Wednesday, May 23, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 4

                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -1
                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -2
                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -3

මිනිස් සිරුර ආශ්‍රිතව ක්‍රියා කරන චක්‍ර හයක් පිළිබදව යෝග ශාස්ත්‍රයේ සදහන්ය.යාම,නියාම,,ආසන,ප්‍රාණයාම,...ආදී යෝග කර්ම මගින් මෙම චක්‍ර හය පුබුදුවා ගෙන මිනිසා හට පුදුමාකාර දේවල් කල හැකිය.මෙම චක්‍ර හය පිළිවෙලින්

  1) මූලාධාර චක්‍රය
  2) ස්වාධිෂ්ඨාන චක්‍රය
  3)මණිපුර චක්‍රය
  4)ආනාහත චක්‍රය
  5) විශුද්ධි චක්‍රය
  6) ආඥා චක්‍රය

 1) මූලාධාර චක්‍රය
       මෙය ගුදය අසල පිහිටන බව සදහන්ය.ශාඛා සතරකි.මේ චක්‍රය පුබුදුවීමෙන් විවිධ රෝගාබාධ වලින් මිදීමත්,අතීතය අනාගතය දැකීමත්සිදු කල හැකිය.මෙය ස්වාධිෂ්ඨාන චක්‍රය හා සම්බන්ධය.

 2) ස්වාධිස්ඨාන චක්‍රය
        ශරීරයේ ලිංග මූලයෙහි පිහිටද මෙම චක්‍රයට ශාඛා හයකි.මෙය පිබිදවීමෙන් රෝග වලින් මිදිය හැකි අතර මරනය පමා කල හැකිය.

 3) මණිපුර චක්‍රය
        නාභිය අසළ පිහිටන කුණ්ඩලී චක්‍රයේ උඩු අතට යොමුවූ මෙම මණිපුර චක්‍රය කුණ්ඩලී චක්‍රයට ඉතාම ආසන්නව ඇත.ශාඛා දහයකි. මෙය පිබිදවීමෙන් වෙනත් අයකුගේ ශරීරයට ඇතිල් වීමත් වස්තු තුලින් විනිවිද යාමත් කළ හැකිය.

 4) ආනාහත චක්‍රය
         ශාඛා දොළහක් ඇති හෘදය අසල පිහිටි මෙම චක්‍රය පුබුදුවා සාමාන්‍ය ඇසට නොපෙනෙන දේ දැකීමත්,අනුන් වශී කිරීමත් විවිධ ස්ථාන වලට අන්තර්ධාන වීමත් කල හැකිය.

 5) විශූද්ධි චක්‍රය
         ශාඛා සයක් ඇති මේ චක්‍රය ශරීරයේ බඩ අසල පිහිටයි.මෙය පුබුදුවා රෝග වලින් මිදීමත් තරුණ බව රදා ගැනීමත් කල හැකිය.

 6) ආඥා චක්‍රය
        ශරීරයො දෙබැම මැද පිහිටන මේ චක්‍රය පුබුදුවා තීක්‍ෂණ බුද්ධියක් ප්‍රබල හැගීම් ඇති කර ගත හැකිය


  ------------------------මතුසම්බන්ධයි. -------------------------------------

6 comments:

Tiraj Adikari said...

මචන් , විශුද්ධ චක්‍රය උගුර අසල නේද පිහිටන්නේ.
තව චක්‍රයක් මිසින්. ඉස මුදුනේ පිහිටන කුන්ඩලිනි ශක්තිය විශ්වයට නිකුත් වෙන සහස්‍ර චක්‍රය ...

මුතු said...

අඩුපාඩුම සොයනවා කියල හිතන්න එපා අයියා. ඔයාගේ දැනුමට ගරු කල යුතුමයි. ඒත් මගේ දැනුම අනුව විශුද්ධ චක්‍රය පිළිබද විස්තරය දෝෂ සහිත යයි මට හැගේ. විශුද්ධ චක්‍රය ( Carotid plexus ) පිහිටි ස්ථානය වන්නේ උගුරු දණ්ඩේ මුල් කොටස කෙලින් සුෂුම්නා නාඩියෙහි වන අතර දම් පැහැයෙන් බබලන ශාඛා නොහොත් පත්‍ර 16 ක් ඇත. තාර්කිකව සිතුවත් එය පවතින්නේ අනාහත හා ආඥා චක්‍රය අතර නිසා එය බඩ අසල නොව හෘදය හා දෙබැම අතර පිහිටිය යුතුය. මා වැරදි නම් කියන්න.

මුතු said...

ලාලන චක්‍රය හා සහස්‍රාර චක්‍රය ලෙස තවත් චක්‍ර දෙකක් ඇති අතර ෂට් චක්‍ර වලට එය ඇතුලත් නොවේ. ඒ කීම දැයි නොදනිමි.

Anonymous said...

යෝග ශාස්ත්‍රය ගැන ලිපි පෙලක් දාන්න පුලුවන් වෙයිද??

jhothishalanka said...

යෝග ශාස්ත්‍රය පිළිබද මා හට පුළුල් දැනුමක් නැත.

Anonymous said...

එහෙනං ඔයි තියෙන උමා ජෝතිෂ්‍ය ගැන හරි... රත්න ජෝතිෂ්‍යය ගැන හරි ලිපි ටිකක් දාන්න පුලුවන් වෙයිද?

Related Posts Plugin for WordPress, Blogger...