Sunday, May 6, 2012

අඟහරුවාදා සිකුරාදා දිනවල ස්නානය කිරීම හා මරණ අස් කිරීම අසුභ බවට ඇති මතයේ පදනමක් තිබේද?


 අඟහරුවාදා හා සිකුරාදා දිනවල ස්නානය කිරීම හා මරණ අස් කිරීම අසුභ දායක බවට මතයක් පුරාතනයේ සිට ඇත.මෙම මතවල ජ්‍යොතිෂ ශ්‍රාස්ත්‍රීය පදනමක් තිබේද එසේත් නැත්නම් ඒවා මිත්‍යා මතද යන්න විමසා බැලීම වටී.

   අඟහරුවාද සිකුරාදා ස්නානය කිරීම අසුභදායක බවට මතයක් ඇති කර ඇත්තේ පැරණි ඉන්දියානු බ්‍රාහ්මනයන් අඟහරුවාදා සිකුරාදා දිනවල ස්නානය කිරීම සිදු කිරීමත් ඔවුන්ට සාමන්‍ය මිනිසුන්ගෙන් මිදී නිදහසේ ගංගාවල ස්නානය කිරීම සදහා ඔවුන් විසින්ම අඟහරුවාදා සිකුරාදා දිනවල ස්නානය අසුභ බවට ප්‍රචාර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මතය ගොඩ නැගී ඇති බවට ලංකාවේ අප අතර අදහසක් ඇත.එනමුත් මෙම කාරණාව ගැන ඉතා විමර්ශනාත්මකව විමසා බැලීමේදී වෙනත් කාරණා ඉස්මතු වී ඇත.ඉන්දියාවේ බ්‍රාහ්මනයන් අඟහරුවාදා සිකුරාදා දිනවල ස්නානය කරන බව දක්වා ඇතත් සත්‍ය ලෙසම කරුණු විමසීමේදී පෙනී යන්නේ ඉන්දියානු බ්‍රාහ්මන වංශිකයන් අඟහරුවාද සිකුරාදා දිනයන් කිසිසේත් ස්නානය සදහා යොදා නොගන්නා බවයි.
    සූර්යයාගේ සිට ඇති දුර අනුව බලන විට සිකුරු ග්‍රහයා අඟහරු(කුජ)ට වඩා හිරුට ලංව ඇතත් ජ්‍යොතිෂයේදී කුජ ඌෂ්ණාධික ග්‍රහයකු ලෙසත් සිකුරු සීතල ග්‍රහයකු ලෙසත් සලකයි.ඒ අනුව කුජට අයත් අඟහරුවාදා ඌෂ්ණයත් සිකුරු දින සීතලත් නියෝජනයවේ.(මෙය අඟහරුවාදා රස්නෙ වැඩි හා සිකුරාදා සීතල වැඩි බව දැක්වීමක් නොවේ.)ඒ අනුව උනුසුම හා සිසිල නියෝජනය කෙරෙන ග්‍රහයන්ට අයත් දිනවල ස්නානය කිරීම ගොඩබිම වාසය කරන ජීවීන්ට අසුභදායක වේ.අඟහරුවාදා සිකුරාදා දිනවල පමනක් ස්නානයට යොදා ගත් විට මෙම අසුභ දායක බව ඉස්මතු වන අතර සෑම දිනකම ස්නානය කිරීම කරන විට හා අඟහරුවාදා සිකුරාදා නොවන වෙනත් දිනයන් වැඩි වශයෙන් ස්නානයට යොදා ගන්නා විට මෙම දෝෂය ඉස්මතු නොවන බවට ජ්‍යෙතිෂය හා බැදුනු ඉපැරණි වෙදපොත්වල සදහන්ව ඇත.

.........................................................................................................................................................

