Sunday, August 19, 2012

ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමල් දරුවන් වීම විවාහයට අසුභද?


 විවාහපේක්‍ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී.
 කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු.
 * දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් මෙම තුන් කුළුදුල් විම දක්වා ඇත.
 * පියා,මව, හා දරුවා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම(වර්තමානයේ මුල්බැස ඇති තුන් කුළුදුල් ක්‍රමය මෙයයි.)


 මීට අමතරව තුන් කුළුදුල් වීම දක්වා ඇති වෙනත් ක්‍රමද පැරණි පොත්පත් වල දක්වා ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.

 මෙහිදී තුන් කුළුදුල් වීම අර්ථ දක්වා ඇත්තේ
   * ජ්‍යෙෂ්ඨයා හෙවත් පවුලේ වැඩිමලා වීම
   * ජ්‍යෙෂ්ඨ හෙවත් දෙට නැකතේ ඉපදීම
   * ජ්‍යෙෂ්ඨ හෙවත් පොසොන් මස ඉපදීම යන තත්ත්ව සලකා බලමිනි.ඒ අනුව
 
 * පවුලේ වැඩිමල් දරුවන් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විවාහ වීම
 * පවුලේ වැඩිමලා සමඟ දෙට නැකතේ අයෙක් විවාහ වීම
 * පවුලේ වැඩිමලා සමඟ පොසොන් මස උපන් අයෙක් විවාහ වීම
 * පොසොන් මස උපන් අයකු දට නැකතේ උපන් අයකු සමඟ විවාහ වීම
 *දෙට නැකතේ උපන් දෙදෙනෙකු පාසොන් මස තුල විවාහ වීම
 * පොසොන් මස උපන් දෙදෙනෙකු දෙට නැකත යෙදී ඇති දිනයක විවාහ වීම නුසුදුසු බව දක්වා ඇත.

 තුන් කුළුදුල් දරුවන්ගේ විවාහ කටයුතු මෙන්ම ආරක්‍ෂාව පිළිබදවත් පැරැන්නෝ වැඩි සැලකිල්ලක් දැක්වූයේ නිධන් ලබා ගැනීම පිණිස බිලි දීම පිල්ලි යැවීම පිණිස මළ සිරුර ලබා ගැනීම ආදී බිහිසුනු ක්‍රියාසදහා යොදා ගැනීමක් ඇති බවට මතයක් ඇති බැවිනි.
  පවුලේ වැඩිමල් දරුවන් අතර සිදු වී ඇති විවාහයන් වැඩි පිරිසක් සලකා බලමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සංඛ්‍යාන පරීක්‍ෂා මගින් ඔවුන්ගේ පළමු දරුවාට විශේෂ බලපෑමක් ඇති වන බවට සාක්‍ෂි ලැබී ඇත.(ශාරීරික හා මානසික පීඩා වැඩි දරුවන් බිහිවන බව)

8 comments:

Yapa said...

"ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සංඛ්‍යාන"වල links පුලුවන් නම් දානවද මොකද මේක ටිකක් විතර මටත් අදාල‍යි..

janaka said...

හරි!ඔබ යමක්හෙලිකලා;ස්තුති! මගේ ඥති සහෝදරයා පවුලේ පළමු වැන්නාය. ඹහු විවාහ වුයේ 'දෙට නැකතේ' කාන්තාවකී. පළමු දරැවා ආබාධිතය.​වෛද්‍ය සතය වුයේ දෙදෙනාගේ ලේවල හෝ වෙනයම් ගැටළුවක්ද හෝ නොමැතිබවය. තවත් දරුවෙකු ගැන සිතා සුසුම් හෙලයි; වරක් වු ඒ බියෙන්ය.

Anonymous said...

මගේ පියා පවුලේ වැඩිමලා වන අතර මව පොසොන් මාසයේ උපන් අයෙකි.

මා හට මෙයින් යම්කිසි දෙයක් සිදුවේද?
එසේනම් කුමක් කල යුතුද?

Anonymous said...

පවුල් ෙදකක වැඩිමලුන් අතර විවාහ නුසුදුසු විමට ම ෙනා්විද්‍යාත්මක ෙහ්තුවකුත් තිෙයනවා. පවුෙල් වැඩිමලාට බාලයන් බලා ගැනිෙම් වගකිම කුඩා කාල ෙය්ම පැවෙරනවා. ෙම්නිසා පවුෙල් නායකත්වය ෙලාකු අයියාට / ෙලාකු අක්කාට හිමිවන අතර ඒෙලස ක්‍රියා කරනවා. ඒකම නිවසක නායකයින් ෙදෙෙනකු සිටිම අනතුරුදායකයි. ගැටුම්වලට ෙහ්තුවක් විය හැකියි.

jhothishalanka said...

බී.වී රාමන් මහතාගේ "Planetary Influences on Human Affairs"ග්‍රන්ථයේ මේ ගැන සදහනක් ඇත.

Susantha said...

ලිපියට අදාල නොවුනත් ඇතැම් පොත් වල කුජ ග්‍රහයා කන්‍යාවට සම බවකුත් ඇතැම් පොත් වල සතුරු බවකුත් දක්වා තිබේ. මේ දෙකෙන් හරි එක කෝකද?

jhothishalanka said...

ඇත්ත, ඈපා හා ලංකා පඤචාංග ලිත් දෙකේ මෙන්ම විවිධ මූල ග්‍රන්ථ වලත් කුජ ග්‍රහයා කන්‍යා රාශිය තුල මිත්‍ර වීම හා සතුරු වීම විවිධ අයුරින් දක්වා ඇත.අප සලකන ආකාරයට කුජ කන්‍යාවට සම ලෙස සලකනවා.

Susantha said...

ස්තුතියි!. පලාපල කීමේදී යොදාගන්නා කාල පුරුෂ සිද්ධාන්තය පිලිබදව විස්තරාත්මක ලිපියක් ලියනවනම් වැදගත් කියල හිතෙනව

Related Posts Plugin for WordPress, Blogger...