ත්‍රීය ලිපි ලිවිය හැකිනම්
                   jhothishalanka@gmail.com
 ඊමේලයට ඔබගේ ලිපි එවන්න එම ලිපි වල ගුණාත්මක බව සලකා ඔබගේම නමින් හෝ ඔබ කැමති නමකින් හෝ නිර්ණාමිකව එම ලිපි මෙම අඩවියේ පළ කරන බවට පොරොන්දුවක් දෙමි.

48 comments:

මාරයාගේ හෝරාව said...

සුභ පැතුම් මිත්‍රයා...

jhothishalanka said...

පළමු සුභ පැතුම ජ්‍යොතිෂයට සම්බන්ධ සයිබර් මිතුරෙකුගෙන් ලැබීම සතුටට කරුණක්.බ්ලොග් අවකාශයේ අප සැම එක පවුලක් වගේ බැදීමෙන් දිගුකල් දිලේවා!...

Susantha said...

සුභ පැතුම්!

මාතලන් said...

ජයවේවා. මම මැතකදි බ්ලොග් පිළිබඳ ළිපියක් කියවන කොට දැක්කා බ්ලොග් ලියන අය අනිවාර්යයෙන් මෙවන් අවස්ථා සැමරිය යුතුයි කියා. මේ විෂය හදාරන කෙනෙකු වශයෙන් හා මිතුරකු වශයෙන් මම ඔබට සුභ පතනවා සහෝ.
වැජඹේවා....!!!

Gimhani said...

පුලුවන් හැම අවස්ථාවකදීම මම ඔබේ ලිපි කියවනවා , කමෙන්ට් කලේ නැති උනත් .
…දිගටම ලියන්න .

…මගේ අවංක සුභ පැතුම් !

කම්මල said...

සුබපැතුම් ජෝති අය්යා,....!!!!!

jhothishalanka said...

ජ්‍යොතිෂය ගැන උනන්දු ඔබේ සුභ පැතුම ආදරයෙන් පිළිගනිමි...

jhothishalanka said...

ස්තූතියි මාතලන් අයියා...

jhothishalanka said...

ස්තූතියි......අනිවාර්යෙන් දිගටම ලියනවා...

jhothishalanka said...

ස්තූතියි...දැකල පුරුදු නැති නමක් නිසා ඔයාගේ "කම්මල" පැත්තට ගිහින් බැලුවා..හෙග්..පෝස්ට් නැති වුනත් ෆ්ලෝවර්ස්ල 7ක් ඉන්නේ..එළනේ..

ජෝතිරත්න said...

උණුසුම් සුභපැතුම්.. තවත් දෙසීයක්‌ ලියන්න ශක්තිය ලැබේවා.. !!!!

jhothishalanka said...

ඔබත් බ්ලොගය ආරම්භයේ සිටම මා දිරිමත් කළ එමෙන්ම මේ විෂයට ඇළුම් කළ මේ විෂයය ගැන අවබෝධයෙන් සම්බන්ධ වූ අයෙක්..ස්තූතියි ඔබටත්..

මුතු said...

තව තවත් සාර්ථකත්වයට පත්වේවා....!!!! අයියගේ දැණුමත් තව තවත් දියුනුවටම පත් වේවා....!!! ජය ශ්‍රී.....!!
මගේ හඳහනට අනුව අයියා මා හට පැවසු පළමු අනාවැකිය මේ වන විට සත්‍ය වී ඇත. එපමණක් නොව එය මගේ හඳහන පිරික්සා ඇති සියලුම ජ්‍යෝතිෂවේදීන් නිශ්චිතව නොකියූ කාරණාවකි. ඔබතුමාගේ දැණුමට හා කිසි දිනෙක නොදුටු මා හට දැක්වූ සුහද තාවයට කෘතගුණ සැලකීමට සුදුසුම ස්ථානය මෙය යැයි සිතුවෙමි.
ඔබට තව තවත් ලිපි ලිවීමට හැකි වේවා.....!!!!
(මම comment එකක් විදියට මේ දේ add කරන්න සුදුසු post එකක් publish කරනකල් බලාගෙන හිටියේ.)
බාධක මැද ගලන ගඟේ ලස්සන පෙණ බුබුළු නැගේ....!!!!

jhothishalanka said...

