Saturday, December 10, 2011

සුනඵා,අනඵා,ධුරාධුර,කේමද්‍රැම යෝග (සදුගෙන් දෙපස රාශිවල ග්‍රහ පිහිටීම)

 සදුගෙන් දෙපස රාශීන් වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග කිහිපයක් මෙම ලිපියෙන් දැක්වේ.යෝග ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මතක තබා ගැනීම හා වටහා ගැනීම පහසු වීම පිණිස මෙම යෝග එක් ලිපියකින් දැක්වීමට අදහස් කර ඇත.


1) සුනඵා යෝගය
       යෙදන ආකාරය
                  රවි,රාහු,කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ පිහිටීමයි.
         පොදු විපාක
                බුද්ධිමත් ධනවත් අයකුය.තම මතය මූලික කොට කටයුතු කරයි.තමා විසින් උපයා ගත් දේපළය.පාලකයෙකු වැනි තත්ත්වයට පත්වේ.
    
          සදුගෙන් දෙවැන්න් යෙදන ග්‍රහයා අනුව ප්‍රතිඵල විවිධාකාරවේ.
         * සදුගෙන් දෙකේ කුජ නම් බලවත් එඩිතර අයෙකි.නපුරුය.කිපෙන සුළුය.බිය නොහදුනයි.ධනවත්ය.
          උදා - ගාමිණී ෆොන්සේකා(1936.03.21 ධනු ලග්නය)
                  මාග්‍රට් තැචර් (1925.10.13 තුලා ලග්නය
                  ජෝසප් ස්ටාලින් (1879 දෙසැම්බර් 21  තුලා ලග්නය)

         * සදුගෙන් දෙවැන්නේ බුධ නම් කළාකාමී,ධර්මධර නීතිධර අනුන් කථාවෙන් අවනත කරන බුද්ධිමතෙකි.
          උදා-  ගුණදාස කපුගේ
                  ඒබ්‍රහන් ලින්කන්(1809 පෙබරවාරි 12 කුම්භ ලග්නය)
                  කාල් මාක්ස් (1818 මැයි 5 කුම්භ ලග්නය)
                  වල්පොල රාහුල හදමි. (1907 මැයි 9 ධනු ලග්නය)
                  මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් (1861.05.07 මීන ලග්නය)
  
        * සදුගෙන් දෙවැන්නේ ගුරුනම් සෑම අංශයකින්ම දැනුම ඇත්තෙකි.සමෘද්ධිමත්ය.ප්‍රධ්නියෙකි.කීර්තිධරයෙකි.
           උදා - සචින් තන්දුල්කාර්(1973.4.24 වෘෂභ ලග්නය) 
                    ලෙස්ටර් ජේම්ස් පීරිස්(1919.4.5  මේෂ ලග්නය )
                   ගාමිණී දිසානායක (1942 මාර්තු 20 තුලා ලග්නය)
                   ටී.බී ඉලංගරත්න (1913.02.27  මීන ලග්නය)
                   ඒ.ඊ. ගුණසිංහ (1891 මැයි 01  මිථුන ලග්නය)
                 
         * සදුගෙන් දෙවැන්නේ සිකුරු(ශුක්‍ර) සිටි විට වික්‍රමාන්විත ශූර වීර අයෙකි.ඉඩකඩම් හිමි ධනවතෙකි.
             උදා - ලාල් බහදූර් ශාස්ත්‍රී (1904.10.09 වෘෂභ ලග්නය)
                     මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් (1861.05.07 මීන ලග්නය)
                     ජීවන් කුමාරතුංග ( 1958.11.07 මිථුන ලග්නය)



         * සදුගෙන් දෙකේ ශනි සිටින විට සැමගෙන් ගරු බුහුමන් සැලකිලි ලබන්නෙකි.ධනවත්ය.බුද්ධාිමත්ය.
            උදා - වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා (1876.07.09 මිථුන ලග්නය)
                    ෂාරුක් ඛාන් (1965.11.02 වෘශ්චික ලග්නය)
                    ඩී.බී.ජයතිලක (1868.02.03 කන්‍යා ලග්නය)
                    ශ්‍රී ජවහර්ලාල් නේරු (1889.11.14  කටක ලග්නය)
                    විශාරද නන්දා මාලනී (  මීන ලග්නය )

  2) අනඵා යෝගය
         යෙදන ආකාරය
                     රවි,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දොලොස්වැන්නේ පිහිටීමයි.
         පොදු විපාක
                     මනා පෙනුම ඇත.කීර්තිමත්ය.ආචාරසම්පන්න ත්‍යාගශීලී ආත්ම ගරුත්වය ඇති අයෙකි.ඇදුම් පැලදඑම් විලාසිතා මෙන්ම ඉදුරන් පිනවීමේ කැමැත්ත සහිතය.නිරුත්සාහයෙන් හම්භ වන ධනය සහිතය.

