Thursday, December 22, 2011

මහ දශා පද්ධති 2 ( මහ දශාවෙන් අතුරු දශාවට )


විංශෝත්තරී මහ දශා ක්‍රමය පිළිබද මූලික හැදින්වීමක් පෙර ලිපියෙන් සිදු කරන ලදී.එම ලිපියෙන් දැක්වූ ආකාරයට අවු 120 පරමායුෂ කාල සීමාව ග්‍රහයන් නව දෙනාට කාල සීමා නවයක් වෙන් කොට ඇත.පෙර ලිපියෙන් දැක්වූ එම ග්‍රහයන්ට වෙන් කල කාල සීමාවන් නැවත මතක් කල විට

    රවිට අවු 6යි
    සදුට අවු 10
    කුජ(අඟහරු)ට අවු 7යි.
    රාහුට අවු 18
    ගුරුට අවු 16
    ශනිට අවු 19
    බුධට අවු 17
    කේතුට අවු 7
    සිකුරුට අවු 20

  අවු 120 කාල සීමාව ග්‍රහයන් නව දෙනාට බෙදුනු අනුපාතයෙන්ම එක් එක් ග්‍රහයාගේ මහ දශා කාල සීමාවද නැවත අතුරු දශා කාලයන්ට බෙදී යයි.ආරම්භක අතුරු දශාව වන්නේ අදාළ මහ දශාධිපතියාමය.එම අතුරු දශාවන් ලැබීම ගෙවීමේ රටාවද මහ දශා ලැබීමේ ගෙවීමේ රටාවට සමානවේ.
   මෙම අතුරු දශාවන් පිළදබද තව දුරටත් අවබෝධ කර ගැනීමට පහත රූපයේ දැක්වෙන එක් එක් මහ දශාව තුළ අතුරු දශාවන් ලබන ගෙවෙන ආකාරය දැක්වෙන වගුවට අවධානය යොමු කරමු.
                                   
                                                        

 ඉහත රූපය අනුව රවි මහ දශාවේ සම්පූර්ණ කාලය අවු 6 කි. අවු 120 කාලයෙන් රවිට 6ක් වෙන්වෙන නිසා එහි අනුපාතය (6/120 වේ ) මෙම අනුපාතයටම රවිගේ මහ දශාවේ මුල් රවි අතුරු දශාවට වෙන්වූ කාලය රවිගේ මුළු කාලය වූ අවු 6 කාලය 6/120 අනුපාතයෙන් ගුණකල විට ලැබේ.ඒ අනුව
     රවිගේ රවි අතුරු දශා කලාය =අවු 6 x( 6/120 )
                                                  = අවු 0.3
                                                  = මාස 3 දින 18යි(වගුව බලන්න)
                                                 
     රවිගේ සදු අතුරු දශාව  = අවු 6 x (10/120)
                                               = අවු 0.5
                                               = මාස 6 (වගුව බලන්න)


   මේ ආකරයට රවි මහ දශාවේ අවසන් සිකුරු(කිවි) අතුරු දශාව 
                                             =අවු 6 x (20/120)
                                             = අවු 1යි
                                               (වගුව බලන්න)

 අතුරු දශා කාල සීමාවන්ද තව දුරටත් සියුම් බෙදීම් ඇති නමුත් මහ දශා අතුරු දශා ගැන පමනක් මෙම ලිපියෙන් දැක්වේ.
  ඔබගේ ජන්ම කේන්ද්‍රයේ ඇති මහ දශාව අනුව ඔබට මේ වන විට ගතවන්නේ කුමන මහ දශාවේ කුමන අතුරු දශාවද යන්න ඔබටම බලා ගන්නා ආකරය දක්වමි.

උදාහරණයක් ලෙස 1990 ජනවාරි 01 දින උදේ 10.05 ට කොළඹදී උපන් අයකුගේ උපන් මහ දශා ශේෂය ලෙස අඟහරු මහ දශාව ඉදිරියට වර්ෂ 0 යි මාස 8 යි දින 1ක් ලස ඇති විට මේ වන විට එම ජන්මියාට ඇති මහ දශාව හා අතුරු දශාව කුමක්දැයි ගනනය කරමු.