බොහොම ස්තූතියි නගාටත්..ඔය හරි ගියයි කිව්ව අනාවැකියත් හොද දෙයක්ම වේවා!..

Tiraj Adikari said...

උණුසුම් සුබ පැතුම් ... තව 200 ක් ලියමු නේද ?
:)

Anonymous said...

ඔබට තව තවත් දිරිය ලැබේවා ...දිගටම ලියන්න...හැමදාම නෙට් එකට ආවොත් ඔබේ බ්ලොග් එක බලනවාමයි අලුත් මොකුත් ලියලද කියල..

කුරුම්නියා.

jhothishalanka said...

බොහොම ස්තූතියි මිත්‍රයා..

jhothishalanka said...

බොහොම ස්තූතියි මිත්‍රයා..ඔබත් බ්ලොග් එක ආරම්භයේ සිටම මෙහි පාඨකයෙක්...

Kushan said...

200 ට මගෙන් උනුසුම් සුභ පැතුම්..... ඊලඟ ඉලක්කය 1000 ත් ජය ගන්න සුභ පතනව

jhothishalanka said...

ස්තූතියි Kushi...

Anonymous said...

පුලුවන් හැම අවස්ථාවකදීම මම ඔබේ ලිපි කියවනවා
…මගේ අවංක සුභ පැතුම් !
chaminda prasad akuressa

jhothishalanka said...

ස්තූතියි ඔබටත්..

M. M. Rohana Wasantha said...

කවදත් අහිංසක සතුටක් මට ඔබේ දියුණුව දැකීම. විටෙක ඔබේ බ්ලොග් රචනයේ මවිසින් දුටු යම් උණතාවක් හෝ පොලා පැන යාමක් දුටු කළෙක මම තරහින් කියූ දේ පවා ඔබ පිළිගෙන කටයුතු කළ බව උදක් සිහියට එන අතරේ දිගු දුර දකින්නට දිගු දුර යන්නට මතුවන බාධක දුරැර දෙන්නැයි ගණපතිඳුන්ගෙන් ඉල්ලමි.
එම්. එම්. රෝහණ වසන්ත 0714161082/0723430028

jhothishalanka said...

ස්තූතියි.ඔබගේ දිරිගැන්වීමට හා මඟ පෙන්වීමට..

Red Riding Hood said...

සුභ පැතුම්.. මමත් බ්ලොගය කියවනවා..

jhothishalanka said...

ස්තූතියි.ඔබගේ සුභ පැතුමත් සතුටින් පිළිගතිමි.

Lasitha said...

සුබ පැතුම් !

1.නැකත් පොරොන්දම ගැලපෙන්නේ නැති හදහන් අනිවාර්යෙන්ම විවාහයට විපත් ද?
2. යෝනි, නාඩි, ලිංග පොරොන්දම් ගාලපුනොතින් එම නැකත් දෝෂය බංග වෙනවා කියන්නේ ඇත්තක්ද? එසේනම් මේ සියල්ලම ගැලපිය යුතුමද?
3. ග්‍රහ පොරොන්දමට අදාලව ගණනය කිරීම් කරන්නේ කොහොමද? සුබ අසුබ තීරණය වන්නේ කෙසේද? (පරිගණක මුර්දුකන්ගයෙන් එන ග්‍රහ පොරොන්දම් ප්‍රතිපලය ගැටළු සහිත)
ග්‍රහ පොරොන්දම ප්‍රදාන පොරොන්දමක් නොවුනත් බොහෝ විට නැකත් වලට පසුව එහි ගැලපීම බලන්නේ කුමක් නිසාද?

ඔබ තුමාට බොහොම පින්

jhothishalanka said...