  සදුගෙන් දෙදෙලාස්වැන්නේ වූ ග්‍රහයා අනුව මෙහිද විපාක විවිධාකාරවේ.

  * සදුගෙන් දොලහේ කුජ නම් අහංකාර රණකාමී අයෙකි.නිර්භීතය,කෝප ගනී.කැරලි නායකයෙකු වන්නට ඉඩ තිබේ.
        උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                 එඩී ජයමාන්න (1915.2.15 තුලා ලග්නය)
                 සනත් ජයසූරිය(1969.6.30 කුම්භ ලග්නය

  * සදුගෙන් දෙලහේ බුධ  නම් කලා,සාහිත්‍ය හැකියාවන් ඇත.කතාවෙහි දක්‍ෂවේ.උගත්ය.ප්‍රසිද්ධය, රාජ ගෞරව ලබයි.
         උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)

  * සදුගෙන් දෙලොස් වැන්නේ ගුරු නම් රාජ්‍ය ගෞරව ලබන බුද්ධිමත්ව උනන්දුවෙන් කටයුතු කරනඅවංක බව නිසා අනුන්ගෙන් ගෞරව ලබන ධනවත් අයෙකි.
          උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ(1913.6.21 කන්‍යා ලග්නය)
                  ඩයනා කුමරිය (1961.7.1 වෘශ්චික ලග්නය)
                  මා ඕ සේ තුං (1893.12.26 මකර ලග්නය)

  * සදුගෙන් දොලහේ සිකුරු නම් තරුණ ලදුන්ගේ සිත් ගන්නෙකි.පභු සම්පත් හිමියෙකි.
          උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                   ඉන්දිරා ගාන්ධි(1917.11.19 කටක ලග්නය)
                  

   * සදුගෙන් දොලොස් වැන්නේ ශනි නම් පිනට ලැදි නායකයෙකි.වචනයට බොහෝ දෙනා ප්‍රිය කරයි.අයහපත් ස්ත්‍රියකට සම්බන්ධ විය හැකි බව කියයි.
      උදා - සූර සරදියෙල් (1835.11.21 මේෂ ලග්නය)
              කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
              බෙනාසීර් බූතෝ (1953.6.21 ධනු ලග්නය)
              ඩයනා කුමරිය (1961.7.1 වෘශ්චික ලග්නය)
             


  (ඉහත අනඵා යෝගයේ සදුගෙන් 12 වැන්නේ ග්‍රහ පිහිටීම් සියල්ලටම උදාහරණයක් ලෙස කමල් අද්දරආරච්චි දක්වා ඇත්තේ ඔහුගේ කේන්ද්‍රයේ සදුගෙන් 12 වැන්නේ ඉහත ග්‍රහයන් පස්දෙනාම සිටින බැවිනි.)

 3) ධුරාධුර යෝගය
     යෙදන ආකාරය 
             සදුගෙන් දෙපස රාශිවල රවි,රාහු කේතු හැර අන්‍ය ග්‍රහයන් සිටීම
     පොදු විපාක
         ජීවිතයේ සතුටට හේතුවන දෑ ඒ ඒ අවස්ථාවන්හිදී මැනවින් අත්විදියි.(නිසිකලට විවාහය,රැකියාව ධනය දියුණුව සැලසීම) සමෘද්ධිමත්ය,ධනය,යාන වාහන ගේදොර ඉඩකඩම් හිමිවේ.විශ්වාසදායි දැසි දසුන් ලබයි.)

