Saturday, December 17, 2011

වෙශි,වොශි හා උභයචාරී යෝග (රවිගෙන් දෙපස ග්‍රහ පිහිටීම)

 යෝග ගැන දැක්වුනු පසුගිය ලිපියෙන් සදුගෙන් දෙපස රාශී වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුනඵා,අනඵා,ධුරාධුර හා කේමද්‍රැම යෝග පිළිබදව දක්වන ලදී.මීට අනුරූප අයුරින් රවිගෙන් දෙපස රාශීවල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන "වෙශි,වොශි හා උභයචාරී යෝග පිළිබදව මෙම ලිපියෙන් දැන ගනිමු.



 වෙශි යෝගය
    යෙදෙන ආකාරය
              සදු ,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු(හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙවැන්නේ වීම


    විපාක
       වෙශි යෝගය සුභඵල දෙන යෝගයක් ලෙස සදහන්ව ඇතත් නියම සුභඵල දීමට රවිගෙන් දෙකේ සිටින ග්‍රහයා සුභ ග්‍රහයකු වී බලවත්ව සිටිය යුතුය.සුභ ග්‍රහයකු වීම හොදයි.යහපත් ගති පැවතුම්ය.වාසනාවන්තය.ගුණවත්ය ප්‍රසිද්ධය,අභිමානවත්ය.පාපී ග්‍රහයකු (ශනි,කුජ) වන විට දුෂ්ඨ ගතිවේ.පාප මිත්‍ර සේවණයට යොමුවේ.


 රවිගෙන් දෙවැනනේ සුභ ග්‍රහයකු යෙදී සුභඵල වෙශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්
    * හිටපු ඇමෙරිකා ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1809.02.12 කුම්භ ලග්නය) රවිගෙන් දෙවැන්නේ ගුරු සිකුරු ග්‍රහයන් දෙදෙනාම පිහිටා ඇත.
    * හිටපු ඉන්දීය අගමැතිවරයකු වූ ජවහර්ලාල් නේරු.රවිගෙන් දෙකේ ගුරු පිහිටීම
    * ෆ්ලෝරන්ස් නයිටින්ගේල්(රවිගෙන් දෙකේ සිකුරු)
    * රෝහණ විජේවීර (1943.7.14 වෘශ්චික ලග්නය)රවිගෙන් දෙකේ ගුරු


 රවිගෙන් දෙකේ පාපී ග්‍රහයන් ඉදිමින් බලයෙන් අඩු වෙශි යෝගය පිහිටි ප්‍රසිද්ධා පුද්ගලයන් කිහිප දෙනෙක්.
    * චාල්ස් කුමරු (රවිගෙන් දෙකේ කුජ)
    * එහ්.ආර් ජෝතිපාල (1936.2.12 කන්‍යා ලග්නය රවිගෙන් දෙකේ ශනි,කුජ ග්‍රහයන් දෙදෙනාම සිටී.
    * ගීතා කුමරසිංහ (1955.07.05 කටක ලග්නය) රවිගෙන් දෙදෙක් කුජ නීචව ඇත.උච්ච ගුරුද රවිගෙන් දෙකේ නිසා අසුභ හා සුභ වෙෂි යෝග දෙකම පිහිටා ඇත.


  වොශි යෝගය
      යෙදෙන ආකාරය
              සදු රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු රවිගෙන් දොලොස්වැන්නේ යෙදීමයි.
     
      විපාක
            වෙශි යෝගය මෙන්ම වොෂි යෝගයද වඩාත් සුභඵල දෙන්නේ රවිගෙන් දොලහේ පිහිටි ග්‍රහයා සුභ ග්‍රහයකු වනවිටය.සුභ ග්‍රහයකුගෙන් යෙදී ඇති විට නිදහස් මතධාරී ප්‍රීතිමත් අයෙකි.පාලකයන්ට ප්‍රියවේ.කුජ ශනි වැනි පාපී ග්‍රහයකුගෙන් යෙදී ඇති විටඑතරම් සුභ නැත.පටු අදහස්ය.චිත්ත සන්තුෂ්ටියට බාධා තමන් විසින්ම ඇති කර ගනී.