සුභපැතුම සතුටින් පිළිගතිමි.ඔබගේ ගැටළු තුනට කෙටි පිළිතුරු දීම තරමක් දුරට අසීරුයි.කේන්දර සිංහලෙන් අඩවි කතු රෝහණ වසන්ත මහතා මෙම ගැටළු තුනට ලබා දී තිබූ පිළිතුරු මා දුටුවා.මාද ඒවා අනුමත කරමි.
පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්
ඔබගේ අවසන් ප්‍රශ්ණයේ සදහන්
"ග්‍රහ පොරොන්දම ප්‍රදාන පොරොන්දමක් නොවුනත් බොහෝ විට නැකත් වලට පසුව එහි ගැලපීම බලන්නේ කුමක් නිසාද? "
යන්නට පිළිතුරක් ලැබී නැති බව දුටුවෙමි.ඇත්තෙන්ම ඔබ අසා තිබූ "ග්‍රහ පොරොන්දම ප්‍රදාන පොරොන්දමක් නොවුනත්.." යන්න ඔබට වැරදීමකි.ග්‍රහ පොරොන්දම පොරොන්දම් පරීක්‍ෂාවේදී අත්‍යාවශ්‍යම පොරොන්දමකි.20 පොරොන්දම් පරීක්‍ෂාවේ සලකා බැලෙන අත්‍යාවශ්‍ය පොරොන්දම්අංක අනුපිළිවෙලට සලකා නැත.ග්‍රහ පොරොන්දම පොරොන්දම් පරීක්‍ෂාවේදී 20 වැනි පොරොන්දම ලෙස දක්වා ඇතත් එය අත්‍යාවශ්‍යම පොරොන්දමකි.දෙදෙනාගේ ආයුෂ ධනය දරුඵල සමගිය සාමය ආදී සෑම ක්‍ෂෙත්‍රයක් සදහා ග්‍රහ පොරොන්දමේ බලපෑම විහිදී යයි.

Sanjaya සිතුවිලි said...

සුබ පැතුම්

jhothishalanka said...

බොහොම ස්තූතියි.මාත්..ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදිලයි ආවේ..ඒකේ මටත් වටිනා තාක්‍ෂණික ලිපි කීපයක් තියෙනවා.නිවාඩු පාඩුවේ බලන්න ඕන...
ම්....ඔයා ෆලෝ කරල තියෙන බ්ලොග් ලිස්ට් එකේ හැටියට ඔයා ටිකක් පරණ කෙනෙක් වගේනේ..

www.ceylonlanka.info said...
This comment has been removed by the author.
www.ceylonlanka.info said...

200 ට මගෙනුත් සුබපැතුම්....

Lasitha said...

සමාවන්න. ම සිතුවේ අට පොරොන්දම් වලට ග්‍රහ පොරොන්දම ඇතුලත් නොවන නිසා එය ප්‍රදාන පොරොන්දමක් නොවන ලෙස.

බොහෝවිට පොරොන්දම් පරික්ෂාවේ නැකත් පොරොන්දම ගැලපුනත් ග්‍රහ පොරොන්දම නොගැලේප බව පවසා ඉවත් කරන අවස්ථා දැක ඇත. ඔව්. රෝහණ වසන්ත මහතා මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී ඇත. ඒ අනුව වැටහී යන්නේ හදහන් රාශියක් ජෝතිර්වෙදියට ඉදිරිපත් කරද්දී ඔහු බොහොමයක් නැකත් නොගැලපීම සහ ග්‍රහ පොරොන්දම නොගැලපීම මත ඉවත දැමුවත් එසේ නොකළ යුතු බව නොවේද? නමුත් වෙනත් සාර්ථක ක්‍රමයක් ද නැත. මුර්දුකන්ගයක අවශතාවය වඩාත් වැදගත් වන්නේ මෙවැනි අවස්ථාවකදීය.
ග්‍රහ පොරොන්දමේ දැක්වෙන සන්ක්ය අනුව සුබසුබ වෙනස් වෙන විදිය හැකිනම් කෙටියෙන් පහදන්න.