   උදා මහා කවි විලියම් ෂේක්ස්පියර්(1564 අප්‍රේල් 23 ධනු ලග්නය)
         එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක(1899 ජනවාරි 8 කුම්භ ලග්නය)
         ෂාරුක් ඛාන් (1965.11.2 වෘශ්චික ලග්නය )
         ලෙස්ටර් ජේම්ස් පීරිස්(1919.4.5 මේෂ ලග්නය )

 4) කේමද්‍රැම යෝගය
      යෙදෙන ආකාරය
              සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතුද ඇතුළුව)

     පොදු විපාක
            දිළිදුවේ.දුක්ඛිත දිවියකි.කලත්‍ර,පුත්‍ර මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.
     විශේෂ සටහන
            * චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත රාශියක වැඩි ග්‍රහයන් සිටීම, ලග්නයෙන් කේන්ද්‍රස්ථානයක(4 වැන්න විශේෂයි.) වැඩි ග්‍රහයන් ප්‍රමාණයක් පිහිටීම කේමද්‍රැම යෝගයේ විෂ අඩුකර එහි අසුභ ඵල ඉස්මතු වීම යටපත් කරයි.

26 comments:

Anonymous said...

ඒ කියන්නේ චන්ද්‍රයාගෙන් අල්ලපු කොටුවෙ රාහු හිටියොත් කේමදෘමයක් හිටින්නේ නෑ නේද?

Jhothishalanka said...

@Anonymous
ඔව්

Anonymous said...

මගේ කේන්දරේ හැටියට කෙමදෘම යෝගය පිහිටලා තියෙනවා. රටින් පිට දැන් ඉන්නේ.හැබැයි චන්ද්‍රයාගෙන් කෙන්ද්‍රස්තනවල ග්‍රහයෝ 4 දෙනෙක් ඉන්නවා.
අනිත්ව කොහොම උනත් ජීවිතේ දිළිඳු දුක්කිත නැහැ.

Chamantha Thilina said...

බුද ආදිත්‍ය යෝගය රවි හා බුද එකට සිටිමෙන් නේද? එහි ප්‍රතිඑල ටිකක් කියන්නකො..

jhothishalanka said...

@චමන්ත මල්ලී
බුධ ආදිත්‍ය යෝගය යනු රවි බුධ ග්‍රහයන් යෝගවීමයි.මෙය සුලබ යෝගයක් වුවත් යහපත් යෝගයකි.ඥාණ යෝගයකි.ලේඛන,කාව්‍ය ආදී කලා කටයුතු මෙන්ම ගණිත මිණිත ක්‍රියාවල දක්‍ෂයන්ට පිහිටන යෝගයකි.ඉගෙනුමට දක්‍ෂය.

Tharindu Eroshan Hendawitharana said...

ලග්නය උඩ කොටුව - 1 කේ සෙනසුරු හිටියොත් සහ 4 වන්නේ බුද හිට්යොත් ඔහුගේ අනාගතේ ගැන මොකද කියන්න පුළුවන් ??

Ishan said...

අයියෙ මම ජ්‍යොතිෂය විෂයට අලුත් කෙනෙක්,ඔබට කියා මට මගේ හඳන හදා ගන්න පුලුවන්ද?එහෙම හැකියාවක් තියෙනවනම කොමන්ට් එකක් මාර්ගයන් දන්වනවද.උපන් වෙලාව,ස්ථානය යන හැමදෙයක්ම ලබාදීමට හැකිය.මෙය ඔබට කිරීමට හැකිනම් උපන් වෙලාව වැනිදෑ හා මුදල් ගෙවිය යුතු ආකාරය පිලිබදව පොඩ්ඩක් මාව දැනුවත් කරනවද.මෙය ඔබට කිරීමට හැකිනම් ගොඩක් පිං, මෙම කොමන්ට් එක මෙතන දැම්මට සමාවෙන්න.

Anonymous said...

In my horoscope chandra 8th, Sikuru 7th in meena rachi, But your explanation are wrong for me, what is the other main effects can happen..?

jhothishalanka said...

