Monday, December 5, 2011

සාමාන්‍ය පෙළ විභාගයේ ආරම්භක දින නිවසින් පිටත්වීමට සුභ නැකතක්

      මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2011 දෙසැම්බර් 12 වෙනි සදුදා උදේ 8.30 ට ආගම විෂයෙන් ආරම්භවේ.
  විභාගයේ මුල් දවසේ පිළිතුරු හොදින් ලියා සාර්ථක ආරම්භයක් ලැබුණ හොත් එය ඉදිරි විෂයයන් වලටද යහපත් අයුරින් බලපායි.ඒ ගැන සලකා විභාගය ආරම්භ වන මුල් දිනයේ නිවසින් පිටත්ව යාමට සුභ වේලාවන් කිහිපයක් පහත දක්වා ඇත.
නිවසින් පිටත්වීමට සුභ නැකත~
    2011 දෙසැම්බර් 12 සදුදා
          පෙ.ව. 6.37  
          පෙ.ව. 7.03
          පෙ.ව.  7.06
   ගමන් පහසුව හා වෙනත් අවශ්‍යතා අනුව මෙම වේලාවන්ගෙන් සුභ වේලාවක්  ගන්න.ලංකාවේ ප්‍රාදේශීය වේලා වෙනස ඉතා කුඩා නිසා මෙම වේලාවන් ඕනෑම ප්‍රදේශයකට යොදා ගත හැක.

  විභාගයට පිටත්වීමට පෙර සුදු මල් බුදු රදුන්ට පුදා  තෙරුවන්  වැඳ අද දිනයේ තමා  මුහුණ දෙන විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය මානසික හා ශාරීරික සුවතාවත් ආරක්‍ෂාවත් ලබා දෙන මෙන් තෙරුවන් පිහිට පතන්න.ඉන්පසු දෙමාපියන් වැඳ  සුදු මල් දැමූ පිරිසිදු වතුර වීදුරුවක් සමඟ ඉදිරියට එන මව හමුවී සතුටු සිතින් විභාගයට පිටත්වන්න.අන්‍ය ආගමික සිසුන්ද තමන්ගේ අගම සිහිකොට මෙම සුභ වේලාවන්ට නිවසින් පිටත්වීම යහපත්ය.

9 comments:

රාජ් said...

නැගෙනහිර පළාතේ සහ බස්නාහිර පළාතේ තිබියයුතු කාලවේලා වෙනස අනුව මෙවැනි නැකතක් සුළු වශයෙන් වෙනස් විය හැකියි නේද? එය කොපමණ කාලයක් වේදැයි පැහැදිලි කරන්න පුළුවන්ද? (මක්නිසාද යත් ශ්‍රී ලංකාව තුල එකම වේලාව භාවිතා කලත් පළාත් අනුව කාල අන්තරයක් තිබියහැකි නිසා)

jhothishalanka said...

@රාජ්
ශ්‍රී ලංකාව පිහිටා ඇති නැගෙනහිර දේශාංශ (79-82) අතර කාල වෙනස උපරිම විනාඩි 10 ක් වගේ තියෙන්නේ.ඉක්මනට ඉර පායන නැගෙනහිර පැත්තේ කට්ටිය අනුරූප විනාඩි ගාන කලින් ගත්තම හෝරාව පංචම කාලය හා තත්කාල කේන්ද්‍රය ආසන්න ලෙස සමාන වෙනවා.

අනුරාධ said...

/ශ්‍රී ලංකාව පිහිටා ඇති නැගෙනහිර දේශාංශ (79-82) අතර කාල වෙනස උපරිම විනාඩි 10 ක් වගේ තියෙන්නේ./

1. කරුණාකර මේ දේශාංශ අතර කාලය මනින ගණිතමය ක්‍රමය පැහැදිළි කරන්න.

2. එතකොට උඩ 6.37, 7.03 හා 7.06 හැටියට ඔබ දීලා තියෙන්නෙ කොළඹ වෙලාවද? මොකද මම අහල තියෙන හැටියට මේ සම්මත වෙලාව මිසක කොළඹ වෙලාව නෙවෙයි. කරුණාකර පැහැදිළි කරන්න.

jhothishalanka said...

අනුරාධ
ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාව 0 ලෙස ගෙන නැගෙනහිර දිශාවට අංශක 180 හා බටහිර දිශාවට අංශක 180 ලෙස මුළු දේශාංශ 360 ක් ඇත.මෙම දේශාංක 360 භ්‍රමනය වීමට පැය 24 ක (දිනයක )කාලයක් ගතවේ.
එක් දේශාංශකයක් ගත වීමට කාලය = පැය (24/360) = විනාඩි 4යි

ඒ අනුව දේශාංශක අතර වේලා වෙනස ගත හැකියි.

jhothishalanka said...

ඕක දළ ගණිතයක් විතරයි.සමකයෙන් ඈත පිහිට් රටවල් වලට ඔය ක්‍රමේ හරියටම හරි නෑ

අනුරාධ said...

බොහොම ස්තූතියි. එතකොට ඔබ 7.03, 7.06 වගේ දක්වා තියෙන්නෙ කොහේ වෙලාවද? කොළඹ වෙලාවද? මම මේ අහන්නෙ මම අහල තියෙන විදියට කොළඹ වෙලාව සම්මත වෙලාවෙන් විනාඩි දහයක් අඩුයි හරි වැඩියි හරි කියන නිසයි. කරුණාකර පැහැදිළි කරන්න.

Anonymous said...

භෞම දෝශය කියන්නෙ මොකක්ද? පැහැදිලි කරල දෙන්න පුලුවන්ද? ස්තුතියි.

කුරුම්නියා.

jhothishalanka said...

@කුරුම්නියා.
පල්ලෙහා ලිපියේ විවාහ දෝෂ යටතේ අංක 1) අදාලව කියවන්න.

http://lankajhothisha.blogspot.com/2011/01/2.html

Anonymous said...

ලිපිය බැලුවා ඔබට ස්තුතියි.

කුරුම්නියා.

Related Posts Plugin for WordPress, Blogger...