  සුභ ග්‍රහයකු රවිගෙන් දොලොස් වැන්නේ යෙදී සුභ වොශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්
    * ඇල්බට් අයින්ස්ටයින් (1879.3.14 මිථුන ලග්නය) රවිගෙන් 12 ගුරු
    * බ්‍රිට්නි ස්පියර්ස් (1981.12.21 ධනු ලග්නය) රවිගෙන් 12 ගුරු
    *දෙවන එළිසබෙත් රැජින(1926.4.21 වෘෂභ ලග්නය) රවිගෙන් 12 බුධ
    * ඩයනා කුමරිය (1961.7.1 කටක ලග්නය)රවිගෙන් 12 සිකුරු
    * විලියම් කුමරු (1982.6.21 කටක ලග්නය) රවිගෙන් 12 වැන්නේ බුධ සිකුරු
  
  රවිගෙන් 12 වැන්නේ පාපියකු යෙදී බල අඩු වොශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක්
     * එඩී ජයමාන්න(1915.2.15 තුලා ලග්නය )රවිගෙන් 12 කුජ
     * පකිස්ථානයේ හිටපු අගමැති සුල්ෆිකාර් අලිභූට්ටෝ (මිථුන  ලග්නය) රවිගෙන් 12 කුජ ශනි
     * මාඕ සේතුං (1893.12.26 මකර ලග්නය) රවිගෙන් 12 වැන්නේ කුජ
  උභයචාරී යෝගය
        යෙදෙන ආකරය
                සදු රාහු කේතු හැර වෙනත් ග්‍රහයන් දෙදෙනෙකු (හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙපස රාශිවල තැන්පත් වීමයි.දෙපස සිටින ග්‍රහයන්ගේ ස්වභාවය අනුව උභයචාරී යෝගය තුන් ආකරයකට බෙදේ
       1) සුභ උභයචාරී යෝගය - රවිගෙන්  දෙපස සුභ ග්‍රහයන් පමනක් සිටීම
       2) මිශ්‍ර උභයචාරී යෝගය - රවිගෙන් දෙපස සුභ හා පාපී ග්‍රහයන් සිටීම
       3) අසුභ උභයචාරී යෝගය - රවිගෙන් දෙපස ශනි කුජ වැනි පාප ග්‍රහයන් පමනක් සිටීම.

    විපාක
        1) සුභ උභයචාරී යෝගය 

             මනා අංගෝපාංගයන් සහිතවේ.සෑම දෙනාම ප්‍රිය කරයි. ධනය හා ප්‍රසිද්ධිය ඇත්තෙක්වේ.අන්‍යයන් ප්‍රය කරයි.
        2) මිශ්‍ර උභයචාරී යෝගය
                 දියුණුව කලින් කලට වෙනස්වේ.ධනය ඇතත් යම්යම් කාලවලදී ධන හීනතා ඇතිවේ.එක් කාලයකදී ලාභ ප්‍රශංසා මෙන්ම තවත් කාලයකදී නින්දා පාඩු විදීමට සිදුවේ.
        3) අසුභ උභයචාරී යෝගය
                  නපුරුය.දුර්ගුණ ඇත.රෝගපීඩා ආදියෙන් කලින් කලට පීඩා ඇතිවේ.
     
උදාහරණ
       1) සුභ උභයචාරී යෝගය
                * ජවහර්ලාල් නේරු(රවිගෙන් 12 සිකුරු බුධ හා රවිගෙන් දෙකේ ගුරු)
                * ෆ්ලෝරන්ස් නයිටින්ගේල් (කන්‍යා ලග්නය රවිගෙන් 12 බුධ හා රවිගෙන් 2 සිකුරු.සදුද රවි සමඟ නිසා ධුරාධුර යෝගයද ඇත.