@Ishan ඇත්තටම මල්ලි මේ බ්ලොග් එක හැදුවේ වෙලඳ වාසි ලබා ගැනීමට නොවේ.බ්2ලාග් එක හදපු වෙලාවෙම තිබූ ඒ අදහස එලෙසම ඇත.එබැවින් මුදලට හෝ නොමිලේ හෝ පින් සලකා ජ්‍යොතිෂ කටයුතු මෙම අඩවියන් නොකරයි.ඔයාටම ඔයාගේ කේන්දරේ හදලා ගන්න පුළුවන් "ජගන්නාත හෝරා මෘදුකාංගය පල්ලෙහා ලින්ක් එකේ ඇති ඒක ඩවුන්ලෝඩ් කර ගන්නමෙම මෘදුකාංගයෙන් වැඩ කරන අයුරු "කේන්දර සිංහලෙන්" අඩවියේ සවිස්තරව දක්වා ඇත.එම අඩවියේ සබැදියද ඔහත දක්වා ඇත.
http://www.downloadplex.com/Windows/Education/Mathematics/Download-jagannatha-hora_187805.html

http://kendaralk.blogspot.com/search/label/Jagannatha%20Hora

jhothishalanka said...

@Anonymous සදුගෙන් 12 වැන්නේ සිකුරු සිටීම අනඵා යෝගයයි.එය යහපත් යෝගයකි.ප්‍රතිඵල ලැබිය හැක.(තරුණ ලදුන්ගේ සිත් ගැනීම)
Tharinduhw122 දක්වා ඇති විස්තර මදියි.

Ishan said...

ගොඩක් ස්තූතියි අයියේ ලින්ක් එක ලබාදුන්නට.මම අහපු දෙයින් ඔයා අපහසුතාවයට පත් උනානම් මට සමාවෙන්න.අයියෙ වෘෂභ ලග්නයෙන් හා තුලා රාශියෙන් ඉපදී,පළවෙනි කොටුවේ හිරු,සිකුරු,ගුරු,බුධ පිහිටීමෙන් ඇතිවන යෝගය මොකද්ද?

සදුගෙන් 6,7,8 බුධ,බ්‍රහස්පති,සිකුරු සිටීමෙන් ඇතිවෙන්නේ කුමන යෝගයද?

5 අධිපති ග්‍රහයා ලග්නයට අධිපති ග්‍රහයා සමග සම්බන්ධ වීමෙන් හෝ 9 අධිපති ග්‍රහයා 1,4,10 කොටුවල තැම්පත් වීමෙන් ඇතිවන යෝගය මොකද්ද

කේදර හා නබ්බාස කියන්නේ මොනවගේ යෝගද?

Anonymous said...

කලින් ලිපියේ දිශා දිග් බල වීම ගැන ඇහැව්ව කුරුම්නියා මම..ඒත් මම අද තමයි ආය නෙට් එකට ආවෙ..මගේ නම්න් කවුරුහරි අර කුරු.. කුරු..ගාන කොමෙන්ට් එකක් දමල..වෙලාවට අවකැපෙන කතාවක් කියල නැත්තෙ.ඒ කොහොම උනත් ඔබතුමාගේ ප්‍රතිචාරයට ස්තුතියි.(මට දැන් වෙන නමක් හොයාගන්න වෙයි වගේ).

Anonymous said...

කලින් කොමෙන්ට් එකේ දිශා දිග්බල වීම.. ග්‍රහයන්ගේ දිග්බල වීම ලෙස නිවැරදි කරමි.සමාවෙන්න.

Anonymous said...

පොඩ්ඩක් හෝව්...අනේ මගේ කේන්දරේ ලග්නෙ මේෂ, චන්ද්‍රයා ලග්නේ රාහුත් එක්ක. අටේ ඉන්නෙ සෙනසුරුයි අඟහරුයි. කේතු හතේ. ඉතුරු හතර දෙනාම (රවි, බුද, ගුරු,සිකුරු ) එකොළහේ.
ඒ කියන්නේ චන්ද්‍රයාගෙන් දෙපැත්තෙම මොකෙක්වත් නෑ නෙ. එතකොට ඒක කේමදෘම යෝගය වෙනවද? :(

Anonymous said...

mama kataka lagne. 4 weni kotuwe senasuru. mata sasa yogaya thiyenwa. senasuru maruwa mata hodata

DOB-1983.08.11
time -05.18 a.m

Chamantha Thilina said...

මගේ සදුගෙන් 2 වැන්නේ සිකුරු.12 වැන්නේ කුජ.දෙපස ගුරු හා කුජ.මට මේ යෝග 3ම සෙට් වෙලා වගේ...හා හා හා...

Anonymous said...

essella comment dapu ekkena...mama epadune Colombo

vass_sam said...

කේන්ද්‍රයක පිහිටන යෝග අතරින් ප්බලම යෝගය කුමක්ද?

