Saturday, August 25, 2012

පංචාංග ලිත් වල දක්වා ඇති පංචාංග ශුද්ධිය සලකා ඇති ආකාරය පිළිබදව ජ්‍යොතිෂවේදීන් දැන සිටිය යුතුමය.

      සුභ නැකැත් දින තේරීමේදී එකිනෙකට වෙනස් පඤ්චාංග ලිත් භාවිතා කරන දෛවඥයන් එකිනෙකට වෙනස් සුභ නැකැත් දින තේරීමත් එක් අයෙකු තේරූ සුභ නැකැත් දිනයක් අනෙකා අසුභ දිනයක් ලෙසදැක්වීමත් නිසා ජ්‍යොතිෂය ගැන උනන්දුවක් ඇති නමුත් ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනයා මින් විශාල අසීරුතාවකට පත්වන අතර ජ්‍යොතිෂය ගැන ඔවුන් අතර ඇති විශ්වාසය පළුදු වීමටද මෙය හේතුවක් වී ඇත.

  තමන්ගේ තේරීම නිවැරදි බවත් අනෙකාගේ සුභ නැකැත් තේරීම වැරදි බවටත් තර්ක කරන බොහෝ ජ්‍යොතිෂවේදීන් එසේ කරන්නේ තමන් භාවිතා කරන ලිත ගැන ඇති විශ්වාසය නිසාමය.නමුත් වර්තමානයේ පංචාංග ලිත් වල ඇති මුද්‍රණ දෝෂ හා වෙනත් අඩු ලුහුඪු කම් ගැන සලකා බලන විට ජ්‍යොතිෂවේදීන් වන අප මේ පිළිබදව දෙවරක් සිතා බැලිය යුතුමය.
  පංචාංග ලිතක එදිනෙදා දක්වා ඇති දින හා පංචාංග ශුද්ධි ගැන සලකමින් ලිතටම වහල් වී සුභ නැකැත් දින තේරීම බුද්ධිමත් ජ්‍යොතිෂවේදියකුට නොවටී.පංචාංග ලිතේ දක්වා ඇතත් දින හා පංචාංග ශුද්ධි ජ්‍යොතිෂමය වශයෙන් තෝරා ගන්නා ආකාරය දැන සිටීම ජ්‍යොතිෂවේදියකුට අත්‍යාවශ්‍ය දෙයකි.ඒ පිළිබදව දැනුවත්ව සිටින විට ලිතක ඇතිවන වැරදි ගැනත් අවබෝධවේ.
   දැනට භාවිතා වන පංචාංග ලිත්වල පංචාංග ශුද්ධිය ආදිය ලකුණු කොට

ඇතත් එලෙස පංචාංග ශුද්ධිය තෝරන ආකාරය පිළිබදව ජ්‍යොතිෂවේදීන් හා වෙනත් අයත් අවබෝධයක් ලබා තිබීම වැදගත් වනුඇත.
    රික්තා,විෂ්ටි,දග්ධ,කාණ ,..... ආදී දසමහ දෝෂත් මර හමස්මර දාදී වෙනත් දෝෂ යෙදෙන ආකාරයත් එකින් එක විස්තර කිරීමට ගියහොත් එය තරමක් දීර්ඝ විස්තරයක් බවට පත්වේ.එමෙන්ම එය වටහා ගැනීමටත් බොහෝ අයට අසීරු වනු ඇත.එමනිසා එදිනෙදා දදනය,තිධිය යෝගය ආදී පංචාංගයන් වල යෙදීම් අනුව දෝෂ හදුනා ගන්න ආකාරය වගු ආකාරයෙන් පහත රූප සටහන් වල දක්වා ඇත.එම වගු අනුව දෝෂ හදුනා ගැනීම කළ හැකිය.පාඨක අවබෝධය පිණිස සරල උදාහරණ කීපයක්ද පහත දක්වා ඇත.



                  
 උදා  -
     1) බෙරණ නැකත යෙදෙන ඉරිදා දිනවල(මෙහිදි දිනය තේරීම ඉංග්‍රීසි ක්‍රමයට නොව සූර්ය උදාව අනුවය) දග්ධ දෝෂය යෙදේ.එම නැකත හා දිනය යෙදෙන කාල සීමාව අනුව මෙම දග්ධ දෝෂය යෙදෙන කාලයද තීරණයවේ.එනම් ඉරිදා දිනයක දවල් 1.05 දක්වා බෙරණ නැකත ඇත්නම් එදින දවල් 1.05 දක්වා දග්ධ දෝෂය යෙදේ.

     2) සදුදා දිනයේ ජලවක තිථිය යෙදී ඇති කාලය තුල රික්තා දෝෂයකි.

     3) ඉරිදා දිනයේ විසා නැකත යෙදෙන කාල සීමාවේ උත්පාත හා හමස්මර දේෂ දෙකම යෙදේ.

     4) ඉරිදා දිනයේ 12 වක තිථිය යෙදෙන කාලයේ මර,දග්ධ දෝෂ දෙකම යෙදේ.

     5) ගුරු දිනය 13 තිථදය හා අනුර නැකත යන පංචාංග අංග තුනම එකවර යෙදෙන කාලය තුල විෂ දෝෂය යෙදේ.

1 comment:

මාතලන් said...

මමත් මේ දවස්වල මේක ඉගෙන ගන්නවා. ඔබේ ළිපි ඊට බොහෝ ප්‍රයෝජනවත්....

Related Posts Plugin for WordPress, Blogger...