Wednesday, December 14, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 9

                  
කාලය අවකාශය පිළිබද විද්‍යා සංකල්ප 
කාලය හා අවකාශය පිළිබද පෞරාණික නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සංකල්පය
  *නිව්ටන් විසින් කාලය හා අවකාශය දෙකම නිරපේක්‍ෂ නිරපේක්‍ෂ රාශීන් ලෙස දක්වන ලදී.මිනිසාගෙන් හා වස්තූන්ගෙන "ස්වායක්ත හිස් අවකාශයක්" හා ස්වාධීන  කාලයක් පැවතීම විස්තර කෙරෙන නිසා මෙම සංකල්පය අධිභෞතික ස්වරූපයක් දරයි.නිව්ටන් මතය කාලය හා අවකාශය පරම රාශීන් වන වගයි.මෙම සංකල්පය සරලව දැක්වූ විට

 " කාලය පරම සත්‍යයකි.එය වෙනත් කිසිවක් සමඟ සම්බන්ධව නොපවතී.එහි පැවැත්මට වෙනත් කිසිවක ආධාරයක් උවමනා නොවේ.අවකාශයද මෙවැනිම ආකරයකි.පරම අවකාශය එහිම ස්වභාවයෙන්ම මිස වෙනත් කිසිදු බාහිරත්වයක් සමඟ සම්බන්ධ නොවේ.අවකාශය සෑම විටම ඒකාකාරව හා නිශ්චලව පවතී."

    නිව්ටන් විසදන් ඉදිරිපත් කල "ගුරුත්වාකර්ෂණය පිළදබද සාර්වත්‍ර නියමය" හා "චලිතය පිළිබද නියම" ඉදිරිපත් වී ඇත්තේ මෙම කාල අවකාශ නිරපේක්‍ෂ සංකල්පය ඇසුරෙනි.කාලය අවකාශය පිළිබද මෙම සංකල්පයෙන් බැහැර වන විට මෙම සාර්වත්‍ර නියම හා චලිත නියම බිද වැටේ.කාලය අවකාශය පිළදබද නිරපේක්‍ෂ මතය අනුව බලන විට
    1)  කාලය හා අවකාශය යනු මිනිසාගෙන් පරිභාහිරව පවත්නා දෙයකි.
    2) කාලය සම්පූර්ණයෙන් නිරපේක්‍ෂය.මිනිස් සිතුවිලි සංවේදන හෝ ක්‍රියාකාරකම් වලින් ස්වායක්තව මෙම කාලය දතීතයේ සිට අනාගතයට විහදේ.(ගලායන ගඟක්  ඉදිරියට ගමන් කරන ඊතලයක් මෙන්) වස්තූන්ගේ චලනය සිදුවන්නේ මෙම නිරපේක්‍ෂ කාලය තුළය.
    3) කාලය මෙන්ම අවකාශයද නිරපේක්‍ෂය.මෙම අවකාශය තුල වස්තූන්(ඝන,දුව,වායු) විසිරී ඇත.මෙම අවකාශයේ දිග පළළ නිශ්චිතය.නිරීක්‍ෂකයකු සිටියද නොසිටියද එය එම නිභ්චිත තත්ත්වයේම ඇත.
    4) වස්තූන්ගේ චලනයට හා වෙනස් වීමට බලපාන විවිධ හේතූන් ඇත.ඒවාද නිරපේක්‍ෂය.ඒ නිරපේක්‍ෂ සිද්ධාන්ත විද්‍යාවෙන් හා ගණිතයෙන් අවබෝධ කර ගත හැක.
    5)විශ්වයත් පරමානු ලෝකයත් යාන්ත්‍රික ක්‍රියාවලියක් හා බැදී ඇත.මෙම යාන්ත්‍රණයට අවශ්‍ය ආරම්භක චලනය ලබා දුන්නේ දෙවියන් වහන්සේ විසිනි.
   ලෙස නිව්ටන් අදහස් පල කලේය.
 නිව්ටෝනියානු යාන්ත්‍රිකයට පලමු ප්‍රහාරය එල්ල වූයේ මයිකල්සන් මෝලිගේ ඊතර් මාධ්‍ය පර්යේෂණයත් සමඟය.මාධ්‍යයක් තුලදී වස්තුවක චලිතය දිශානුරූපීව ඒකාකාරී නොවන බව මෙම පරීක්‍ෂණයත් සමඟ සාධක ලැබුනි.