       2) මිශ්‍ර උභයචාරී යෝගය
                * චාල්ස් කුමරු(රවිගෙන් 12 සිකුරු හා රවිගෙන් දෙකේ කුජ)
                 * සදාම් හුසේන් (1937.4.28 වෘෂභ ලග්නය (රවිගෙන් දෙකේ බුධ හා රවිගෙන් 12 ශනි)
                * ජේ ආර් ජයවර්ධන (1906.9.17 කන්‍යා ලග්නය රවිගෙන් 2 සිකුරු හා රවිගෙන් 12 කුජ හා බුධ)

       3) අසුභ උභයචාරී යෝගය

               
   

   

24 comments:

vass_sam said...

ලග්නය:- මීන
නවාංශකය :-සිංහ

මා නැකතේ දෙවන පාදය
කේතු මහ දශාව උපතේ සිට වර්‍ෂ 04 මාස 06 දින 17 ක් ශේෂ වී ඇත.

ග්‍රහ පිහිටීම්

1. රවි
2. සිකුරු
3. -
4. -
5. -
6.කුජ,රාහු,සඳු,ගුරු,ශනි
7. -
8. -
9. -
10. -
11. -
12.කේතු,බුධ

මෙහි ඇත්තේ මිශ්‍ර උභයචාරී යෝගයක් ද?
රවි ගෙන් දෙපස සිකුරු හා බුද පිහිටීම සුලභ දෙයක් නේද?

jhothishalanka said...

@vass_sam
මෙතන තියෙන්නේ සුභ උභයචාරී යෝගය .(සුනඵා,අනඵා,ධුරාධුර,කේමද්‍රැම,වෙශි,වොශි,උභයචාරී යෝග වලදී රාහු කේතු සලකන්නේ නැත.
රවිගෙන් දෙපස සිකුරු හා බුධ පිහිටීම තරමක් දුරට සුලභය.

vass_sam said...

බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට

බුද කේතු සංයෝගය ගැන ඔබගේ අදහස කුමක්ද?

jhothishalanka said...

@vass_sam බුධ කේතු සංයෝගය සුභ යෝගයකි.බුධ හා කේතු දෙදෙනාම අධ්‍යාපනයට දැනුමට රැකුල්දේ.මේ දෙදෙනා එක්වීමෙන් දෙදෙනාගේ ඵලදීම වැඩිවේ.දොදෙලාස්වැන්නේ නැතිව වෙනත් ස්ථානයක වූවානම් වඩාත් හොදයි.බුධ කේතු සංයෝගය ඇති අය කියවීමට ඉගෙනීමට රැසියෝය.පොත් ගුල්ලන්ය.කොහේ හරි පොතක් ලේඛනයක් දැක්කොත් සියල්ල අමතක කොට එය කියවා බැලීමට උත්සාහ කරයි.ලේඛන හැකියාවද ඉතා හොදින් පිහිටයි.12 සිටීම නිසා ධනය රැස් කිරීමට වඩා දැනුම රැස් කිරීමට කැමතිය.

කුරුලු පොඩිත්තා said...

රවිගෙන් දෙපස සදු රාහු පිහිටීම නොසලකන්නේ. එය අසුභ පිහීටීමක්ද?. ඒ සදහා වෙනත් යෝගයන් තිබෙදා

vass_sam said...

මේ දවස් වල නං බ්ලෝග් කියවලා තමා දැනුම ලබා ගන්නේ :D

Ishan said...

අයියෙ ඔයාගෙන් ඇසීමට වැදගත් ප්‍රශ්ණයක් ඇත,මගේ හඳහන තුල රාජ යොග නමින් යෝග 5 කුත්,මහා යෝගද කියා යෝග 5,විපරිත රාජ යෝග හා යෝග කාරක කියාද යෝගයක් ඇත,මිට අමතරව මාලවිය,අධි යෝග,මිරිදංග,සංඛ හා කල්පද්දුරුම පරිජාට කියාද මීට අමතරව ඔබ සඳහන් කල වෙසී යෝගය ඇතුලු මම මෙහිදී සඳහන් නොකල යෝග කීපයක්ද ඇත.මගේ ප්‍රශ්ණය වන්නේ මෙපමන යෝග ප්‍රමාණයක් එක් පුද්ගලයෙක්ට පිහිටිය හැකිද? මේ යෝග මොනවාද?