   අඟහරුවාදා සිකුරාදා දිනවල ස්නානය කිරීම මෙන්ම මරණ අස් කිරීමද අසුභදායක බවට මතයක් ඇත.අඟහරුවාදා සිකුරාදා දිනවල මරණ අස් නොකීරීමට සම්බන්ධ නිශ්චිත ජ්‍යොතිෂ සිද්ධාන්තයක් පැරණි පොත්පත්වල දක්වා නැතත් කෘෂි ජ්‍යොතිෂයේදී වැඩි වශයෙන් යොදා ගැනෙන පුෂ්කර(පොකුරු) යෝග අඟහරුවාදා සිකුරාදා දිනවල වැඩිපුර යෙදීම මෙයට හේතුවක් ලෙස දැක්විය හැකිය.(අඟහරුවාදා සිකුරාදා නොවන දිනවලද පුෂ්කර යෝග යෙදේ) පුෂ්කර යෝගයේද ප්‍රභලතාව අනුව ද්වි හා ත්‍රි ආදී ලෙස ප්‍රභේද ඇත.පුෂ්කර යෝග බලවත්ව යෙදී ඇති දිනයක වගා කෙරෙන භෝගයක පොකුරු ඵලදාව වැඩි වන්නාසේ පුෂ්කර යෝගය යෙදෙන දිනයක මරණයක් අස්කල විට එම මලගිය ඥාතියාට ලේ ඤාතී අයකුගේ මරණයක්ද ඒ ආසන්නව සිදු වන බවට මතයක් ඇත.මේ කරුණ අනුව සලකමින් පුෂ්කර යෝග වැඩි වශයෙන් යෙදෙන අඟහරුවාදා සිකුරාදා දිනයන් මලගෙවල් අස්කිරීම අසුභ ලෙස සැලකුවා විය හැකිය.

9 comments:

Anonymous said...

මල සමයං කියන්නේ මේවට තමයි

යසිරු said...

පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

තරිදු - ඇසූ පිරූ තැන් said...

වැදගත් ලිපියක්...

රාජ් said...

බොහොම චූටි බලපෑමක් වෙන්නැති නේද?

Anonymous said...

අනේ මන්දා.... මම නම් නාන්නෙ මට වෙලාව තියෙන හැටියට. ඒකට අඟහරුවාදා සිකුරාදා බලන්නෙ නැහැ.

මම දන්න ආච්චි කෙනෙක් මැරුන දැනට වසර දහයකට විතර කලින්. එයාගෙ අංතිම කැමැත්තෙ තිබුනලු දින දෙකක් තුල අවසන් කටයුතු කල යුතුයි කියල. ඉතිං අංතිම කැමැත්තෙ හැටියට වැඩ කල නිසා අඟහරුවාදා මරණය අස්කරන්න උනා. එකෙන් මම දන්න තරමිං කිසිම විපතක් වෙලා නැහැ. ( ඒ පවුලෙ අය සමඟ ලඟ සබඳතා මට නැහැ)

මම මිගාර

Tiraj Adikari said...

මං නං අහල තියෙන්නේ මේක අඟහරුවාදා සිකුරාදා දෙදින නිදහසේ නා ගන්න හින්දුන් හෝ ජයිනයන් විසින්
කරනා ලද සිමා කිරීමක් බෞධයන් අන්දනුකරණයෙන් ගැනීමක් කියලයි. වතුර ටිකක් පිරිසිදුව නාගන්න මළමිනී , මිනි අළු ගංගාවලට මේ දින දෙකේදී නොදාන්න ඔවුන් දීපු උපදෙස පහු කලෙකදී රීතියක් බවට පත්වූ බව තමයි කියන්නේ...
මේක මගේ අදහසක් නොවෙයි - ඉගැන්නුවේ - පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමි :)

Soda ගුනේ said...

රට බයිලා....

jhothishalanka said...

බයිලා නම් රටින් තමයි ඇවිල්ල තියෙන්නේ...

Anonymous said...

samahara aya kiyanava jothishya vidhyathmaka na,vadakata nathi deval kiyala..habai un vidyava hariyata danneth na, jothishya hariyata danneth na, vela thiyenne me deval vidhyathmaka nathi kama nemei....eva nivaradi kiyala oppu karanna puluvan tharamata vidyava thama diunu nathi kama......vena ekak thiya bade thiyana unduka puchchayen karana karyaya vath thama hariyata hoya ganna vidyavata bahane......un kiyanava eka galavala ain kalata prashnayak nalu...eth vishvaye kisi thanaka asamathulitha padhdhathi mavenne na...vadakata nath nam eka nashta vela yanava misak upadina upadina hama minihagema pihitanne na...

Related Posts Plugin for WordPress, Blogger...