Thursday, December 1, 2011

අධි යෝගය

  අධි යෝගය පිහිටීම පිළිබදව ජ්‍යොතිෂ ආචාරී මත හා මූල ග්‍රන්ථ වල විවිධාකාර මත ඇතත් එම විවිධතා වැඩි වශයෙන් මතුවන්නේ යෝගයේ බල අඩු වැඩි වීම පිළිබදවය.භාරතීය ජ්‍යොතිෂයේ අධි යෝගය
                1) සුභ අධි යෝගය
                2) පාපාධියෝගය
                3) මිශ්‍රම අධි යෝගය

ලෙස කොටස් තුනකට දක්වා ඇති අතර සදුගෙන් 6,7,8 ස්ධානවල
              1) බුධ ගුරු,සිකුරු යන සුභ ග්‍රහයන් පිහිටි විට සුභ අධි යෝගයත්
              2) ශනි,කුජ,රාහු,කේතු  යන පාපී ග්‍රහයන් පිහිටි විට පාපාධි යෝගයත්
              3) බුධ,ගුරු,සිකුරු,ශනි,රාහු,කේතු ග්‍රහයන් මිශ්‍රව සිටින විට මිශ්‍රමාධි යෝගයත් යෙදේ.

 ලංකාවේ ජ්‍යොතිෂවේදීන් අතර ප්‍රචලිත අධි යෝගය යෙදීම මීට තරමක් වෙනස්ය මෙහිදී අධි යෝගය
       1) ලග්න අධි යෝගය
       2) චන්ද්‍ර අධි යෝගය
               ලෙස කොටස් දෙකකට බෙදේ.
 
       1) බුධ,සිකුරු,ගුරු ග්‍රහයන් ලග්නයෙන් 6,7,8 ස්ථානවල පිහිටන විට ලග්න අධි යෝගයත්
       2) බුධ,සිකුරු,ගුරු ග්‍රහයන් සදුගෙන් 6,7,8 ස්ථානවල පිහිටන විට චන්ද්‍ර අධි යෝගයත්
          යෙදේ.

  මෙතැන් සිට ඉදිරියට විස්තර දක්වා ඇත්තේ ලංකාවේ ප්‍රචලිත ලග්න හා චන්ද්‍ර අධි යෝග සම්බන්ධයෙනි.

 විපාක
       ආචාරශීලී විශ්වාස ගති ඇත්තෙකි.භාග්‍යමත් දිවියක් උරුමවේ.අධිපති පාලකයකු බවට පත්් වන්නට ඉඩ ඇත.සතුරන් පරාජය කරයි.නිරෝගීය,ආයුෂ වැඩිය.අතුරු ආන්තරා අඩුය.විනිවිද දකින සුළුය.

   ලග්න හා චන්ද්‍ර අධි යෝග වල බල අඩු වැඩි වීම ගැන දැක්වෙන ප්‍රධාන කරුණු
   * ලග්න හා චන්ද්‍ර අධි යෝග වඩාත් බලවත් ලෙස පිහිටීමට බුධ ,ගුරු,සිකුරු ග්‍රහයන් බෂවත්ව පිහිටීය යුතුය.මෙම ග්‍රහයන් තිදෙනාගේ උච්ච හා සම බලය අනුව රජ,අමාත්‍ය,ආඥාපති තත්තව හිමිවේ.
   * බුධ,ගුරු,සිකුරු ග්‍රහයන් අස්ත නොවී(රවිගෙන් ඈත්වී) පාප ග්‍රහ(කුජ,ශනි,රාහු,කේතු) දෘෂ්ධියන්ට ලක් නොවී සිටින විට මෙය රාජ යෝගයක් බවට පත්වේ.
   * යෝගය පිහිටීමේ ඉස්තරම්ම ක්‍රමය වන්නේ යෝගයට අදාලව බුධ 6,ගුරු 7 හා සිකුරු 8 වැනනේ අස්ත නොවී සිටින විටය.

   වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ප්‍රභල චන්ද්‍ර අධි යෝගයක් පිහිටා ඇති අතර එය රාජ යෝගයක් තරමටම බලවත් ලෙස පිහිටා ඇත.

13 comments:

Anonymous said...

උභයාචාරී යෝගය කියන්නේ මොකක්ද?
-ජනිත්-

jhothishalanka said...

සදු හැර වෙනත් ග්‍රහයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු රවිගෙන් දෙපස (අංශක අනුව) තැන්පත් වීම උභයචාරී යෝගයයි.

Anonymous said...

බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින් 3නම 6,7,8 යන භාවයන් 1ක යෝග වීමත්, 1භාවයක එක ග්‍රහයෙකුත්,තවත් භාවයක අනිත් ග්‍රහයින් 2නත් පිහිටන පරිදි ග්‍රහයින් පිහිටි විටත්, අධි යෝග ලෙස සැලකිමක් ඇත.මේ සියල්ලම පිහිටියත් ග්‍රහයින්ගේ ශඩ් වර්ග ආදි බල දුබලතාවයන් මත මෙම යොගයන්හි වටිනකම අඩු වැඩි වෙන අතර යෝගය පිහිටි පමනින්ම එය ඒ ආකරයෙන් පල දෙනවය යන්න පවසිම අපහසු කරුනක් නෙද?

jhothishalanka said...

@Anonymous
ඔබ අධි යෝගය අර්ථ දක්වා ඇති ආකරය මගේ විස්තර කිරීමටත් වඩා සරල අයුරින් දක්වා ඇත.අපේ රටේ ලග්න හා චන්ද්‍ර අධි යෝග ප්‍රධාන ලෙස සලකයි.ඔබ පැවසූ ආකරයට අධි යෝගයේ බලය අඩු වැඩි වීම ශඩ් වර්ග ආදී වෙනත් සාධක මත රදා පවතිනවා.බොහොම ස්තූතියි ලිපියට වටිනා යමක් එකතු කලාට.

Anonymous said...

උභයාචාරී යෝගයෙන් වෙන්නේ මොනවද?
කරුණාකරලා පොඩ්ඩක් පැ‍හැදිලි කරන්න.
-ජනිත්-

jhothishalanka said...

@ජනිත්-
රවිගෙන් දෙපස සිටින ග්‍රහයන්ගේ ස්වභාවය අනුව උභයචාරී යෝගයේ ඵල විවිධාකාරවේ.ග්‍රහයන් දෙදෙනා පාපී(කුජ,ශනි,රාහු ,කේතු) ග්‍රහයකු වන විට මෙය අසුභ යෝගයක් ලෙසත් සුභ එක් ග්‍රහයකු හා පාපී එක් ග්‍රහයකු සිටින විට මිශ්‍රඵලයි.සුභ ග්‍රහයන් දෙදෙනෙකු වන විට ඉතා සුභ යෝගයකි.එවිට දක්‍ෂ කථිකයෙකු,කාර්යක්‍ෂම කෙනෙකු,ධනවත් හා ප්‍රසිද්ධිය මෙන්ම කාරුණික බුද්ධිමත් කෙනෙකුය.

Anonymous said...

දර්මකර්මදිපති යෝගය කියන්නේ මොකක්ද?එහි පලවිපාක මොනවද ??කරුණාකරලා පොඩ්ඩක් පැ‍හැදිලි කරන්න.

-අමිල-

jhothishalanka said...

-අමිල-
දර්මකර්මදිපති යෝගය
කේන්ද්‍රයක 9 හා 10 අධිපතීන් යෝග වීම පරිවර්තනය වීම(9 අධිපති 10වැන්නේත් 10 අධිපති 9 වැන්නේත් පිහිටීම) හෝ සම සප්පතමව සිටීමයි.වෘෂභ ලග්නහිමියාගේ ශනි 9 හෝ 10 පිහිටිය යුතුය.

ඵල විපාක(පොදු)
දැහැමි ය.සිතට එකඟව කටයුතු කරයි.රාජයෝගයක් බදුය.ධර්මාවබෝධය සහිතය.

Unknown said...

මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද වෙන්නෙ??

Unknown said...

මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද වෙන්නෙ??

Unknown said...

මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද වෙන්නෙ??

තනුක වන්නිආරච්චි said...

වෘෂභ ලග්න හිමියන්ගේ 9 හා 10 අධිපති දෙදෙනාම ශනි නිසා ධර්මකර්මාධිපති යෝගය නොයෙදෙන බව සඳහන් වෙනවා නේද?
එය සත්‍යයක්ද?
එසේ යෙදේනම් එහි බලවත් බවේ අඩුවක් හෝ වැඩියක් තිබේද?

එසේම ඔබට බොහොම ස්තූතියි ගුප්ත විද්‍යාත්මක ලිපි පළ කිරීම ගැන.

blogsuku said...

රාජ යෝග, ධනයෝග, අධියෝග... එතරම් දුලබ නෑ දන්න විදියට.. හ්ම්...

Related Posts Plugin for WordPress, Blogger...