මේක කියවල හිනාවෙන්නනම් එපා ඇත්තටම නොදන්න කමටයි ඇහැව්වෙ.එදා අහපු ප්‍රශ්ණෙට උත්තර ඩුන්නට ස්තූතියි

jhothishalanka said...

@Ishan
ඇතැම් පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංග වල දත්ත කැවීමේ දෝෂ අඩුපාඩු නිසා නියම ලෙස(සම්පූර්ණව) යෝගය නොපිහිටි අවස්ථා වලදීද යෝගය සනිටුහන්වේ.රාජ යෝග ආදීයේ බල දුබලතා හා යෝගය ඉස්මතු වීම නොවීම ඇති කරවන වෙනත් තත්ත්වද හොදින් විමසා බැලිය යුතුයි.සත්‍ය ලෙසම මෙය කල හැක්කේ මිනිස් මොලයකට පමණි.යෝග විශාල ප්‍රමාණයක් මෘදුකාංගයෙන් ලැබුනද ඒවායේ ඉහත සදහන් කල තත්ත්වද විමසා බැලිය යුතුයි.

Ishan said...

ස්තූතියි අයියෙ පිළිතුරට,මාත් පුදුම උනා ඒකට.මමත් හිතන්නෙ ඔයා කියපු දේ තමා වෙල තියෙන්නෙ.අයියෙ අධි යෝග කියන්නේ මොනවාද?

jhothishalanka said...

@Ishan
පල්ලෙහා ලිපිය බලන්න.

http://lankajhothisha.blogspot.com/2011/12/blog-post.html

Kalu Pusa said...

මේකේ comment නොකෙරුවට මේක මම හැමදාම බලන බ්ලොග් එකක්.
මට පොඩි ප්‍රශ්නයක් තියනවා මචන් හඳහන කියන එකෙන් උපදින යම ජිවියෙකුගේ අනාගතය කියන්න පුළුවන් කියන්නේ මේ ලෝකේ හැමදේම සිදුවන්නේ ගණිතමය ක්‍රමයකටද ?

(පෞද්ගලිකව මම හදහන විශ්වාස කරනවා , මොකද හඳහනේ කියල තියන දේවල් ඇත්තටම මට වෙලා තියනවා )

Kalu Pusa said...

අයියේ මේක publish කරන්න බැහැ වගේනම් publish නොකෙරුවත් කමක් නැහැ. මට දැනගන්න ඕනේ වශී ගුරුකම් පිලිබඳ කෙල්ලෙක්ව වශී කරගන්න මන්තර එහෙම තියනවා නේද ?

මම කියන්නේ අර රොඩී කුලයේ එවාවත් , එහෙම නැත්නම් ඒක ඒක ඒවා කන්න බොන්න දීලා භූතයෝ බන්ධනය කරන ඒවා ගැන නෙමෙයි
.
මුණ බලාගෙන මතුරන හෝ නම සිහි කර යම් වාර ගණනක් මතුරන්න යනුවෙන් තියන මන්ත්‍ර , තාවකාලික ලෙස වශී උනත් ප්‍රශ්නයක් නැහැ. ඒවා ඇත්තද ? ඒවායින් යම් ප්‍රතිපලයක් ලැබෙනවද ?
මේක publish කරන්න බැරි නම් මගේ email ඒකට හරි reply එකක් එවන්න.

Lahiru Perera said...

මේ ඉහත සඳහන් යෝග ජීවිතේ පුරාවටම ප්‍රතිපල දෙනවද. එහෙම නැතිනම් හරියටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද. ඇත්තටම දැනගන්නයි අහන්නේ, අයියව අපහසුතාවට පත්කරන්න නෙවෙයි.

jhothishalanka said...