Anonymous said...

සඳු ගෙන් 12 වැන්නේ ධනු රාශියේ කුජ ,බුද සමග රාහු සිටීමෙන් ඉහත අනඵා යෝගය යෙදෙන්නේ නැද්ද ? (මෙය මේෂ ලග්නයක 10 වැන්නේ සඳුත් 9 වැන්නේ කුජ,,බුද සමග රාහු පිහිටීමත් ගැන අසන ප්‍රශ්නයකි ).
මෙම පිහිටීම ගෙන ඔබට හිතෙන්නේ මොනවද ?

~papa~

jhothishalanka said...

මුලින්ම කියන්න තියෙන්නේ කමෙන්ට් සියල්ලටම පිළිතුරු දීමට නොහැකි වීම ගැන අමනාප නොවන ලෙසයි.සියළු දෙනාම නොවුනත් ඇතැම් ඇනෝනිමස් කමෙන්ට් දුටු විට කවුදෝ අමුතු බූරු වන්නමක් නටන බවක් පෙනී යනවා.ගොඩක් ඇනෝනිමස් කමෙන්ට් පබ්ලිෂ් කලේ නැත්තේ ඒවා එලොවටත් මෙලොවටත් දෙලොවටම වැඩකට නැති ඒවා බව හැඟී ගිය බැවිනි.

@Ishan
ඔබ දී ඇති ග්‍රහ සටහන අනුව මාලවී යෝගය හා අවි,ගුරු,බුධ සිකුරු චතුර් යෝගයන් පදහදටා ඇති බව කිව හැකියි.වෙනත් යෝග ගැන කීමට විස්තර මදියි.
නබ්බාස හෙවත් නාභස යනු දිව්‍ය ලෝක යන්නයි.නාභස යෝග ප්‍රධාන වශයෙන් තිස් දෙකකි. මෙම නාභස යෝග තිස් දෙක
ආකෘති යෝග 20
සංඛ්‍යා යෝග 7
ආශ්‍රය යෝග 3
දළ යෝග 2 ලෙස බෙදී යයි.

කේදාර යෝගයද නාභස යෝගයකි.සියළුම ග්‍රහයන් ඕනෑම රාශි හතරක තැන්පත් වීම කේදාර යෝගයයි.මෙය කෘෂි සම්පත් ලැබීමට හොද යෝගයකි.
අනිත් කමෙන්ට් වලටත් ඉදිරියේ ඉඩකඩ අනුව පිළිතුරු දෙමි.

jotirathna said...

ඔබ මගේ කමෙන්ට් එක පබ්ලිෂ් කලේ නැට්ටේ ඇයි? කෙමදෘම යෝගය ගැන තියෙන අනවශ්‍ය බිය නැති කරන්නයි මට ඕන උනේ.

jhothishalanka said...

@jotirathna ඇනෝනිමස් කමෙන්ට් කිහිපයක් සමඟ පැටලීමක් සිදු විය.ඇත්ත කේමද්‍රැම යෝගය තියෙන හැමෝම දිළිදු නැහැ.එය භංග වන යෝගද සලකා බැලිය යුතුයි.

Anonymous said...

mage prashneta pilithuru nadda ?
~papa

jhothishalanka said...

@papa
ඔබ දැක්වූ කේන්ද්‍ර සටහනේ අනඵා යෝගය ඇත.ඊට අදාළ ප්‍රතිඵල ඒ ආකාරයෙන් විය යුතුය.10 වැන්නේ සදු පිහිටා 9 වැන්නේ කුජ,බුධ රාහු යෙදීම සුභ ග්‍රහ පිහිටීමකි.රාශි හා සාථාන වශයෙන් බලයි.ඔබගේ ගුරු පිහිටි තැන කිව්වොත් වඩා විශොෂ දෙයක් කිව හැකියි.

Anonymous said...

mage pranayata karunakara pilitharak denna..mama balagena ennawa..mage prashana une meka..

mama kataka lagne. 4 weni kotuwe senasuru. mata sasa yogaya thiyenwa. senasuru maruwa mata hodata

DOB-1983.08.11
time -05.18 a.m
Bith Place -colombo

bohoma pin..

jhothishalanka said...

@Anonymous
කෙටි පිළිතුර
ඔබට ශනි මාරුව ඉතා හොදයි.

Related Posts Plugin for WordPress, Blogger...