Sunday, August 26, 2012

සර්ප යෝගය

  සර්ප යෝගය
        නාභස යෝග යටතේ වූ දළ යෝග දෙකෙන් එක් යෝගයක් වූ සර්ප යෝගය පිළිබදව සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල වැරදි අර්ථ දැක්වීම් දක්වා ඇත.ඇතැම් සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල හා සිංහලයට පරිවර්තිත පොත් වල සර්ප යෝගය අර්ථ දක්වා ඇත්තේ
  "සියළු පාප ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථාන ගතව සිටීම" ලෙසයි.
   නමුත් සර්ප යෝගය නියම ලෙස අර්ථ දැක්වීම මින් නිරූපනය නොවන අතර ඉපැරණි ආචාර්්‍ය මතයන් අනුව සර්ප යොගයේ නිර්වචනය මීට තරමක් වෙනස් ආකාරයකි.වෙනත් නාභස යෝග වලදී මෙන් මෙහිදී රාහු කේතු ග්‍රහයන් නොසලකා ඇති අතර අව සදු පාපයෙකු ලෙස බලපෑමද නොසලකා ඇත. ඒ අනුව සර්ප යෝගයේ නිර්වචනය

 "රවි,කුජ,ශනි ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථාන වල සිටීමයි."

* ගර්ග හා බාදරායන ආචාර්යන්ගේ මතය අනුව කේන්ද්‍රස්ථාන තුනක් පමනක් සලකා ඇත.

 විශෙෂ සටහන
        සර්ප යෝගය නිවැරදිව පිහිටීමට වෙනත් කිසිදු සුභ ග්‍රහයකු කේන්ද්‍රගතව නොසිටිය යුතුය.

 සර්ප යෝගයේ ඵල විපාක.
     ඉතා දුර්ජන ගති ඇත්තන්ය.නොයෙක් මාර්ග වලින් දුක් කරදර වලට මුහුණ දීමට සිදුවේ.

16 comments:

Anonymous said...

"kala sarpa yogaya" kiyanneth mekatadamada?

DOB=1983.08.11
time=5.18 a.m
place=colombo

mata kala sarpa yogaya adda?

mekata uttara dunnoth bohoma pin

jhothishalanka said...

කාල සර්ප යෝගය හා සර්ප යෝගය යනු යෝග දෙකකි.ඔබගේ කේන්ද්‍රයේ රාහු කේතු අතර අංශක 180 තුල එක් අංශයක අන් ප්‍රධාන ග්‍රහයන් සියල්ලම සිටී.(ගුරු ග්‍රහයා කේතු සමඟ සිටියත් රාහුගේ අංශකයට මෑතින් සිටී.)ඒ අනුව ඔබගේ කේන්ද්‍රයේ කාල සර්ප යෝගය ඇත.
කාල සර්ප යෝගය ගැන පහත ලිපියේ ඇත.
කාල සර්ප යෝගය

Ishan said...

යම්කිසි ග්‍රහයෙකු ලග්න කේන්ද්‍රයේ හා නවාම්ස කේන්ද්‍රයෙහි යන දෙකෙහිම තමාට අයත් හා තම පාලනය කරනාවු රාශියෙහි තැම්තත් උනොත් ඇතිවන ප්‍රතිවිපාක මොනවාද
උදා: සිකුරු ග්‍රහයා ලග්න කේන්ද්‍රයේ 1.(වෘෂභ)සිකුරු හා නවාම්ස කෙන්ද්‍රයේ 3.(වෘෂභ) සිකුරු සිටීම

jhothishalanka said...

අදාළ ග්‍රහයා වර්ගෝත්තම වී ඇති බව කියන්නේ මෙවිටයි.ලග්න හා නවාංශක කුණ්ඩලියේ සමාන අංශක වල ආසන්නවම සිටින විට මෙම බලය වැඩි වන බව කියයි.සුභඵල උදාකරයි.ග්‍රහයා දුබල වන විට (උදාඃ. නිචව) වුවද වර්ගෝත්තමව සිටින විට එම දුබල බව භංග වන බව සෘෂි මතයයි.අදාළ ග්‍රහයාගේ මහදශා අතුරු දශා කාල වලදී සුභඵල හොදින් ඉස්මතුවේ.

jhothishalanka said...

"තමාට අයත් හා තම පාලනය කරනාවු රාශියෙහි"
සිටින විට වර්ගෝත්තම බලය අති උපරිම තත්ත්වයේ ඇත.

Anonymous said...

පිංතූරෙ වෙනස් කරල. අදයි දැක්කෙ. ලස්සනයි ඉස්සෙල්ල තිබුන එකට වඩා.

මිගාර

Beeg said...

මහත්මය..
මගෙ හදහනෙත් සර්ප යෝගය තියනවද කියන්න.
1988.09.22
12.06 am

jhothishalanka said...