 කාලය හා අවකාශය පිළිබද අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයෙන් දැක්වෙන සංකල්පය

  * සාපේක්‍ෂතාවාදය අනුව විශ්වයේ සියළු සංසිද්ධි නිරපේක්‍ෂ නොවේ.එනම් ස්වයං සංසිද්ධි කිසිවක් නැත.සියල්ල පැවතීම ක්‍රියාත්මක වීම අනොන්‍ය සාපේක්‍ෂතාව මත රදා පවතී.ඒ අනුව "දිග පලල ,වම දකුණ,රැ දවල්,ලොකු පොඩි ආදී වචන හා එම වචන වලින් විස්තර කෙරෙන තත්ත්වයන්ද සාපේක්‍ෂය.අවකාශය මෙන්ම කාලයද සාපේක්‍ෂය.කාලය හා අවකාශය ඒ ඒ නිරීක්‍ෂකයාට අනුව සාපේක්‍ෂවේ
  * අයින්ස්ටයින් මතය අනුව නිරපේක්‍ෂ ලෙස සැලකිය හැක්කේ  අවකාශ කාල පද්ධතියක් පමණි.නමුත් වස්තුවක සිට තවත් වස්තුවකට ඇති සබදතාව තවත් මානයක මත රදා පවතී.ඒ අනුව දිග,පළල,උස ත්‍රිමාණයට අමතරව කාලයද සම්බන්ධ වූ චතුර් මානයක් නිර්මාණයවේ.දිග පලල හා උස මගින් අවකාශය තීරණය වන විට කාලය විසින් එය පවත්නා අවස්ථාව නිරූපනයවේ.මෙම කාල අවකාශ සන්නතිය මගින් සියල්ල නියෝජනයවේ.


 කාලය හා අවකාශය පිළිබද ක්වොන්ටම් වාදයෙන් දැක්වෙන සංකල්පය.
     * ක්වොන්ටම් වාදය අනුව ශක්තිය "ක්වොන්ටීකරණය" වී ඇත.එනම් ශක්තිය පිටවන්නේ "කුට්ටි කුට්ටි" වශයෙනි.මෙම කොටස්(කුට්ටි) පෝටෝන් ලෙස හැදිනවේ.ඒ අනුව අවකාශය මෙම ක්වොන්ටම්කරණය වූ ශක්ති පුංජ වලින් පිරී ඇත.ඉලෙක්ට්‍රෝනයක කාලය සමඟ පිහිටීම ඛන්ඩාංක ගත කිරීම කළ නොහැකි පරිදි මෙම "ශක්ති පුංජ" කාලය තුල ක්‍රියාත්මක වන ආකාරය ඉන්ද්‍රිය ඝොචර අයුරින් විස්තර කළ නොහැකිය.මේ අනුව ක්වොන්ටම් විද්‍යාව තුල ස්ථාවර අවකාශ කාල සංකල්පයක් නැත.ඒ ඒ අවස්ථාවට හා නිරීක්‍ෂකයාට අනුව අවකාශ කාලය සාපේක්‍ෂව නිර්මානය වේ. උදාහරණයකට විකිරණ ශීලි ද්‍රව්‍යයකින් විකිරණ පිටවීම සලකන්න ඔබ මෙය නිරීක්‍ෂණය කිරීමට යාමද විකිරණ පිටවීමේ  සීඝ්‍රතාව ත්‍රීව්‍ර හෝ මන්දනය වීමට හේතු විය හැකිය.

11 comments:

Lahiru Perera said...

me tika nam O/L karana kaale indan dannawa.
mama balan hitiye aluth deyak thiyei kiyala.
oba lipi liyanne ක๟ලය අවක๟ශය හ๟ ๧ජ๯๟ත๢ෂය yana matrukaawa yatatheda??? nathinam ක๟ලය අවක๟ශය yana matrukaawa yatatheda??????
karunaakara pahadili karanna.

jhothishalanka said...

@Lahiru Perera
ඔයා ඕලෙවල් වලට සාපේක්‍ෂතාවාදය ,ක්වොන්ටම් විද්‍යාව ඉගෙන ගත්තද? අනේ මන්ද මමනම් අදමයි ඇහුවේ ඕලෙවල් වල සිලබස් එකට ඕව තියෙනවා කියලා.මොනා වුනත් ඕලෙවල් වලදී ඔයා ඕව ඉගෙන ගත්තනම් ඔයා හරි හපනෙක්. මේ ලිපිය නම් ජ්‍යොතිෂයට සම්බන්ධ කරලා නැහැ තමයි.ඒත් ටිකක් ඉවසන්නකෝ තව ලිපි ලියවෙනවා මේ ගැන

jhothishalanka said...