උතරපුටුප නැකතට සුබ පල දෙන, මිශ්‍ර පල දෙන අනිකුත් නැකත් මොනවද?

jhothishalanka said...

ඇත්තටම මෙම ගැටළුව විමසිය යුත්තේ සිංහල භාෂාව ගැන මනා දැනුමක් ඇත්තකුගෙන්.අරිසෙන් අහුබුදු මහතාගේ දුරකථන අංකය මා සතුව ඇතත් අවසනාවකට ඔහු දැන් ජීවතුන් අතර නැහැ.
අරිසෙන් අහුබුදු මහතාගේ නිවසේ දුරකථන අංකය ඔබ වෙත සැපයීමට ඔබගේ ඊමේල් ලිපිනය එවන්න.(මා එය පබ්ලිෂ් නොකොට ඔබට දුරකථන අංකය දක්වන්නම්.)

jhothishalanka said...

ස්තූතියි.ඔබගේ සුභ පැතුමත් සතුටින් පිළිගතිමි.

jhothishalanka said...

උත්‍රපුටුප නැකතට සුභ නැකැත් දක්වනවාට වඩා පුරුෂ උත්‍රපුටුප නැකතට නොගැලපෙන නැකැත් දැක්වීම පහසුයි.
ස්ත්‍රීයගේ නැකත අද,සා,සියාවස නැකැත් තුනෙන් එකක් වන විට පුරුෂයාට විපත් යෙදෙන නිසා එම නැකැත් තුන වැඩි අසුභයි.
ස්ත්‍රීය බෙරණ,පුවපල්,පුවසල නැකැත් තුනෙන් එකක් යෙදෙන විට වධ යෙදීම නිසා මෙම නැකැත් තුන ඊලඟට වැඩි අසුභයි.
ස්ත්‍රිය හත,සුවන,රෙහෙණ නැකැත් තුනෙන් එකක් යෙදෙන විට ප්‍රත්‍යාරී(සතුරු) නිසා එම නැකැත් තුන ඊලඟට අසුභයි.
මේ අනුව ස්ත්‍රී අද,සියාවස,සා නැකැත් තුනෙන් එකක් යෙදෙන විට නැකැත් දෝෂය බරපතලයි.අනිත් නැකැත් හය ගැලපීම අඩු වුවත් නැකැත් පාද ,පුර සදු බලය,උපතේදී දෙදෙනාගේ සදුගේ බලවත් වීම අනුව ඉතිරි නැකැත් හය ගලපන අවස්ථාද ඇත.

jhothishalanka said...

//On Blogger since October 2009 //

jhothishalanka said...

අරිසෙන් අහුබුදු මහතා සමඟ නම් ඕන දෙයක් කතා කරලා දැන ගන්න පුළුවන්.දැන් එයාගේ දුව තමයි ඒ වැඩ කරන්නේ...මම දවසක් කතා කරලා බැලුවා....ස්ථානයේ වානිජකරණය වීම වැඩිවී ඇතත් සල්ලි ගෙවලා හරි නමේ තේරුම දැන ගන්න එක වටිනවා.

Lasitha said...

බොහොම ස්තුති

jhothishalanka said...

අන්න ඊමෙල් එක දාලා ඇති අරිසෙන් අහුබුදු මහතාගේ නම්බරෙත් එක්ක ......

Anonymous said...