උපන් වෙලාව ලියල තියෙන ආකාරය ටිකක් අවුල් රාත්‍රී දවල් ආකාරයට(රාත්‍රී නම් කී වෙනිදාට එළිවෙන්නද යන්න සමග) දක්වන්න.

Beeg said...

21 රෑ 12.6 22 ට එලිවෙන්න

jhothishalanka said...

රවි -4
ශනි -7
කුජ -10
සිටීමත් වෙනත් සුබ ග්‍රහයන් කේන්ද්‍රස්ථානවල(1,4,7,10) නැත.
ඹබගේ කේන්‍දයේ සර්ප යෝගය ඇති නමුත් ශනි,කුජ දිග්බලයෙන් සිටීමත් ගුරු දෘෂ්ටිය 4 වැටීමත් නිසා සර්ප යෝගයේ බල හීනවී ඇත.සර්ප යෝගය ඇත්තන් තුල පිහිටන දුර්ගුණ නොපිහිටයි.නමුත් යම් අයෙකු සමග අමනාපයක් ඇති වූ විට සර්පයෙකු මෙන් අවස්ථාව ලද විට පහරදේ.

Beeg said...

ඔබ තුමන්ට තුති..බොහෝ ආයු ලෑබේවා ! සතුට සම්පත ලෑබේවා .. ජය වේ ....

Sam said...

මහත්මයා , මගේ කේන්දරේ එකේ කාල සර්ප යෝග තියෙනවද කියල කරුණාකරලා කියල දෙන්න පුලුවන්ද ?
උපන් දිනේ : 10 ජුලි 1977
උපන් වේලාව : උදේ 07:10 AM
උපන් ස්ථානය : බණ්ඩාරවෙල
Latitude: 6° 50' 12" N
Longitude: 80° 59' 8" E

මේ උදව්ව මට කර දෙන්න ස්තුති

jhothishalanka said...

කාල සර්ප යෝගය හා සර්ප යෝගය යනු යෝග දෙකකි.ඔබගේ කේන්ද්‍රයේ කාල සර්ප යෝගය ඇත.මෙම ලිපියේ මුල් කමෙන්ටුවට දී ඇති පිළිතුරු කමෙන්ටුවේ දක්වා ඇති ‘‘කාල සර්ප යෝගය‘‘ සබැදිය බලන්න

Anonymous said...

මහත්මයා මගේ කේන්දරය බලපු කෙනෙක් මට කීවා සඳු 8 වැන්නේ නීච නිසා මට ආයුෂ අඩු බව. සඳු මෙන්ම රවිද නීච නිසා අන්ධ වීමටද ඉඩ ඇති බවක්ද කීවා. ඔබේ මෙම post එකේ comment එකක ඇති ලෙස නීච ග්‍රහයන් වර්ගොත්තම වීම හොඳ නිසා මට එයින් සහනයක් ලැබේද? මෙ‍ම ප්‍රශ්න මට වධයක් බැවින් පිළිතුරක් දුන්නොත් බොහෝම පින්!
-සාරංග-
උපන් දිනය - 1993 ඔක්තෝබර් 18
උපන් වෙලාව - ප.ව. 6:42
ස්ථානය - මාතර

jhothishalanka said...

ඔබ දුන් වේලාවට අදාල ජන්ම කේන්ද්‍රය මම පරීක්ෂා කලා.ඔබගේ ජන්ම කේන්ද්‍රය ටිකක් අමුතුයි තමයි.ඔබගේ කේන්ද්‍රෙය් නීචව සිටින රවි,සදු,සිකුරු ග්‍රහයන් තිදෙනාගෙන් රව් හා සදු වර්ගෝත්තමයි.ඇස් වලට අගුණ තත්ත්වයක් ඇති නමුත් ඔබට ආයුෂ බල ඇත.එය ඔබගේ සිත සතුටු කිරීමට නොඩ ශාස්ත්‍රීයව බලා පැවසූවකි.තාමත් වයස අවු 20 ක් නැති ඔබගේ ජ්‍යොතිෂ දැනුම හා වටහා ගැනීම දැක මා විශ්මයට පත් විය.සතුටින් ඉන්න.

Anonymous said...

ඔබට බොහෝම පින් මහත්මයා! ඇත්තටම මට ඇති සුළු ජෝතිෂ දැනුම මා ලබාගත්තේ ඔබතුමාගේ blog අඩවියෙන් හා අහම්බයකින් කියවන්නට යෙදුනු "ජීවිතය හා ග්‍රහයෝ" පො‍ත නිසාවෙනි. ඒ නිසා මහත්මයා ඔබතුමාට නැ‍වත නැවත බොහෝම පින්! ස්තුතියි. තෙරුවන් සරණයි!
-සාරංග-

Related Posts Plugin for WordPress, Blogger...