@Kalu Pusa ඔබගේ ප්‍රශ්ණයට මා දන්නා අයුරින් පිළිතුරු දෙන්නම්
* මේ ලෝකේ සිදුවන සෑම දෙයම ගණිත ක්‍රම අනුව සිදුනොවේ.
* වශී බන්ධන ක්‍රම ආදීයෙහි සත්‍යතාවක් ඇත.නමුත් එවැනි ක්‍රම මගින් ලැබෙන ප්‍රතිඵල තාවකාලික වන අවස්ථාද ඇත.කෙසේ වුවත් ඒවා අකුසල් වැඩමයි.කවුරුන් කෙසේ කීවත් එහි මානුෂික අසරණ කමක් නැත.කවදාහෝ එවැනි ක්‍රියාවකට එකට තුන අනුපාතයෙන් අයහපත් ප්‍රතිඵල ලැබේ.

@Lahiru Perera
ජ්‍යොතිෂයේ දැක්වෙන යෝග ඵල දීම විවිධාකාර අයුරින් ඇත.සමහර යෝග ඵල දීමට එම යෝගය ඇති වීමට දායක වූ ග්‍රහයන්ගේ බලපෑම වැඩි අවස්ථාවන් වලදී සිදුවේ
උදා -
* විපරිත රාජ යෝගයක් ඵල ඉස්මතු වීම එම විපරිත රාජ යෝග කාරක ග්‍රහයන්ගේ මහ දශා අතුරු දශා කාල වලදී ක්‍ෂණිකව ඉස්මතු වන අවස්ථා වැඩිය

එමෙන්ම සමහර යෝග ඵල නිරන්තරයෙන් ඵලදීම සිදුවේ.උදාහරයකට කෙනෙකුග් කේන්ද්‍රයේ සරස්වතී යෝගයක් පිහිටන විට එහි බලයෙන් ඉගෙනීමේ හැකියාව මුළු ජීවිත කාලයේම ඉස්මතුවේ.

Kalu Pusa said...

@JHOTHISHALANKA

අම්මෝ මාව බයකරනවනේ

එතකොට ගණිතමය ක්‍රියාවලියකට මේ ලෝකේ සිදු වෙන්නේ නැති දේවල් මොනවාද ?

Ishan said...

හි අනුව 1.හිරු සිකුරු ගුරු බුධ
2.අගහරු
3.
4.කේතු
5.
6. සදු
7.
8.සෙනසුරු
9.
10.රාහු
11.
12.
මෙහි අධි යෝගයක් තියෙනවද නැත්නම් මම තේරුම් අරගෙන තියෙනව වැරදිද මෙහි අසුභ වෙශී යෝගයත් තියෙනව නෙද

Lahiru Perera said...

මා ඇසුවේ " මේ ඉහහ සඳහන් යෝග" ගැනයි. කරුණාකර ඍජු පිළිතුරක් ලබා දෙන්න.

jhothishalanka said...

Kalu Pusa
ගණීත ක්‍රියාවකින් තොරව සිදුවන ක්‍රියාත් තිබෙනවා.ජීවීන්නේ ඉපදීම මියයාම් ආදියට ගණිතය සම්බන්ධ වුවත් ප්‍රජනනයට ගණිතය සම්බන්ධ වන්නේ නැත.
@Ishan
අපොයි වැටහී නැත.ලග්න අධි යෝගය පිහිටන්නේ ලග්නයේ සිට 6,7,8 රාශීවල බුධ,ගුරුසිකුරු ග්‍රහයන්(ඕනෑම පිළිවළකට ග්‍රහයන් තිදෙනා එක් රාශියක එක ග්‍රහයා බැගින් ස්ථාන තුනේ පිහිටිය යුතුය.) චන්ද්‍ර අධි යෝගය යනු මේ ආකාරයට සදු සිටින රාශියේ සිට 6,7,8 ස්ථානවල බුධ,ගුරු සිකුරු ග්‍රහයන් තිදෙනා සිටීමයි.ඔබ දැක්වූ විස්තරයේ එළෙස නැත.(ලග්නයේ ගුරු,බුධසිකුරු එකට සිටීම බලවත් යෝගයකි නමුත් එය අධි යෝගය නොවේ.)

jhothishalanka said...

@Lahiru Perera
මෙහි ඉහත සදහන් වන වෙශි වොශි හා උභයචාරී යෝගවල ඵල ඉස්මතු වීමද මා දැක්වූ විස්තරයට අනුකුලවේ.

Susantha said...