ස්ත්‍රී--මුවසිරස පුරුස--උතුරුසල අසුබ,
ස්ත්‍රී--සැපිනි පුරුස--මුගටිදෙන අසුබ
සිත්‍රී--භේරුන්ඩ පුරුස--කුක්කුට අසුබ
ස්ත්‍රී--නපු0ශක පුරුස--ස්ත්‍රී අසුබ
ස්ත්‍රී--කලුවර පුරුස --කොස් අසුබ
ස්ත්‍රී--ප0චම පුරුස--වේශ්ය අසිබ

තව ග්‍රහ පොරොන්දමත් අසිබයිලු.
ස්ත්‍රී--මීන පුරුස--මකර
මෙය එක තැනකින් කියූ විදිය.තව තව අහපු තැන් වලින් මීට ටිකක් විතර වෙනස් විදියටත් කිය උනා.මේදෙකේ විවාහයට සුදුසු කමක් ඇත්තේම නැතිද්? කරුනාකර පහදාදෙන්න.අනෙක් පොරොන්දම් මද්යම හා සුබ ලෙස සදහන් ඌවා.

jhothishalanka said...

@Anonymous
ලිංග අසුභ නිසා නයි මුගටි යෝනි දෝෂ භංග නොවීම ප්‍රධාන දෝෂයකි.ග්‍රහ ගැලපීම ගැන පැවසීමට දක්වා ඇති විස්තර ප්‍රමාණවත් නැත.ග්‍රහ ගැලපීමද නැති බව ජ්‍යොතිෂවේදීන් පැවසුවානම් මේ දෙකේ ගැලපීම මදියි.යාළු වෙලා නම් එන ඕන කරදරයක් එන්න කියලා කසාද බදින්න.හැබැයි කරදර බාධක විදින්න බලාගෙන තමයි.

Anonymous said...

ඉක්මනින්ම පිලිතුරක් ලබාදීම ගැන ඔබ තුමාට ස්තුතිවන්ත වෙමි.
ඔබගේ සද්කාර්ය්ය ඉදිරියටත් කරගෙන යාමට ඔබට දිරිය ශක්තිය ලැබේවා.

www.ceylonlanka.info said...

ගොඩාක් ස්තුතියි ඔබගේ උදව්වෙන් මම හට අවශ්‍යව තිබු කාරණය ඉටු වුනා...

Anonymous said...

boruwen lokaya dinu obata jayawewa

jhothishalanka said...

හොදයි..හොදයි...

Soda ගුනේ said...

""ඇත්තෙන්ම බ්ලොග් අවකාශය තුල තාක්‍ෂණික,විනෝදාත්මක, සාහිත්‍ය, දේශපාලණික, ..... ආදී විවිධ ක්‍ෂෙත්‍ර නියෝජනය වෙමින් බ්ලොග් රාශියක් ලියැවුනත් අපගේ ක්‍ෂෙත්‍රය සුවිශේෂීය. අපගේ ශාස්ත්‍රය අර්ථවත්ය, පෞරාණිකය, මනරම්ය,කුතුහලජනකය.උගෙනුමද අසීරුය. අපගේ ක්‍ෂෙත්‍රය පිළිබද දැනුවත් අයද අඩුය."" මාර පිට කසා ගැනීමක් නේ අංකල් මට නම් පුකෙනුත් හිනා.... කමක් නෑ ඉදල හිටල හිරිකිත වින්දනයක් ගන්න උඹ වගේ එවුනුත් ඉන්න ඕන.... දිගටම ලියන්න ජයවේවා.....!!!!!!!!!!!

jhothishalanka said...

බොහොම ස්තූතියි...සෝඩා ගුනේගේ සුභ පැතුමත් සාදරයෙන් පිළිගන්නවා.ඕවා ඔහොම තමයි යාළුවා තරුණ කාලෙට අතපය හයියයිනේ ලෙඩත් අඩුයි.කරදරත් ටිකක් අඩුයිනේ..ඉහ නිකට පැහෙන කොට තමයි මේ වගේ ශාස්ත්‍ර වල වටිනාකම තේරෙන්නේ එතකොට මේ වගේ දේවල් හොයන්නේ බලන්නේ පිළිපදින්නේ බොහොම උනන්දුවෙන්..අන්න එතකොට සෝඩා ගුනේලටත් බලන්න එක්ක මේ බ්ලොග් පෝස්ට් දිගටම තියේවි....

Related Posts Plugin for WordPress, Blogger...