@Lahiru Perera
ඔයා ඕලෙවල් වලදි සාපේක්‍ෂතාවාදය ඉගෙනීම ආරම්භ කලා නම් ඒ පිළිබදව මනා දැනුමක් ඇතැයි සිතමි.මා හට දැන් වයස නිසා පැරණි දේවල් අමතක වෙමින් ඇත.(මගේ ප්‍රොපයිල් පික්චර් එක තරුණ කාලේ එකක්)ඔබට හැකි නම් විශේෂ සාපේක්‍ෂතාවාදයේ ස්කන්ධ ශක්ති සමීකරණය ව්‍යුත්පන්නය කරන අයුරු මා හට මතක් කර දිය හැකිද?මෙය ඔබ අපහසුතාවකට පත්කිරීමට කිවූ දෙයක් නොව ඇත්තටම උදවු ඉල්ලීමකි.

Lahiru Perera said...

මම හිතන්නේ සිංහල වචන english වලින් ගැහුවම අයියට තේරෙන්නේ වැරදියට වගේ, එක නිසා මේක අයෙත් කියවල බලන්න. ඔකේ කොහෙවත් O/L වල syllbus එකේ ඕව තිබ්බ කතාවක් නම් නෑ.ඒ කාලේ ඉඳන් ඉගන ගත්ත කියල කතාවකුත් නෑ.ඔය අයියගේ අනවශ්‍ය උපකල්පන වැඩි වගේ නේද.

""මේ ටික (ඒ කියන්නේ ඔයාගේ ඔය ලිපියේ සඳහන් ටික) නම් O/L කරන කාලේ ඉඳන් දන්නවා .
මම බලන් හිටියේ අලුත් දෙයක් තියෙයි කියල .
ඔබ ලිපි ලියන්නේ කාලය අවකාශය හා ජ්‍යෝතිෂ්‍ය යන මාතෘකාව යටතේද ??? නැතිනම් කාලය අවකාශය යන මාතෘකාව යටතේද ??????
කරුණාකර පැහැදිලි කරන්න.""

අනිත් එක තමයි අයියට මතක නැති බව නම් හොඳටම පේනවා. මොකද ඒ සමීකරණ වියුත්පන්න කරන අතරමග වර්ගමුල ලකුණු තිබුන බව පවා මතක නෑ වගේ.ඒවා මෙතන type කරන හැටි මට කියාදෙන්න. නැත්නම් මම අපහසුතාවට පත් වෙනවනේ.මම පව්නේ.
වචනෙන් කියනවනම් කියන්න වෙන්නේ මෙච්චරයි.
Relativistic mass equation එක හොයාගෙන එක වර්ග කරලා integrate කරලා සුදුසු පරිදි සුළු කරලා answer එක ගන්න. අතර මැදදී කරන්න ඕන ඒවා නම් අයියට අමතක ඇති.
හොඳම වැඩේ තමයි මගෙන් අහගන්න බලාගෙන ඉන්නේ නැතුව, ඉන්ටෙර්නෙට් එකේ search කරලා හොයාගන්න පුළුවන් වෙයි.
එහෙමත් නැතිනම් අයිය ඉගනගත්තු note එකක් පෙරලලා බලන්න.
එහෙමත් නැත්නම් මම අයියට note එකක් එවන්නම්.

Lahiru Perera said...

කාලය අවකාශය හා ජ්‍යෝතිෂ්‍ය -10 ළඟදීම release එනවද??? එකේ ජ්‍යෝතිෂ්‍ය තියෙයිද? අයියට මතක් උනාද mass energy equivalance සමීකරණය ගන්න හැටි. මොකෝ මම කියපු ක්‍රමේ හරිද දන්නේ නෑ නේද??

jhothishalanka said...