 අද(2011 දෙසැම්බර් 21) දිනට වයස =  2011.12.21
                                                            1990.01.01
                                                         --------------
                                                                21.11.20

 මෙම වයස 21 මාස 11 දින 21 පිරෙන තුරු (මීට වඩා වැඩි එකතුවක් ලැබෙන තුරු) එකතු වන මහ දශා කාල සීමා අනුපිළිවෙලින් කුජගෙන් පටන්ගෙන ඉන්පසු රාහු ගුරු ...ආදී පිළිවෙලින්..
       කුජ    00.08.01
       රාහු   18.00.00
       ගුරු   16.00.00
                ------------
                 34.08.01

 මේ අනුව ජන්මියාට වයස අවු 34 මාස 8 දින 1ක් පිරෙන තුරු ගුරු මහ දශාව ඇත.ඒ අනු මේ වන විට ගතවන්නේ ගුරු මහ දශාවයි.
  ගුරු මහ දශාව ගෙවෙන දිනය =  උපන් දිනය + අවු 34 මාස 8 දින 1
                                                =   1990.01.01 + 34.08.01
                                                =   2024.09.02

   අද දිනය වන විට ගුරු මහ දශාවෙන් ඉදිරියට ඇති ශේෂය
               = ගුරු මහදශාව ගෙවී යන වයස - අදට වයස
               = ගුරු මහ දශාව ගෙවී යන දිනය - අද දිනය
               = 34.08.01 - 21.11.20
               = අවු 12 මාස 8 දින 11
 
 දැනට ගතවන අතුරු දශාව බැලීමට ගුරු මහ දශාවෙන් ගතවී ඇති කාලය ලබා ගනිමු

 ගුරු මහ දශාවෙන් ගතවී ඇති කාලය = ගුරු මහ දශාවේ මුළු කාලය- ගුරු මහ දශාවෙන් ඉදිරියට ඇති කාලය
                              = අවු16 - අවු 12 මාස 8 දින 11
                              = අවු 03 මාස 3 දින 19

 ගුරු මහ දශාවෙන් මෙම අවු 03 මාස 3 දින 19 කාලයක් ගෙවී ඇති විට පවතින අතුරු දශාව බැලීමට ඉහත රූපයෙන් දැක්වූ "මහදශා අන්තරාදශා ලබන ක්‍රමය දක්වන චක්‍රය" උපයෝගී කරගනිමු.
  එම වගුවේ ගුරු මහ දශාවේ අන්තර් දශා ගණන් එකතු කිරීම කොටස යටතේ ගුරු මහ දශාවේ අවු 2 මාස 1 දින 18 සිට අව් 4 මාස 8 අතර කාලය ගතවන විට ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව ගතවේ.ඒ අනුව ජන්මියා ගුරු මහ දශාවෙන් අවු 3 මාස 3 දින 19 ක් මේ වන විට ගතකර ඇති නිසා ජන්මියාට මේ වන විට ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව ගත වෙමින් ඇත.
 දැනට ඇති ශනි අතුරු දශාවෙන් ඉදිරියට ඇති කාලය = දැනට ඇති ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව දක්වා ඇති කාලය - දැනට ඇති ගුරු මහ දශාවෙන්  ගතවී ඇති කාලය.
                              = 04.08.00 - 03.03.19
                              = අවු 1 මාස 4 දින 11

 ඒ අනුව ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව ගෙවී යන දිනය
                                               = 2011.12.21 + 01.04.11
                                               = 2013.05.02

 
                      
 



 
 
 

2 comments:

Susantha said...

මහත්මයා මම "පියුමාකර" ඔබට මතකද? මමත් ඒ පිලිබදව මා දන්නා තැන් වල ඇති පරණ පොත් පත් එකතු කරමින් සොයා බැලුවා එහිදී දොන් පිලිප් ද සිලවා ඈපා අප්පුහාමි මහතා විසින් ලියන ලද "ජාතක රත්නය" (ක්‍රි.ව.1925)නම් පොතෙහි මෙම යෝගය යැයි සිතෙන "පියුමකාර යෝගය" නම් වු යෝගයක් ගැන කවියකින් සදහන් වෙනවා

තව්ලිය පිගුරජ යෙදුන තැ නේයා
සිව්සැට සිල්පය නිපුණ දැ නේයා
මව්පිය සම්පත් රජසිරි නේයා
පියුමකාර යෝගය නම් නේයා

යනුවෙනි.නමුත් මේ කවියෙන් කියන ග්‍රහ පිහිටීම තිබේදැයි මා සොයා ගන්නේ කෙසේද?
ඉහත කී පොතෙහි යෝග සිය ගණනක් පිලිබද මේ ආකාරයට සදහන්ව ඇත ඔබතුමාට එම පොත අවශ්යනම් මට ස්කෑන් කර එවිය හැක.
ස්තුතියි.

jhothishalanka said...

@Susantha
මගේ ඊලිපිනයට එම විස්තර එවන්න.ඔබට විශේෂ ස්තූතිය.
jhothishalanka@gmail.com

Related Posts Plugin for WordPress, Blogger...