මහත්මයා පියුමාකර යෝගය යෙදෙන්නේ කෙසේද? එම යෝගයේ විපාක මොනාද කියල කරුණාකරල පැහැදිලි කරල දෙන්ඩ පුලුවන්ද?

jhothishalanka said...

@Susantha
"පියුමාකර" යෝගය පිළිබදව පියසේන රතුවිතාන මහතා ලියූ "ජ්‍යොතිෂ ප්‍රවේශය" ග්‍රන්ථයේ සදහන්වන බවට මතකයේ ඇත.(එම පොත දැන් මා සතුව නැත.)මෙම යෝගයේ භාෂා පැටලැවිල්ලක් ඇති බවට සැකයක් ඇත.සංස්කෘත හා හින්දි වැනි ඉන්දියානු භාෂාවලින් මෙම යෝගය හැදින්වෙන නාමය සිංහල භාවිතයේදී වෙනස් වී ඇත්දැයි සැක සහිතයි.අන්තර්ජාලය තුලින් මෙම "පියුමාකර" ,"piyumakara" නාමයට සෙවුමක් හමු නොවේ.හැකි ඉක්මනින් මෙයට පිළිතුරු සෙවීමට උනන්දු වෙමි.මන්ද එය මාගේ දැනුමටද පිටුවහලක් වන බැවිනි.

Susantha said...

පලමුකොටම මාගේ ප්‍රශ්නය පිලිබද අවධානය යොමුකල ඔබතුමාට මාගේ ස්තුතිය පුද කරමි! ඔව් ඔබ හරි මමත් මේ සදහා google search 1ක් දී උත්සාහයක් ගත්තා නමුත් හරි ගියේ නෑ. මේ ප්‍රශ්නය අහන්ඩ හේතු උනේ මගේ හදහන පරීක්ෂාකරන ලද අප ප්‍රදේශයේ සිටි වයෝව්ර්‍ද ජොතීර්වේදියෙකු මෙම යෝගය මගේ හදහනේ ඇතැයි පැවසුවා.
එහි සදහන්ව තිබුනේ "මෙම කේන්ද්‍රයේ සිකුරු ස්වක්ශේත්‍ර බලයෙන් පිහිටන පියුමාකර යෝගය ලෞකික සැප ලබාදෙන එකක්" යනුවෙන් පමණකි .මා හට මේ පිලිබදව උනන්දුව ඇත්වූයේ මීට කලින් මගේ කේන්ද්‍රය කිහිප තැනකින් පරීක්ශාකල නමුදු ඉන් කියවුනේ සුබ ඵල ඉතා ටිකකුත් ඇති දුර්වල ආර්ථිකයක් සහිත කේන්ද්‍රයක් බවයි.

මාගේ උපන් වෙලාව 1985.11.25 රාත්‍රී 7.25 ට ස්ථානය: මාවනැල්ල (කෑගල්ල දිස්ත්‍රික්කය )
කේන්ද්‍ර සටහන - http://i1124.photobucket.com/albums/l566/susantha_85/FireShotScreenCapture010-SriLankanHoroscope-onFacebook-apps_facebook_com_slhoroscope__refbookmarkscount0fb_sourcebookmarks_appsfb_bmpos1_0.jpg
මෙයට ,
Susantha

*ප.ලි. -ඔබගේ ප්‍රතිචාරය බලා ඉහත කී ජෝතීර්වේදියා ගැන අද මම මගේ පියගෙන් විමසූ විට එතුමා දැනට මාස කීපයකට පෙර මිය පරලොව ගොස් ඇති බව දැනගන්නට ලැබුනා එසේ නොවුණිනම් මෙය එතුමාගෙන්ම අසා දැනගන්නට තිබුනා.

චතුර විජේකෝන් said...

ඔයි කියන ඒවයින් එකක් දෙකක් මටත් තියේද කොහෙද? හොඳ ලිපියක්.. ස්තුතියි..

Unknown said...

එකම භාවයේ උනත් රවි‍ගෙන් දෙපස ග්රහයන් පිහිටීමෙන් ඉහත යෝග පිහිටිය හැකිද???

Related Posts Plugin for WordPress, Blogger...