මේ කමෙන්ට් එකේ හැටියට මට උත්තර දෙන්න වෙලා තියෙන්නේ හරියට උසාවියේ පෙරකදෝරුවෙක්ගේ හරස් ප්‍රශ්ණ කිරීමකට වගේ..හික්..කලින් කමෙන්ට් එක දැම්මේ පොඩි පටලැවිල්ලකට උත්තරයක් ගන්න.ඔව් ඔව් මල්ලි කියපු ක්‍රමේ හරි ඉන්ටනෙට් එකේ සර්ච් කරලා උත්තරේ හොයා ගන්න බලන්න ඕන.කාලය අවකාශය ජ්‍යොතිෂය -10 ලිපිය එන දවසට ඒවි ඔයා බලාගෙන ඉන්න.සමහර විට ඒක හෙට අනිද්දට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

jhothishalanka said...

එතකන් පල්ලෙහා ලේබල් එකේ තියෙන කාලය අවකාශය හා ජ්‍යොතිෂය කලින් ලදපි කියවන්නකෝ

කාලය අවකාශය හා ජ්‍යොතිෂය කලින් ලදපි

Lahiru Perera said...

එක නෙමෙයි මම අහන්නම හිටියේ, අයිය ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගත්තේ මොන රටේ කොයි syllabus එකේ තිබිලද, ඕලෙවල් වලට නෙමෙයිනේ?
"ඔයා ඕලෙවල් වලට සාපේක්‍ෂතාවාදය ,ක්වොන්ටම් විද්‍යාව ඉගෙන ගත්තද? අනේ මන්ද මමනම් අදමයි ඇහුවේ ඕලෙවල් වල සිලබස් එකට ඕව තියෙනවා කියලා"
මේක කියෙව්වම තමයි මට ඔය ප්‍රශ්නේ ආවේ.

jhothishalanka said...

@Lahiru Perera
මා ජ්‍යෙතිෂය ඉගෙන ගත්තේ මගේ මව් පිය පාරම්පරික උරුමයෙනි. උරුමයෙනි.මා හට ජ්‍යොතිෂය අත්පොත් කලේ මගේ පියායි.ඊට අමතරව ජ්‍යොතිෂය සම්බන්ධ දේවල් කියාදුන් වැඩිහිටියන් රාශියකි.ඔබගේ අනිත් කමෙන්ටු පබ්ලිෂ් කලේ ඒවා පිළිතුරු දීමට තරම් වැදගත් නැති බැවිනි.ඔයා වගේ මල්ලිලාත් මේ අඩවියෙන් යම්කිසි හෝ ප්‍රයෝජනයක් ගත යුතුය.සිතට මතුවන ගැටළු විමසන්න.පිළිතුරු අදහස් දීමට තරම් වටිනා දේවල් වලට පමනක් අදහස් දක්වන්නම් ඔබගේ සියළු කමෙන්ටු පබ්ලිෂ් නොකිරීම ගැන අමනාප නොවන්න.

Lahiru Perera said...

haa haa godak sathutui.mama nikan kuthuhaleta ahuwe.

sithata mathuwana prashna ahannalu. e unata uththara denne "adahas deemata tharam watinaa" dewalata pamanailu. ane manda. mage kendare balawath prashna aseeme yogayakui, aiyage eke balawath uththara nodeeme yogayakui thiyanawada danne na.


aththatama oya grahayo. tharu kohomada minissunta balapaam karanne. ai ethakota ahase thiyana hama tharuwakma minissunta balapaam nokaranne. mekath moda prashnayak kiyanna epa.

jhothishalanka said...

@Lahiru Perera
අහසේ තියෙන තරු රාශී සියල්ලම ජ්‍යොතිෂයට සම්බන්ධ කොට නැත්තේ ඇයිද කියලා අහපු එක මෝඩ ප්‍රශ්ණයක් නෙවෙයි මල්ලී.ඇත්තටම අහසේ තරු රාශී ගොඩක් තිබෙද්දි ලග්න දොලහට අයත් තරු රාශි පමනක් ජ්‍යොතිෂයට සම්බන්ධ කරල තියෙන්නේ ඇයිද කියලා බොහෝ දෙනාට ගැටළුවක්.මේකටත් විශේෂ හේතුවක් තියෙනවා.පෘථිවියේ භ්‍රමණ අක්‍ෂයට තිරස් තලය හරහා වැටෙන එකකට පසු එකක් පායන පරිදි වෘත්තාකාරව(ආසන්න) පිහිටා ඇත්තේ ලග්න දොලහට අයත් තරු රාශීන් පමනකි.
ඔයාගේ අයිපී එකයි ඇනෝ කමෙන්ට්ස් කීපයක අයිපී නම්බරෙයි එක සමාන වෙලා තියෙනවා.ඒකට ඔයා මොකද කියන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...